විදුලි ගාස්තු මාස 3කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක්

signshop

Well-known member
  • May 30, 2011
    11,310
    7,154
    113
    Dubai

    විදුලි ගාස්තු මාස 3කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක්


    ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි ගාස්තු මින් ඉදිරියට මාස 3කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    විජේසේකර මහතා මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් අද (ඔක්. 23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

    “පසුගිය සතියේ මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දෙනු ලැබුවා. ඒ අනුව ඔක්තෝබර් 21 වන දා සිට, ඉදිරි මාස කිහිපය සඳහා පැවති ගාස්තු සංසන්දනය කර සියයට 18කට ආසන්න සංඛ්‍යාවකින් ගාස්තු සංශෝධනය කළා.

    මෙම මිල සංශෝධනය සඳහා රජයේ ප්‍රතිපත්තිය තීරණය වුණේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම අනුව යි. ඊට අනුව කිසි ම රාජ්‍ය ව්‍යාපාරයක් මහාභාණ්ඩාගාරය මගින් මුදල් ආයෝජනය කර එහි අලාභ පියවීමට හැකියාවක් නැහැ. ඒ අනුව විදුලි බල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව සඳහා විශේෂ මිල සූත්‍රයක් සකස් කෙරුණා.

    එසේ ම, විදුලි බල මණ්ඩලයට ගාස්තු සංශෝධන කළ හැකි වන්නේ, අවුරුද්දට දෙවතාවක් පමණක් බවට සමාජයේ වැරදි මතයක් තිබෙනවා. නමුත් හදිසි අවස්ථාවලදී ගාස්තු සංශෝධන කරන ලෙස ඉල්ලීමේ හැකියාව විදුලි බල මණ්ඩලයට තිබුණා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා හිමිවුණේ ඒ අනුව යි.

    ඒ වගේ ම විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය ගැනත් සඳහන් කළ යුතු යි. පසුගිය සමයේ ඒ සඳහා වන අපගේ යෝජනා නීති කෙටුම්පත් කාර්යාලයට ලබා දුන්නා‍. නීති කෙටුම්පත් කාර්යාලය එය සකස් කර නීතිපතිවරයාට යොමු කර තිබෙනවා.

    මෙම සතිය තුළ ඒ සඳහා අවශ්‍ය නිශ්කාෂණය ලබා දීම සඳහා කටයුතු කරන බව පසුගිය අඟහරුවාදා නීතිපතිවරයා විසින් මා වෙත දැනුම් දුන්නා. ඒ අනුව එළඹෙන සතියේ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේ ම, මේ වන විට අධික වැසි තත්ත්වයක් ඇතිව තිබෙන නිසා ගාස්තු සංශෝධනයක් අවශ්‍ය ද යන්න පිළිබඳව සමාජයේ මතයක් පවතිනවා. මම නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කය වගේ ම ඊට ආසන්න ගාල්ල දිස්ත්‍රික්කය ද ගංවතුර තත්ත්වයත් ගම්පහ දිස්ත්‍රික්කයත් ගංවතුර තත්ත්වයට මුහුණ දුන්නා.

    නමුත් ජල විදුලිය නිෂ්පාදනය කරන සමනල වැව, වික්ටෝරියා සහ රන්දෙණිගල වැනි ප්‍රධාන ජලාශ තවමත් තිබෙන්නේ පැවති සීමාවලයි. අපි වෙනදට දකින වර්ෂාපතනය එම ප්‍රදේශවලට ලැබී නැ. අද වන විට ජලාශවල තිබෙන ධාරිතාවෙන් අපට භාවිත කිරීමට හැකියාව ඇත්තේ 65.81%ක් පමණයි. නමුත් 2022 ඔක්තෝබර් මාසයේ 22 වන දා වනවිට ජලාශ වල පැවති ජල ධාරිතාවෙන් 84.41% භාවිත කිරීමට හැකියාව තිබුණා. මේ තත්ත්වය සංසන්දනය කිරීමේදී 20% ක පමණ පරතරයක පවතිනවා.

    ඒ වගේ ම 2022 වර්ෂය වනවිට අපට අයත් ජලාශවලින් පමණක් ජල – විදුලිය ගිගාවොට් පැය 5364 ජනනය කර තිබෙනවා. 2021 වර්ෂයේ දී ගිගාවොට් පැය 5,639ක් ජනනය කර තිබෙනවා. නමුත් මේ වසරේදී ඔක්තෝම්බර් මාසයේ 22 වන දා වන විට අප ජනනය කර ඇති ගිගාවොට් ප්‍රමාණය 2893ක් පමණයි. පසුගිය වර්ෂ දෙකට සාපේක්ෂව බැලුවහොත් මේ වසරේ ජනනය කර ඇත්තේ එම ප්‍රමාණයෙන් අඩක් පමණ යි. මේ වසර අවසන් වීමට තවත් ඇත්තේ දින 70ක් පමණයි. දැන් එම ප්‍රදේශවලට වැසි ලැබුණත් එම ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවක් අපට තවමත් නැහැ. ඒ අනුව, අවශ්‍ය විදුලිය ප්‍රමාණය සැපයීමට නම් විකල්ප වෙත යොමු වීමට සිදුවෙනවා.”

    https://mawbima.lk/2023/10/23/a-mechanism-for-revision-of-electricity-bill-once-in-3-months/

    විදුලි බිල වැඩි කළේ IMF ගිවිසුමට අනුවයි: ඇමති කංචන කියයි


    මෙවර විදුලි මිල සංශෝධනය සඳහා රජයේ ප්‍රතිපත්තිය තීරණය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම අනුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි බිල මින් ඉදිරියට මාස 3කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (ඔක්. 23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    https://mawbima.lk/2023/10/24/the-e...-to-the-imf-agreement-minister-kanchana-says/


    මොකක්ද බන් මේ කරන්නේ. මිනිස්සුන්ව මාර හිර කෙරිල්ලක්නේ හිරකරන්නේ. වැඩේ තියෙන්නේ කිසිම කෙනෙක් මේවට විරුද්ධව කතා කරන්නේ නැති එක. මේ මිනිස්සුන්ගේ අයිතීන් අමු අමුවේ උල්ලංගනය කිරීමක්නේ. IMF කියන පලියට මෙහෙම වැඩි කරන්න පුළුවන්ද. රටෙන් බාගෙට බාගයක් එදා වේල හොයා ගන්නේ හරිම අමාරුවෙන්. දරාගන්න බැරි ලයිට් බිලක් කොහොමද මේ මිනිස්සු ගෙවන්නේ? රටේ ජනාධිපති හැම වෙලාවෙම හැම දේකටම හමුදාව කැඳවලා මිනිස්සුන්ව බය කරනවා. ජෙප්පොත් එකයි බන්. මොකෙක්වත් මික් නෑ. බොරු බයිලා ගහනවා විතරයි බලේ ගන්න.
     
    • Love
    Reactions: EVC

    tarson

    Well-known member
  • Feb 25, 2009
    5,475
    1,129
    113
    මොකක්ද බන් මේ කරන්නේ. මිනිස්සුන්ව මාර හිර කෙරිල්ලක්නේ හිරකරන්නේ. වැඩේ තියෙන්නේ කිසිම කෙනෙක් මේවට විරුද්ධව කතා කරන්නේ නැති එක. මේ මිනිස්සුන්ගේ අයිතීන් අමු අමුවේ උල්ලංගනය කිරීමක්නේ. IMF කියන පලියට මෙහෙම වැඩි කරන්න පුළුවන්ද. රටෙන් බාගෙට බාගයක් එදා වේල හොයා ගන්නේ හරිම අමාරුවෙන්. දරාගන්න බැරි ලයිට් බිලක් කොහොමද මේ මිනිස්සු ගෙවන්නේ? රටේ ජනාධිපති හැම වෙලාවෙම හැම දේකටම හමුදාව කැඳවලා මිනිස්සුන්ව බය කරනවා. ජෙප්පොත් එකයි බන්. මොකෙක්වත් මික් නෑ. බොරු බයිලා ගහනවා විතරයි බලේ ගන්න.

    රුපියල කෙලවෙලා සෙට්ට පෝච්ච වෙලා නිසා කලින් ගෙවපු ගානටම උන් සල්ලි ගත්තොත් පාඩුයි, ඒක නිසා වැඩි කරල. අනිත් එක ඔය බලාගාර වල මැශින් රෙපෙයාර් වලට එහෙම උදාහරනයක් විදිහට කලින් ලක්ශ 5 ක් ගෙව්ව නම් දැන් අමතර කොටස් එක්ක ලක්ශ 10 ක් වෙලා.

    ජේ.ව්.පී සහ කැම්පස් අන්තොරේ එකතු වෙලා නේද උබලගෙ අරගලේ දිනන්න තිබ්බ එක අන්තිම වෙලාවෙ --> "දැන් ඇති අපි මේ පොදු දේපල ආපහු බාර දෙන්න ඕනෙ, ජනාඩිපති මන්ඩිරේ පඩිපෙල පුපුරල, පුපෙන් ලේ එනව, අපි සාත්තු කරන්න ඕනෙ, මයින්ඩ ගෝඩ බේරන්න ඕනෙ, අරගලේ උන් දින්නොත් රටේ බලය උන් ගන්නව, අපිට චන්දෙන් දිනන්න වෙන්නෙ නෑ, ඒක නිසා මේ අරගලේ නවත්තමු"

    එහෙම බයිලාවක් කියල, ඔන්න මෙන්න රටේ පාලනය පොදු මහජනයා ගන්න ගියාම උබලව ගොනා කරල අරගලේ අල කලේ. ඔක්කොම දේශපාලනිකයි බන් 😂 උබල ඉතින් මයින්ඩට රනිල් ට බැන බැන ඉඩපන්. උබල ආපහු රැවටෙන්න යන්නෙ 😂 උබල වගේ ගොන්නුන්ට ඔහොම වෙලා මදි බන් එක අතකට 😂

    ගෝඩ වෙන රටකට දුවල, නාමිල් ට චූ ගිහිල්ල වයිෆ් ල වෙන රටවලට යවල හිටියෙ, උබල තව පොඩ්ඩක් ගේම අතාරින්නෙ නැතුව හිටියනම් බලය මහජනයගෙ අතේ. ජේ.ව්පී සහ කැම්පස් අන්තොරේ උබලව ගොනා කරල ලස්සනට දිනන්න තිබ්බ අරගලේ අල කරල උන්ගෙ දේශපාලන ගමන හදාගත්ත, නැතුව උබලට ආදරේට නෙමෙයි 😂 මේ පාර පුලුවන්නම් උන්ට චන්දෙ දීල ඇරගනිල්ල පුප පැලෙන්නම අරී උන්.
     
    Last edited:
    • Like
    Reactions: Mr Bones

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    903
    996
    93
    මොනවා කතා කරන්නද බං. මිනිස්සු ආසයිනේ හාමුට කියලා තලා ගන්න. බලපන්කෝ කොච්චර බැන්නත් අර unp එකේ ඒවට සෙනග ඉන්නේ.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    21,962
    14,584
    113
    මොකක්ද බන් මේ කරන්නේ. මිනිස්සුන්ව මාර හිර කෙරිල්ලක්නේ හිරකරන්නේ. වැඩේ තියෙන්නේ කිසිම කෙනෙක් මේවට විරුද්ධව කතා කරන්නේ නැති එක. මේ මිනිස්සුන්ගේ අයිතීන් අමු අමුවේ උල්ලංගනය කිරීමක්නේ. IMF කියන පලියට මෙහෙම වැඩි කරන්න පුළුවන්ද. රටෙන් බාගෙට බාගයක් එදා වේල හොයා ගන්නේ හරිම අමාරුවෙන්. දරාගන්න බැරි ලයිට් බිලක් කොහොමද මේ මිනිස්සු ගෙවන්නේ? රටේ ජනාධිපති හැම වෙලාවෙම හැම දේකටම හමුදාව කැඳවලා මිනිස්සුන්ව බය කරනවා. ජෙප්පොත් එකයි බන්. මොකෙක්වත් මික් නෑ. බොරු බයිලා ගහනවා විතරයි බලේ ගන්න.

    amathaka karanna epa 🤗
    free education and free health denna onnee
    wadi wena population ekata
    hari price eka gewanna onee
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    15,715
    32,129
    113
    කරන ජොබ් වලින් අයින් වෙලා ඩොලර් ජොබ් කරපං

    #කොළඹවෙනස


    ------ Post added on Oct 24, 2023 at 12:57 PM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,479
    9,543
    113
    වැඩි කරාට මොකෝ අඩු කරන්න ඕන වෙන කොට මීක් නෑ... වැව්, කුබුරු,, ජලාශ දෙගොඩතලා යන්න වතුර දාලා වැස්ස නිසා.... ජල බලාගාර උපරිමයෙන් වැඩ... එකේ වාසිය රටේ උන්ට දෙන්නේ නෑ.... හැබැයි හෙට තෙල් මිල වැඩි උනා නම් අනික්දාට ඔක්කොම වැඩිකරනවා ... යසයි යසයි කාංචන

    මාර සිස්ටම් තියෙන රටක් බන් මේක...
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    1,130
    1,738
    113
    සංසාරය
    ලයිට් බිල අඩු කිරීමේ වාසිය හිමිවෙන්නේ මෙහෙමයි

    විදුලි බිල සම්බන්ධයෙන් ඉතා හොඳ තත්ත්වයේ සහනයක් විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට බලාපොරොත්තුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සඳහන් කරනවා.

    විදුලි බිල අඩු කිරීමේ වැඩි වාසිය ඒකක 0 – 30, 0 – 60 සහ 0- 90 අතර පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ට ලබාදීමට බලාපොරොත්තු වේ.