සිනි කනවද??????
තම සාම්ප‍්‍රදායික ආහාර වේලට ආයුබෝවන් කියූ, රටවල වසංගතයක් ලෙස පැතිර යන තවත් උවදුරක් නම්, තරබාරුකම ය. දුම්කොළ හැරුණු කොට පිළිකා කෙරෙහි බලපාන ප‍්‍රමුඛතම හේතුව, තරබාරුකම බව පිළිකා විශේෂඥයෝ පවසති. වයස අවුරුදු 18 දී තම ශරීර බරට වඩා කිලෝ ග්‍රෑම් 10කින් බර වැඩි වූ, මැදිවියේ කාන්තාවකට පියයුරු පිළිකාවක් වැළඳීමේ අවදානම දෙගුණයකින් පමණ වැඩි බව මෑතක දී මහා බි‍්‍රතාන්‍යයේ දී කළ පර්යේෂණයක දී හෙළි කරගෙන ඇත. අපේ රටේ ද තරබාරුකම දැන් දැන් සුලභ තත්ත්වයක් වෙමින් ඇත. පාසල් දරුවන්ගෙන් සියයට 6ක් තරබාරුකමින් පෙළෙන අතර, මැදිවියේ පිරිමින් බොහෝ දෙනෙකුට කළ ගෙඩියක් සේ ඉදිරියට නෙරා ගිය උදරයක් තිබීම සහ කාන්තාවන් බොහෝ දෙනෙකුගේ උදර දෙපසින් ටයර් මතු වීම සුලභ තත්ත්වයක්ව ඇත. තරබාරුව සඳහා වෙනත් හේතූන් ඇතත්, අධික සුදු පාන් පිටි සහ සීනි පරිභෝජනය මේ සඳහා හේතු වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. ලංකාවේ සීනි කෑම අන්දරේලාගේ කාලේ පටන් ම අප සීනි කෑමට රුසියන් වූවත්, වර්තමානයේ දී අපි ඉතා අධිකව සීනි සහ සුදු තිරිගු පිටි සහිත ආහාර පරිභෝජනය සඳහා මහත් ගිජු බවක් දක්වන්නෙමු. අපේ රටේ දෛනික ඒක පුද්ගල සීනි පරිභෝජනය ග්‍රෑම් 100 ද ඉක්මවා තිබීමෙන් මේ බව හොඳින් පැහැදිලි වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ සීනි පරිභෝජනයෙන් සීනි ලෙස ලබා ගනුයේ 1/3ක් පමණ වන අතර, ඉතිරි 2/3ක ප‍්‍රමාණය සීනි එක් කර සකස් කර ඇති ආහාර වර්ගවලින් ලබා ගනී. උදේ ඉදන් රෑ වෙනකල් විනයක් නැති කට තුළින් ආමාශගත කරගනු ලබන ටොෆි, චොක්ලට්, චුවින්ගම්, කේක්, බිස්කට්, ක‍්‍රීම් ක‍්‍රැකර්, අයිස්ක‍්‍රීම්, ජෑම්, ජෙලි, කිරි, රස කළ කිරි පැකට්, මෝල්ට් කිරි, සෝස් වර්ග, සිසිල් බීම, පැණි බීම, මෙකී නො කී නා නා ප‍්‍රකාරයේ ආහාර යැයි හඳුන්වන දේවල් තුළ ඇත්තේ, මෙම එකතු කළ සීනි සහ සුදු තිරිගු පිටි ය. ඩයි වර්ග, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, කෘත‍්‍රිම රසකාරක වැනි කිසිදු ආහාරමය ගුණයක් නැති පිළිකා කාරක ද සහිත ආහාර ‘වස කාරකයන්ය. දිනකට උපරිම වශයෙන් ආහාරයට ගත හැකි සීනි ප‍්‍රමාණය තේ හැඳි 10කි. අප දෛනිකව ගනු ලබන ස්වාභාවික ආහාර තුළ දෛනිකව අපට අවශ්‍ය සීනි ප‍්‍රමාණය (කාබෝහයිඩ්‍රේට්) අන්තර්ගත වන බැවින් අතිරේකව සීනි ඇටයක්වත් ලබා ගැනීම අනවශ්‍ය බව වෛද්‍ය විද්‍යානුකූල මතය වුවත් වැඩිහිටි පිරිමියෙකු දිනකට උපරිමව එකතු කරන ලද සීනි තේ හැඳි 10ක් ද (ග‍්‍රෑම් 50) ගැහැනියක තේ හැදි 9ක් ද, ළමයෙකු ඉන් අඩක් ද ලෙස අනුභව කිරීම හානිකර නො වන බවත් එය ඉක්මවා අනුභව කිරීම අනතුරුදායක බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ නිකමට නො වන බව අවධාරණය කළ යුතු ව ඇත. කෙසේ වෙතත් මෙම අනුමත ප‍්‍රමාණයන් ඉතා බරපතළ ලෙස අභිභවා ගොස් ඇති බව නම් කිව යුතු ව ඇත. ආදරේට ටොෆි චොක්ලට් – අම්මලා තාත්තලාගේ අවධානය පිණිසයි වෙළෙඳ පොළේ දකින දකින පැණි රස ආහාර වර්ග මහත් ආදරයෙන් තම දරුවන්ට කවන දෙමව්පියන්ගේ අවධානය සඳහා, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ප‍්‍රධාන පෝෂණ විශේෂඥ වෛද්‍ය, රේණුකා ජයතිස්ස මහත්මිය විසින් කළ ප‍්‍රකාශයක දැක්වෙන, සුලභ ආහාර වර්ග කිහිපයක ඇති සීනි ප‍්‍රමාණයන් පහත පරිදි වේ.
චොක්ලට් ග‍්‍රෑම් 50ක සීනි තේ හැඳි 07ක් චොක්ලට් බිස්කට් 1 – සීනි තේ හැඳි 1-2ක් කේක් කෑල්ලක් (සාමාන්‍ය ග‍්‍රෑම් 50ක) – සීනි තේ හැඳි 05ක් කෝලා වර්ගයේ බීම වීදුරුවක – සීනි තේ හැඳි 05ක් අයිස් ක‍්‍රීම් කප් එකක – සීනි තේ හැඳි 04ක් ජෑම් මේස හැදි එකක සීනි තේ හැඳි 02ක් මෝල්ට් වර්ගයේ කිරිපිටි මේස හැඳි එකක – සීනි තේ හැඳි 2-3ක් රස කළ කිරි පැකට් එකක – සීනි තේ හැඳි 2-3ක් බිස්කට් (පැණි රස) එකක – සීනි තේ හැඳි 1/2ක් සෝස් මේස හැදි එකක – සීනි තේ හැඳි 1ක් (මීට අමතර ව සුදු පාන් පෙති එකක් අනුභවයෙන් ක්ෂණික ව රුධිරයට සීනි තේ හැඳි 3ක් ලැඛෙන බවත්, දිනකට සීනි දැමූ තේ කෝප්ප 3ක් පානය කරන්නෙකු සීනි තේ හැඳි 6ක් අනුභව කරන බවත් අවධාරණය කළ යුතු ව ඇත.) අපේ රටේ ජනගහනයෙන් 15%ක් පමණ දියවැඩියා රෝගයෙන් පෙළෙන බවත් දිනකට දියවැඩියා රෝගීන්ගේ ආසාදනය වූ පාද 700ක් පමණ කපා ඉවත් කරන බවත් දිනකට 150 දෙනෙකු පමණ දියවැඩියා රෝගය නිසාවෙන් මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙනු ලබන බරපතළ කාරණාවක් නො වේ ද ? අනෙක් අතට අප සමස්ත අග්නිදිග ආසියාතික රටවලින් දියවැඩියා රෝගය අතින් පළමු තැනටත් ලෝකයෙන් ම 21 වැනි ස්ථානයටත් පත්ව තිබීම ජාතියේ ම අවාසනාවකි. දියවැඩියා රෝගය සඳහා විවිධ හේතු ඇතත්, මෙරට වාසීන්ගේ අධික සීනි එකතු කළ සීනි සහිත කෘත‍්‍රිම අහාර පාන සහ සුදු පාන් පිටි පරිභෝජනය ද මෙම තත්ත්වය ඇති කිරීම සඳහා විශාල දායකත්වයක් නො දක්වන්නේ යැයි කිසිවෙකුට හෝ කිව නො හැකි ය. නිරෝගී දිවියක් උදෙසා රස තෘෂ්ණාවට තිත තබමු.

Last edited: