මන් නිතරම වගේ දැක්ක දෙයක් තමා specially කැම්පස් වල අපේ බැච් junior බැච් වල හිටිය කෙල්ලෝ නිතරම කියන දෙයක් තමා උන්ගේ ගෙවල් වලින් පුදුම විදිහට කරදර කරනවා කියලා 24,25,26 වගේ වෙනකොට ප්‍රපොසල් ගෙනල්ලා(Affairs නැති) කාව හරි සෙට් කරලා බැන්දුවේ නැතත් engage කරලා හරි දාන එක. මන් මේක ගොඩක්ම දැක්කේ ගම් වල ඉඳන් ආව කෙල්ලොන්ගේ සාමානයෙන් Town වල parents ලා middle class වගේ කෙල්ලොන්ට මේ ප්‍රශ්නේ නෑ සාමාන්යෙන් ගම් වල ඉඳන් ආව අම්මා තාත්තා එච්චර උගත් නැති , ගොවිතැන් වගේ කරන උන්ට තමා මේ වගේ සීන් එකක් තියෙන්නේ. එතනදිත් උන් කියන දෙයක් තමා උන්ගේ අම්මල තාත්තලටත් වඩා නැන්දලා , පුන්චිලට තමා ගොඩක්ම උවමනාව තියෙන්නේ මේකට. මේක මන් හිතන්නේ ගොඩක්ම ගම්වල ඉන්නේ Extended Family නිසා වෙන්න ඔනී (Nuclear vs Extended Family). උන් කියන තවත් දෙයක් තමා උන්ම එක්ක එකට හිටිය එත් කැම්පස් නොගිය අනිත් කෙල්ලෝ දැන් කසාද බැඳලා ළමයි හදලා ඉන්නවා වගේ දේවල් පෙන්නලා තමා මුන්ටත් බල කරන්නේ marriage එකකට යන්න කියලා.වෙන field වල , sectors වල ඉන්න කෙල්ලෝ ගැන නම් දන් නෑ මොකද මට ආශ්‍රේ කරන්න හම්බුන නියැදිය දිහා දැක්කම පෙන්න තිබ්බ සීන් එකක් නිසයි මට මේක note උනේ. මට හිතෙනවා මේ කරන වැඩේ නිසා උන්ට First degree එකෙන් පස්ස එතනින් එහාට ඉගෙනගන්න යන්න තියෙන අවස්ථා මග ඇරෙනවා කියලා.
උබලා මේක ගැන හිතන්නේ දකින්නේ කොහොමද?
උබලා මේක ගැන හිතන්නේ දකින්නේ කොහොමද?