කෙල්ල නැති අපිට තනිකම් දැනෙනු එපා.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    පාසල් වියේ තිබුණා ලව් දෙකක් තුනක්
    එතනින් පසු එකක් තිබුණත් නැතේ සෙතක්
    ආලය කුමක් දැයි දැනෙන්න ගියා කලක්
    හරියට දැනුනෙ ගත්තට පසු වාහනයක්
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පාසල් වියේ තිබුණා ලව් දෙකක් තුනක්
    එතනින් පසු එකක් තිබුණත් නැතේ සෙතක්
    ආලය කුමක් දැයි දැනෙන්න ගියා කලක්
    හරියට දැනුනෙ ගත්තට පසු වාහනයක්
    නොදකින් අපරාදෙ තොට කතාකරේ
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    තනිය මටද මගෙ තනිය මකාලන්න එනවාද…
    සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවාද…
    කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවාද…
    දුකම මටද මගේ දුක විදගන්න දෙනවාද...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    Sad Cry GIF by Hollyoaks
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ආලය සොඳුරු වදනකි හද කිතිකවන
    ආලය ගින්දරයි විටකදි මා හද දවන
    සිහියට නැගෙයි කාලය මා හට ගෙවුන
    තනිකම මගේ තනියට ඇත්තේ නිතින

    මල්බර යොවුන් කාලේ පාසල් යද්දී
    ඈ නෙත් ඉඟි කලා මාහට කල් යද්දී
    සොඳුරුම හැඟුම් මා හදවත කලඹද්දී
    පෙම්වත් වුනා මා ඒ නාඹර වයසේදී

    යොවුන් ප්‍රේමයට අප ක්‍රමයෙන් ලංවූවා
    පෙම්බස් මුමුණමින් අප ලං වී කල්ගෙව්වා
    යාලුවො ටික අප බයිටට ලක්කෙරුවා
    පාසල් සමය අප මේ ලෙස නිමකෙරුවා

    කාලය කෙමෙන් ගෙවුනා අප වැඩිහිටි වූවා
    ප්‍රේමය තිබු නමුත් අප දුරු ඈතට වූවා
    අවසන් මතක ඈ ලියවා මා ගාවා
    නික්මී වෙනතකට ගිය බව සැල වූවා

    කෙල්ලන් සිටි නමුත් ඊටත් පසු එමට
    පෙර මෙන් මිහිරි හැඟුමන් නොමැතිය මෙමට
    ඇයගෙන් ලැබුන ඒ සුන්දර වූ පෙමට
    සමකල නොහැක පසු හමු වූ කිසිවකට

    තුරුණු වියත් අවසන් බව හැඟේ මට
    එනමුත් මතක කැරකෙයි සිත විටින් විට
    අමතක කර දමා පෙර දින, වත්මනට
    සිත්තම් කරමි සිතුවම මා සීරුවට.....