
#කෙසෙල් ඔබ වෛද්‍ය වරයා හමු වීමට වන වාර ගණන අඩු කරන පලතුරක් බව ඔබ දැන සිටියා ද?

ලංකාවේ වසරේ ඔනෑම කලකත් එවගෙම සාපේක්ෂව ඉතා පහසුවෙන් ද සොයා ගත හැකි කෙසෙල් බෝහෝ පෝෂ්‍ය පදාර්ථ ශරීරයට ලබා දෙන පලතුරකි.

ආයූර්වේදයට අනුව, කෙසෙල්,

මධුර රසයෙන් ද

ගුරු සහ ස්නිග්ධ ගුණයෙන් ද

ශීත වීර්යයෙන් ද යුක්ත වේ.


මොනවා ද මේ කෙසෙල් පලතුරක් ලෙස ආහාරයට එක් කරගැනීමෙන් ඔබට් ලැබෙන වාසි?

ශරීරයේ දාහය උෂ්ණය සමනය කර ශරීරය සිසිල් කරයි.

ශරීරයේ කැල්සියම් ඌනතා මඟහරවන අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ශරීරයට ලබාගත හැකි හොඳ ස්වාභාවික ප්‍රභවයකි.

විශාදය වැනි මානසික තත්ව මඟහැරවීමට හැකියාවක් ඇත.
(කෙසෙල් වල ඇති ට්රිප්ටොපෑන් ආහාරයෙන් පසු සෙරටිනින් බවට පත්වන අතර එය මානසික ආතතීන් දුරු කර මනස සුවපත් කිරීමට හේතුවේ.)

ශරීර ශක්තිය වඩවයි. මාංශ ධාතුව වර්ධනය කරයි.

වකුගඩු තුළ ඇති වන පිළිකා තත්ව අවම කරයි.(කෙසෙල් මඟින් කැල්සියම් අවශෝෂණය වේගවත් කරයි.)

රක්තහීනතාවය දුරු කරයි. (කෙසෙල් යකඩ වලින් පොහොසත් බැවින් ශරීරයට අවශ්‍ය යකඩ පෝෂක ප්‍රමාණය ලබා දේ.)

ප්‍රතිශක්තීකරණ හැකියාව වර්ධනය කරයි.

මතක ශක්තිය, බුද්ධිය වර්ධනය කරයි.

ආහාර ජීර්ණය ක්‍රමවත්ව නියාමනය කරන අතර මළබද්ධය වැනි තත්වයන් ඇති වීමට ඇති හැකියාව අවම කරයි.

හෘද සෞඛ්‍යය ආරක්ෂා කරයි. (ඉතා වැඩි පොටෑසියම් ප්‍රමාණයක් සහ අඩු සෝඩියම් ප්‍රමාණයක් අඩංගු බැවින්)

හෘදයාබාධ ඇති වීමේ අවධානම බෙහෙවින් ම අවම කරයි.

වෙහෙසකර බව තෙහෙට්ටුව නැති කිරීමට සමත් පලතුරකි.

රක්ත ධාතුව දූෂණය වීමෙන් (ලේ කෝප වීමෙන්)හටගන්නා රෝග සමනයට උපකාරී වේ.

කුසගින්නත් පිපාසයත් දෙකම සංසිඳවීමට් සමත් පලතුරකි.

ආහාර රුචිය ද වර්ධනය කරයි.

රත් කෙසෙල් දිය්වැඩියාව පාලනයට උපකාරී වන බවට සොයාගෙන ඇත.

කප කෝප කරවන සුළු ගතියකින් යුක්ත බැවින් ඇඹුල් කෙසෙල් කුඩා ළමුන්ටය දීමට වඩා සුදුසු වන්නේ සීනි කෙසෙල් ලබා දීමය.

ඇඹුල් කෙසෙල් රාත්‍රීයේ අහාරයට ගත් විට කප කෝප කරවන ස්වභාවයකින් යුක්තය.

කුඩා ළමුන්ගේ අස්ථි සහ පේශි වර්ධනයට උපකාරී වන කෙසෙල් මාන්දම , අජීර්ණ තත්ව මෙන්ම අහාර අරුචිය ද නසාලයි.

ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන නිසා පිළිකා නාශනයට හැකියාවක් ද කෙසෙල් සතුය.

රුධිරගත සීනි මට්ටම පාලනය කරයි.

සම වියපත් වීම පාලනය කර තරුණ බව රැකදෙයි.

ගර්භණී මව්වරුන් ට ඉතාම්ත් ගුණාදායකය.
පලතුරකි.

ශරීරයේ ඇතිවන ඉඳිමුම් , ප්‍රදාහයන් සමනය කිරීමට උපකාරී වේ.

අහාර මාරඟ පද්ධතිය ආශ්රිත තුවාල ඇති වීම් අවම කරයි. අම්ල පිත්ත රෝගය වැළඳීමේ අවදානම අවම කරයි.

ඉතාමත් පහසුවෙන් වෙළඳ පොළෙන් මිළඳී ගත හැකි ප්‍රනීත පලතුරක් වන කෙසෙල් ඔබේ අතුරුපස ට තේ මේසයට එක් කරගන ඔබත් සෞඛ්‍යයමය ප්රතිලාභ රැසක් අත් කරගන්න.
Article by: Yahathugodaga
Medical student(BAMS)
@ Institution Of Indigenous
Medicine
University Of Colombo














