කෙසෙල් වල ගුණ්

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    🍌#කෙසෙල් ඔබ වෛද්‍ය වරයා හමු වීමට වන වාර ගණන අඩු කරන පලතුරක් බව ඔබ දැන සිටියා ද?🤔

    🍌ලංකාවේ වසරේ ඔනෑම කලකත් එවගෙම සාපේක්ෂව ඉතා පහසුවෙන් ද සොයා ගත හැකි කෙසෙල් බෝහෝ පෝෂ්‍ය පදාර්ථ ශරීරයට ලබා දෙන පලතුරකි.

    🍌ආයූර්වේදයට අනුව, කෙසෙල්,
    🍌මධුර රසයෙන් ද
    🍌ගුරු සහ ස්නිග්ධ ගුණයෙන් ද
    🍌ශීත වීර්‍යයෙන් ද යුක්ත වේ.

    🍌🍌මොනවා ද මේ කෙසෙල් පලතුරක් ලෙස ආහාරයට එක් කරගැනීමෙන් ඔබට් ලැබෙන වාසි?

    🍌 ශරීරයේ දාහය උෂ්ණය සමනය කර ශරීරය සිසිල් කරයි.

    🍌ශරීරයේ කැල්සියම් ඌනතා මඟහරවන අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ශරීරයට ලබාගත හැකි හොඳ ස්වාභාවික ප්‍රභවයකි.

    🍌විශාදය වැනි මානසික තත්ව මඟහැරවීමට හැකියාවක් ඇත.
    (කෙසෙල් වල ඇති ට්‍රිප්ටොපෑන් ආහාරයෙන් පසු සෙරටිනින් බවට පත්වන අතර එය මානසික ආතතීන් දුරු කර මනස සුවපත් කිරීමට හේතුවේ.)

    🍌ශරීර ශක්තිය වඩවයි. මාංශ ධාතුව වර්ධනය කරයි.

    🍌වකුගඩු තුළ ඇති වන පිළිකා තත්ව අවම කරයි.(කෙසෙල් මඟින් කැල්සියම් අවශෝෂණය වේගවත් කරයි.)

    🍌රක්තහීනතාවය දුරු කරයි. (කෙසෙල් යකඩ වලින් පොහොසත් බැවින් ශරීරයට අවශ්‍ය යකඩ පෝෂක ප්‍රමාණය ලබා දේ.)

    🍌ප්‍රතිශක්තීකරණ හැකියාව වර්ධනය කරයි.

    🍌මතක ශක්තිය, බුද්ධිය වර්ධනය කරයි.

    🍌ආහාර ජීර්ණය ක්‍රමවත්ව නියාමනය කරන අතර මළබද්ධය වැනි තත්වයන් ඇති වීමට ඇති හැකියාව අවම කරයි.

    🍌හෘද සෞඛ්‍යය ආරක්ෂා කරයි. (ඉතා වැඩි පොටෑසියම් ප්‍රමාණයක් සහ අඩු සෝඩියම් ප්‍රමාණයක් අඩංගු බැවින්)

    🍌හෘදයාබාධ ඇති වීමේ අවධානම බෙහෙවින් ම අවම කරයි.

    🍌වෙහෙසකර බව තෙහෙට්ටුව නැති කිරීමට සමත් පලතුරකි.

    🍌රක්ත ධාතුව දූෂණය වීමෙන් (ලේ කෝප වීමෙන්)හටගන්නා රෝග සමනයට උපකාරී වේ.

    🍌කුසගින්නත් පිපාසයත් දෙකම සංසිඳවීමට් සමත් පලතුරකි.

    🍌ආහාර රුචිය ද වර්ධනය කරයි.

    🍌රත් කෙසෙල් දිය්වැඩියාව පාලනයට උපකාරී වන බවට සොයාගෙන ඇත.

    🍌කප කෝප කරවන සුළු ගතියකින් යුක්ත බැවින් ඇඹුල් කෙසෙල් කුඩා ළමුන්ටය දීමට වඩා සුදුසු වන්නේ සීනි කෙසෙල් ලබා දීමය.

    🍌ඇඹුල් කෙසෙල් රාත්‍රීයේ අහාරයට ගත් විට කප කෝප කරවන ස්වභාවයකින් යුක්තය.

    🍌කුඩා ළමුන්ගේ අස්ථි සහ පේශි වර්ධනයට උපකාරී වන කෙසෙල් මාන්දම , අජීර්ණ තත්ව මෙන්ම අහාර අරුචිය ද නසාලයි.

    🍌ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන නිසා පිළිකා නාශනයට හැකියාවක් ද කෙසෙල් සතුය.

    🍌රුධිරගත සීනි මට්ටම පාලනය කරයි.

    🍌සම වියපත් වීම පාලනය කර තරුණ බව රැකදෙයි.

    🍌ගර්භණී මව්වරුන් ට ඉතාම්ත් ගුණාදායකය.

    පලතුරකි.

    🍌ශරීරයේ ඇතිවන ඉඳිමුම් , ප්‍රදාහයන් සමනය කිරීමට උපකාරී වේ.

    🍌අහාර මාරඟ පද්ධතිය ආශ්‍රිත තුවාල ඇති වීම් අවම කරයි. අම්ල පිත්ත රෝගය වැළඳීමේ අවදානම අවම කරයි.

    🍌ඉතාමත් පහසුවෙන් වෙළඳ පොළෙන් මිළඳී ගත හැකි ප්‍රනීත පලතුරක් වන කෙසෙල් ඔබේ අතුරුපස ට තේ මේසයට එක් කරගන ඔබත් සෞඛ්‍යයමය ප්‍රතිලාභ රැසක් අත් කරගන්න.

    Article by: Yahathugodaga
    Medical student(BAMS)
    @ Institution Of Indigenous
    Medicine
    University Of Colombo

    🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
    47A8EFCA-B76B-43DB-A4BF-97F3102D004A.jpeg