හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තැබූ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත ඊයේ (ජන. 8) දැන්වීය.
කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් විසින් පසුගිය දිනෙක සිය නිවසේ ගේට්ටුව ඉදිරිපිට මල්වඩමක් තබමින් පවුලේ අයවලුන් සාපරාධී බියගැන්වීමකට හා අපහාසයකට ලක්කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන පවිත්‍රා ජයන්තිකා රඹුක්වැල්ල කුරුඳුවත්ත පොලිසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව පැමිණිල්ල මෙහෙය වූ සැරයන් රාජපක්ෂ (18680) අධිකරණයට දැන්වීය.
කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බී. සේනානායක මහතාගේ උපදෙස් මත මෙම විමර්ශන ආරම්භ කර ඇති බවත් එම නිල නිවස පිහිටි කොළඹ 7 ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවට ලක්කර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව ද සැරයන් රාජපක්ෂ සිය බී වාර්තාව මගින් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසීය.
https://mawbima.lk/2024/01/09/an-in...ose-who-a-placed-wreath-near-keheliyas-house/