පසුගිය දිනවල සිදු වූ ඇතැම් සිදුවීම් පසුපස මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක ප්‍රබලයෙකු සිටින බව නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා.
මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විශාල වශයෙන් මොහු වගකිව යුතු අතර පසුගිය කාලයේදී අමාත්‍ය තනතුරක්ද හෙබවූ ඔහුට එල්ල වූ දැඩි ජනතා විරෝධය නිසාවෙන්ම මේ වන විට තරමක නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබෙනවා.එහෙත් තවමත් ඔහු තිරය පසුපස ක්‍රියාත්මකව සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.
පසුගියදා ගෝල්ෆේස් පිටියේදී සිදුවූ ජන අරගලයට පහර දීම මෙන්ම ඊයේ දිනයේදී මිලියන 09 කට ආසන්න මුදලක් වැය කරමින් නියෝජ්‍ය කතානායක තනතුර සඳහා ජන්දයක් විමසීම දක්වා වූ දේශපාලන අස්ථාවරත්වය පසුපසද සිටිනුයේ ඔහු බවයි නෙත් ගොසිප් වෙත වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා කාන්තාවක් පත් කල යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කල පසුව සමගි ජන බල වේගය විසින් ඊයේ දිනයේදී රෝහිණි කවිරත්න මහත්මියගේ නම යෝජනා කරනු ලැබුවා.එහෙත් මෙය දැනගත් වහාම අදාළ හිටපු අමාත්‍යවරයා දැඩි ලෙස උරණ වී පවසා ඇත්තේ සිය පක්ෂයෙන්ද මන්ත්‍රීවරයෙකු යෝජනා කල යුතු බවයි.
එමෙන්ම පසුගියදා හින්දු පුවත්පත විසින් ,ශ්‍රී ලංකාව යළිත් එල්.ටී.ටී.ඊ ප්‍රහාරයකට ගොදුරු වීම සම්බන්ධයෙන් අනතුරු හඟවා තිබූ අතර එම පුවත්පතේ කතුවරිය ලෙස සේවය කරනුයේ ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමිගේ දියණියයි.සුබ්‍රමනියම් ස්වාමි යනු මෙරට ප්‍රබල දේශපාලන පවුලක් සමඟ අතිශය සමීප සම්බන්ධයක් පවත්වන්නෙකු වන අතර එම පවුලේ සෙසු දේශපාලකයින්ට වඩා මෙම හිටපු අමාත්‍යවරයාද අදාළ රට සමඟ සමීපව කටයුතු කරන බව ප්‍රකට රහසක්.
කෙසේ වෙතත් රට ආර්ථික වශයෙන් දැඩි පසුබෑමකට ලක්ව ඇති මෙවන් අවස්ථාවකදී පවා සිය පුද්ගලික දේශපාලන අරමුණු ඉටු කරගැනීමට උනන්දු වීම නම් කිසිසේත්ම අනුමත කල නොහැකි දෙයක් බවයි බොහෝ දෙනා පවසන්නේ.
http://nethgossip.lk/article/40813