EPS සේවා ගිවිසුම් නිකුත්කිරීමේ ක්‍රියාපටිපාටිය
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
☝ විදේශිකයන් සේවයට බඳවාගැනීමට සුදුසුකම් ඇති සේවායෝජකයකු විසින් අදාල ප්‍රාදේශීය කම්කරු කාර්යාලයට සේවා ගිවිසුම් නිකුත්කරනු ලබන දිනට,දින දහහතරකටවත් පෙර තමන්ට විදේශීය ශ්‍රමිකයන් ගෙන්වීමට අවශ්‍ය බවට දැනුම්දිය යුතුය
*අවශ්‍ය රට
*ස්ත්‍රී පුරුෂ බාවය
පමණක් ඉල්ලුම්කිරීම ප්‍රමාණවත් වේ.
☝ කොරියානු මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අදාළ කාර්තුවේ ඒඒ රටට අදාළව කෝටාව තීරණයකරනු ලබයි.
රැකියා අපේක්ෂකයින්ගේ එකම සහ අත්‍යාවශ්‍යම සුදුසුකම Approval තත්ත්වයෙන් EPS වෙබිඅඩවියේ නම තිබීම පමණි.
*විභාගය ලියූවසර,
*approval වූ දිනය
* විභාගයෙන් ලබාගත් ලකුණුමට්ටම
* කුසලතා පරීක්ෂණය (skills test)
*දේශපාලකයන් ගේ අනුමත ලියකියවිලි
ආදී කිසිවක් අදාළ නොවන බවද සඳහන් කල යුතුය.
☝ විදේශිකයන් සේවයට බඳවාගැනීමට අයදුම්පතක් ඉඳිරිපත් කරනුලැබූ සේවායෝජකයන් ට අදාළ ප්‍රාදේශීය කම්කරු කාර්යාලය මගින් සේවා ගිවිසුම් නිකුත්කරනු ලබන දිනයේ 1:3 අනුපාතයට සේවකයන් ගේ විස්තර පත්‍රිකාවක් ලබාදෙනු ලබයි.
උදාහරණයක් ලෙස සේවකයන් 3 දෙනෙකු ඉල්ලාසිටින ලඳ සේවායෝජකයකු ට ගිවිසුම් අපේක්ෂකයින් 9 දෙනෙකු ගේ විස්තර සහිත පත්‍රිකා ලැබේ.
එහි,
*ජාතිකත්වය
*වයස
*උස/බර
*විභාගයේදී ලබාගත් ලකුණු මට්ටම
ආදිය ඇතුළත් වේ.
සෙවා යෝජකයෝ තමන්ට අවශ්‍ය මට්ටමේ අය තෝරා නැවත ප්‍රාදේශීය කම්කරු කාර්යාලයට දැනුම්දුන් පසු බොහෝවිට එදිනම තෝරාගන්නා අයවලුන්ගේ විස්තර EPS වෙබිඅඩවියට ඇතුළත් කරනු ලැබේ.එය සිඳුකරනු ලබන්නෙ කොරියාවේ සිටයි.ඒ අවස්ථාවේම සෙවා ගිවිසුම් අපේක්ෂකයින්ට තමන්ගේ නමට ගිවිසුමක් නිකුත්වූ බව "Isued" යනුවෙන් දිස්වේ.
බොහෝවිට වයස් මට්ටම සැලකිල්ලට ගන්නා සේවා යෝජකයෝ සිටිය හැකි අතර උස බර ආදිය සම්බන්ඳව සැලකිල්ලක් දක්වන සේවා යෝජකයෝ අතලොස්සක් ඇත.කිසි විටෙකත් විභාගයෙන් ලබාගත් ලකුණුමට්ටම් සැලකිල්ලට ගන්නා සේවා යෝජකයෝ පිළිබඳව අප අසා දැක නැත.
සේවා යෝජකයන් සමග සමීපතම ඒ රටේ සේවකයන් සිටීනම් ඔවුන්ට අවශ්‍ය අය තෝරාගැනීමට අවස්ථාව ලබාදෙන අවස්ථාවන් තිබිය හැක.
බොහෝ ආයතන හිමිකරුවන් හිතුන ඕනැම කෙනෙක් සලකුණු කරයවනු ලබයි.
ඔවුන් බොහෝවිට මා සමඟ නම් පවසා ඇත්තේ ඇස් පෙනෙන,කන් ඇසෙන,අත පර හතර හොදින් වැඩ කරන අය හොඳටම ප්‍රමාණවත් බවයි
ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශය මගින් හැකිතරම් ඉක්මනින් සේවා ගිවිසුම් අත්සන් කිරීමට දැනුම්දෙනු ලබන්නේ ඉන් පසුවයි.
පහතින් දැක්වෙන්නේ ප්‍රාදේශීය කම්කරු කාර්යාලයෙන් අප සේවා ආයතනයට ශ්‍රී ලාංකීය සේවිකාවක ඉල්ලා යොමුකරන ලද අයදුම්පතට අදාළව fax කර එවන තොරතුරුය.තුන්දෙනෙකුගේ තොරතුරු මෙහි අඩංගුය.සමාගමේ කළමනාකාරීත්වයට කළමනාකාරීත්වය විසින් මාහට අදාළ විස්තර ඇතුළත් පත්‍රිකා ලාබාදී සුදුසු කෙනෙකු තෝරා දෙනමෙන් ඉල්ලා සිටින ලදි.මා විසින් මේ තිදෙනාගෙන් වයසින් වැඩි,මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් ඇති කෙනා තෝරා දීමෙන් අනතුරුව පහතින් ඇති agreement එක ඇයට යවන ලදි.
චීන කාන්තාවක් ඇනවුම් කිරීමට සිතාසිටියත් කළමනාකාරීත්වයෙන් මාවිසින් කල ඉල්ලීම හේතුවෙන් මෙසේ අප රටින් සේවිකාවක් බඳවා ගැනීමට තීරණය විය.මාමේ සේවා ස්ථානයේ සේවයට පැමිණ ගතවූ වසර එක හමාර තුළ සේවකයන් 15 දෙනෙකු මාගේ ඉල්ලීම හා කැපවීම මත සේවයට බඳවාගන්නා ලදි.
මා වසර එක හමාරකට පෙර පැමිණෙන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙහි නොසිටි අතර චීන සේවකයන් හතලිහකට ආසන්න ප්‍රමාණයක් සහ ඉන්ඳුනීසියානු සේවකයන් පස් දෙනෙකු සේවයේ නියුක්ත විය.දැන් ශ්‍රී ලාංකිකයන් පහලොස් දෙනෙකු අප ආයතනයේ සේවය කරනු ලබයි.
සියලු දෙනාම වොන් 2500000 ත් 3300000 අතර(රැපියල් 350000 වඩා වැඩි) වැටුපක් ලබා ගනී.
ඔබත් ඔබගේ සේවා ස්ථානයේ ශ්‍රී ලාංකිකයන්ට එවැනි තැනක් නිර්මාණය කිරීමට උනන්දු වන්න.
ඔබ උනන්දුවෙන් ක්‍රියාත්මක වන්නේනම් ලෙහෙසියෙන්ම වසරකට 20% කින් නව සේවා ගිවිසුම් ශ්‍රී ලංකාවට යැවිය හැකිවනු ඇත