"කේළමා" හෙවත් නියමු රහිත ගුවන් යානා - Unmanned Aerial Vehicles (UAV)

AeroPrincess

Member
Oct 31, 2010
512
53
0
Rivendell
"කේළමා" හෙවත් නියමු රහිත ගුවන් යානා - Unmanned Aerial Vehicles (UAV)

:baffled: "කේළමා" :baffled:
පසුගිය දවස් වල පැවති උතුරේ යුද්ධය ඔබ සියළු දෙනාටම තවම අමතක නැතිව ඇතිනෙ. මේකෙදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ට ඔවුන්ගේ යුධ උපක්‍රම සාර්ථක කර ගැනීමට ඉවහල් වුන බො‍හෝ කාරණා අතරේ දී ගුවන් හමුදාව විසින් භාවිතා කරන ලද නියමු රහිත ගුවන් යානා ඔබට මතක ඇති. මේවායින් මහත් වූ සේවාවක් සිදු වූවා.
kelama3.jpg

නියමු රහිත ගුවන් යානා වලට අද විවිධ නම් භාවිතා කරනවා. ඒ පහත ආකාරයට.

* UAV - Unmanned Aerial Vehicle
* RPV - Remotely Piloted Vehicle
* Drones

UAV

uav012.jpg



RPV

rpv0.jpg

rpv1.jpg


Drones

drones2.jpg

drones.jpg


කුමන ආකාරයෙන් හැඳින්වූවත් මේවා අධි තාක්ෂණික උපකරණ. විශේෂයෙන්ම මේවා යුධ කටයුතු සඳහා යොදා ගනු ලැබූවත් සිවිල් කටයුතු සදහාද මේවා භාවිතා කරනවා. දැනටමත් වාණිජමය ගුවන් ප්‍රවාහන කටයුතු සඳහා මෙවන් වූ යානා භාවිතා කිරීමට ඇති හැකියාව සොයා බලමින් සිටී. දැනට භාවිතා කරන යානා වල දිග දළ වශයෙන් අඩි 20-30 වන අතර පළල ද එම ප්‍රමාණයම වේ. අඩි 100 ක පමණ විශාලත්වයෙන් යුතු යානා සඳහා දැනට පර්යේෂණ කරමින් පවතී.


මෙම නියමු රහිත ගුවන් යානා පිළිබඳ අතීතය සොයා බැලීමේදී ඒ සඳහා දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව පෙනී යයි.

මුල්ම නියමු රහිත ගුවන් යානා උත්සාහය පිළිබඳව වාර්තා වන්නේ ඔස්ට්‍රියාවෙනි. 1849 වසරේ දී ඔස්ට්‍රියානුවන් ඉතාලියේ වැනීස් නගරය වෙත පුපුරණ ද්‍රව්‍ය පිරවූ බැලුන පා කර හැරීමට උත්සහ කර ඇති අතර සුළඟ නිසා ඒවා යළි ඔස්ට්‍රියාවටම පැමිණ පුපුරා ගොස් ඇත. :lol: :rofl:


මෙම බැලුන් මගින් ආරම්භ වූ නියමු රහිත ගුවන් යානා වල පරිණාමය දෙවන ලෝක යුධ සමයේදී පුපුරණ දුව්‍ය අඩංගු කර ගුවන් යානා නිපදවීම දක්වා පැමිණ ඇත.

ඉන්පසුව මිසයිල තාක්ෂණයේදී මෙය යොදා ගෙන ඇති අතර ඉහත දැක්වූ ගුවන් යානා පසුව "කෲස්" මිසයිල ලෙස හඳුන්වා ඇත.



මෙම නියමු රහිත ගුවන් යානා භාවිතයේදී ඇති විශේෂත්වය වන්නේ අවදානම අඩු බවයි. එලෙසම ප්‍රහාරයකින් පසුව නියමුවන් විසින් අදාළ මෙහෙයුම් කොතරම් දුරට සාර්ථකව සිදු කර ඇති දැයි දැන ගැනීමටත් එයින් හැකියාව ලැබේ.



අනාගතයේදී මෙම නියමු රහිත යානා සංකල්පය තවදුරටත් දියුණු වේවි.

kelama.jpg

ඔයාලගේ දැනුම අලුත් වුනා කියල හිතනව :D:D


Other Links______

AF Museum Photos: http://www.elakiri.com/forum/showthread.php?t=906078
කළු පෙට්ටිය: http://www.elakiri.com/forum/showthread.php?t=952753
ගුවන් යානා ඉහල නැංවීම: http://www.elakiri.com/forum/showthread.php?t=953193




 
Last edited:

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
Lankawata UAVs aran awilla thiyenne Pakistan walin. Pakistanaya saha lankawa athara honda friendship ekak thiyenawa.
 

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඒ දවස වල "කේලමා පල" කියල පෝස්ටර් ගැහුවේ UAV එක්ක තරහ කාරයෙක්ද දන්නේ නෑ?:rolleyes::rolleyes:
     

    Similar threads