කේ‍. පී. ළඟ තිබූ රන් තොගයෙන් කොටසක් ජපනෙකුට &#

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
කේ‍. පී. ළඟ තිබූ රන් තොගයෙන් කොටසක් ජපනෙකුට &#

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බලවතකු වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. සතුව තිබු එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත් රත්‍රන් තොගයෙන් කොටසක් ජපානයේ ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම සම්බන්ධ ලිපිගොනුවක් තමා සතුව ඇති බවත් එය ළඟදීම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බාරදෙන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඌවතැන්නේ සුමන හිමියෝ ඊයේ (10) මාලිගාවත්ත අභයාරාම විහාරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිකර සිටියහ.‍

මේ රත්රන් ගනුදෙනුව සම්බන්ධයෙන් මහින්ද, බැසිල්, ‍ගෝඨාභය හා ජනාධිපතිතුමාගේ එවකට කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටි ගාමිණී සෙනරත් හා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අයවළුන් වගකිව යුතු බවද සුමන හිමියෝ පැවැසූහ.

තවදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ සුමන හිමියෝ, පසුගිය රජයේ බලවතුන් කිහිපදෙනෙක් සම්බන්ධ වූ සියලු තොරතුරු අප ළඟ තිබෙනවා. රන් සංචිතය කොළඹ හමුදා මූලස්ථානයේ කන්ටේනර් 2ක තිබූ අතර, 16 වරකදී මේ රන් තොග කොටස් වශයෙන් නැව්ගත කර තිබෙනවා. මේ රත්‍රන් ගනුදෙනුව සම්බන්ධයෙන් නීත්‍යානුකූල තත්ත්වය දැනගැනීමට රටේ ජනතාවට අයිතියක් තිබෙන බවද ඌවතැන්නේ සුමන හිමියෝ මෙහිදී ප්‍රකාශ කර සිටියේය.