කේ.පී ගැන පරීක්ෂණ ඉදිරියට
කොටි සංවිධානයේ ජාත්‍යන්තර අංශයේ හිටපු නායක කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ත‍්‍රස්තවාදයට මුදල් එකතු කිරීමට එරෙහි පනත සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ ඉදිරි පරීක්ෂණ සිදු කෙරෙන බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
කේ.පී. සතුව නැව් 7ක්, විදෙස් වත්කම්, රත්‍රන්, විදෙස් ගිණුම් පැවැති බවත් රාජපක්ෂ පාලනය තුළ ඒවාට සිදුවූයේ කුමක්ද යන්න හෙළිකරන ලෙසත් කේ.පී. වහාම අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක කරන්නැයි ඉල්ලා චෝදනා 193ක් සහිතව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම ඊයේ අභියචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා සහ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය හමුවේ කැඳවූ අතර එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා මේ බව කියා ඇත.
කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන විමර්ශන වල වාර්තාවක් ඉදිරියේදී අධිකරණයට බාර දීමට කටයුතු කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා තිබේ.
- http://www.lankatruth.com/home/sinh...-47-01&catid=36:2011-10-17-04-27-38&Itemid=72

Last edited: