....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

malinthalakmal

Active member
  • Dec 26, 2011
    128
    47
    28
    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    12075072_1480833472218070_1193800745346606504_n.jpg

    ආයිබෝවන් කිව්වා හැමෝටම.....
    කලින් මේ පැත්තේ ආපු අය නම් දන්නවා ඇති "කොකා" ව....
    දන්නේ නැති අයට මේවා බලපුවම තේරෙයි කොකා කියන්නේ මොකා ද කියලා....
    ජොලියට සොමියට ලියන්න පටන් ගත්ත කොකාගේ කෝලම දිගටම ලියන් යන්නයි මම හිතන් ඉන්නේ....
    ඒ හැම කතාවකම ලින්ක් එක මේ ත්‍රෙඩ් එකේ අප් ඩේට් කරනවා....
    බොලා ලා හැමෝටමා ආරාධනා කරනවා ඇවිල්ලා කියවලා බලලා යන්න කියලා...
    පේජ් එකට එකට ඇවිත් ලයිකුවක් දාලා ඩිගටම සැට් වෙන්න කියනවා එහෙම නම් ඕන් ඈ.......

    මීට
    කොකා....
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    දැන් හදිසි වැඩ වලට මෙහෙට එනවද.....
    ======================================

    කවුරු කොහොම මොනවා කීවත් ඉරිදා හැන්දෑ වරුව තරං පුල් මාවලස් හැන්දෑවක් සතියටම නැතිය....
    මුලු සතියම පදිරි වෙලා පදිරි වෙලා කට බලියන බලන් ඉන්නේ කවදා ද ඉරිදා වෙන්නේ කියලාය....
    බෝක්කුව උඩට සැට් වෙලා සතියකම වෙච්ච දේවල් වල සමාලෝචනයක් කරන්න...ගමේ අපි නැති දවස් වල වෙච්ච "කුනු" කේස් රහ කරන්න ඉරිදා හැන්දෑව තරන් මාවල හැන්දෑවක් තවත් තියනවද මං අහන්නේ....
    මේ ඉරිදත් අත්තම්මගෙ දෑස් පියන් වලට කොලේ වහලා සේප් එකේ බෝක්කුව දිහාට ජම්ප් එකක් දැම්මේ මේ සතියේ මම නොදන්න මොනාද මේ හතර මායිමේ වෙලා තීන්නේ කීලා බලන්න...
    මම යනකොටත් කස්ටිය බෝක්කුව උඩ සමිතිය පටාන් අරන්ය....
    වර්නපාලයා පුරුදු විදිහට බෝක්කුවේ දකුනු අයිනෙ ලෑන්ඩ් කොරන් ඉන්නවාය...
    අනුරයා වම් පැත්ත බදු අරන් ඉන්නවාය....
    දෙන්නගෙම කටවල් දිහා මාරුවෙන් මාරුවට බල බල බෙලෙක්ක ජෝතියා මැද්දට වෙලා ඉන්නවාය...
    මාත් සේප් එකේ අනුරයා ගාවින් සේප් එකේ සෙන්ටි මෙන්ටල් එකේ වාඩි වෙන්න හැදුවා විතරයි පාරෙන් උඩහා කැලේ දිහාවේ ඩෝං ගාලා සද්දයක් හෙන ගහන්නා වගේ ඇසුනි.....
    හුටා....චාලට් ඇන්ටිගේ කඩේ බොයිලේරුව පිපිරුනාවත් ද.....
    යකෝ කොටි ගහනවෝ...බුදු අම්මො.....කියාගෙන අනුරයා අඩි හයේ සරම අඩියට නවාගෙන රන් එකක් දෙන්න යනවා...
    මම සුටුස් ගාලා බෙල්ලෙන් අල්ල ගත්තා....
    හිවල් මොටෝ...කොටි නෙමෙයි බූරුවෝ...කෑ නොගහා හිටපන්....
    ඒ උනාට අනුරයාට තාම සුවර් නැතිය....
    වර්නපාලයාත් පුල්ම අන්දොස් මූඩ් එකෙන් බලන් ඉන්නවාය....
    මොකක් ද බන් සද්දේ....
    ගිහින් බලමුද.....????
    අපෝ බෑ බන්...අයි.එස්.අයි.එස් කාරයෙක් වත් ද දන්නේ නෑ ඕයි...
    බෙලෙක්කයා අනුරයාට හපන්ය.....
    මෙහෙ කොහෙද කෑ දැත්තො අයි.එස් කාරයෝ.....
    උන් ඉන්නේ පැපුවා නිව්ගිනියාවේ....වර්නපාලයා උගේ ඉටිකිරිස් මොලෙන් සුටුස් ගාලා හිතලා පුටුස් ගාලා කෙබරයක් කෙලියා...
    මෙන්න මෙහෙ වරෙන් යන්න....මොකක්ද උනේ බලන්න.....
    අනුරයාවයි බෙලෙක්කයාවයි බලෙන් මෙව්වා කොරගෙන අපි සේප් එකේ සද්දේ ආව පැත්තට මංගැච්චුවා.....
    කැලේ මැදකට වගේ එනකොට අඩු කෝප්ප සැට් එකක පීරිසි කෑල්ලක් වගේ එකක් කැලේ මැද පත බෑවිලාය....
    විකට ඇදුන් තරගෙකට යන්න ඇද ගත්ත එවුන් දෙන්නෙක් බිම ඇන තියන් ඉන්නවා....
    අම්මට හුඩු....කුරුමිට්ටො දෙන්නෙකුයි පියාබ්න පීරිසියකුයි....
    බුදු අම්මෝ...ඉතිපිසෝ භගවා....කියාගෙන අනුරයා ආයෙත් සරම් කරට අරන් රන් එක දෙන්න රෙඩි විය...
    බෙලෙක්කයත් ඌට පිටි පස්සෙන් සැට් වෙලාය....
    මගෙත් කකුල් දෙකට පොඩි මැඩ්ලින් පාරක් වදුනවා වදිනවා වගේය.....
    වර්නයාගෙත් කට කන් දෙක ගාවට ඇරිලාය....
    කුරුමිටි බුවාලා අපිව දැකලා අපිට කතා කොරා....
    මල්ලි මල්ලි....
    දුවන්න එපා...
    අපි කරදර කරන්න නෙමෙයි ආවේ
    අම්මට හුඩු...
    කුරු මිට්ටො සිංහල කතා කරනවාය....
    අපි බොරුවට නෙ ඉංගිරිස් ඉගන ගන්නෙ.....
    පිට සක්වලත් සිංහල නෙව කතා කරන්නේ......
    මල්ලි මේ ලංකාව නෙහ්.....
    මම සේප් එකේ උත්තරයක් ගැලපුවෙමු
    ඔව් අයියේ.....
    අනුරයා සේප් එකේ මගේ පිටි පස්සෙන් පලවෙනි අදියරේ පලවෙනි කඩ ඉම් පුරස්න දෙක ඇහුවා……
    මේ අයියලා කොහෙන්ද....
    අපි මල්ලි මේ අගහරු ලෝකෙන් ආවේ...හදිසි වැඩකට...
    හැහ්...
    අගහරු ලෝකෙන් දැන් හදිසි වැඩ වලට මෙහෙට එනවද.....
    ඔව් මල්ලි.....හෙනම සෙන්ටි මෙන්ටල් කේස් එහෙකට ආවේ...
    හෑහ්...මොකක්ද සීන් එක....
    කියන්න බැරි සයිස් එකක් ද.....???
    මෙච්චර වෙලා සරම කරේ තියන දුවන්න ලැස්ති වෙච්ච අනුරයා දැන් කුන අවුස්සනවා...
    ලංකාවේ උන් නං ඔහොම්මමයි....
    කුරුමිට්ටා හෙනම අප්සැට් මූඩ් එකකය.....
    මල්ලිලාට කිව්වම මොකද මල්ලි මේකයි කේස් එක...
    අපේ එහේ සුනාමි ගම්මානෙක පොඩි එල දෙනක් උස්සලා...තාම හරක් හොරා හොයා ගන්න නෑ...අපේ පොලිසියේ අයට තාම හොයා ගන්න බෑ....
    අප්පට සිරි.....
    ඉතින් ඉතින්...
    අපි මේ තකහනියේ මෙහෙ ආවේ මල්ලි කොටදෙනියාවේ පොලෝසියෙන් දෙන්නෙක් විතර අරං යන්න...
    කේස් එක හොයන්න බාර දෙන්න
    හැහ්....
    අපි හතර දෙනාම පුල් අන්දොස්ය…… අඥ්ඥ කොරොස්ය.....
    හතර දෙනාටම එකම එක දැවෙන පොබ්බම් එකකි....
    .
    .
    යකෝ...
    අපි අගහරු වලටත් නෝන්ඩි ද.....

    සටහන
    -කොකා-

    අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න:yes::yes::yes:
    https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/


    12108933_1482135808754503_606177080247807872_n.jpg
     
    Last edited:

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    ...ටිටී ගර්ල් උස්සලා....
    ==================

    අපේ "බෝක්කුව උඩ සැට් එක" හැන්දෑවේ හතර වෙනකොට බෝක්කුව උඩට වාර්තා කොරන වග මම ඉන්තේරුවෙන්ම දන්නා සීන් කෝන් එකකි.මමත් හැමදාම හැන්දෑවේ තුනයි හතලිස් එකේ ඉදන් හොර ගල් අහුලන්නේ බෝක්කුව උඩට සෙන්ටි මෙන්ටල් වෙන්නටය...
    කොහොමෙන් කොහොම හරි මා පිය දෑස් වලට වැලි පාරක් මෙව්වා වෙලා කේලමා වගේ ගේ වටේම මීටර් කරන අත්තම්මගෙනුත් මෙව්වා වෙලා බෝක්කුව උඩට පනින එක හෙනම ජිල් ටෝන් මෙහෙයුමක්ය.අති සාර්ථක මෙහෙයුමක් මෙව්වා කරන් බෝක්කුව ගාවට සෙන්ටි මෙන්ටල් වෙනකොට කස්ටියම අහස පොලොව එකට කොරලා රිවට් ගහන තමටම කල්පනා කොරනවාය....
    අඩෝ...මොකක්ද සීන් එක.......
    මම බෙලෙක්කයාට ඩයල් පාරක් දැම්මෙමි....
    වර්ණයාගේ ටිටී ගර්ල් උස්සලා....
    ටිටී ගර්ල් කිව්වේ....ගෙදර බෝඩ් වෙලා ඉන්න කෙල්ලද.....
    නෑ නෑ ගස් හිවලෝ...
    අර බූල් බැල්ලි....
    අම්මට සිරි වර්ණයාගේ බලු ප්රේමයට කෙල වෙලාද....
    වර්ණයා තරම් ආදරනිය බලු පෙම්වතෙක් මේ අහල ගම් හතකවත් නැත....
    ටිටී ගර්ල් වඩාගෙන ඌට වර්නය උම්මා දෙනවාය...
    කිති කවනවාය...
    නලවනවාය......
    වෙන එකක් තියා නින්ද යන්නේ නැත්තන් දරු නැලවිලිද කියනවාය.....
    වර්ණයා හෙනම අන්දොස් මූඩ් එකෙන් අස්සයා මැරිච්ච් කව් බෝයි වගේ උඩ බලන් ඉන්නවාය....
    දැන් මක්කෙයි කොරන්න ඉන්නෙ....
    අපි යනවා පේනයක් අහන්න.....
    හැහ්...ඒ කොහෙද......
    පහල වත්තේ ඉන්නවා සාත්තර කියන බුවෙක්...බුවා වැඩ්ඩා...
    අපේ නැන්දා කිව්වේ....
    අහස බලා වහිනවද කියනවලු...
    ලිද බලලා වතුර තියනවද කියනවලු....
    බිල බලලා ලයිට් කපනවද කියනවලු...
    වෙන එකක් තියා රන් රේට් එක බලලා මැච් එක පරාද වෙනවාද නැද්ද කියලත් කියනවලු....
    මාර මෙව්වයිලු ඕයි......
    උබ එනකන් හිටියේ යන්න...වරෙන් වරෙන් යන්න...දෙයියෙ ශාප් 7.30 වෙනකොට දේවාලෙට සෙන්ටි මෙන්ටල් වෙනවා....
    ඉක්මනට වරෙන් යන්න...
    අම්මටහුඩු.... පේනයක් බලන්න....ඒකත් හෙන ආතල් වැඩක්..
    එහෙනම් වරෙන් යන්න පරක්කු නොවී..කස්ටියම ඩබල් එකේ දේවාලෙට සෙන්ටි මෙන්ටල් උනා...
    දේවාල ඒරියා එකේ බල්ලෙක්වත් නැතිය......
    අයිනකට වෙන්න සරං කොටයක් ගහ ගත්ත බුවෙක් කම්මුලේ අත තියාන කල්පනා කොරනවාය...... ඔටුවා මැරිච්ච සුල්තාන් වගේ බුවා හෙනම කල්පනාවකය.....
    අපි සේප් එකේ බුවාට ගාවට මෙව්වා උනේමු...
    මාමේ...අද දෙයියෝ ඩේ ඕෆ් ද......නැත්තන් හාෆ් ඩේ ද.... බෙලෙක්කයා සේප් එකේ ඩයල් පාරක් දැම්මේය
    මොකක්ද බොල ඇහුවේ.....බුවා යක්ස මූඩ් එකට ට්රාන්ස්ෆෝම් උනේය...
    නෑ නෑ මේ මාමේ දේවාලේ වහලද....
    ඔව් ඕයි...
    අද වහලා...
    කපු මාමා හම්බෙන්න බැරි වෙයිද....
    මම තමා ඕයි කපුවා....
    මේ මාමේ අපිට මේ නැති වෙච්ච පපියෙක් ගැන මෙව්වා කොර ගන්න......
    වර්ණයා හෙනම සෙන්ටි මෙන්ටල් මූඩ් එකකින් ස්ටේටස් එක දැම්මේය.... ඇස් වල කදුළු පිරිලාය....
    පපියෙක්.....
    තමුසෙලා පපියෙක් ගැන කියෝනවා...
    කොහෙද යන හීනප්පාලි කෑ දැත්තෙක් දේවාලෙට පැනලා අදුන උස්සලා ඕයි...
    කපුවා වර්ණයාට වඩා සෝකෙන්ය....බුවාටත් අම්බානකට ඇඩිලාය.....
    මම මේ ඒක හොයා ගන්න හැටි කල්පනා කරන්නේ....
    කපුවා හෙන හයියෙන් අඩනවාය.... වර්ණයා ඊට හයියෙන් අඩනවාය.....
    අපිත් මැදින් මැදින් අඩනවාය….
    දෙන්නා බදාගෙන අම්බානකට අඩනවාය....
    මොනා උනත් මට වර්ණයා ගැන දුක හිතුනි....
    ඊටත් වඩා පීරිසියට කෙල වෙච්ච කපුවා ගැන දුක හිතුනි....
    .
    .
    -කොකා-

    අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න:yes::yes::yes:
    https://www.facebook.com/1480819362219481/photos/a.1480826568885427.1073741828.1480819362219481/1481255955509155/?type=3&permPage=1


    12096533_1481255955509155_1644725593460136697_n.jpg
     
    Last edited:

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    මගෙන් කුණුහරප අහ ගන්න එපා මාතලී ඈ....
    =======================================

    මාතලී මාතලී.....
    මෙහාට එනවා...කෝ මේ මාතලී....
    උදේ පාන්දරම සක්කර දෙවියන්ගේ පස්ස රත් වී මෙරිහන් දෙන හඩ ඇසුනු මම කෙලගෙන් අවුත් දේව සබාවට ගොඩ බැස්සා...

    මාතලී...
    ඉක්මනට යන්න ලෑස්ති වෙනවා....
    කොහාටද....
    ලංකාවට.....

    ඒ අර අහවල් එකකට ද දේවයන් වහන්ස.....

    අහවල් එකකට ද…????
    මේ මගුල කරන්න බෑ ඕයි....
    මුන් ගෑනුන්ට ගහනවා....
    පොලිස් කාරයන්ගේ හෙල්මට් උස්සනවා.....
    පොඩි උන් දූශනය කරනවා....
    ආච්චිලාට අතවර කරනවා...
    නැන්දලාට බලහත්කාරකම් කොරනවා....
    ලැජ්ජා නැතුව හතර පෝයටම සිල් ගන්නවා....

    ඒ අස්සේ මුන් ලැජ්ජ නැතුව ඒවා වීඩියෝ කොරලා පේස් බුක් දානවා...
    යූ ටියුබ් දානවා.....
    ඒක කමක් නෑ කියහන්කො...මුන්ට කොහොමත් පිස්සු නේ.....
    මට තියන ප්‍රශ්ණේ මගේ මේ අන්තප්පුරේ ඉන්න කෙල්ලො ටිකත් ඒවටම ලයික් කර කර මගේ වෝල් එකේ සෙයා කොරනවා නේ....

    ඔව් ඉදින් දැන් දිව්‍යාංගනාවෝ උනාට ඔතනත් ගොඩක් ඉන්නේ ලංකාවෙන් ආව හතර පෝයටම පංසල් ගෑටුව කල්ල කපටි වෙට්ට පිත්තල අම්මන්ඩිලා නෙහ්...
    මම කටේ දිවේ නොගෑවෙන්න සක්කරයට කියන්න ඕනෙ එක කියලා ඇරියා...

    සක්කරයට කට උත්තර නැති උනාට ඒ වගක් නොපෙන්නා ආයෙත් අඩෝ වැඩියාව පටන් ගත්තා....

    සිකුරාදා හවස පල්ලි යනවා...
    අනිත් උන් කෝවිල් යනවා....
    අඩියෙන් අඩිය බුදු පිලිම බෝ ගස් දේවාල වැහි වැහැලා....
    ඉතින් මුන් මට බයිනවා මේ උඩ ඉන්න දෙයියන්ටවත් පේන්නේ නැත්ද කියලා....

    බලනවා මේ මගේ තට්ටන් දෙක....
    මුන් කෑ ගහන කෑ ගහන සැරේට මේ පඩුපුල් ආසනේ උනු වෙලා.......
    දිය පට්ට දාලා...
    අද වරෙන් යන්න ලංකාවට මේකේ දෙකෙන් එකක් විසදලා එන්න....
    ඒක නෙමෙයි මාතලී....
    මාතලී උබ මොකද හිතන්නේ....
    මුන්ට මොන වගේ විසදුමක් දුන්නොත් හොදද.....

    දේවයන් වහන්ස...
    අපි මොකටත් අධ්යන චාරිකාවක් ගිහිල්ලම බලමු....
    මම ඩිෆෙන්ඩර් එක ලෑස්ති කරන්නම්.....

    නෑ නෑ ඕනේ නෑ මාතලී...
    බස් එකේම යමු.....
    මට උබේ ඩ්රයිවින් සුවර් නෑ.....
    ඊටත් උබ ඕක ලේලන්ඩ් බස් එකට ඇනලා ඒ බස් කාරයාවත් හිරේ දාලා පව් පුරෝ ගන්න මට බෑ
    ඩිෆෙන්ඩර් ඕනේ නෑ....
    උබ මගෙ තනියට වරෙන්කො.....
    සක්කර දේවයන් වහන්සේ සමග මුලින්ම බැස්සේ කොටුව ස්ටේශන් එක එහා පැත්තට....

    මේ ඔයි මාතලී...
    තාම තමුසේ දේව සබාවේ එන්ට්රන්ස් පාස් එක බෙල්ලෙ එල්ලන් නේ...ඔන්න ඕක ගලවනවා.....
    හරි වරෙන් මේ බස් එකෙන් යමු අපි....
    සක්කර දෙයියො 138 කට නැග්ගා.....
    ටික දුර යනකොට බස් එකට බබෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක් ගොඩ උනා....

    ඉස්සරහම සීට් එකේ උන්නු ගෑනි ජනේලෙන් එලිය බලා ගත්තා ගත්තමයි වගේ වගක් නෑ....

    පිටි පස්සේ සීට් එකක් හිටිය කොන්ඩේ වවා ගත්ත අප්සැට් ජොකියෙක් වගේ කොල්ලෙක් සීට් එක දුන්නා....
    ඈ බන් මාතලි......

    ඔය ඉස්සරහා සීට් එකේ ඉන්න ගෑනි මහිලා සමිතියක සබාපති කෙනෙක් ඕයි.....

    හෑහ්....ඔබ වහන්සෙ කොහොමද දන්නේ....
    මම සක්කරය ඕයි....මම දන්නේ නැති දෙයක් තියනවද මේ කරිජ්ජ වලල්ල අස්සේ.....

    ඔය නැගිට්ට අප්සැට් ජොකියා ගංජා පාරක් එහෙම ගහලා ඉන්න එකෙක්....
    යකෝ මහිලා සමිතියේ සබාපති අහක බලන් යන රටක්නේ යකඩෝ මේක.....
    ඒකට මොකද ගිය සතියෙත් හෙන පිකටින් පාරක් දැම්මා ගැහැනියට සම තැන ඉල්ලලා.....
    ඕවාට තමා බන් මාතලි කියන්නේ කටේ නරි වාදම රෙද්ද පල්ලේ බේරෙනවා කියලා....

    බස් එක තව ටික දුරක් ගියා......
    හුරු බුහුටි කෙල්ලෙක් නැග්ගා කැම්පස් එක ලගින්....
    බස් එක මැදින් ඉන්න කෙල්ලගෙ ඇගට කොහේදෝ යන හීනප්පාලි කෑදැත්තෙක් හේත්තු වෙනවා...
    මූට ඔස්ටියෝ පොරෝසීස් ද...
    හන්දි පන නැද්ද....????

    මම සක්කර දෙයියන්ට ඇගිල්ලෙන් ඇනලා බුවාව පෙන්නුවා.....
    දේවියන් වහන්ස....
    අර අරූ...අර නංගිගේ කරේ යන්න හදනවා....
    කෝ බලන්න....
    අම්මට සිරි.....යකෝ මාතලී....

    හැහ්....
    මේ මේකා පහුගිය දවස් ටිකේම කාන්තා හිංසනයට බුකියේ කෑ ගහපු බුවෙක් නේ.....

    ඔබ වහන්සේ කොහොමද දන්නේ....
    මූ මගේ ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා ඕයි....
    මූ මාර ඒවා සෙයා කොරන්නේ....
    සැහ් ලංකාවේ හෙන අප්සැට් ජොකියෝනේ බන් ඉන්නේ මාතලී....
    හිටපන් මම මූ බස් එකෙන් එලියට දාන්න...
    එහේ කියපු සක්කර දෙයියෝ දේව බලෙන් සුටුස් ගාලා බුවාව එලියට දැම්මා......

    තව චුට්ටක් දුර යද්දි හොදට ඇද පැලද ගත්ත මහත්තයෙක් වගේ එකෙක් නැග්ගා......
    අපිට ඉස්සරහා සීට් එකේ ඉදගෙන ඔලුව නමාගෙන පෝන් එකේ මොනවද බලනවා.....

    දේවයන වහන්ස....
    මේ නැග්ග එකා මොනාද මේ ඔලුව නමාගෙන කොරන්නේ.....
    කෝ මොකාද....
    මේ අපිට ඉස්සරහින් ඉන්න එකා.....

    යකඩෝ......
    මේ අර අහවල් පොලීසියේ ඕ.අයි.සී මහත්තයා නේ......
    කෝ බලන්න මොනාද මේකා මේ බලන්නේ...
    එහෙට මෙහෙට ඇබරිලා සක්කර දෙයියොයි මමයි ඔලුව දාලා බැලුවා.....

    හුටා....
    මේකා හෙන වැලක් බානවා නෙව....
    ඈ බන් මාතලී....
    මුන් පහු ග්ය දවස් වල අර පොඩි එකෙක් මරන්න හැදුවා නෙව....
    දැන් මේ මේකා කොරන වැඩේ බලාපන්කෝ.......
    මේ මාතලී මේ වැඩේ හරියන්නේ නෑ....
    බැහැපන් බස් එකෙන්....

    හොදටෝම අප්සැට් වෙච්ච සක්කර දෙයියෝ බස් එකෙන් මාවත් ඇදන් බැස්සා.....

    දේවයන් වහන්ස....
    අපි මොකද මේ නරයන් ගේ ප්රශ්නෙට කොරන්නේ....
    අනේ මන්දා ඕයි...

    මට මුන්ව තේරෙනේ නෑ ඕයි මාතලී......
    එච්චරට එපා වෙලා ඉන්නේ......

    මට වෙලාවකට හිතෙනවා ඕයි මුන්ගේ මේ ප්රශ්න හින්දා මේ පඩුපුල් ආසනෙත් ළමයෙක්ට ම දීලා දාන්න...

    ඒත් දේවයන් වහන්ස පොඩි පරහක් තියනවා.....

    හෑ...

    අර මක්කයි මාතලී ඒ......

    චාමරට සිරාවටම මල පනී ද දන්නේ නෑ ඕක ළමයෙක්ට දුන්නොත්.......

    මේ මගෙන් කුණුහරප අහ ගන්න එපා මාතලී ඈ....
    .
    .
    -කොකා-


    අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න

    https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/

    11139958_1481316655503085_6365238747287042713_n.jpg
     
    Last edited:

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    අනේ මහතුනේ මගේ මේ දුක බලලා
    ============================
    මේ දවස් වල "බෝක්කුව උඩ අපි" දරුණු ගනයේ ආර්ථික මෙව්වා එකකට පත් වෙලාය...
    අතේ සතේ නැතිය...පුල් අන්දොස්ය.....
    වර්ණයා.....
    බෙලෙක්කයා...
    අනුරයා....
    සහ කොකා වන මම මේ වනවිට ආර්තික තත්වය ගොඩ දා ගන්නට පොටක් කල්පනා කොරන ගමන්ය.....
    අඩෝ අපි පංසල් වත්තේ පොල් බාමු ද....?
    වර්ණ්පාලයා එලකිරි සජෙසොන් එකක් සෙන්ටි මෙන්ටල් කොරා.....
    හා...පෝ...පව්කාර වැඩ කොරන්න බෑ...
    බෙලෙක්කයා එකෙන්ම ඔබ්ජෙක්සන් එක ලෝඩ් කොරාපු නිසා වර්ණපාලයා සේප් එකේ පැත්තට විය.
    ඔහොම කිව්වට ගිය පාර කඨිනෙට පංසලට ගිහින් ගස් වල තිබ්බ තැඹිලි තප තප ගාලා උගුඩුවා වගේ කඩ කඩ බිව්ව හැටි මට නං අද වගේ මතකය....
    එහෙනම් උබ කියපන් බලන්න වැඩක් මොකක් හරි....
    වර්නයා බෙලෙක්කයාට බෝලයක් පාස් කොරා....
    මේ...මේ.....මට තාම කල්පනා උනේ නෑ....ඒ උනාට පව් වැඩ කරන්න බෑ බං....
    අනුරයා කියපන්කො බන් මූට......බෙලෙක්කයා අනුරයාගෙන් විදේශ ආධාරද ඉල්ලයි.....
    හරි....මට තීනවා අයිඩියා එකක්.....
    අනුරයා එලකිරි අයිඩියා උල්පතක්ය....
    හා කියපන් බලන්න...
    කට්ටියන කට බලියන් අනුරයාගේ මූන පෝකස් කොරන් ඉන්නවාය....
    අපි හිගා කමු.....
    චී...චී...ඒ මොන ලැජ්ජා නැති වැඩක්ද බන් ඒ.....
    බෙලෙක්කයා එකෙන්ම ඒකටත් ඔබ්ජෙක්සන්ය....
    මගෙත් ඒ හැටි මනාපයක් නැතිය ඒත් මොකටත් කට පියන් හිටියෙමි....
    වර්නයාගේ මූනත් නිකන් කාලක් ගහපු හිකනලෙක්ගේ වගේ වෙලාය....
    ගමේ මිනිස්සු දැනගත්තොත් ලැජ්ජයිනේ බන්....
    ලැජ්ජයි කියන්නේ හතර විලි ලැජ්ජාවයිනේ....
    බෙලෙක්කයා වේල් පිරිත් කියන්නා වගේ කියෝනවාය......
    මේ මූකල්න් බස්සො...පොඩ්ඩක් හිටින්….
    ඉස්සල්ලා අහපල්ලා...
    මෙහෙමයි වෙන්නේ....
    අපි යනවා දුර පලාතකට....
    හැහ්......ඒ මොකටද...නිදන් හාරන්නද.....
    බෙලෙක්කයා ආයෙත් මැදින් පැන්නා.....
    නෑ තෝව මරලා හංගන්න...කට පියන් අහන් හිටු ගස් හිවලා.....අනුරයාට මල පැනලාය....
    බෙලෙක්කයා කටපියන් පැත්තකට සෙන්ටිමෙන්ටල් විය...
    දුර පලාතකට ගිහින් තමා වැඩේ කරන්නේ....
    කවි කිය කිය...යන්න ඕනේ....
    එතකොට තෝ…...තෝ තමා අන්දයා....
    අනුරයා බෙලෙක්කයාට කැරැට්ටුවක් බාර දුන්නේය්......
    මම...බෙලෙක්කයා පුල් හින්දුස්තාන්ය.....
    ඔව් තෝ තමා පුබ් බූරුවෝ....තොට මම කලු කන්නඩි දෙකක් දෙනවා දා ගෙන යන්න තියෙන්නේ.....මම තොගෙ අතින් අල්ලන් යනවා...
    තෝ කවි කිය කිය එන්න ඕනේ මාත් එක්ක....
    පාඩම් කරන්න කම්මැලී බන් කොලේ බලං කියන්න බැරිද.....
    ඈ බොල රිලා මොටෝ....
    අන්දයා කොහොමද උගුඩුවෝ කොල බලන් කියවන්නේ....
    මම තොට ලියලා දෙන්නම් ඉක්මනට පාඩං කොර ගනින්.....
    බෙලෙක්කයා වන්සොට් නොකවුට්ය...
    මම සේප් එකේ අනුරයාට කිට්ටු කෙරුවෙමි...
    මතං...
    මේ මතං...
    අපිට හිගා කාලා දියුනු වෙන්න පුළුවන්ද බන්.....???
    ඇයි බන් බැරි...
    දැන් නිකමට හිතලා බලපන්....
    තුන් වේලම වියදමක් නැතුව කන්න පුලුවන්...
    බස් එකේ නොමිලේ යන්න පුලුවන්....
    කොච්චර නං පැසිලිටීස් නොමිලේ හම්බෙනවද බන්......
    උබ දන්නවද මට මේ අයිඩියා එක ආවේ කොහොමද කියලා.....
    නෑ...කොහොමද...
    පහු ගිය පෝයට අපි අටමස්ථානේ වන්දනාවක් ගිය මතකද....
    ඔව් ඔව්...
    අන්න එදා මට අනුරාධ පුරේද අපේ ගමේ සෙඩ් එක කොරන මුදලාලියා හම්බුනා නේ බන්...
    හැහ්....පන්සල් යන එකක් ද බන් ඌ. කොහෙන් හරි පොට්ට චෑන්ස් එකක් වදින්න ඇති පිනට යන්න......
    මොනාද උබට කිව්වේ ඒකා.....
    පන්සල් නෙමෙයි බන් ඇවිල්ලා හිටියේ....හිගා කන්න..හිගා කන්න.....
    මිනිහා අන්දයා වගේ සින්දු කියනවා...
    ගෑනි කන වැල අල්ලන් ඉන්නවා...
    පොඩි එකා ටින් එක හොල්ලනවා....
    අන්න බලපන් දියුනු වෙන පවුල්....
    හෑහ්...දැන් ඒකා මේ සෙඩ් එක දාලා තියෙන්නේ හිගා කාලද...
    මම පුල්ම හින්දුස්තාන් විය....
    මේක විතරක් නෙමෙයි කොකෝ...
    ඌට තව සෙඩ් හතරක් තියනවලු ලංකාවේ වටේම.....
    යකෝ....!
    බොරුවට නේ අපි මේ ලොකු ජොබ් හොයන්නේ....
    අඩෝ බෙලෙක්කයා කවි පාඩම් කරන් හෙටම ලෑස්ති වෙයන් හිගා කන්න යන්න....
    ආයේ නොකිව්වයි කියන්න එපා

    සටහන
    -කොකා-


    අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න:yes::yes::yes::yes::yes:
    https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/

    12115791_1481003502201067_3184436022419259211_n.jpg
     
    Last edited:

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    ලොකු මස්සිනා ගැන මට ගෙනම දුකක් ඇති විය....
    ==========================================

    අද ගෙදර එකම යුද්ධයකි....
    මාස හයක් කුකරි කෝස් එකකට රෙජිස්ටර් වෙච්ච අපේ ලොකු අක්කා අද රෑට කන්න ලන්ච් එක රෙඩී කොරනවාය...උපන්තේකට කුස්සියට පය නොතියපු අක්කා අද කුස්සිය එකම එක යුද පිටියක් කරලාය....
    හිටපු ගමන් අම්මාට "කෝ අම්මේ ලුනු බෝතලේ " යැයි මහා හඩින් කෑ ගසයි.....
    "කවද්ද මෙහෙ ලුනු බෝතල් වල තිබ්බෙ....දර ලිප ගාව පොල් කට්ටෙ ඇති" කියමින් අම්මා අනිත් අතට බෝම්බ ප්‍රහාරයක් රිටන් කරයි..
    අස්සෙන් අස්සෙන් කුස්සියට රබර් ඇහැ දාන අත්තම්මත් මොකක්ද මේ වෙන විනැහ්හිය කියමින් කාටදෝ මන්දා තනියම කුටු කුටු ගාමින් බැන වදිනවාය....
    මේ කිසි දෙයක් තඹයකට මායිම් නොකරන ලොකු අක්කා කුකරි පොත බලමින් මොකක්දෝ කෑමක් හදන්න ට්‍රයි කරනවාය.....
    මම ගෙදර වැඩිමල්ම බාලයා වශයෙන් ලොකු අක්කාගේ ඉටි කිරිස් කුකරි පංතියේ ජිරි බිරිස් කෑම වේල හදන්නට උදව්වක් දෙන එක මගේ යුතුකමය....
    පවුලේ බාලයා වශයෙන් ඒ උතුම් සිතුවිල්ලෙන් මම කුස්සියට රිංගා ගතිමි....
    මල්ලි ඔය පෙපර් පවුඩර් එක දෙන්න....
    පෙපර්...ඒ මොන අල බෝලයක් ද....මම සේප් එකේ වට පිට බැලුවෙමි...
    ඔය එහා පැත්තෙ තියන ගම්මිරිස් බෝතලේ දෙනවා මෙහාට බූරුවෝ....හෙනම කර්ණ රසායන විදිහට අක්කා ඉල්ලනකොට නොදී කොහොමද....
    ඔය තියන එලවලු වොශ් කරලා ස්ටීම් කරලා මෙව්වා කරලා මෙව්වා කරලා මෙව්වා කරලා දෙනවා මෙහාට ඉක්මනට.....
    මට ෆේස් කරන්නට උනේ වදින්න ගිය ගහෙන් වැටිලා දේවාලේ හිටිය ගොනා ඇන්නා වගේ ඉන්සිඩන්ස් එකකටය....
    අක්ක කියපු ඒවගෙන් මම දන්නේ යන්තන් වොශ් කොර ගන්නට පමනි.....
    අනික්වා ඇහුවෙත් අදය...
    අනේ අම්මා කෑම ඉව්වා නම් පොල් ටිකක් ගාලා දීලා පොල් වතුර ටිකත් බීලා සේප්මන්ට එකක් දාගන්න තිබුනාය....දැන් කෙලවී හමාරය...ඒ නිසා මමත් කට පියාන එලවලු වොශ් කරාය...
    උයන අස්සේ ලොකු අක්කාගේ වෙන්න හස්බන්ගෙන් කෝලුත් එනවාය...
    ඔව් අනේ...
    මම ඔයාට වෙජිටබල ස්ටීම් කරලා ෆ්‍රයි කරලා තව චිකන් කරියක් ඇබුල් තියලුත් දාලා තියෙන්නේ...
    ඔයා අද එන්නම ඕන මෙහෙන් රෑට කාල යන්න.....
    අක්කා මෙච්චර පදිරි කෑම වේලක මෙව්වා කරන හේතුව මට දැන් ක්ලික් විය...
    කොහොම උනත් මගේ ලොකු මස්සිනා පව් ය...
    ඉස්සරහට මේ මම කරන වැඩ කොරන්න වෙන්නේ ලොකු මස්සිනා කාරයාටය..අහෝ කෙතරම් සෝචනීයද......
    කරපු පවක් තියනවා නම් ගෙවන්ටම ඕනෑ කියා බුදු බනෙත් තියනවා කියා අපේ අප්පොච්චා ඉද හිට අම්මා දිහා බලමින් කියන්නේ ඒ නිසා වෙන්න ඇති බව මට නිකමට සිතුනි....
    කෑම ජාති හැට හුටහාමාරකුත් තව දෙකකුත් හැදූ ලොකු අක්කා...
    ඩෙසර්ට් එකට කැමරල් දෝ මොනාදෝ කියා පුඩිමක්ද සෙන්ටිමෙන්ටල් කරාය....
    ඒක කන්න බැරි අයට පට්ට පදිරි ස්ටෝබෙරි ජෙලි එකක් ද මෙව්වා කරාය...
    මම නම් ඉතින් ඔය දෙකම සම බරව සෙන්ටි මෙන්ටල් එකේ ගිල දානවාය...මොකද ජිම් එකේ අයියා කියලා තියෙන්නේ බඩ හිස් කරන්නට එපා කියලාය....අපේ ගෙදර කෑම මේසයක් තිබුනාට ඕකේ කෑම කන්නේ අපි ඉද හිටය....කොහේ හරි යන ග්‍රහයෙක් අපේ ගෙදරට සෙන්ටිමෙන්ටල් වෙන දාකට විතරමය...
    අක්කාගේ අනාගත හබියා එන නිසා අද අපි හෙනම පිලිවල කෑම කන්නට මෙව්වා වෙලාය...
    අත්තම්මා නම් හෙනම අප්සැට්ය..
    වෙනදට ඇස් කටේ දාගෙන ටෙලිවිසොන් එක දිහා බලාන දෙසා බාන අත්තම්මාට අද මේසයට වෙලා කන එක හෙනම් අවුලක්ය...ඊටත් වඩා අවුල ස්වප්නාගේ නැන්දම්මා අද මොනා කොරයිද කියන එකය...
    ඒක කොහොම වෙතත ඉශී අම්මා පටන් ගන්න කලින් කෑම කවලා බෑනව ගෙදරින් තොලොංචි නොකරොත් අත්තම්මා අඩව්වක් අල්ලන වග කල් තියාම ලොකු අක්කාව කියලාය....
    පට්ට පදිරි ගේමක් දීලා සෙන්ටි මෙන්ටල් කරපු ඩිනර් එක මේසෙට මෙව්වා කරපු ලොකු අක්කා හබියාගේ අතේ එල්ලි කෑම මෙසය ලගට එක්කන් ආවාය....
    අක්කාගේ පදිරි කෑම වලින් ලොකුම ලොකු කුකුල් අන්ඩක් බෙදා ගන්නට අත්තම්මා ට්‍රයි කොරනකොටම මැද්දට පැන්න ලොකු අක්කා ඔයාට මෙවා හොද නෑ කියමින් තම්බපු එලවලු කිලෝවක් විතර පිගානට අතෑරියාය...
    අත්තම්මා පුල් අන්දොස් ය....
    අනිත් කස්ටියම අක්කාගේ ටුඩේ ඉස්පෙසල් ගිලින්න යන දිහා අත්තම්මා මුන හපුටු කොරාන බලන් ඉන්නවාය...
    ලොකු අයියා පිගානට වඩා බත් තොගයක් බෙදාගෙන ලක්ශපාන වේල්ල ඇරියා සේ හොදිද බෙදා ගත්තේය.
    අයියා අද නම් ඒ.බී.සී.ඩී ඩිවීලියස් ටුවෙන්ටි ගහනවා වගේ ගේමක් ගහන්න යන බව මගේ ටිකිරි මොලේට ක්ලික් විය..පලවෙනි කට කනවත් එක්කම අයියාගේ ෆේසල් එක්ස්ප්‍රෙශන්ස් මෙව්වා වී ගියේය....
    හෙනම මාන්දමික ස්වරූපයකින් බත් කට ගිල්ල අයියා මාවන් අතපත්තු ටෙස් මැච් එකක් ගහන ගානට බත් ගිලින්නට විය....
    මම ලොකු මස්සිනා දෙස රබර් ඇහැ කැරකුවෙමි...
    අක්කා උඩ පැන පැන හොදි බෙදනවාය...
    හබක්කෙට අහු වෙච්ච මී මින්නා සේ ලොකු මස්සිනාගේ මූනද අසරනය...
    අප්පච්චී අම්මාගේ මූන දිහා බලන් ඉන්නේ විස්කි කඩේ පුසා වගේය....
    මේ මගේ වාරයයි...මම ද බයියන් බෙදා ගතිමි...මොකටත් සුට්ටක් වෙන්න දා ගතිමි....
    පලවෙනි බත් කටින් මගේ සුවාසූ දහසක් වූ සංවේදන ඉන්ද්‍රියන් දෙරිකුඥ්ඥන් වෙන බව දැනුනි.....
    අමාශය අග්න්‍යාශය පිත්තාශ බල්ටි ගහනවා වගේය.....
    මහ බඩ වැල සහ කුඩා බඩ වැලද ටොයින් වී ඇත...
    පවුලේ සියලු දෙනාගේම මුහුනු සහ වෙන්න බෑනා ගේ මුහුනේ යම් කිසි කින්ඩි සොබාවක් ඇති බව නිරීක්සනය කොරමින් අත්තම්මා තම්බපු බෝංචි කරලක් හපයි....
    අක්කාගේ නම්බුව ගැන මෙව්වා කර අපි බයියන් කෑවෙමු.....
    හෙනම ගේමක් දී මාරන්තික කෑම වේල අවසන් කලෙමු...
    සේප් එකේ නැගිටින්න හදද්දී අක්ක කැරමල් සහ ජෙලි කෝප්ප වලට දාගෙන උස්සන් ආවාය.....
    ලොකු මස්සිනා නම් කිව්වේ කාපු කෑමට බඩේ හතර කොන් පිරී බුරිය උල් වී ඇති නිසා කැරමල් නම් කන්න බෑ කියාය....
    සීනි අමාරුව නිසා අක්කා විසින් අත්තම්මා කලින්ම නොකවුට් කරලාය...............
    බත් කන්න බැරි එකේ මේකවත් කන්න හිතාන හැන්ද අතට ගතිමි....
    ඉතා සෝචනීයය .....
    කැරමල් පුඩිමට ඇන්න ගමන් හැන්ද නැවී ඇබරී හොකර වී ගියේය.....
    අපේ අක්කා ජොබ් එකක් නැතුව ගෙදර ඉන්නේ අපරාදේ කියා මට සිතුනි....
    කැරමල් කොන්ක්‍රීට දාන අපේ අක්කා මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩය යැවිය යුතුය....
    .
    .
    මගේ ලොකු මස්සිනා ගැන මට ගෙනම දුකක් සහ ආදරයක් ඇති විය....

    සටහන
    -කොකා-

    අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න:yes::yes::yes::yes:
    https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/



    12143312_1480860315548719_3457747261714559431_n.jpg
     
    Last edited:

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28


    හරි මචෝ Page එකට Like එකක් දැම්මා. උඹේ ලිවිල්ල නම් පට්ට. Keep it up 3+
    බොහොම ස්තූතී මචෝ....දිගටම සැට් වෙලා ඉම්මු.....
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    විදුලි බල මන්ඩලේ බාප්පගේ වැඩක්
    ============================

    උදේ පාන්දරම වර්ණපාලයා කොහේදෝ ඉදන් ගෙදරට කඩන් පාත් වෙලාය...
    ඌට හදිසියේම ටවුන් එකට ගිහින් එන්ට ඕනේලු....
    දෙයියනේ කියලා නිදාගෙන ඉන්නකොට මේ වගේ අප්සැට් ජොකියෙක් නං කොහෙන් හරි පාත් වෙන එක නං බුදු සුවර්ය....
    යන්තං මූන කට හෝදන් බෝල කූඩුවේ එල්ලලා තිබ්බ අයියගේ ඩෙනිමකුයි ටී සෑට් කෑල්ලකුයි පටලන් පාරට බැස්සා...
    මොකටද මේ උදේ පාන්දර උබ ටවුමට යන්නේ...
    පොඩි වයරින් වැඩක් සැට් උනා....ඒකට බඩු ගන්න.....
    හුටා උබ තව ගෙයක් ගිනි තියන්නද යන්නේ....????
    අනේ පලයන් යන්න...අපේ අම්මගෙන් අහපන් මම ඊයෙත් කුස්සියේ බල්බ් එක මාරු කරා..තාම එල කිරි වගේ වැඩ....
    වර්ණයා උගේ හැකියාව අන්ඩර් ඇස්ටිමේට් කොරනවාට හෙනම අකමැතිය....
    වර්ණයා හිතාන ඉන්නේ ඌ හෙනම ඉලෙක්ට්‍රීශියන් කියාලාය....
    ඌ කියන විදිහට නං ඌ ඉපදෙනකොටම ටෙස්ටරයකුත් ඇරං ආවලු....
    ඒ උනාට උගේ වයරින් වැඩ දන්නේ මමය...
    මීට මාසෙකට උඩදි වෙල එහා ජයන්ති අක්කගේ ගෙදර බුවා වයරින් කොරපු හැටි මට මතකය...
    අත් උදව්වට ගියේ මමය....
    වයරින් කොරලා වරුවක් ගියේ නැතිය...වයර් සෝට් වී ගේ ගිනි ගත්තේය...
    එදයි එදා මම ඌ එක්ක අත් උදව්වට ගියේ නැතිය...
    මේ ලගදි එළු පීටරයාගේ සිල්ලර කඩේ ට්‍රිප් එක හැම වෙලේම ඕප් වෙනවා කියා වර්ණයාට බලන්නට එන්න කියා ඇත...
    බුවා මොන මොනාදො කොරලා ට්‍රිප් එක හරි ගස්සලා ගොහින්ය....
    රාත්තිරියේ වැස්ස මුරුගසං වරුසාවත් එක්ක ගහපු හෙනයක් කඩේට පත බෑවිලාය...
    ට්‍රිප් එක ඒත් ඕප් වෙලා නැතිය...
    පස්සෙන් පහු විපරං කොරද්දි වර්ණයාගේ ගොඩ වෙදකම අතේ කෝට් ය.....
    බුවා ට්‍රිප් එක ඕප් වෙනවාට ටිප් සුවිච් එක යටින් පැන්සල් කොටයක් ගහලා ඇවිත්ය....
    මේ ලගක් වෙනකං එළු පීටරයාගේ බෑනා කිතුල් පොල්ලකුත් අතේ තියං වර්ණයා හොය හොය හිටි බවත් මට තාම මතයකය...
    වර්ණයාගේ වයරිං එච්චරටම මාවලස්ය...පදිරිය......
    මේ ඒක නෙමෙයි වර්ණයා....
    මේ පාර කාගේ ගෙදරද බන් වයරින් කොරන්නේ...
    අහ්හ්...මේ පාර ටිකක් ලොකු වැඩක් බන්...උදව්වටවත් කෙනෙක් නෑ...
    උබට වැඩක් නැත්තන් වරෙන්කො උදව්වට...
    හැහ්...මූ මට ආයෙත් රට එකෙන් බෙදලා දෙන්නද කොහෙද හදන්නේ....
    මට පොඩි පොඩි වැඩ වගයක් තියනවා...මම සේප් වෙන්නට කීවෙමි...
    තැන කොහෙද කියාන්කො...
    මම පුලු පුලුවන් වෙලාවට ඇවිල්ලා උදව්වක් එහෙම කොරලා යන්නම්.....
    මේ අපේ බාප්පා විදුලි බල මන්ඩලේ නේ වැඩ කොරන්නේ.....
    ඔව් ඔව්...අර උස නැති කලු කොට මිටි එකා නේ...
    ඔව් ඔව්...
    ඒකා තමයි....
    ඒකාද වර්ණයයාට නොදෙවෙනි බුලට් එකකි.වැඩක් කරොත් නැට්ටෙන් ඉදන් ගොමය...
    ඉතින් ඉතින්...
    බුවත් එක්ක ද වැඩේට ට යන්නේ...
    අහ් නෑ නෑ බන්...
    බුවා අටමස්තානේ වන්දනා ගමනක් ගිහින්...
    අපේ හන්දියේ තියන ට්‍රාන්ස්පෝමරේ දන්නවනේ උබ...
    ඔව් ඔව්...
    අන්න එකේ රෙපයාර් එකක් ඇවිල්ලා....
    බාප්පා කෝල් කරලා ඇහුවා මගෙන් ඒක පොඩ්ඩක් කොරලා දාන්න පුලුවන්ද කියලා...
    මම ඉතින් හා කිවා..
    පව් නේ බන්....
    හැහ්...උබ දැන් මේ ට්‍රාන්ස්පෝමරේ හදන්න බඩු ගන්න ද යන්නේ....
    ඔව් ඔව්...
    මේ පුලුවන් නම් සපෝර්ට් එකට වරෙන් ඈ...
    හැහ්....
    කාලා හමාරය....
    මෙදා පොටේ වර්ණයා කන්නට යන්නේ සද ගුටිය.....
    මේ පාර මූ මුලු ගමම ම ගිනි තියනද කොහෙද යන්නේ....
    මොකටත් ගෙදර ගිය ගමන් ටිප් එක ඕප් කොරන්න ඕනෑය.....
    අනුරයාටත් කෝල් එක දීලා ඕප් කොරන්න කියන්න ඕනෑය....

    සටහන
    කොකා

    අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න:yes::yes::yes:
    https://www.facebook.com/Kokage-kola...9481/timeline/


    12116018_1482529228715161_2537482816024409569_n.jpg
     
    Last edited:

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    හතර කේන්දරේ පාළු වෙච්ච එකෙක් නෑ
    ==================================

    උදේ පාන්දරිම රෝන්දය්ක් ගසා ගෙදරට සෙන්ටිමෙන්ටල් වෙන අල්ලපනල්ලේ ගේ පැත්තෙන් පොඩි වලියක සේයාවක් පෙනෙන්නට ඇත....
    මව් යානය නම් වලි බර උනත් මෙච්චර උදේම බෝම්බ ගහන්නේ නැති බව මම ඉන්තේරුවෙන්ම දනිමි....
    පියතුමා නම් කොහොමත් මම වගේම සොමි බර නිසා පිය තුමා මේකට සම්බන්ද නැති බවත් මම ඉදුරාම දනිමි....උදේ පාන්දරකට මේ වගේ බොක සීන් එකක් ගලපන්න අපේ ගෙදර සිටින්නේ අත්තම්මාය...සුවර් එකට හන්දියේ කඩේ ඩේමියා හපන්න බැරි සයිස් එකට ගල් ටික් වෙච්ච මඩ පුවක් ගෙඩි ටිකක් ආත්තම්මාට සෙන්ටි මෙන්ටල් කරලා ඇති.....
    ඕකා ඔය වගේ වැඩ කොරලා ගමේ පදිරි නොවිච්ච ආච්චියෙක් නැතිය....
    මම සේප් එකේ සාලය දිහාවට ලං කලෙමි....
    අම්මා දොර ගාව ඉදන් ආච්චි දිහා කට බලියන් බලා සිටී...අප්පච්චීත් මූන අමුතුම තාලයකට හදාගෙන ජනේලෙන් එලියේ ඇති කොම්පෝස්ට් බැරල් එකේ හිල් ගනන් කරන්නට පොඩි ට්‍රයි එකක් ගලපන්නට හදනවාය....
    අයියා තුම්මුල්ලෙන් දාඩිය පෙරාගෙන වෙඩි කාපු ඌරෙක් වගේ ආච්චි දිහා බලන් සිටිනවාය.....
    මට අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වැඩේ තේරෙන්නේම නැත....
    මම සේප් එකේ අම්මට පිටි පස්සෙන් හිට ගතිමි.....
    ඇල්පෙනිත්තක් බිම පැටුනත් ඇසෙනා තරමට නිස්සද්ද සබා තොමෝ අත්තම්මාගේ කර්ණ රසායන බෙරිහන් දීමෙන් පිරී ඉතිරී ගියේය.....
    මේ කසාදේ වෙන්නේ නෑ...එච්චරයි.....
    අත්තම්මා අප්පච්චි දිහා බලා අවසන් විනිස්චය දුන්නේය....
    එහෙම කොහොමද වෙන්නේ...???
    මොකදද් ඒ ලමයගේ අඩුපාඩුව....අයියා ගේම අතාරින්නට කිසිම සූදානම්ක් නැති ලයින් එකක් දක්වමින් අඩියක් ඉදිරියට තබා වලි බරව බෙරිහන් දෙයි....
    අඩු...අඩු මොනාද.....???
    අඩු නැත්තේ මොනාද බලපිය....
    මේ කේන්දරේ කොටු ඔක්කොම පාලුයි...හතර කේන්දරේ වගතුවක් නෑ....විසි පොරොන්දම බලපු ගුරුන්නාන්සේ උඩ විසි උනා.....
    අත්තම්මා මොකක්දෝ කොලයක් බලන් කියවගෙන කියවගෙන යයි...
    අතරින් පතර හති අරින ගමන් කන්නාඩියට උඩින් ගේ ඉස්සරහා පාරෙන් යන එන එවුන් දිහාද මීටර් කරයි...
    අපේ අත්තම්මා හෙනම මල්ටි ටාස්කින් ගැජට් වලින් පරිපූර්න බව ගමම දන්නා දෙයකි.....ඒවා දැන් වැඩක් නැතිය...
    අපේ අයියාගේ පරම පවිත්‍ර පූජනීය ලව් එකට ග්‍රහයෝ සැට් එකක් අම්බානට කෙලගෙන ගොස් ඇති හැඩකි....
    ඒ අක්කාගේ කිසිම අඩුපාඩුවක් මට නම් නැත්තේය...එල කිරිය...
    කට පුරා සිනාසෙයි.....
    මට අයිස් කිරින් ද අරන් දෙයි....
    වෙන එකක් තබා බස් එකට ටිකට් පවා අරන් දෙයි.....
    අත්තම්මා උස්සන් එන මස්තබාල්දු මංගල යෝජනාවල කෙල්ලන්ට හිනා වෙන්නට අමුතුවෙන් උගන්නන්නට ඕනෑය....
    උන් නෑ පිරිවර සමග එන දාට මා ඉන්නට ඕනේ හැන්ගිලාය....
    උන් එච්චරටම අම්බානට රෝයල් උන්ය....කෙටියෙන්ම කියනවා නම් උඩරට කුමාරි හාමිලාගේත් හොදම එකය....
    මමත් මේ පවුලේ වැඩිමල්ම පොඩි එකා වශයෙන් ප්‍රශ්නයට මැදිහත් වෙන්නට තීරනය කලෙමි....
    .
    .
    "අම්මේ මතකනේ අම්බානකට ගලපලා කේන්දර බලලා බැදපු අපේ ලොකු මාමාගේ දුව...සති දෙක යන්න කලින් ගෙදර ආව හැටි...එතකොට අපේ වද පුන්චි අම්මගේ බාල කෙල්ල ඒකිගෙත් මිනිහා මලා අතුරෙන් වැටිලා...හොදට කේන්දර බලල කොරපු ඒව තමයි ඒවත්...ඔය ගුරාම තමයි බැලුවෙත්..."
    මම හෙමින් ඔබ්ජෙක්සන් එකක් ලාවට ලෝඩ් කලෙමි....
    .
    .
    කියලා කට වහ ගන්න කලින් අත්තම්මා ආය බෙරිහන් දීගෙන පැන්නාය...ඒ කොහොම උනත් ඒ කෙල්ල පහත රට..ඒකිට මෙහෙන් හිර ගන්න බෑ....
    එච්චරයි....
    හිරට බුරුලට අන්දන එක අයියගෙ වැඩක් නේ මම එල කිරි විසදුමක් ඉදිරි පත් කලෙමි....
    අම්මා කට අතින් වසාගෙන කුස්සියට ගියාය...
    අප්පච්චී මුකුත් නොදන්න ගානට උඩ බලන් සිටී....අයියා සහ අත්තම්මා වලි බරව මා දෙස බලා සිටී....
    එන පොට හොද නැති නිසා කසාද මන්ඩපයෙන් සේප් එකේ මාරු වීමි....
    ඉතින් මම ඇත්තනේ කිව්වේ....
    ඕකට ඔරවන්න ඕනේ නෑනේ......
    මෙලෝ රහකට නැති හේතු කියලා අහින්සක කුරුළු කූඩ කඩන අත්තම්මා අහවල් අල බෝලෙකට හතර පෝයටම පන්සල් ගාටනවාද යන්න නම් මට හෙනම මාන්දමික පොබ්බම් එකකි......

    සටහන
    -කොකා-

    අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න:yes::yes:
    https://www.facebook.com/Kokage-kola...9481/timeline/

    12105735_1480826422218775_6448385959336272710_n.jpg
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    ලයිප් ඉන්සූරන්ස්
    ==============
    නිවාඩු පාඩුවේ ඉන්න නම් ගෙදර තරම් පුල් මාවලස් තැනක් වෙන කොහේවත් නැතිය....
    දෙයියනේ කියලා බඩේ හතර කොන් දිගෑරෙන්න කාලා....
    සපාන් එකේ ගේ ඉස්සරහා තියන හාන්සි පුටුවේ දපලා ඉන්න තරම් සැපක ආයේ තව්තිසාවට ගියත් ගන්නට බැරිය.....
    ඒත් ඉතිං කොහේ හරි යන මූකලං බස්සෙක් නිවාඩු දවසකට ගෙදරට එන්න වරදන්නේම නැත...
    අදත් හාන්සි පුටුවේ පුල් ආතල් ඇලට් එකක් මෙව්වා කොරන් ඉන්නකොට කොහේදෝ යන හීනප්පාලී කෑ දැත්තෙක් අපේ ගේල් පැත්තට ලයින් කොරනවා දුටුවෙමි....
    ටයි පොල්ලකුත් බැදන් ලොකු බීප් කේස් එකක් උස්සන් ජැන්ඩියට ඇද ගත්ත නොන්ඩි කබරයෙක් වගේ එකෙක්ය....
    ගේ ඉස්සරහා පඩිය උඩ බුලත් කොට කොට හිටිය අත්තම්මත් සේප් එකේ රබර් ඇහැ දාං බුවා මොනාද කියන්නේ කියලා ඩයල් කොරනාවාය....
    ගුඩ් මෝර්නින් සෑර්...
    අම්මට හුඩු...මම ද සෑර්...
    අහ්....ඔව් ඔව් ගුඩ් මෝනින්...
    සර් මම මේ සුන්දර උදෑසන සෑර් ව හොයන් ආවේ ජීවිතයටම එක් වරක් පමනක් ලැබෙන අනගි දීමනාවක් ගැන කියන්ට....
    ආයේ ඉතින් ලොවෙත් නැති දීමනාවක්...
    සෑර්ට කියන්න සෑර් මේක ගත්තා කියන්නේ ආය ඉතින් ලයිප් එකම පුල් මාවලැස් වෙනවා...ඔව්.....
    මොකක්ද අයියේ සීන් එක...ලොතැරයියක් වත් ද....
    සල්ලි නං නෑ අයියේ ගන්න...මම ගොඩින් ඇග බේර ගන්න පානියක් සේප් එකේ මෙව්වා කලෙමි......
    නෑ නෑ මල්ලී...
    මේක ටිකට් එකක් නෙමෙයි.....
    මේක ලයිප් ඉන්සූරන්ස් එකක්...මල්ලිට මේට බැදුනොත් බෙනිපිට් ගොඩයි....
    මේකෙන් මල්ලිට බැරි බැරියාව....
    ගොනෝරියාව, අන්ඩ වාතය ,බරවා , චිකන් ගුන්යා , කැලෑ උණ ,පාචනය ,මල බද්දය...
    බඩ බුරුලට යෑම, අතීසාරය වගේ මාරාන්තික රෝග අසූ හාර දාහකට පුල් කවර් එකක් හම්බෙනවා...
    ඊට අමතරව....
    කොල්ලෙක් ගෙ නං කොටහලු මගුලට ලක්සයක් දෙනවා...
    කෙල්ලෙක්ගෙ නං ඉස් ඉස්සල්ලාම රැවුල කපන දාට ලක්සයක් දෙනවා...
    තව වෙඩින් එකක් කසාද බදින දවසට අපේ ගානේ වටිනා මල් බොකියක් තෑගි කොරනවා...
    ඊට අමතරව හදිසි රෝහල් ගත වීම වලට ත්රී වීල් එකක් හයර් එකට දෙනවා.....
    හදිසියේවත් වල කජ්ජට දෙහි ගැහුවොත් අපේ සමාගමෙන් ලස්සන මිනී පෙට්ටියක් එක්ක හත් දවසම අඩන්න හොද කට සැර අම්මන්ඩිලා දෙන්නෙක් එවනවා...
    මල්ලිට කියන්න මල්ලි අපේ තියනවා සුපිරි මිනී පෙට්ටි කලෙක්සොන් එකක්....
    මල්ලිට ඉන්සූරන්ස් එක ගද්දිම කැමති එකක් සිලෙක්ට කරන්න පුලුවන්....
    මල්ලි මැරිච්ච හූනෙක්ටවත් බය වෙන්න දෙයක් නෑ අපේ කොම්පැනියෙන් ඔය ඔක්කොම කවර් කොරනවා....
    ඊට අමතරව මල්ලිට කියන්න මල්ලි හදිසි ජීවිතයක් නති වීමකදි අපි ලක්ස සීයක වන්දියක් දෙනවා....
    හැහ්.....ලස්ස සීයක්...
    මම පුල් අන්දොස්ය.....
    ඔව් ඔව්...
    ලස්ස සීයක් හැබැයි ඒකට මැරිච්ච එක්කෙනා දෙමාපියොත් එක්ක දින හතක් ඇතුලත අපේ හෙඩ් ඔපීසියට එන්න ඕනේ.....
    ඈ හිටගෙනද.....
    හිටගෙන ආවොත් ගොඩක් හොදයි මොකද අස්සන් තුනක් විතර ගහන්න තියනවා...ඒකයි....
    මල්ලි බය වෙන්න එපා....මල්ලි ඉන්සූරන්ස් එක මෙව්වා කලොත් මම එල කිරි වගේ ක්ලේම් එක අරන් දෙන්නම්කො....
    මොනවද මේ කතා.....
    මේකනේ අයියේ සීන් එක...මට තාම මැරෙන්න තරං වයසක් නෑ නේ...
    මම බුවාගෙන් සේප් වෙන්න වෙන පොටක් ඇබරුවෙමි...
    මල්ලිට කියන්න මල්ලි අපේ තව ප්ලෑන් එකක් තීනවා...මෙහෙමයි ලගදි මැරෙන්න ඉන්න කවුරු හරි පවුලේ ඉන්නවා නම් එයාට පුල් කවර් එකක් දාමු....
    දාලා එයා කජ්ජ ගැහුවා සල්ලි ටික ගන්න පුලුවන්...
    මල්ලිගේ පවුලේ එහෙම කවුරුත් නැද්ද ගොක් කොල තොරං පේන වයසේ කෙනෙක්....
    මෙතන ඉන්න හිටිය අත්තම්මට එකක් දාමු....කියලා බුවාට කියලා ඉවර කරන්න හම්බුනේ නෑ ඉලපතකින් ඉස් මුදුනටම පතබෑවුනා....
    අත්තම්මා ඉලපතක් අරන් බුවාට පන්න පන්න බෙදනවා....
    ඈ බොල ගස් හිවලෝ...
    තොට මාව මැරෙන්න ඉන්න එකෙක් වගේද පේන්නේ...තව එහෙම්මම වයස...
    නෑ නෑ අත්තම්මේ ...නෑ නැන්දේ නෙමෙයි අක්කේ...මම නිකන්මට කිව්වේ කිය කිය බුවා වැද වැද දුවනවා....
    බුවාට ලයිප් ඉන්සූරන්ස් එකක් තියනවද දන්නෙත් නෑ....
    පව්.....

    -කොකා-

    අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න:yes:
    https://www.facebook.com/Kokage-kola...9481/timeline/


    12122804_1482904998677584_9175227975483716115_n.jpg
     
    • Like
    Reactions: wije99000

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ.. බස් එකේ යන ගමන් මේ ත්‍රෙඩ් එකට ෆෝන් එකෙන් ලොග් උනේ...:oo:
    ඇති යන්තං අද ආයෙත් හම්බ උනා...:cool:
    සබ්ස්ක්‍රයිබ්ඩ්:P
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    හප්පේ.. බස් එකේ යන ගමන් මේ ත්‍රෙඩ් එකට ෆෝන් එකෙන් ලොග් උනේ...:oo:
    ඇති යන්තං අද ආයෙත් හම්බ උනා...:cool:
    සබ්ස්ක්‍රයිබ්ඩ්:P


    සැට් වෙමු සැට් ව්මු.....
    දිගටම සැට් වෙලා ඉම්මු...