....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සැට් වෙමු සැට් ව්මු.....
    දිගටම සැට් වෙලා ඉම්මු...

    අද තමයි සෙට් එකම කියෙව්වෙ..:)
    ඔක්කොම ටික සිරාවට ලියල තියෙනවා...
    :lol:
    දිගටම මේකෙම දාමු හොඳේ..:cool: මම වැඩිය බුකිය පැත්තෙ යැවෙන්නෙ නෑ...:no:

     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28


    අද තමයි සෙට් එකම කියෙව්වෙ..:)
    ඔක්කොම ටික සිරාවට ලියල තියෙනවා...
    :lol:
    දිගටම මේකෙම දාමු හොඳේ..:cool: මම වැඩිය බුකිය පැත්තෙ යැවෙන්නෙ නෑ...:no:


    අනිවා අනිවා....දාන්නම්..දිගටම සැට් වෙලා ඉම්මු....
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    සීයගේ පුටෝ එක
    ========================
    බෝක්කුව උඩ අබේ සැට් එක වාර්ශිකව සංවිදානය කොරනු ලබන අපේ මහා ට්‍රිප් එකට ඔක්කොම රෙඩීය....
    මේ පාර අපි යන්න ඕනේ පොළොන්නරුවට...
    ඔන්න නෑ කියන්න බෑ....
    බෑ කියන්න බෑ....
    හූ කියන්න බෑ කෑ ගහන්න බෑ හරිද....
    රික්වෙස්ට් එක බෙලෙක්ක ජෝතියගෙන්ය....
    ඈනුමක්ක ඇරියට කමක්ක නැද්ද වර්නපාලයා අයිනක ඉදන් කොක්කක් දැම්මා ....
    කමක් නෑ...සද්ද නොකර ඇරපන්...ගස් හිවලා.....
    ජෝතියාට මලේ මලය....
    එතකොට අපි යන්නේ ජෝතියාගේ බට්ටා ලොරියේය....
    කෑම බිම වර්නයා බලා ගන්නවාය...
    මී හරක් අං පිටින් ගිලින පුතයාලාට කෑම සප්ලයි කොරන එකත් හෙනම ජල්තරොස් කේස් එකක්ය....
    ඔක්කොම හරිය පුටෝ කෑල්ලක් අල්ල ගන්න කැමරාවක් තමයි නැත්තේ....
    ජෝතියා හෙනම සෝක මූඩ් එකෙන් ස්ටේටස් එකක් අප්ඩේට් කරනවාය....
    කැමරාවක්.....
    ඒකත් හෙනම දැවෙන ගැටලුවක්ය.....
    මේ හදිස්සියේ කැමරාවක් හොයන්නේ කොහෙන් ද.....
    කස්ටියම උඩ බලන් අහස පොලව කොම්ප්‍රෙස් වෙන තරමටම කල්පනා කොරනවාය.....
    තව පොඩ්ඩෙන් අමතක වෙනවා...
    අපෙ සීයාට රට ඉන්න වඳ පුංචි අම්මා ගේ බාල දූ කැමරාවක් එවලාය....
    සීයාට හෙමින් කොක්කක් ගැහුවා නම් ඒ කැමරාව ඉල්ල ගන්න පුලුවන්ය...
    එතකොට ඒ කේස් එකත් සැන්ටි මෙන්ටල්ය
    මම වරිග සබාවට අයිඩියා එක දෙසා බෑවෙමි....
    සීයා අපිට ඕක දෙයිද...උබලාගේ සීයා හෙන කුනා කියලා මුලු ගමම දන්නවා නේ...වර්නයා ඇගතට පතට නොදැනී කෙලලා ඇරියේය...මම ඇහුන නෑහුන ගානට උන්නෙමි...
    හොල්ලන්න ඕනෙලු මිල්ක් සේක් හැදෙන්න අර කවුද මන්දා එකෙක් සිදත් සගරාවේ අයිනක පෑනකින් ලියලා තියනවා මට යන්තමට මතකය....
    ඒ නිසා අපි සැට් එකම සීයා ගාවට ගොස් අභියාචනා පාරක් මෙව්වා කලෙමු...
    සීයා හෙනම අන්දොස් බැල්මට් එකක් අපිට ෆෝකස් කරේය...
    බෑ බෑ තොපිට ඒක දෙන්න බෑ...තොපි දන්නේ නැති එව්වා කොරන්න ගිහින් ඕකත් කඩන්න යන්නෙ....ඒක ඔන්න ඔහේ පෙට්ට ගමේ තියෙද්දෙන්....
    සීයාගේ ෆයිනල් ඩිසිසොන් එක සෝක ජනකය....
    කුරිරුය.....
    ඒත් ගේම අතාරින්නේ අපි නෙමෙයිය.....
    අනේ සීයේ.....
    දැන් බෑ කීවා නේ වතාවක්...පලයව් මෙතනින් ගුටි නොකා....
    අපි ඕක අල්ලන්නෙවත් නැතුව පුටෝ ගහලා දෙන්නම්...වර්නයා හෙනම සීරියස් ය...
    ඈ බොල ගස් කෑරලෝ....අල්ලන්නෙ නැතුව කොහොමද පුටෝ ගන්නේ.....
    වර්නයා චක බ්ලාස්ට්ය....
    හරි තොපිට පුටෝ ගහන්න නේ ඕනේ....
    මාවත් ගමන ඇන්න පල මම පුටෝ ගහලා දෙන්නම්...හැබැයි තොපි එකෙක්වත් මේක අල්ලනවා නෙමෙයි....
    සීයා සාම සාකච්චාවක් මෙව්වා කොරේය...
    කොරන්නට දෙයක් ඇත්තේම නැත...
    කලාබර වදින්නෙත් මල හතිලව්වටය...
    සියා අරන් යන්නට සබා තොමෝ එකග වූහ...
    ජෝතියාගේ බට්ටා ලොරියෙන් අපි උදේ පාන්දරම පොලොන්නරුවට සැන්ටිමෙන්ටල් වුනෙමු....
    යන අතර මග වර්නයත් ජෝතියාත් මොඩ්ලස්ලා දෙන්නා වගේ එක එක ඈන්ගල් වලට පුටෝ ගන්නවාය...
    වෙලාවකට අල්ප දයන්නක්වගේය...
    වෙලාවකය අජීර්නය හැදුනු කටුස්සෙක් වගේය....
    තවත් වෙලාවක හත් දවසක් බඩ බුරුලට ගිය මීමින්නෙකු වගේය....
    අතර මගදීම බෙලෙක්කයා සීයාට පුල් කැමරා කෝස් එකක් මෙව්වා කරේය.....
    සීයා දැන් හෙනම ප්‍රොපෙසනල්ය.....
    ඈන්ගල් බලනවාය...
    ඉර එලිය බලනවාය...
    එහෙන් මෙහෙන් නැමිලා පුටෝ අල්ලනවාය...
    හෙනම මාන්දමිකය....
    සීයාගේ ටොයියා බෙලෙක්කයාය...
    ඔහොම බෑ මේම ගන්න අරේම ගන්න....පොඩි සින්දු කෑල්ල්ක් මුමුනන්න එතකොටයි මිනිස්සු බලන්නේ...බෙලෙක්කයාගෙන් උපදෙස් කෝටියකි....
    සීය දැන් මැදින් මැදින් සින්දු කියනවාය...
    ගස් ගල් මල් ඔක්කොම පුටෝ ගන්නවාය...අපි ගැන වගේ වගක් නැතිය....
    සීයා පුටෝ ගහන් ඈතට යනවාය අපිත් පස්සෙන් යනවාය....
    එක පාරම හතර රියන් බුවෙක් ගාව දෙකට නැමුනු සීයා කැමරාව පෝකස් කරන්නට විය....සීයාට හම්බුනේ හෙනම සෙන්ටි මෙන්ටල් විදිහට පෝකස් කොරන්නට විතරය.....
    සීයාගේ බෙල්ලෙන් අල්ල ගත්ත බුවා සීයාට බීපු කිරි මතක් වෙන්නට නෙලන්නට පටන් ගත්තේය.....
    අතින් ගහනවාය...
    පයින් ගහනවා....
    අම්බානකට නෙලනවාය....
    බෙලෙක්කය මැද්දට පැන බේරන්නට ට්‍රයි එකය....
    අර බුවා ඌටත් මදි නොකියන නෙලුවේය...
    දෙන්නටම වඩදිය බෑවෙන්නට නෙලපු බුවා
    නාකියාගේ තරමට නෙමෙයි වැඩ කියා යන්නට ගියේය....
    බුවා ගියාට පසු අපි සේප් එකේ ඩබලට කිට්ටු කලෙමු...
    සීයාගේ සහ බෙලෙක්කයාගේ මූනේ හැඩ තල වෙනස් වෙලාය...
    කන් කඩා හැලිලාය....
    බෙලෙක්කය ගල් රෝලට තැලුනු පුවක් ලෙල්ලක් වැනිය...
    මොකෝ සීයේ උනේ...
    මම සේප් එකේ ඇසුවෙමි...
    නෑ බන් කොල්ලො...හම්මේ තුනටිය.....
    මම අර අත්ත උඩ උන්නු රිලවාගෙ පුටෝ එකක් ගන්න ගියේ...හෙමින් සැරේ පස්සට ආවා...අම්මේ කොන්ද....
    මෙන්න මේකා කීවා නේ පොඩි සින්දු කෑල්ලකුත් කියන්න ඕනේ කියලා පුටෝ අල්ලද්දි
    ඉතින් මම "මේ තරම් සියුමැලිද කළු ගල්" කියලා කියලා ඉතුරු ටික් කියන්න හම්බුනේ නෑ අර ගෝරිල්ලා මට නෙලන්න ගත්තා නේ මෙහෙ වර නාකි වනචරයා කියලා....
    ඒ මොකෑ ඒ...බෙල්ක්කයා පුල් හොල්මන්ය....
    මම ඒ පුටෝ ගහන ගිය රිලවට අර කෑම දෙන්නේ උගේ දෝනියන්දලා දෙන්නලු....
    අපි සේප් එකේ රබර් ඇහැ කරකවා බැලුවෙමි.....
    සීය මේ තරමටවත් බේරිලා ඉන්නේ පෙර පිනකටය....
    අනේ...මට ඒ රිලවා වෙන්නට සිතුනි...
    දනිස්සෙනුත් අගල් දෙක් විතර උඩින් තියන කොට ගවුන් කෑල්ලක් ඇදන් ඉන්න සූටි කෙල්ලෙක් දිහා බලාන අරෙම කියලා ඕම බේරිච්ච එක ලොකු දෙයක්ය....
    බෙලෙක්කා කෙල්ලො දෙන්නා දිහා බලන් සින්දුවක් මුමුනවා ඇසුනි....
    "මේ තරම් සියුමැලිද කළු ගල්...."
    මූ හදන්නේ ආය බෙදා ගන්නද කොහෙද....
    මමත් වර්නයාත් ඩබල් එකේ එතැනින් සේප් උනෙමු.....


    කොකා

    අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න
    https://www.facebook.com/Kokage-kola...9481/timeline/



    12118740_1484090971892320_3864784085061114375_n.jpg
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    අක්කා ඇවිත්
    ===========
    මේ දවස් ටික නම් බෝක්කුව උඩ අපේ සැට් එකට පුල් ආතල් හින්දුස්තාන් කාලයක්ය....
    කන්ට බොන්ට පිට රට ටොපි චොකලට් වැහි වැහැලාය....
    අපේ අනුරයාගේ ලොකු අක්කා සට ඉදන් ඇවිල්ලාය....හෙනම ජොලිය....
    මෙහෙ ඉන්න කාලෙ නං අක්කට සිංහල හොදටෝම පුලුවන් වග මතකය...දැන් නම් වචන දෙක තුනක් කතා කොරන්නෙත් ගැට ගහලාය.... හෙනම අමාරුවෙන්ය...
    මෙහෙන් යන්නට කලින් නම් අක්කාගේ නම තනුජා ය...දැන් ටානී ය.....
    ඉංගිරිස් නං වතුර වගේය....සච පච ගගා දොඩවනවාය....
    ඉංගිරිස් කිව්වට ඉංගිරිස්මත් නෙමෙය...ඒක අමුතුම එකක්ය....
    අක්කා උඩහා ගෙඩර මැගිලින් ආච්චීට ඊයේ හැන්දෑවේ
    හා............නී...
    මැගිලින් ග්රැනී ගුඩ් ඊවීනි කියලාය....
    මැගිලින් ආච්චි තාමත් ඒ වචනේ තේරුම හොයනවාය...
    හන්දියේ සිල්ලර කඩේ එලවලු කිරන්න ඉන්න කොල්ලාටත් මොකක්දෝ කියලාය...
    ඌ බය වෙච්ච පාරට රස්සාවත් දාලා ගමට ගියා කියලා ඊයේ ආරංචි විය....
    මේ ඊයේ පෙරදා දවසක ගමේ කොනේ පින් ලිදට නාන්නට ගිය අක්කා ටූ පීස් බිකිනියක් ඇදලාය....
    ගමේ දිය රෙදි අදින ගෑනු සැට් එකටම තාම සහලෝලා උන හැදිලාය.....
    කොච්චර ටොපි චොකැලට් කෑවත් අක්කා ඉන්න ලග පාතක නම් අපි ඉන්නම නැතිය...ඔය වනන අමුතු සිංගිරිස් කඩු පාරකට පුල් හින්දුස්තාන් වෙන්නම කැපිලා ගියොත් කාට කියන්නද....
    ගමේ ඉන්න වෙද සීයා ගාවත් සිංගිරිස් කඩු වලින් වෙච්ච තුවාල වලට බෙහෙත් තෙල් නං නැති බව බුදු සුවර්ය....
    අනුරයාගේ අක්කා කියන විදිහට අපිට දැන් සමර් එකය....
    එහෙට වින්ටර් ද මොකක්ද එකක්ලුය....
    අක්කා එහේ ඇදපු ඇදුම් හරි හොට්ලු ය...ඉතින් මෙහෙන් ඇදුම් ගන්ට යන්ට ඕනෑලුය....
    අක්කා එක්ක සොපින් යන්නට අපිට එන්නලුය....හයියෝ......
    ලෝක ජීවිතේම පුල් අන්දොස් වෙන වැඩක්ය....
    ඒත් ඉතින් ලැබෙන ප්රතිලාබ ගැන විශ්ලේශනය කොර මෙව්වා කොර තවත් මෙව්වා කිරීමෙන් පස්සේ බොක්කුව උඩ අපි අනුරයාගේ අක්කා එක්ක සොපින් යන්ට සැට් උනෙමු.....
    ටවුම වටේම කරක් ගහන අක්කා.....තියන හැම කඩේකටම රිංගනවාය...සිංහලටත් නැති ඉංගිරීසියත් නැති අමුතුම අමුතු ඉංගිරිස් කඩු බාසවකින් කතා කොරලා බඩු ගන්නවාය...අපි සැට් එක අක්කගෙ බඩු උස්සන් පස්සෙන් යනවාය....
    කොහොමෙන් කොහොම හරි කඩවල් අම්බානකට තව පොඩ්ඩක් වැඩි වෙන්න ගාටපු අපිවත් ඇදන් අක්කා අන්තිමටම තවත් කඩේකට රිංගුවේය....
    අක්කා ආයෙත් කඩේ එකාට අර අමුතු ඉංගිරිස් කඩු බාසාවෙන් කොටනවාය...
    කොල්ලාගෙ තුම්මුනින් දාඩිය පෙරෙනවාය....
    කොල්ලා සේප් එකේ එකකුසුමී කියා එතනින් සේප් විය...අඩිය යාරෙට තියලා දුවපු කොල්ලා
    ටයි පොල්ලකුත් පටලන් හිටිය බුවෙක් ඇදන් ආවේය...
    බුවා අක්කාට දුර තියන්ම කඩ්ඩෙන් වනාගෙන ආවේය..අක්කත් අර නොදන්නා අමුතු ඉංගිරිස් කඩු බාසාවෙන් වනවාය...
    ටික වෙලාවකින් අක්කා ගේ කන් දෙක රතු වෙලාය....
    මුන ඇද වෙලාය
    කන් කඩා වැටිලාය...
    හොදට සිංහලෙන් කතා කරනවාය....
    කඩු වැනිල්ල ටික ටික අඩු වෙනවාය....
    ටික ටික සිංහල කතා කොරනවාය...මැදින් මැදින් හති දානවාය
    අනුරයා....අක්කා මොකද බන් හති දාන්නේ....
    මම අනුරයාගෙ කනට කොරලා ඇහුවෙමි...
    අනුරයා උත්තරයක් මෙව්වා කොරන්නත් කලින් වර්නයා මැදින් පැන්නේය....
    එහෙම තමා බන්...
    තව සුට්ටකින් බලපන්කො ටානී තනූජා වෙන ලස්සන……
    හැහ් උබ කොහොමද කියන්නේ ඒම....
    ඒම තමා බන් මුන්ගේ අක්කගේ සිංගිරිස් වලින් බේරෙන්නේ කොහොමද බන් මූ එක්ක...
    ඕකට තමා බන් කියන්නේ නොදන්න ඉංගීරීසියට ගොහින් වරිගේ නහා ගන්නවා කියලා බන්....
    අක්කා හෙනම අසර විදිහට බලාගෙන ඉන්නවාය......
    මට අම්බානකට දුක හිතුනේ...ඒත් මක් කොරන්නද...බුවා ඉංගිරිස් වලට අක්කට සිංගිරිස් අමතක වෙලා සිංහල මතක් උනාට ඕකා මට කෙටුවොත් මට දන්න සිංහල අමතක වෙලා මතක් වෙන්නට එකක් ඉතුරු වෙලා නැතිය.....
    මම ඒ හින්දම කට සට් අප් කොරන් හිටියෙමි....

    -කොකා-

    අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න
    https://www.facebook.com/Kokage-kola...9481/timeline/


    12038035_1484624135172337_7623214385223879870_n.jpg
     
    Last edited:

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    මේකනේ ඒ දවස් වල මම ඉපදිලා නෑ.....
    ================================

    අපේ පවුල හෙනම කලාකාමි ආටිස්ටික් පැමිලි එකක්ය...ඒක නම් පරම්පරාවෙන් ලැබුනු මෙව්වා එකක් බව කියන්නේ අපේ අත්තම්මාය...
    අපේ පැමිලි එක කොච්චර ආටිස්ටික් ද කියනවා නම් අපේ අත්තම්මා පිට කහන්නෙත් ප්ලාස්ටික් බටනලාවකිනි....
    මොන නැකතක මෙලොව ඒය දුටුවාද දන්නේ නැති මට නම් තාලෙට හූවක්වත් කියා ගන්නට බැරිය..අපරාදේ කියන්නට බැරිය....
    ඒ කොහොම වෙතත් අපේ පැමිලියේ ආටිස්ටික් මෙව්වා එක මේ දවස්වල අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වැඩි වී ඇත...
    මොකද අපේ ලොකු අක්කා ඉට්ටාර් කෙනෙක් වෙන්ට යනවාය...
    කණ කැස්බෑවා එෆ්.එම් එකෙන් කොරන කණකැස්බෑවා අයිඩොල් සීසන් සික්ස් එකේ අන්තිම ලාස්ට් දාසය දෙනාට අක්කා සිලෙක්ට් වෙලාය....
    මේ දවස් වල අපේ අක්කාට ටී.වී සෝ වැහි වැහැලාය...
    මියුසිකල් සෝද එමටය....
    කොටින්ම කියනවා නම් කන්ට බොන්ටවත් වෙලාවක් නැතිය....
    අපේ වෙන්න මස්සිනාවත් ඇදන් උදේ හිටං එහාටහ් මෙහාටත් දුවනවාය...
    මස්සිනාද තියෙන තරම්ක් වැඩ රාජකාරි ඔක්කොම පැත්තට දමා පස්සෙන් යනවාය...
    ඒ අතර සහයක ඩැනී පෝස්ට් එක කොරන්නේ මමය...
    අක්කගේ කුඩේ බෑග් උස්සන් යන කටයුතු මගේය...
    එතකොට අක්කගේ ටොයියා වැඩේ කොරන්නේ බෙලෙක්කයාය...අක්කාගේ එස්.ඇම්.ඇස් අංකේ ලියාපු කොල බෙදන වැඩේ කොරන්නේ ඌය....
    ඉතින් මේ දවස් වල ජීවිතේ පුල් මාවලස්ය....
    ඒ ඔක්කොම අස්සේ අද අක්කට ටී.වී ඉන්ටව් එකක්ය...
    දන්න කාලේ ඉදන් කට බලියන් ටී.වී බැලුවත් ටී.වී ඉනටව් එකකට යන කුලුදුල් පස්ට් ටයිම් එකය...
    අක්කත් ඉන්ටව් එකට අම්බානකට රෙඩී වෙනවාය....
    කෝකටත් සුදානම් සරීරේට කියල අපි වැඩසටහනක් පැරැක්ටිස් කොරන්නට තීරනය කලෙමු....
    මල්ලී ඔයා තමයි දැන් නිවේදකයා....
    ඔයා දැන් මගෙන් ප්රශ්න අහන්න....
    මම කුරිඥ්ඥන්ය...
    ප්රශ්න අහන්න...මම ටී.වී ගැන දන්න අලබෝලයක් නැතිය.....
    මේ...මේ...මේ හරි...ඔයා කන්න ආසම කෑම මොනාද...
    මම නම් ආසම පලතුරු කන්න තමයි...මම වෙජි විතර නේ කන්නේ....
    අම්මෝ මේකි කෙලින කෙබ්බ...ඊයේ රෑත් හෙන කුකුල් පලුවක් ගිල්ලෙ මම ඉස්සරහමනේ....සහෝදර ප්රේමයේ නාමයෙන් මම කට මෙව්වා කොරන් හිටියෙමි......
    එතකොට ඔයා සංගීතය ඉගන ගත්තේ....
    මම දැන් විශාරද කරන්න ඉන්නේ...මම ඒ කාලේ ඉදන්ම සංගීතේ ඉගන ගත්තා.....
    අනේ මගේ කට....උබ මේ තාලෙකට හූවක් වත් කියන්න දන්න එකෙක් ද....මේ ලංකාවේ උන්ට පීස්සු හින්දා උබට උඩ දාගෙන එස්.එම්.එස් ගැහුව නිසා නේ උබ තේරුනේ.....
    මම තනියම හිතූවෙමි....
    වර්නයා වැඩසටහන ගැන සැටිස් තැතිය...ඌ මූන පුලුටු කොරාන බලන් ඉන්නවාය....
    ඇයි උබ මේ අස්සයා මැරිච්ච කව් බෝයි වගේ බලන් ඉන්නේ....අවුල් ද.....???
    අවුල්දත් අහනවා....හොදටම අවුල්.....
    ඔහොමද මිනිහෝ ප්රශ්න අහන්නේ....
    තමුසේ ටී.වී බලන්නේ නැද්ද......????
    මම බලන ඒවාගේ නම් ඕවා තමා අහන්නේ....
    ඔහොම බෑ නැගිටිනවා නැගිටිනවා ඔතනින්...මාව බලෙන්ම එලිය විසුක් කොරාපු වර්නයා බලෙන්ම මගේ සීට් එකට ආවා....
    හරි මම දැන් ප්රශ්න අහනම්....
    වර්නයා හෙන සිරා මූනක් අරන් ප්රශ්න අහනවාය....
    සුබ උදෑසනක් ප්රාර්ථනා කරනාව හැමෝටම....අද මාත් එක්ක එකතු වෙන්නේ බ්ලා...බ්ලා...බ්ලා.....
    හරි මම ඉස්සල්ලාම ඔයාගෙන් හරි ලේසි ප්රශ්නයක් අහන්නම්.....
    ලංකාවේ ජාතික සත්වයා කව්ද.....
    හැහ්...
    මම පුල් අන්දොස්ය....
    යකෝ අපේ අක්කා ඕක දන්නවා නම් ඉට්ටාර් කෙනෙක් වෙන්න යන්නේ නෑ නේ බොල හීනාප්පාලී කෑ දැත්තෝ....
    එහෙනම් මොකක් හරි විභාගෙකට ලියලා හොද රස්සාවක් කොරනවා නේ.....
    නොදෝකින් මුගේ මොලේ තරම.....
    මම තනියම හිතුවෙමි....
    මේ මේ අං කටුස්සා......
    අක්කා හෙනම සීරියස් මූඩ් උත්තරයක් මෙව්වා කොරේය.....
    වැරදී වැරදී......
    ඔහොම ටී.වී ඉන්ටොව් වලට යන්න බෑ....මෙන්න මේ පොතේ සාමාන්ය දැනීම ප්රශ්න සීයක් තියනවා ඉක්මනට පාඩම් කොර ගන්නවා...
    අක්කා සේප් මූඩ් එකේ සිරික්කියක් අප්ඩේට් කොරේය...
    මේකනේ ඒ දවස් වල මම ඉපදිලා නෑ.....
    ඒකයි දන්නේ නැත්තේ....
    නැත්තන් මම නොදැන ඉන්න විදිහක් නෑ...

    කොකා

    අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න
    https://www.facebook.com/Kokage-kola...9481/timeline/
    ;);););)



    12049668_1485549741746443_5613116761064688059_n.jpg
     
    • Like
    Reactions: prisly