....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

malinthalakmal

Active member
  • Dec 26, 2011
    128
    47
    28
    මාතලී ලංකාවේ ආයේ කේස් එකක්
    ==============================
    මාතලී....මාතලී....
    උදේ පාන්දරම සක්කර දෙයියන්ගේ ගෝරනාඩුවක්.....
    මේ එනවා දේවයන් වහන්ස....
    බාගෙට බි බී උන්නු අමුර්තේ කෝප්පෙත් පැත්තකින් දාලා අඩිය යාරෙට තියලා දුවන් ආවේ මේ පාර මොකටද කෑ ගහන්නේ බලන්න...
    දේවන්වහන්ස.....
    මේ ඕයි මාතලී...
    මම උබට කිව්වා නේද මගේ මේ පඩුපුල් ආසනේ සර්විස් එකට දාන්න කියලා....
    උබ දැම්මද....
    සක්කරයා මුන දෙක කොරගෙන මට දෝස් මුරයක් දැම්මා....
    ඊයේ උදේම මම කොල්ලෙක් යවලා එකෙක් ගෙන්නලා සර්විස් කොරා දේවයන් වහන්ස.....
    ඇයි මොකෑ සීන් එක...ආයේ පාරක් වයර් සෝට් වෙලා රත් වෙන්න පටන් අරන් ද....???
    ඒක නේන්නන් මාතලී....
    බලනව පොඩ්ඩක් වයර් ගැලවිලාද කියලා.....
    මම ගිහිල්ලා අපේ "දේව කන්නලව්" මැප් එක බලලා එන්නම්...කවුරු හරි කරදරේ වැටිලද දන්නේ නෑ නේ බන්.....
    මම ඉතින් මේක හදන්න දන්නවා නම් යකෝ වෙන එකෙක්ට එන්න කියන්නේ නෑ නේ...
    නොදනි මේකා සක්කරයා උනාට වැටහෙන බුද්ධියක් විහිටලා නෑ.....
    මම තනියම හිතුවා....
    මැප් එක බලන්න ගිය සක්කරයා හැරෙන තැපෑලෙන් බෙරිහන් දෙනවා.....
    මාතලී....මාතලී....
    ඉක්මනට ඩිපෙන්ඩරේ ලෑස්ති කොරනවා.....
    ලංකාවේ මොකක් හරි ලොකු සීන් කෝන් එකක්....
    ඉක්මනට වර යන්න...
    කවුරු හරි එකෙක් සියදිවි නසා ගන්න හදනවා....
    හොදටෝම මිනිහා බෑගිරි දෙනවා මැරෙනවාමයි කියලා...
    ඕක පස්සේ හදමු.....
    මාවත් බෙල්ලෙන් ඇදගෙන සක්කරයා ගැරෙජ් එකට දිව්වා...
    ඩිපෙන්ඩරේ ලෑල්ලට පාගලා අපි කෙලගෙන ලංකාවට ආවා...
    මොකටත් කියලා දිව්ය ලෝකේ ඉදන් ජී.පී.ඇස් දාගෙන ආවේ...මොකද ලන්කාවේ උන් හිතෙන හිතෙන විදිහට පාරවල් වල නම් වෙනස් කොරනවා නෙව...ඒ මදිවට ලංකාවේ පොලෝසි වල ඉන්න පොලොස් කොට්ටෝරුවන්ගේ හරි අගේ ඇති රථවාහන සැලැස්මවලුත් තියනවා නෙව...ඔය ඔක්කොගෙන්ම බේරිලා යන්න ඕන පාරවල් ඉතින් දන්නේ දෙයියෝම තමා.......
    කොහොමෙන් කොහොම හරි එහෙන් මෙහෙන් වෙට්ටු කපන් බල්ටි ගහන් අපි ලන්කාවට ගොඩ බැස්සා....සක්කර දෙයියෝ කියාපු මග සලකුනුත් එක්ක අනිම පයිනල් ඩෙස්ටිනේසොන් එකට ආවා...
    අම්මට සිරි...සක්කර දෙයියන්ටවත් නැති තරං ලොකු මාලිගාවකට නේ බොලන් ඇවිල්ලා තියෙන්නේ....
    මේකේ ඉන්න එකාට මොනවයි කියලා කරදරයක් වෙන්නද....
    අර අහවල් කාරියකට ද දන්නේ නෑ මැරෙන්න හදන්නේ....
    මමත් සක්කරයත් පුල් අන්දොස් මූඩ් එකෙන් වට පිට බැලුවා.....
    පඩුපුල් ආසනේට සිගිනොල් එක ආවේ මෙතනින් කියලා දේවයන් වහන්සේට සුවර් ද...????
    මම සේප් එකේ ඇහුවා....
    ඔව් ඔව් මාතලි...මෙතැනින් තමා...වරෙන් යන්න අස්සට බලන්න...
    මෙච්චර මාලිගාවක් අස්සේ ඉන්න එකාට තියන ප්රශ්නේ මොකක්ද කියලා....
    අපි දෙන්නා සේප් එකේ ඒ විසා ගෙදරට රින්ගුවා...
    මාතලී මොකටත් මගේ ලගින්ම හිටින් උබව අතරමං වෙයි ඈ.....
    එහෙමයි දේවයන් වහන්ස...
    අපි දෙන්නා සේප් එකේ ගේ ඇතුලට ගිහින් සුට්ටක් දුර යනකොට කවුදෝ මන්දා බෙරිහන් දෙනවා ඇහුනා....
    "අනේ ගියා.......මට බැරියෝ.........."
    ඒ අස්සෙන් ගිටාර් පාට් එකක් ඇහෙනවා....
    ට්රෑන් ට්රෑන් ට්රෑට්රෑන්.........
    හෑහ් මේ මොකක්ද මේ වෙන්නේ....
    මමයි සක්කරයයි සේප් එකේ ඔලුව දාලා බැලුවා....
    යකෝ....
    මේක ගෙයක් නෙමෙයි...
    සිංදු රැකෝඩ් කොරන ස්ටූඩියෝවක්...
    කවුදෝ මන් දන්නෑ හිනාප්පාලි කා දැත්තෙක් වගේ එකෙක් සින්දුවක් කියනවා......
    දේවයන් වහන්ස....
    මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ.මම සේප් එකේ සක්කරයගෙන් ඇහුවා.....
    මොනා වෙන්නද බොල....
    මේ උලමා කියන දුක ඇහිලා තමා බොල පඩුපුල් ආසනේ රත් වෙලා තියෙන්නේ...
    නොදෝකින් ඉතින්....
    මුගේ සිංදුව......
    මෙන්න මෙහෙ වර යන්න....
    අපරාදේ ඩිපෙන්ඩරේට ගහපු පැට්ටෝල්.......

    කොකා

    අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න
    https://www.facebook.com/Kokage-kola...9481/timeline/


    10984468_1485827495052001_7070177480311913373_n.jpg

     
    • Like
    Reactions: richlife

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    හැලෝවීන් පාටිය
    ==================

    අද හැලෝවීන්ලූ ය...
    අපේ අක්ක උදැහැනැක්කේ ඉදන්ම වෙන්න මස්සිනා එක්ක හැලොවීන් පාර්ටි එකකට යන්න ලක ලෑස්ති වෙනවාය...
    මම නම් හැලොවීන් ගැන මෙලෝ අල බෝලයක් දන්නේ නැතිය...ඒ උනාට අපේ වෙන්න මස්සිනා හෙනම පොස් එලකිරි බුවෙක්ය... මෑන් කියනා විදිහට නම් ඒකා පුන්චි සන්දියේ හිටන්ම හැලෝවීන් වලට් පාර්ටි තියනවාලූය...
    ඒතකොට ඩෙවිල් කෙනෙක් ද මොකෙක්ද වගේ ඇදුම් ඇදගෙන ඉන්නට ඕනෑලූය...ඊට පස්සේ මහා රාත්රිය වෙනකොට සින්දු දාලා පොඩි ලල් එකකුත් ගන්නවාලූය....හීනියට බෝතලක් දෙකක්ද නැමෙනවාලූය....
    කොහොමෙන් කොහොම හරි මේ වන්ගියේ මටත් හැලෝවින් යන්නට පොට්ට චෑන්ස් එකක් සැට් උනේය...
    මම අපේ ලොකු අම්මගේ පොඩි දූ බැන්ද දවසේ ඇන්ද නැසනල් එක ඇදන් හැලෝවීන් එකට යන්නට හිතා ගත්තෙමි...
    අක්කා නම් කොරල් ලොකු කම්බායක් වගේ එකක් ඇදන් දනිස්ස ගාවටම දිග නගර සබාවේ උන් කානු සුද්ද කොරනකොට දාන ජාතියේ බූට් දෙකක් දාගෙන තොල් රතු කොරලා උල් දත් සැට් එකක්කුත් දාලා මෝහිනිගේ ලොකු අක්කා වගේ ඇදගෙන ඉන්නවාය…
    අමුතුවෙන් කියා අක්කාට නම් ලෑස්ති වෙන්නත් දෙය්ක් නැතිය....
    ඕකී කොහොමත් යස්සනී කියලා අත්තම්මා සේප් එකේ කාටවත් ඇහෙන නෑහෙන ගානට මුමුනවා මට ඇසුනි....
    .වෙන්න මස්සිනාත් ගොයන් කපන දෑ කැත්තක් වගේ එකක් අරන් මොකෙක්දෝ එකෙක් වගේ ඉන්නවාය....
    මම නැසනල් එක ඇදන් මල පේරේතයන් මැද ඉන්නා උපාසක පැටියෙක් වගේ යන්න රෙඩී උනෙමි....
    වෙන්න මස්සිනා එක්ක රාත්තිරිය උදා වෙනකොටම අපි හැලෝවීන් පාටියට සැන්ටි මෙන්ටල් උනෙමු...
    අම්මට සිරි යකෝ...මේක යක්කස විමානයකනේ බොල.....
    මූනවල් බලන්නත් බය හිතෙනවාය...
    එක එක එක පාටය...
    සමහර උන්ගේ කට දෙපැත්තෙන් දල ඇවිලාය...
    තව සමහර උන්ගේ මූනේ මැහුම් හත අටක් ගහලාය....
    තවත් අතේ පොලු තියන ඉන්නවා...තව උන්ගේ අතේ කඩු කිනිසිය......
    එක අතකට මේ රටේ වෙන වැඩත් එක්ක මෙහෙම උනම තමා රටේ හැම තැනම ඇත්තේ...
    මෙහෙම දවසකට තමා මුන්ගේ ඇත්ත රූප පේන්නේ.....
    මම මොකටත් කියා එන්නට කලින් පිරිත් පොතත් සාක්කුව දා ගත්තෙමි. ඉතිපිසෝ ගාතාව ලාවට මතුර මතුරා හිටියෙමි.
    මැද්දෙන් මැද්දෙන් ලාවට සින්දු කෑලි ඇහෙනවාය...
    සමහර යක්කු නම් කරටි කැඩෙන්න ගහලාය...
    තවත් යක්කු කබරයා දාන්නත් සැට් වෙලාය...
    මමත් අක්කටත් මස්සිනාටත් හොරෙන් දෙකක් නමා ගත්තෙමි....
    පාර්ටිය නැගලාම යනවාය....
    පාටිය නැගලා යන අස්සේ වෙන්න මස්සිනා කියපු කතාවට මට වඩ දිය බැවෙන්නම ගිහින් යන්තත් සේප් උනෙමි..
    රැ දෙලහට පාර්ටිය සොහොනට අරන් යනවා.....
    හැහ්....ඒ මොකටද...
    මම බය උනාට බය නැති ගානට ඇහුවෙමි....
    එහෙම තමයි...ඇමරිකාවේ එහෙමයි....
    ඒ උනාට මෙහෙ යක්කු කැමති වෙයිද දන්නේ නෑ අපි සොහොනට එනවට...
    මම සේප් එකේ ලාවට ඇහුවෙමි...
    මස්සිනා කාරයාට කට උත්තර නැතිය... ඒ උනාට ඌ අතාරින්නේ නැතිය....
    එහෙම තමා...අපි යක්කුන්ටවත් බය නෑ.....
    අපි යක්කුන්ටත් කුක්කු පොවලා තමා අද එන්නේ....
    මස්සිනාගෙන් පොර ටෝක් අම්බනක්ය....
    ඕකා කොහොමත් අක්ක ඉන්න් තැන සෙකන්ඩ් වෙන්නේ නැති බව මම දන්න නිසා කර බාගෙන හිටියෙමි
    කොහොමෙන් කොහොම හරි සොහොනට යන වෙලාව ආවේය...
    පාර්ටියේ කස්ටියම සොහොන දිහාට යනවාය....
    ඕකේ හරිය හොල්මන්ලු...
    අපේ ගමේ උන් හත් අට දෙනෙක්ම හොල්මන් දැකලා බය වෙලා නූල් බදින්ට වෙච්ච කතා එක එක මට මතක් උනි....
    මොකටත් කියා මම සූදානම් සරීරයෙන් හිටියෙමි....
    කට්ටියම සොහොනට රින්ගා රොම්බ සයිස් ඉප්පීකරයක් අටවලා සින්දුවක් දැම්මා විතරය....
    සොහොනේ එහා කොනේ ඉදන් කළුම කලු උස එකෙක් කෑ ගහන් දුවන් එනවා පෙනුනි...
    මම බුදු අම්මෝ කියාගෙන පැනලා දුවන්නට රන් එක දෙන්න හදනකොටම අනිත් යක්කු සැට් එක දුවන්න පටන් අරන් ඉවරය....
    එක එකා පෙරලගෙන කට්ටිය දුවනවාය...
    හෙනම පොර ටෝක් දීපු මස්සිනා අක්කව කරේ තියන් දුවනවාය...
    දුවා ගන්නටත් කකුල් පන නැති ගානය...
    මම සේප් එකේ සොහොන් ගලකට මුවා උනෙමි.....
    අර කලුම කලු පාට යක්සයා මම උන්නු සොහොන් ගල ලගට ඇවිත් නැවතුනි....
    මම සේප් එකේ බැලුවෙමි...
    යකෝ...මේ අර ඔල්මොරොන්දන් ගිරිගෝරිසා නේ...
    මේකාට බයේ නේද අර යක්කු සැට් එකම දිව්වේ....
    ගිරිගෝරිසා ගේ ඔලුව හොද නැතිය...
    ඉන්න හිටින්නට තැනක් නැතිය...
    ඉතින් ඒකා ඉන්නේ සොහොනේය....
    අනේ මන්දා....
    ගිරිගෝරිසාට වඩා අපිට ඔල්මොරොන්දන් නේ...මේ මහ රෑ සොහොනේ රින්ගන් පිස්සු කෙලිනවා
    ඉන්න හිටින තැන් තියන උන් සොහොනට ඇවිත් මහා රෑ මැදියමේ ඇවිල්ලා සොහොනේ ඩෙගා නටද්දි කොයි යකාට ද මල පනින්නේ නැත්තේ මම අහන්නේ.....
    මමත් ගිරිගෝරිස් එහාට මෙහාට වෙනකන් ඉදලා සේප් එකේ ගෙදර ගියෙමි....
    මම ගෙදර එනකොට අක්කත් මස්සිනාත් අතේ පයේ හීරුන තැන් වලට ප්ලාස්ටර් කෑලි අලවන් ඉන්නවාය
    මදැයි හොල්මන් පාර්ටි කොරා....

    -කොකා-
    12189846_1486272271674190_8696654064341258204_n.jpg
     
    • Like
    Reactions: laMir

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    අයියේ මේ මොකක්ද ඇවිල්ලා
    ========================

    මේ දවස් වල අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වරුසාව හින්දා අපි පුල් මාවලැස් ඉරිදා හැන්දෑවට සැට් වෙන්නේ වර්නපාලයාගේ කඩේය...
    කඩයක් කිව්වට ඒක කොමිනිකේසන් එකක්ය....
    කොමිනිකේසන් එකක් කිව්වට ඒකේ නැති මගුලක් නැතිය...
    සිනී බොල ටොපි චොකැලට් විතරක් නෙමෙයි හාඩ්වෙයාර් වල තියා සිමෙන්ටි කොට්ට හිටන් තියනවාය...
    කොයි වෙලෙත් වැටෙන චුරු චුරු වැස්ස නිසා මේ ඉරිදා හැන්දෑවත් අපි වර්නපාලයාගේ කොමිනිකේසන් හාඩ්වෙයාර් එකටම සෙන්ටිමෙන්ටල් උනෙමු....
    කඩේට වෙලා පුල් ආතල් එකේ සීනි බෝලයක් සූප්පන ගමන් අපි ආ ගිය විස්තර කතා කොර කොර සිටියෙමු...
    මේ වර්නයා...
    උබ දැක්කට එළු පීටරයාගෙ සිල්ලර කඩේට එහා පැත්තේ තියන කුලී ගෙදරට අලුතෙන් පවුලක් ඇවිල්ලා ඉන්නවා...
    අනුරයා අපේ ගමේ මේ දවස් වල කතා වෙන හොට්ම නිව්ස් එක කරලියට ගෙනාවේය...
    ඔය කියන පවුලේ ලස්සන ලස්සන සුරංගනාවියක් වගේ කෙල්ලෙක් ඉන්නවා මමත් එහෙන් මෙහෙන් එළු පීටරයාගේ කඩේට යන ගමන් මීටර් කොර ඇත...
    මට පේන්නේ අනුරයත් ඒකට රබර් ඇහැ පෝකස් කොරනවා වගේ.....
    මම මුකුත් නොකියා දන්නේ නැති ගානට උන්නෙමි...
    ඔව් ඔව්....
    මම දැක්කා.....
    හම්මේ....සූකිරි බෝලයක් වගේ නෙහ්....
    මම දැක්කා දවස් දෙක තුනක් මේ පාරෙන් ගියා.....
    වර්නයා නොදන්න ගානට කිව්වට මම හිතන්නේ ඕකා ඇස් දෙක කටේ දාගෙන බලන් ඉන්න ඇත්තේ කෙල්ල දිහා...
    මම කෙල්ලෙක් දිහා බැලුවොත් ඉතින් හෙනහුරෝ අම්බානකුයි තවත් තුන් හතර දෙනකුයි නම් අනිවාර්යයෙන් ඉන්නවාය...
    මක් කොරන්නද...ලබා උපන් හැටි වෙන්ට ඇති මම...
    නොදන්න ගානට හිටියෙමි.....
    හතර පස් දෙනාම කච බච ගගා බෙරිහන් දෙන සද්දේ එක පාරම මීයට පිම්බාක් වගේ නැති විය...
    මොකද උනේ...එකෙක් මලාවත් ද...
    මම සේප් එකේ අනිත් උන් දිහා බැලුවෙමි....
    උනුත් කටවල් වහන් බලන් ඉන්නවාය...
    මම කඩේ දොර දිහා බැලුවෙමි.....
    කිරි අප්පට කොටදෙනියාවේ පොලීසියෙන් පැනපි.....කිව්වලු...
    මෙන්න අර කෙලි පොඩ්ඩ කොමිනියට ඇවිල්ලා...
    මෙච්චර වෙලා අර මොකුන්ද වගේ බෑගිරි තියපු අපි හෙනම ජෙන්ටල්මන්ස්ලා වගේ ඉන්නවාය...
    කෙල්ල අපි සැට් එකම දවා අලු කරලන බැල්මට් එකක් පෝකස් කරේය....
    මගේ පපුව මෙව්වා වෙලා මෙව්වා උනා වගේය.....
    ඒ දැරිවි සේප් එකේ වර්නයාට කතා කොරේය...
    අයියේ...
    මේ පෝන් එකේ සද්දේ ඇහෙන්නේ නෑ...හදලා දෙන්න පුලුවන් ද.....???
    වර්නයාගෙන් හාවක් හූවක් නැතිය...
    මම ඇග පුරාම ඉතුරු වෙලා තිබ්බ පුරුශ දයිරිය එක තැනකට මෙව්වා කොරන් සිංහ සෙයියාවෙන් වර්නයා කට අරින්න කලින් ගේමට එන්ටර් උනෙමි....
    කෝ දෙන්න නංගි මම හදලා දෙන්නම්...
    වර්නයා කන්න වගේ මන් දිහා බලනවාය...අනුරයා ගේ මූන නිකන් එකදාස් නමසිය හැට හතරේ නිදහස ගන්න යුද්දෙට ගොහින් වෙඩි කාපු ඌරෙක් වගේය...
    මම උන් එකෙක්වත් නොදැක්ක ගානට සේප් එකේ වැඩේ කොරගෙන ගියෙමි....
    දැරිවිට පෝන් එක දෙන්න කලින් මගේ පෝන් එකට සේප් එකේ මිස් කෝල් පාරකුත් කොටා ගත්තෙමි....
    අම්මේ ඉහේ මලක් පිපුනා වගේය...දෙන්නම් ජම්බු....
    අරුන් දෙන්නාගේ මූනවල් අල පොප් කෝන් හදන්න පුලුවන් ගානට රත් වෙලාය...
    කොරන්නට දෙයක් නැත...
    මෙයා මගේ පරම පවිත්ර පූජනීය පස්ට් ලව් එකය.....
    මේක නම් බොලාලට කොටාගෙන යන්නට නම් දෙන්නේම නැතිය....
    දැරිවිගේ පෝන් එක හදලා දීලා ආයේ මොනා හරි ප්රශ්නයක් තියනවා නම් කියන්ටත් කියලා පිටත් කෙරුවෙමි....
    පපුව පිච්චෙන තරමට හිනාවක් මෙව්වා කොරාපු කෙල්ල යන්නට ගියේය....
    අරුන් දෙන්නා පුල්ම අන්දොස් මූඩ් එකේ මන් දිහා බලන් ඉන්නවාය...
    ඔන්න බලපන් මම කෙල්ලව සැට් කොර ගන්න හැටි.....
    මම මගේ පෝං එකෙන් මැසේජ් එකක් කෙටුවෙමි....
    නංගි ඔයාගේ නම මොකක් ද....???
    සල්ලි සල්ලි කියලා නොබලා සෙන්ඩ් කොරෙමි.....
    අරුන් දෙන්නා ඉරිසියාවෙන් පුපුරනවාය...
    මම උන්ට කින්ඩි හිනාව දාගෙන රිප්ලයි එකක් එනකන් උන්නෙමි....
    විනාඩි පහක් ගියේ නැතිය...
    කෙල්ල මල් මල් හිනාවක් එක්ක ආයෙත් කඩේ දොර ගාවය...
    අම්මට හුඩු...එක මැසේජ් එකෙන් වැඩේ ගොඩද....
    අරුන් දෙන්නත් පුල්ම අන්දොස්ය....
    නංගි කියන්න....
    මේ අයියේ මේ මොකක් ද එකක් ආවා පෝන් එකට....
    කෝ බලන්න...
    මම පෝන් එක ඉල්ල ගෙන සේප් එකේ බැලුවෙමි....
    මගේ මැසේජ් එක දිලිසි ඩිලිසි පෝන් එකේ තියනවාය...ඕපන් කොරලාවත් නැතිය.....
    මේ මේ....මැසේජ් එකක් නන්ගි...
    අහ් එහෙමද....
    මම ඒවා කියවන්න දන්නේ නෑ අයියේ...
    මට ඒවා මකන හැටි කියලා දෙන්නකො....
    නොදෝකින්...
    ඉදලා ඉදලා කෙල්ලෙක හිත ගියොත් මොකාක් හරි කරුමයක් තියනවාමය...
    අරුන් දෙන්නා දැන් දෙකොනෙන් හිනා වෙනවා ඇති...
    මම යවපු මැස්සේජ් එක මම ම මකලා පෝන් එක කෙල්ලට දුන්නෙමි...
    අරුන් දෙන්න කටවල් තද කොරන් ඉන්නවාය...
    කෙල්ල ගිය ගමන් මට ඇති වන හතර විලි ලැජ්ජාවේ තරම මට හිතා ගන්නට බැරි තරමට ම ලොකුය...
    අනේ මම පව් ය....

    12190002_846108808840937_733342101337330727_n.jpg
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    අලුත් නැගලා යන එකක් කියපන්කො....
    ---------------------------------------------
    මේ දවස් වල යකා කට ඇරලා වගේ..අම්බානකට පොඩ්ඩ්ක වැඩි වෙන්න රස්නෙය...ඒ හින්දාම මේ දවස් වල උදේ හිටං හැන්දෑ වෙනකම් ඉහින් කනින් ගලනවාය.මේ රස්නේ අස්සේ අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් පිස්සු බප්ම් වෙන ජාතියේ වැඩකට අපි සෙට් වෙන්නට යනවාය...
    අපි සැට් එක බෝක්කුව උඩටම වෙලා ඉන්නට බැරි හන්දා අපි සැට් එක අලුත් වැඩකට සෙන්ටි මෙන්ටල් වෙන්න හිතුවෙමු...
    අපි සැට් එක එක්තු වෙලා බෑන්ඩ් එකක් දාන්නයි යන්නේ...
    අයිඩියා එක වර්ණ්පාලයාගෙනි.ඒ ඉතරක් නෙමේය...
    බෑන්ඩ් එකේ ප්‍රධාන ගායකයාත් ඌමය.එතකොට බෙලෙක්ක ජෝතියා ඩ්‍රම් ගහනවාය...
    අනුරයා තාලම්පට ගහන අතර මම තාලෙට අප්පුඩි ගහන්න හිතන් ඉන්නෙමි...
    ඒ උනාට වර්ණපාලයා නම් කිව්වේ මට ගිටාර් එක ගහන්න වෙනවා කියලාය....
    මේ හැන්දෑවේ බෝක්කුව උඩට සැට් උන අපි එහෙන් මෙහෙන් හොයා ගත්ත පොඩි පොඩි තසිම් කෑලි හතරක් පහක් එක්ක පහල වෙලේ විසුක් කරලා දාල තිබ්බ පරන බූලියකුත් හොයාගෙන අපේ පලවෙනි ප්‍රැක්ටිස් සෙසන් එකට සෙට් උනෙමු....
    මමත් පරන සැමන් ටින් කෑල්ලකට බකට් කම්බි දෙක තුනක් අටවන් තාලෙට සැට් වෙන්න බෝක්කු කැටේ උඩට සැට් උනෙමි...
    අපි ඔක්කොම රෙඩි කර ගත්තට වර්ණපාලයා තාම සිංදුවක් සිලෙක්ට් කරලා නැතිය...
    අඩෝ...වත්තට යන්නම් මලක් කඩන්නම්...ඒකෙන් පටට්න් ගනින්...
    ඒ අයිඩියා එක බෙලෙක්කයාගෙනි...
    නොදකින් කෑ දැත්තා....
    වර්නයාගෙන් බැනුමක් අහන්නේ නැතුව බෙලෙක්කයාට නම් ඉන්නම බැරිය...
    මේ...අල්ලපන්කො බන් මිල්ටන් මල්ලවාරච්චිගෙ නම්බර් එකක්....
    රික්වෙස්ට් එක අනුරයාගෙන්ය....
    නෑ...නෑ.....අලුත් නැගලා යන එකක් කියපන්කො....
    මමත් මැද්දෙන් කොක්කක් ගැහුවෙමි...
    වර්ණයා හෙනම බැරෑරුම් විදිහට කල්පනා කොරන ගමන් සින්දුවක් මීටර් එකට දා ගන්න හදනවාය...
    දීපන් සී ශාප් එකක්...
    සී ශාප්...මම පුල් අන්දොස් ය..
    ඒ අනුරයා එලු පීටරගෙ කඩෙන් මේ මූ කියන එක අරන් වරෙන් හෙට සල්ලි දෙන්නම කියලා....
    නෙදකින් බූරුවා කොහෙද ඉත්8ඉන් සංගීතේ කොරපු උන්ද...මට දීපන් සී ශාප් කෝර්ඩ් එක...
    වර්නයා මට කෑ ගනවාය...
    මම එහෙම එකක් ගත්තේ නෑ යකෝ තොට දෙන්න...ඇයි යකෝ අනේ....
    හරි හරි...
    බෙලෙක්කයා...
    අල්ලපන් තාලයක්....
    කොහෙද ඉතින් තොපි දන්න සංගීතේ...
    බලලා ඉගන ගනින්...
    වර්නයා සේප් එකේ අත පය එහෙම වනයා සිංදුවකට හෙනම මාන්දමික විදිහකට දැහැන් ගත විය.....
    වර්නයා...සිංදුවක් කියනවාය....
    ආ....ආ......ආ.......//
    අම්මලා ආසයිලු....
    අපි ශර්ට් අදිනවට...
    කොන්ඩෙත් කොටට කපා...
    පැත්තෙන් බෙදනවට....
    ඉරි තුන හොදට මැදලා කලිසම් අදිනවට....
    ආ......ආ……අ...ආ.......
    අම්මට හුඩු මූ හයි පිච් යනවා යෑමක් ශ්‍රියා ගෝශාල් කැලේය...
    යකඩො...
    මූ හෙන වැඩ්ඩෙක් නේ....
    මම එහෙම හිතුව ඉතරය...
    වර්නයා එක පාර පපුව අල්ලගෙන් බිම වැටුනේය...
    හුස්ම ගන්න බෑ වගේ.....
    හුස්ම හිර උනා....
    වරන්යා කෙදිරි ගානවාය...
    මල කෙලියයි...
    මදැයි හයි පිච් ගියා...
    වර්නයාවත් උස්සන් බූලී තසිම් පෙරලගෙන අපි හන්දියේ ඩිස්පැන්සරියර්ට දිව්වෙමු...
    දුවන අස්සේ කල්පනා කොරේ ඩොකාට කොහොමෙයි කටක් ඇරලා කියන්නේ සිංදුවක් කියන්න ගිහින් පපුවේ අමාරුව හැදුනා කියලා....
    හතර විලි ලැජ්ජාවයි....
    කොකා
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    අනේ අයියේ කියපන්කො අහන හැටි...
    --------------------------------------------------------

    පහුගිය දවස් වල අම්බානක කර කුට්ටං ගැහිලා මේ ඊයේ පෙරේදා ඉදන් ලවක් දෙවක් නැතුව වැස්ස පටන් අරන්...
    වහිනකොටත් අපෙ බුවාලට අවුල්ය...
    පායනකොට ඊටත් වඩා අවුල්ය....මෙ පුල් මාවලස් රටේ අපෙ බුවාලගේ හැටි ඔහොමය.පොඩ්ඩ බැරි වෙද්දි අප්සෙට් වෙනවාය...
    මෙ දවස් වල අම්බානකට වැස්ස නිසා වැඩියෙන් එලි පහලියට බහින්නේ නැතිය.
    ගෙදරටම වෙලා ඔය ටෙලිවිසොන් එකේ යන හින්දි හරි කොරියන් හරි කතාවක් බලන් ඉන්නවාය.වැඩියෙන්ම බලන්නේ හින්දි කතාය.මොකද අර අලුත් ග්විසුමක් ද මොකක්ද්ද කේස් එකෙන් පස්සේ මෙහාට සිටි සිටි ගාලා ඉන්දියන් බුවාලා එන්න යනවලුය..ඉතින් උන් එක්ක කතා කොරන්න අපිත් ඉංගිරිස් ටිකක් ඉගැනගෙන ඉන්නත් ඕනෙනේ...
    හින්දි වගේම ඉන්ගිරිසුත් ඕනේ..
    මොකද සුද්දොත් එතකොට මෙහෙ එනවා යනවා නේ....
    අපේ ගෙදරට ගේවල් දෙකට එහා පැත්තේ ඉන්න මාලී නැන්දගේ පුතා පාලිතයා මේ ලගදි ඉංගිරිස් පන්තියකට දාලාය...
    අපේ අම්මා එක්ක මාලි ඇන්ටි කියනවා මම අහන් උන්නෙමි..
    පංතියක් කිව්වට ඒක කදවුරක්ලු...ඉන්ගිරීසි පුල්වන් වෙච්ච දාටලු ආයේ ගෙදර එවන්නේ...එතකම් තියාගෙන් උගන්නනවලු...
    ඒ කියන්නේ පාලිතයා ආයේ ගමේ එන්නේ නෑ කියන එකද මන්දා...
    මට තනියම හිතුනි...
    ඒ අස්සේ මාලි ඇන්ටි පුල් විස්තරේ අපේ අම්මාට දෙනවාය
    දවසම කතාව ඉන්ගිරිස් වලින්ලු...
    කන්න බොන්න දීලා ඊට පස්සේ දවසම උගන්නනවලු....
    පාලිතයා උනත් දැන් ගෙදරට කතා කරන්නේ පුල්ම ඉන්ගිරිස් වලින්ලු...
    ආයේ සට සට ගාලා ගතා කරනවලු..
    මේ ලගදි ඌ සුද්දෙක්ට බැන්නලු බැනිල්ලා මාලි ඇන්ටි ඉස්සරහා සුද්දා ඇඩුවලු....
    අපේ අම්මත් ඔක්කොම අහන් මාවත් එකට අරින්නයි සූදානම...
    මම ඕකට ගියොත් මේ සම්මජාතියට එලියට එන්න වෙන්නේ නෑ....
    ඒක නම් මට ඉර හද වගේ සුවර්ය...
    ඒ හන්දාම මම බලවත් විරෝදයක් මෙව්වා කොට සේප් එකේ ඒ මරාලයෙන් ගැලවුනෙමි....
    මරාලයෙන් සේප් එකේ බේරිච්ච සන්තෝසෙටත් එක්ක මම වත්ත පහල තියන පැල තැඹිලි ගහෙන් ගෙඩියක් කඩාන බොන ගමන් සාලේ තියන හාන්සි පුටුවෙ ලාව්ට ඇලට් එකක් මෙව්වා කොරා හිටියෙමි...
    ටික වෙලාවකින් මගේ ජංගමයා ටොයින් ටොයින් ගානවා ඇසුනි...
    සුවර එකටම වර්ණපාලයා මොකක් හරි මරාල වැඩක් සැට් කොරලා ඇති.මම පොන් එක ගන්න ගමන් හිතුවෙමි...
    හෑහ්....
    දන්නේ නැති නොම්බරේකින් කෝල් එක...
    මම සේප් එකේ ආන්සර් කෙරුවෙමි...
    හලෝ...
    මේ මේ..අයියේ මම කතා කරන්නේ...
    කවුද එකෙක් එහා පැත්තෙන් කෙදිරි ගාන සද්දයක් එනවාය....
    මම කිව්වේ...
    මේ මම ...පාලිත
    පාලිත කිව්වේ...???
    පාලිත් අයියේ...මාලි නැන්දගේ පුතා පාලිත.......
    අහ් මේ උබද...මොකෝ මේ හොරෙන් හොරෙන් කෙදිරි ගගා කතා කොරන්නේ...???
    මම අර අම්මා යවපු ඉන්ගිරිස් කදවුරේ ඉන්නේ අයියේ...
    ඉතින් මොකෑ තෝ හොරෙන් කතා කරන්නේ...
    මෙහෙ සිංහලෙන් කතා කොරන්න දෙන්නේ නෑ බුදු අයියේ...මුන් ගහනවා...
    අනේ අයියේ පිං අයිති වෙයි උදව්වක් කරන්න...
    පාලිතයා අඩ අඩ දිගටෝම හොරෙන් කොදුරනවාය....
    කියපන් මොකක්ද.....???
    බුදු අයියේ මම හිත හදාගෙන ඉන්නේ...මම දන්නවා මට එන්න වෙන්නේ නෑ ආයේ ගමට...
    මට පොඩි උදව්වක් කොර්න්න පින් අයිති වෙයි...
    මට පොඩ්ඩක් කියාපන් "මගේ චාජරේ දෙන්න" කියලා ඉන්ගිරිස් වලින් කියන හැටි...
    හෑහ්...ඒ මොකටද...
    මෙහෙ ඉන්න සුද්දෙක් මගේ චාජරේ ඉල්ල ගත්තා බුදු අයියේ..
    මට දැන් උගෙන් ඒක ඉල්ල ගන්න තේරෙන්නේ නෑ අයියේ....
    පින් අයිති වෙයි අයියේ මට ඒක ඉල්ලන හැටි කියලා දීපන් බුදු අයියේ.....
    අන්තිම බැටරි චුට්ට අයියේ...
    කෙල්ලට කතා කර ගන්න විදිහක් නැතුව අයියේ ඉන්නේ....ඉහි ඉහි....
    ඈ යකෝ...
    මුගේ අම්ම දැන් ටිකකට කලින් කියලා ගියා නේද යකෝ මූ සිටි සිටි ගාලා ඉන්ගිරිස් වලින්ම කියොනවා කියලා....
    මම තනියම පුල් අන්දොස්ය.....
    අනේ අයියේ කියපන්කො අහන හැටි...///
    අරූ අනිත් පැත්තෙන් වැලහින්න වගේ අඩනවාය....
    පව්...
    කොල්ලට ආයේ එන්නම බැරි වෙයි වගේ
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    අපි එල කිරි ලෙස අදත් අනා ගත්තෙමු...
    ---------------------------------------------
    මේ පුල් මාවලස් අලුත් අවුරුදු සීසොන් එකය...අපේ ගම පුරාමත් අලුත් අවුරුදු ජිගිරි බිරිස් වැඩ කිඩ පිරිලාය...
    අලුත් අවුරුදු උත්සව....එතනින් ගියාම මියුසිකල් ශෝ එහෙම වැහි වැහැලාය...
    අපේ ගෙවල් ලග තිබ්බ අවුරුදු උත්සවේ දෙහි ගෙඩියට පොල්ලෙන් ගහලා මම පස්ට් ප්ලේස්ය...
    එතකොට කනාමුට්ටිය හැන්දේ තියාන ගොහින් අපේ අයියා පස්ට් ප්ලේස්ය...
    ඒ ඉතරක්ද මේ දවස් වල අපේ අක්කා අවුරුදු කුමාරිය වෙන්න ෆුල්ම ට්‍රයි එකය...
    තුන් කාලේ වැලි කඩදාසියෙන් අල්ලලා ලාවට පොටි පාරක් ඇරලා පොඩි කට් ඇන්ඩ් පොලිශ් පාරක් හන්දියේ සර්විස් එකේ ගුනේ අයියට කියලා දා ගත්තා නම් අක්කට ගහන්න අහල ගම් හතක එකෙක් නැතිය...
    ඒ උනාට අපේ අක්කා නම් හිතන් ඉන්නේ උන්දෑ එංගලන්තේ අර හැරීද කවුද කියන තට්ට සිමයියගේ මායියා කේට් කියලාය....
    අනේ ඉතින් උන්ගේ ආතල් කියලා මම නම් කට වහන් ඉන්නවාය...
    ඒ අස්සේ අපේ බෝක්කුව උඩ බැටෑලියන් එකත් අලුත් අවුරුදු උත්සව වලට බැහැලා අපිට කරන්න පුලුවන් මොනාද කියලා ප්ලෑන් එකක් ගහන්න සැට් උනෙමු....
    අනුරයා නම් එකෙන්ම ඔය අවුරුදු කේස් වලට නැතිය...බුවා එක එක පාරක් කොට්ට පොර ගැහුවා මට යන්තමට මතකය....තුනී ලෑල්ල වගේ ඉන්න ඕකට කොට්ටෙකින් ගැහුවත් දෙකට කැඩෙන හන්දා මම නම් කලින් ඉදන්ම කිව්වේ යන්න එපා පුතෝ කන්න වෙන්නේ සද ගුටි කියලාය...
    ඒ උනාට දෙන්නම් ජම්බු කියලා ගිය අනුරයාට පුවක් කොටේ උඩ බැලන්ස් වෙන්න කලින්ම අනිත් එකා දුන්න පාරට බිම වැටුනේ ගෙම්බා ගැහුවා වගේය...
    වැඩි අවුලක් උනේ නැතිය..අනුරයාට සතියකට පස්සේ සිහිය ආවේය...ඌට කොට්ට පොර ගහපු සීන් එකක් මතක නැතිය...ඌට මතක් පුවක් දෙබලකට නැග්ග හැටි විතරලුය....
    එදායින් එදා ඌ නිදා ගනවත් කොට්ට පාවිච්චියක් නැතිය...
    අපේ බෙලෙක්ක ජෝතියා මම සහා වර්ණපාලයා ප්ලෑන් කොරේ ග්‍රීස් ගහට නැගින්නය....
    ඒ උනාට අනුරයා පස්ස ගහන හින්දා වැඩේ අතෑරියෙමු...
    පස්සෙන් පස්සේ අපේ ප්ලෑන් එක උනේ ගම හරහා දුවන්න සැට් වෙන්නය...
    අතර මග පාගල් එකේ ගිහින් ඊට පස්සේ චැක් පොයින්ට් කිට්ටුව බයිසිකලෙන් බැහැලා දුවලා කොහොම හරි තෑග්ග ගන්න හිතාන අපි වැඩේට සැට් වෙන්න තීරනය කලෙමු... අනුරයාගේ නම් අයිඩියා එක ඌට තහනම් උතේජක දීලා හරි ගොද දාන්නය....
    අපි නම් ඔය මාස්ටර් ප්ලෑන් වලට සැට් වෙන්නේ හරි බයෙන්ය...
    ඒ උනාට අපිට කොරන්න දෙයක් ඇත්තේම නැතිය...හැමදාම ප්ලෑන් එක උගෙන්මය...
    අනුරයාගේ ප්ලෑන් එකේ හැටියට අපි බෙලෙක්කයාට ඌටත් හොරෙන් තරගේ මැදදි තහන්ම් උතේජක දෙනවාය...
    ඌ ඒක බොනවාය....
    ඌ තරගෙන් දිනනවාය....
    කොහොමෙන් කොහොම හරි අපි සැට් එකම ප්ලෑන් එකේ හැටියට බෙලෙක්කයා එක්ක ගම හරහා දුවන රේස් එකට සැට් උනෙමු....
    අපි සැට් එක පුටාර් තුනක් හොයාන උගේ පස්සෙන් යන්න සැට් උනෙමු....
    අනුරයා මොකද්දෝ ටින් එකක් සාක්කුවේ හන්ගාගෙන ඉන්නවාය...
    මම දැක්කට ඕවා ගැන නොදන්න නිසා කට වහන් උන්නෙමි...
    පාර දෙපැත්තේ උන් ගහන වතුර පාරවල් කාගෙන් බයික් වල එන උන් දෙන වතුර බෝතල් නාන ගමන් බෙලෙක්කයා තරගයේ අන්තිමයාට එකෙක්ට කලින් එල කිරි වගේ දුවනවාය...
    අනුරයා හෙමින් සාක්කුවට අත දමා ටින් එක අරන් කඩලා බෙලෙක්කයාගේ අතට දුන්නා විතරය...බීපන් කියන්න කලින් මෙච්චර වෙලා ඔලුවේ හලා ගත්ත වතුර සිහියෙන් උන්නු බෙලෙක්කයා ටින් එක ඉස් මුදුනේ හලාගත්තේය...
    අනුරයාගේ මූන දෙරි කුන්ඥ්ඥන් වෙලාය...
    මම සේප් එකේ උඩ බලා ගත්තෙමි....
    අපි එල කිරි ලෙස අදත් අනා ගත්තෙමු...
    අලුත් අවුරුද්දට බෙලෙක්කයා තහනම් උත්තේජක බිව්වේ එහෙමය....

    කොකා
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    ඔට්ටුව දැම්මේ මේ මැච් එකට නෙමෙයි
    ---------------------------------------------
    අම්බනකට කර කුට්ටන් වෙලා යන වෙදර් එක අස්සේ ඉහින් කනින් පෙරාගෙන පේස් බුක් එකේ පීලීන් කූල් කියලා ඉට්ටෙටස් එකක් දාලා ගන්න ජොලිය වෙන කෝමවත් ගන්න බැරිය කියලා තමයි වර්නයා නම් කියන්නේ...ඒ හින්දාමමද මන්දා ඌ දවසට දෙතුන් පාර ඉට්ටෙස් නම් දානවාය..කතාවෙන් කතාව අද ලියන්නට ආව එකත් තව පොඩ්ඩෙන් අමතක වෙනවාය.මේ දවස්වල වර්ල්ඩ් කප් ෆීවර් එකය....
    මට නම් ඔය බෝල් කෙලිය එච්චරටම තේරෙන්නෙම නැතිය..ඒ උනාට අර අගිස්සේ ගැට ගහලා තියන ලනුවට උඩින් ගියොත් ලකුනු හයයි ඒකට යටින් ගියොත් ලකුනු හතරයි කියලා දන්නවාය...ඒකටත් එක්ක වර්ණයා නම් ක්‍රිකට් කාලා ජෝ බීලාය...හප්පා....ඌ දන්න ජාතී...
    ඌ එක්ක මැච් එකක් බලන්නම ඕනෑ ඒකේ ආතල් එක තේරෙන්න...
    ඊයේ පෙරේදා ලංකාවේ උන් ගහපු මැච් එක බලලා ඌ කිව්වේ ඕවරෙට තව බෝල තුනක් වැඩියෙන් දුන්නා නම් අපි දිනනවා කියලාය...
    ඊට කලින් දාක මැච් එකක් බල බල උන්නු බුවා කිව්වේ ඩැරන් සැමී පෙරේදා අටු කොස් කාලා දැන් නිදි මතේ හොර කොටනවා කියලාය...අන්තිමට බලපු ඉන්දියන් පකිස්තාන් මැච් එකේ නම් බුවාට හොදටම මල පැනලා උන්නේ සුනිල් ගවස්කාර් දම්මලා ගහපු නැති එකටය...ඊටත් වඩා ශොයිබ් අක්තාර් නම් ගහන්නම තිබ්බ ප්ලේයර් කෙනෙක්ක් කියලා තමා කියන්නේ බුවා....
    ඊයේ පෙරේදා ටූනම්ට් එකේ අන්තිම මැච් එකය...
    එංගලන්තයයි වෙස්ට් ඉන්ඩීස්ලගෙයි මැච් එක බලන්න අපි කට්ටියම සැට් උනේ වර්නයාගේ ගෙදරටය...
    අගල් හැට හුටාහාමාරක් විසාල ටීවී එක ඉස්සරහා පත බෑවිලා වර්නයාගේ විස්තර විචාරයත් එක්ක අපි මැච් එක බලනවාය...
    මේ පාරනම් එන්ගලන්ත කාරයෝ ගහනවා බන් මැච් එක ඔන්න බලපන්කො....
    වර්නයාගෙන් අනාවැකියක්ය...ඕකා ඔහොම කීප වතාවක්ම කිව්වා මට මතකය...ඒ හැම මැච් එකම අම්බානකට ඌ කියපු ටීම් එක බෙදාගෙන කෑවේය...
    උබ කොහ්මද එහෙම කියන්නේ...
    ප්‍රශ්නය අනුරයාගෙන්ය....
    ටොස් එක දානකොටම උලුඅස්සේ ඉදන් හූනෙක් චුක් චුක් ගෑවා...එතකොටම සැමියා ටොස් එක දිනලා අරුන්ට ගහන්න දුන්නා....
    අන්න එතකොටම මම දැන ගත්තා බඩු බනිස් කියලා...
    හෑ....යකූ හූනෝ හින්දත් මැච් පරදිනවද...
    ඔව් යකෝ...අනූ හයේ අපි කප් එක ගහපු කාලේ උබ දන්නවද ශේන් වෝන්ගේ ඇගට හූනෙක් වැටුනා...ශේන් වෝන් එවෙලෙම ඈපා ලිතෙන් බැලුවා...මොකද්ද දන්නවාද තිබ්බේ...භයානක පරාජයක් අත්වෙයි....
    අන්න බලපන් ඈපා ලිතෙන් බලලා කොල්ලා බය වෙලා පැරදුනේ අදත් එහෙම තමා වෙන්නේ...
    අම්මටහුඩු...
    වර්නයා තරම් ක්‍රිකට් ගැන අපේ ක්‍රිකට් බෝර්ඩ් එකවත් දන්නේ නැතුව ඇති යකෝ....
    ඈ බන් වර්නයා....
    කොහොමද බන් උබ ඔච්චර ඕවා ගැන දන්නේ...
    වර්නයා හෙනම පොර ලීලාවෙන් මං දිහා බලනවාය...මම ඉතින් මැච් බලලම තමයි...
    උබට කියන්න ඊයේ හවස සැමී මට කතා කරලා කිව්වා හෙට නම් මැච් එක කොහොමහරි ගහනවා කියලා....
    ඈ....ඩැරන් සැමීද...
    නෑ නෑ...හන්දියේ වින්කලේ සැමී අයියා බන්....මේ පාර අවුරුදු උත්සවේට එල්ලෙ ගහනවා නේ බන්..ඒ එල්ලේ මැච් එක බන්....
    අහ්...උබලට කියන්න අමතක උනා නේ...වර්ණයා ආයේ කතාව කරගෙන යනවාය...
    මම ඔට්ටුවක් දැම්මා අපේ ලොකු අයියා එක්ක...
    අම්මටහුඩු...ඒ මොකටද...
    මේ කප් එක එංගලන්තේ ගන්නවා කියලා....
    හප්පට සිරි මොනාද ඔට්ටු දැම්මේ...
    මගේ පෝන් එක...ඔව්...පරාද උනොත් උගේ එක මම ගන්නවා...
    උබට දැන් හොදටම ශුවර්ද දැන් එංගලන්ත කාරයෝ ගහයි කියලා....
    ඔව් ඔව්....අද සුබ වර්නය රතු පාට...එතකොට සුබ දිසාව උතුර...අනිත් එක ජය අක්ෂරය ජෝ යන්න....
    ඔය ඔක්කොම බැලුව එංගල්න්තෙට තමා චෑන්ස් එක වැඩි...
    ජෝ රූට් මෑන් ඔප් මැච් වෙයි සමහරවිට....
    වර්නයාගේ තනිකර ගේම් එකට බැහැලම ඇනලයිස් එකක්ය.....
    හදිස්සියේවත් බන් මුන් කෑවොත් උබේ පෝන් එක අපරාදේ නේ...
    නෑ නෑ අවුලක් නෑ....
    ඒකටත් පොඩි ප්ලෑන් එකක් තියනවා මගේ ලග...
    ඒතකොට මම කියනවා ඔට්ටුව දැම්මේ මේ මැච් එකට නෙමෙයි හයිලයිට්ස් වලට කියලා.....
    මේක බැරි උනොත් කොහොම හරි උන් හෙට දවාලට පෙන්නන හයි ලයිට්ස් එකවත් ගහ ගනී නේ...නේ බන්.....
    කොහොමද අයිඩියා එක....
    නෙදකින් යකෝ...අපි මුන්ගේ ක්‍රිකට් ඇනලයිස් අහනවානේ...මට තනියම හිතුනි....
    කොකා
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    හෙනම සෙන්ටිමෙන්ටල් පොට් එකක තමා ජොබ් එක තීන්නේ... 01
    ---------------------------------------------------------------------

    උදේ පාන්දරම ඇහැරුනේ වර්ණපාලයාගේ ගෝරනාඩුවටය....
    උදේ පාන්දර නමයට විතර වර්ණපාලයා මොකක්දෝ පත්තර කොලයක් කිහිල්ලේ ගහාන අපේ ගෙදරට ගොඩ වෙලාය.
    අඩෝ කොකා බලපන් නිව්ස් එක...පස්ට් ජොබ් එකක් තියනවා...
    අම්මට හුඩු ජොබක්....
    කට දෙපැත්තෙ තිබ්බ පැනි පාරවල් අතින් පිහ දදා ඇද උඩ ඉද ගත්තේ මේ දවස් වල තියන ජිල් ටෝන් ආර්ථිකයට පුල්ස් ටොප් එකක් තියන්න පොටක්ද බලන්නය....
    මොකක්ද බන් සීන් කෝන් එක...
    මම සේප් එකේ ඇස් පොඩි කර කර වර්ණයාගෙන් ඇහුවෙමි...
    මේකයි සීන් එක.....
    හෙනම සෙන්ටිමෙන්ටල් පොට් එකක තමා ජොබ් එක තීන්නේ...
    හෑ...ඒ කොහෙද බන් එච්චරම සැන්ටිමෙන්ටල් පොට් එක බන්...
    අර අර පොල් ගහ යට කොටියා ඉන්නේ...අන්න ඒකේ.....
    කොහෙද බොල පොල් ගහ යට කොටියා ඉන්නේ....
    සත්තු වත්තෙද....
    මම හෙනම අන්දොස්ය...
    නෑ නෑ යකෝ....
    රාජ්‍ය කචල් පැන්ටා සංස්ථාවේ...
    අම්මට හුඩු කචල් පැන්ටා සංස්ථාවේද....
    මරු නේ යකෝ....
    මොකක්ද බොල පෝස්ට් එක...
    රස පරීක්ෂකද...
    නෑ නෑ...
    ට්‍රේනින් රිසර්ච් ඔපිසර්....
    ඒ කිව්වේ...
    ඒ කිව්වේ හරකෝ පුහුනු වෙන මේ මේ පරීක්ෂන නිලධාරී තනතුර....
    තිස්දාහකට එහා පඩි තියනවා...
    ඒ විතරක් නෙමෙයි...කෑම බීම ,ඉදුම් හිටුම් එහෙමත් තියනවා...
    අම්මට හුඩු යකො....
    ඔච්චර ජාති එක්ක දෙන්න ජොබ් එකට මොනෑයි අපෙන් ඉල්ලන්නේ...
    මුකුත් ඕනැන්නේ නෑ...
    යන්න ඉතරයි තියෙන්නේ...
    හෑ.....
    උබට සුවර ද...
    ඔව් ඔව්...
    හොදටම සුවර්...
    මේ බලපන් ඇඩ් එක....
    ඒ උනාට මට නම් හෙනම හිතට අවුල්ය....
    මොකද මීට කලින් වතාවකත් වර්ණයා ඔහොම ජොබක් ගැන කිව්වා මතකය...
    කැනේඩියන් කොම්පැනියක කලමනාකාර පුහුනුවක් ගැන...
    ඌයි මායි කලමනාකාර වර් වෙන්ට හිතාන ට්‍රේනින් එකට ඉන්ටව් ගිය හැටි අද වගේ මතකය...
    අයියගේ අලුත්ම සපත්තු කුට්ටමත් ණයට ඉල්ලන් ගිය හැටි අයියා තාම මතක් කොරනවාය..
    අපි ඉන්ටව් එකට ගිහින් ඉන්ටව් එක පාස් උනෙමු...
    පාස් උන දාම අපිව ට්‍රේනින් එකට මෙව්වා කලේය...
    ට්‍රේනින් එක පාර අයිනේ මදුරු රැකට් විකුනනටය...
    එතකොට මේ ඇඩ් එකේ තිබ්බේ මැනේජ්මන්ට් ට්‍රේනින් එකක් කියලනේ සෑර්...
    මම හෙමින් සැරේ මාව ඉන්ටව් කරපු එකාගෙන් ඇහුවෙමි.....
    අහ් ඔව්...
    ඔයාලා දැන් ඉදන් මැනේජර් ලා...
    ඔයාලා දෙන්නා මෙහෙ ඒරියා මැනේජර්ලා...ඔය රැකට් ටික විකුනලා එන්නකො ...
    වැඩ හොද නම් ප්‍රොවින්ශියල් මැනේජර් කරන්නත් පුලුවන්...
    එහෙම මැනෙජර් පොස්ට් එකකට ට්‍රේනින් ගිය අපිට රිසර්ච් ඔපිසර් පෝස්ට් එක ගැන බය ඇති වීම සදාරනය..
    ඒත් කමක් නැතිය...
    ගිහිල්ලම බලනවාය...
    මම හිත දැඩි කොර ගත්තෙමි...

    මතු සම්බන්දයි....
     

    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    හෙනම සෙන්ටිමෙන්ටල් පොට් එකක තමා ජොබ් එක තීන්නේ... 02
    -------------------------------------------------------------------------
    කතා කරත්ත විදිහටම මමයි වර්ණපාලයයි මදි පාඩුවට අනුරයාවයි සැට් කොරාන ජොබට ඉන්ටව් යන්ට සැට් උනෙමි...
    ඈ බන් වර්ණයෝ....
    දැන් අපිට උන් පඩිය කීයක් දෙයි දන්නේ නෑ නේ....
    මේ...මේ හතලික් ඉතර දෙනවා කීවා...
    හෑ...අනුරයා පුල් අන්දොස්ය....
    යකො...මරු නේ....මේ උබට සුවර් නේ මේ ජොබ කචල් පැන්ටා කොම්පැනියෙමයි කියලා....
    ඔව් ඔව්....එහෙ තමා බන්...
    මම නම් පඩි දෙක තුනක් එකතු කොරලා යනවා බන් රට...ඔව්...
    වර්නයාගේ අයිඩියා එක ඊකය...
    අනුරයා නම් වෑන් එකක් ගන්නවා කියලා තමා කියන්නේ...
    මම සේප් එකේ වර්ණයාට කිට්ටු කෙරුවෙමි...
    මේ වර්ණයා...අපිට දැන් ඔය ජොබ් එකේ මක්කයි කොරන්න තියෙන්නෙ...
    මෙහෙමනේ...
    අපි රිසර්ච් ඔපිසර්ස් ලා...
    ඒ කියන්නේ...අපිට තියෙන්නේ මොන කචල් පැන්ටා ද වැඩියෙන් බොන්නේ...
    මොනාද වැඩියෙන් ගන්නේ කියලා බලන්න එච්චරයි....
    සැහ්...හෙන ලේසි වැඩක් නේ බන්...
    ඔව්..ඔව්....
    මේ උබට සුවර්ද මෙච්චරම ගානක් අපිට පඩි දෙයි කියල....
    ඔව් ඔව්...දෙනවා දෙනවා...
    අපි හෙනම සෙන්ටි මෙන්ටල් මූඩ් එකේ ජොබට යන්න බස් එකේ යනවාය...අතර මග දකින දකින හැම කඩේකම් බෝඩ් බලන් වර්ණයා නම් කිව්වේ ඌ පලවෙනි මාසේ පඩියෙන් ඔය ඔක්කොගෙන්ම බඩු ගන්නවා කියලාය...
    මාත් වර්ණයා එක්කම ගිහින් ඔය ඔක්කොම කඩ වලින් බඩු ගන්න ඕනෑ...ඔව්...
    මොකද පොඩි පඩියක් නෙමෙයි නේ....
    මමත් හෙනම ප්ලෑන් ගොඩක් ගහගෙන ඉන්නවාය...
    කොහොමින් කොහොම හරි අපි ඉන්ටව් කොරන තැනටත් සෙන්ටි මෙන්ටල් උනෙමු....
    අඩෝ වර්නයා මට නම් දැන් පොඩ්ඩක් බයයි බයයි වගේ....
    බය නැතු හිටු...
    වර්ණය ඉස් ඉස්සල්ලාම ෆයිල් එකත් එක්ක ඉනට් එකට රිංගුවේය...
    පැයක් ඉතර ගියාට පස්සේ ඇස් රතු කොරාන බුවා එලියට ආවේය....
    වර්ණයාගේ ඩයල් එකේ හැටියට මොනා හරි වෙලා වගේය...දෙවැනියට අස්සට රිංගපු අනුරයාත් පැයකින් ඉතර මූන බෙරි කොරාන එලියට ආවේය...
    මුන්ට ඇතුලෙදි කචල් පැන්ටා පොවලාවත් ද....
    මගේ චෑන්ස් එකය...
    මමත් පුරුශ දහිරිය සාක්කුවේ දාගෙන වැඩේට එන්ටර් උනෙමි...
    ඉන්ටව් කොරන්න හිටියේ රොම්බ සයිස් බුවෙකි...
    අරුන් දෙන්නට මූ නෙලලාවත් ද...
    මොකටත් සූදාන්ම් සරීරයෙන් ඉන්ට ඕනෑ...
    අහ්හ්....ඔයාට අපේ කොම්පැනියේ කරන්න තියෙන්නේ හරි ලේසී වැඩක්...
    බුවා කතාව පටන් ගත්තේය....
    ඔයා දන්නවානේ අපි තමා ලංකාවේ ඔකුම කචල් පැන්ටා කොම්පැනිය...
    මේ දවස් වල අපේ කචල් පැන්ටාවලට තරග කොරන තව ජාතියක් තියනවා.
    ඔයාට කරන්න තියෙන්නේ අපි කියන බාර් එකට ගිහින් බේබද්දෙක් වගේ පොඩි ඇක්ට් එකක් දාලා මෙහෙම කියන්න ඕනේ...
    ඔය කචල් පැන්ටා එක වැඩක් නෑ...මේක තමයි සිරා...
    මම කියනවට ඔයා බීලා බලන්න...
    අන්න එහෙම කියලා අපේ කචල් පැන්ටා එක ප්‍රමෝට් කර්න්න ඕනෑ....
    ඔයාට පඩිට දහදාහක් දෙනවා...
    ඒ උනාට කලින් හතලිහක් දෙනවා කිව්වේ...මම ගොත ගැහුවෙමි....
    මෙහෙමයි...
    ඔයා ඔය බාර් එකේ ඉද්දි හදිස්සියේවත් වලියයකට අහුවෙලා ගුටි කාලා අඩු කැඩුනොත් අපි තිස්දාහක් දෙනවා බෙහෙත් කොර ගන්න....
    අන්න එහෙමයි හතලිහ හැදෙන්නේ....
    හෑ...යකො අඩු කඩා ගන්න ඕනැද හතලිහක් ගන්න....
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රැකට් විකුණන සීන් එකටනම් මළ පනිනව බං..:frown:
    රටේ නැති බොරු කියල අමාරුවේ දානවා.. දුර පළාත් වලින් එන උන් කරන්න දෙයක් නැති කමට කර ගහනවා..:(
    Anyway +Rep