කොකෝවා

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    download%2Bi.jpg


    සෞඛයට හිතකරයි
    ශරීරයෙන් මේදය ඉවත් කරයි
    කොකෝවා නිෂ්පාදනය කරනුයේ Theobroma cacoa නම් ශාකයෙනි.
    එහි උපන් බිම දකුණු අප්‍රිකාවයි. මෙහි ඵල මුල් අවස්ථාවේ දී කොල පැහැ වන අතර පසුව තැබිලි පැහැයට
    හුරැ වේ.ඵලය ඝනකම් පොත්තක් සහිත වන අතර ඇතුලත මාංසල බීජ රැසකින් යුතුය.
    එය චොක්ලට් තැනීමේ ප්‍රධාන අමුද්‍රව්‍යයයි.
    එය දෙවියන්ගේ ආහාරයක් ලෙසද නම් දරා ඇත.

    මෙහි ඵල වල ඇන්ටිඹක්සිජන්,පයි� ��ොකෙමිකල් ,ඛනිජලවණ ,ස්නායු සම්ප්‍රේෂණයට අදාල වන රසායනික සහ අත්‍යවශ්‍ය හෝමෝන අඩංගු බව පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.
    කොකෝවා රෝග ගනනාවකට සුවතාවයක් ඇති කිරීමටසමත් බව පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත.
    එනම් අධික රැධිර පීඩනය
    හෘද රෝග පිලිකා

    එපමනක් නොව මේවා රැධිරය පිරිසිදු කරන්නක් වේ.

    තවද විෂබීජනාශයක් ලෙසද ක්‍රියා කරයි.

    සර්පයන් දෂ්ඨ කිරිමේ ද විෂ නැසීමට කොකෝවා භාවිතා කෙරේ.

    images%2B2.jpg


    චොක්ලට් සෑදීමට ගනු ලබන්නේ කොකෝවා ගසේ සෑදෙන කොකෝ බීජයි. කොකෝ ඵල වසරකට
    දෙවරක් නෙලනු ලැබේ. පුලුස්සා පොතු ඉවත්කොට ගත් කොකෝ බීජ අධික උෂ්ණත්වයකට ලක්කලවිට උකු දියරයක් ලැබේ. මෙය චොක්ලට් ද්‍රාවණය ලෙස හඳුන්වන අතර මෙම ද්‍රාවණය කොකෝවා බටර් හා කොකෝවා පිටි ලෙස වෙන්කරගනු ලැබේ.

    ලංකාවේ බහුලවම පරිභෝජනය කෙරෙන මිල්ක් චොක්ලට් හෙවත් කිරි අඩංගු චොක්ලට්වල යොදය ‍හෝ වෙනත් කිරි නිෂ්පාදන හා සීනි අඩංගු වන අතර චොක්ලට් ද්රාචවණයෙන් 10%ක් ඇතුලත්කොට තිබිය යුතුය.

    ගුණයෙන් වැඩි යැයි සැලකෙන තද පැහැති චොක්ලට්වලද මිහිරි-කටුක මශ්‍ර රසැති හා අඩ පැණි රස චොක්ලට්වලද අවම වශයෙන් චොක්ලට් ද්‍රාවණය 35%කින් අන්තර්ගත විය යුතුය.
    බොහෝ දෙනා ප්‍රිය කරන මිල අධික සුදු පැහැති චොක්ලට්වල චොක්ලට් ද්‍රාවණය අඩංගු වන්නේ නැත. ඒ වෙනුවට එහි ඇත්තේ බටර්, සීනි, කිරි නිෂ්පාදන හා රසකාරක වේ. සුදු පැහැති චොක්ලට් අවම වශයෙන් කොකෝවා බටර් 20% වත් අඩංගු විය යුතු අතර සීනි ප්‍රමාණය 55% නොඉක්මවිය යුතුය. විද්‍යුත් නාසිකාව (Electronic Nose) යනුවෙන් හැඳින්වෙන උපකරණයක් මගින් චොක්ලට්වල සුවඳ ඇගයීමට ලක්කරනු ලැබේ.

    කොකෝවා සීනී රහිතව පානය කිරීම ඉතා ගුණදායක බව පෙන්වා දී ඇත.
    සිනී වෙනුවට කිතුල් පැණි කොකෝවා පවුඩර් වලට එකතු කිරීමෙන් චොක්ලට් සදා ගත හැක
    ලංකාවේ කිතුල් පැණි බහුල බැවින් මෙවැනි ගුණාකත්මක නිෂ්පාදන ඇති කල හැක.

    උපුටා ගැනීම- Article value of coco powder