කොච්චර බෙහෙත් බිවුවත් ගුණයක් නැහැ

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
කොච්චර බෙහෙත් බිවුවත් ගුණයක් නැහැ

ඖෂධ වෙනුවෙන් රෝගීන්ගේ අනුකුලතාවය​

මොනතරම් බෙහෙත් බිව්වත් කිසිම ගුණයක් නැහැ. බොහෝ රෝගින්ගෙන් නැගෙන මේ මැසවිල්ල ඔබටත් හොඳින් පුරුදු ඇති. ඒත් රෝගවලින් සුවය ලැබීමට නම් වෛද්‍යවරයා විසින් නිර්දේශිත ඖෂධ මතම සීමාවෙන්නේ නැහැ. රෝගයට අදාල ඖෂධ නිර්දේශ ලබා දුන්නත් එය පාවිච්චි කරන පිලිවෙල ගැන සහ වෛද්‍යවරයා ලබා දෙන උපදෙස් අනුවම කටයුතු කිරීම සහ ශරීර සෞඛ්‍ය ( Health ) නිසි ආකාරව පවත්වාගැනීමට ඉතාම වැදගත් වෙනවා.



ශරීර සෞඛ්‍ය ( Health ) සඳහා නිවැරදි ඖෂධ නිවැරදි වෙලාවට නිවැරදි ප්‍රමාණයට ගන්න එක ඉතා වැදගත්
ඖෂධීය ප්‍රතිකාරවලින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් නිවරැදි ඖෂධ, නිවරැදි වේලාවට , නිවරැදි මාත්‍රාවෙන් නිවරැදි තාක්ෂනයට අනුව ලබා ගැනීම ඉතාම වැදගත්. රෝගියෙක් පැමිණ ලබා දුන් ඖෂධීය ප්‍රතිකාර වලින් සුවයක් නැතැයි කිව්වොත් එහිදී රෝගියාගේ පසුබිම ගැන සලකා බැලීම අවශ්‍යයි. සමහර විට රෝගියා ලබා දුන් උපදෙස් අනුව ඖෂධ පාවිච්චි නොකලා වෙන්න පුවන්.



බෙහෙත් වෙනුවෙන් ප්‍රතිචාර නොදක්වන්නේ ඇයි….
• ඇතැම් අවස්ථාවන්හිදී රෝගියා ඖෂධ වෙනුවෙන් අනුකූලතාවයක් නොදක්වන අවස්ථා ඇත. ඒ වෙනුවෙන් බලපාන හේතු සාධක කීපයක් ඇත.



• ඖෂධ පිලිබඳව රෝගියාට ඇති නොදැනුවත්කම ඖෂධ වෙනුවෙන් අනුකූලතාවයක් නොදැක්වීමට බලපාන ප්‍රධාන හේතුව වී තිබේ.



• එමෙන්ම වෛද්‍යවරයා විසින් ඖෂධීය ප්‍රතිකාර ලබා දීම සමග ලැඛෙන උපදෙස් රෝගියා විසින් අනුගමනය නොකිරීමත් නිසා ඖෂධ වෙතින් නිසි ප්‍රතිඵල ලැඛෙන්නේ නැති තත්වයක් ගොඩ නැගේ.



• රෝග සඳහා දිගුකාලීනව ප්‍රතිකාර ලබන රෝගීන් විවිධ අතුරු සංකුලතාවයන්ට ගොදුරු වීම එම ප්‍රතිකාර සමග බද්ධව පවතින තවත් තත්වයක් වී ඇත. ඖෂධීය ප්‍රතිකාර මගින් රෝගාබාධයන්ට සුවය ලැබුනත් සමහර ඖෂධ නිසා ඇති වෙන සු සු අතුරු ආබාධත් තිඛෙනවා.



• හිසරදය, කරකැවිල්ල, බඩදැවිල්ල වැනි අතුරු රෝග තත්වයන් ගැනත් වාර්තාවන් ලැඛෙනවා.

• ඇතැම් රෝගීන් මෙම නිදන්ගත රෝග වෙනුවෙන් විවිධ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබන අවස්ථා ඇත.එවිට මෙම වෛද්‍යවරුන් විසින් විවිධාකාර ඖෂධ විශාල ප්‍රමාණයකින් ලබා දෙනු ලැබේ. මේ අන්දමින් දිගුකාලීන ප්‍රතිකාර ලබන රෝග අතරට ගැනෙන්නේ මානසික රෝග , දියවැඩියාව, අධිරුධිරපීඩනය වැනි බෝ නොවන රෝග සහ පිලිකා, ඒඩ්ස් වැනි මාරාන්තික රෝග අයත් වේ.



• එමෙන්ම කාර්යබහුල ජීවිතය, සමහර අවස්ථාවල මෙම ඖෂධවල ගන්ධය, රසය වෙනුවෙන් රෝගියාගේ ඇති අකමැත්ත නිසා ඔවුන් නිසා පරිදි ඖෂධීය ප්‍රතිකාර අඛණ්ඩව පත්වා ගෙන යෑමට දක්වන පසුගාමිත්වයද ඖෂධ මගින් ලැඛෙන නිසි ප්‍රතිඵල නොලැබීමට හේතු වේ.



• ඇතැම් ප්‍රතිකාර ඉතා වේදනාකාරී වීමත් නිසා රෝගියාගේ ප්‍රතිකාර පිලිවෙත් නොදැනීම මග හැරෙන තත්වයට පත් වේ. විශේෂයෙන් දියවැඩියාව වැනි රෝග වෙනුවෙන් ලබා දෙන ඉන්සියුලින් නික්ෂේපනය රෝගීන් හිතා මතාම මග හරින්නේ වේදනාකාරී බව නිසාය. ශ්වසන ආබාධයන්හිදී ලබා දෙන ඉඉන්හේලර් උපකරණය නිසි ක්‍රමවේදයට අනුගමනය කිරීමට බොහෝ රෝගීන් උනන්දු නොවීම තවත් එක් හේතුවකි.



• ඇතැම් ඖෂධ අධික මිළ නිසා රෝගීන්ට තිඛෙන ආර්ථීක අපහසුතාවය මත නිර්දේශිත ඖෂධ අදාල කාලය වෙනුවෙන් ලබා ගැනීම මගහරින තත්වයට පත් වීමත් ඖෂධ වෙතින් ලැඛෙන ප්‍රතිඵල නොලැබීමට බලපාන හේතුවක් වී ඇත. නිසි විදිහට ඖෂධ භාවිතා නොකලොත්…. නිසි විදිහට ඖෂධ භාවිතා නොකලොත්…. නිසි විදිහට ඖෂධ භාවිතා නොකලොත්…. නිසි විදිහට ඖෂධ භාවිතා නොකලොත්…. වෛද්‍යවරයෙක් විසින් රෝගියා වෙනුවෙන් නිර්දේශිත ඖෂධීය ප්‍රතිකාර සහ පිලිවෙත් නිසි පරිදි අනුගමනය නොකිරීම නිසා ඇති වෙන අහිතකර ප්‍රතිඵල දෙයාකාර වේ. එහි එක් ප්‍රතිඵලයක් වන්නේ රෝගියාට වෛද්‍යවරයා ලබා දෙන ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල නොලැබීම හෙවත් ඖෂධ වෙනුවෙන් අනුකූලතාවයක් නොදැක්වීම නිසා රෝගියාට වෛද්‍යවරයා විසින් ලබා දෙන ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල නොලැබීම.



ඒ අතරම අනවශ්‍ය ලෙසින් අතුරු සංකුලතාවයන් ඇති වීම මෙහි දෙවැනි ප්‍රතිඵලයයි. ඖෂධ භාවිතයේදී එහි අනුකූලතාවය වෙනුවෙන් රෝගියා තමාගේ ජීවන රටාව, ආහාර, ගලපා ගත යුතු අතර එසේ නොවන්නේ නම් ඖෂධ වෙතින් ප්‍රතිඵල නොලැඛෙන අතර රෝග තත්වය උග්‍ර වී මරණය වැනි ඉතාම අවාසනාවන්ත තත්වයකට රෝගියා පත් වීම නොවැලැක්විය හැකි කරුණක් බවට පත් වේ. ඇතැම් අවස්ථාවල වෛද්‍යවරයා විසින් නිර්දේශිත ලෙසින් ප්‍රතිකාර නොලැබීම නිසා රෝගයට විසඳුමක් නොලැඛෙන නිසා රෝගියාට නිරන්තරව වෛද්‍යවරයා මුණගැසීමට සිදු වේ.එය එතරම් යහපත් කටයුත්තක් නොවේ. මේ නිසා රෝගියාට දිගුකාලයක් ඖෂධීය ප්‍රතිකාර ලබන්නට සිදු වෙන අතර එහි තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙසින් ඖෂධ වෙනුවෙන් ඇබ්බැහි වීම සහ ප්‍රතිරෝධතාවයක් ගොඩ නැගීම හෙවත් ඖෂධ ප්‍රතික්ෂෙප කරන තත්වයට පත් වීමේ අවදානමක ඇත. ඒ නිසා ඇති වෙන සෙසු ප්‍රතිඵල අතර සමාජ, චිකිත්සාගාර සහ ආර්ථීික ප්‍රශ්න ලෙසින් විවිධාකාර වේ.



නිසි විදිහට නිසි ඖෂධ භාවිතා කිරීම සෞඛ්‍යට ( Health ) හිතකරයි
නිසි විදිහට නිසි විදිහට නිසි විදිහට නිසි විදිහට ඖෂධ පාවිච්චියට රෝගීන් යොමු කරන්නේ… ඖෂධ පාවිච්චියට රෝගීන් යොමු කරන්නේ… ඖෂධ පාවිච්චියට රෝගීන් යොමු කරන්නේ… ඖෂධ පාවිච්චියට රෝගීන් යොමු කරන්නේ…



ඖෂධ වෙනුවෙන් රෝගියා ප්‍රතිචාර නොදැක්වීම නිසා ඇති වෙන අතුරු ප්‍රතිපල ඉතා අහිතකර ලෙසින් බලපවත්වන්නේ නම් එම තත්වය වෙනුවෙන් විකල්ප සොයා යෑම අනිවාර්යෙන්ම සිදු විය යුතු තත්වයකි. එහි එක් විසඳුමක් වන්නේ ඖෂධීය ප්‍රතිකාර සමග රෝගියාට ආහාර සැලසුම් කළ යුතු ආකාරය ගැන දැනුවත් වීම. ව්‍යායාම සහ වෙනත් අත්‍යවශ්‍ය තොරතුරු රෝගියාට ලබා දීමත් ඖෂධවලින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට බලපානවා. මෙම පසුබිම් සාධක සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම අලලා රෝගියාට දැනුවත් බව ලබා දීම ඉතා වැදගත් වේ.ලිඛිිත සන්නිවේදන මෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදන ඔස්සේ මෙම පනිවිඩය රෝගියාට ලබා දීමට හැකි අතර ඖෂධවේදීන් විසින්ද රෝගීන් දැනුවත්කිරීම වෙනුවෙන් සුවිශේ්ෂී මෙහෙවරක් ඉටු කළ යුතුය.



• ඖෂධ ලේබල් කිරීම

• විශේෂ ඇසුරුම් යොදා ගැනීම

• සරල සහ විවිධ ප්‍රභේද (උදාහරණ. දරුවන්ට සිරප් ආදි ලෙසින්)

• රෝගියාට ඖෂධ පාවිච්චි කරන පිලිවෙත් හඳුනා ගෙන කටයුතු කිරීම පමණක් නොව රෝගියාට උපස්ථාන කරන පුද්ගලයන් සහ සමීපතයන් දැනුවත් කිරීම වැදගත් වේ.


source http://thewoman.lk/health-main-focus-everyone/
 

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මෙහෙම දෙයකුත් තියෙනව...

Although there are many FDA-approved medications available for the treatment of OCD, medications don't seem to be effective for one-third of people’s OCD symptoms. This can happen because of genetics, body chemistry