කොටකෙතන

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නීතිපති උපදෙස් මත කොටකෙතන මව සහ දුව කපා කොටා ඝාතන සිද්ධියෙන් මන්ත‍්‍රී ධර්මසිරි සහ සනත් නන්දන නිදහස්

    පසුගිය වර්ෂයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මවක හා දියණියක ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ලොකුගම් හේවගේ ධර්මසිරි නමැති සැකකරු පැල්මඩුල්ල මහෙස්‌ත්‍රාත් නෙරන්ජලා චාන්දනී ඩයස්‌ මහත්මිය විසින් ඊයේ (02) නිදහස්‌ කරන ලදී.

    dharma.jpg


    ඒ සමඟම ගම්පහ හේනගමදී අතුරුදන් වූ ත්‍රීරෝද රියදුරු සනත් නන්දනද නිදහස් වූ අතර එල්. එච්. ධර්මසිරි සහ සනත් නන්දන යන දෙදෙනා මින් ඉදිරියට මෙකී පැමිණිල්ල විභාගයේදී සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු නොවන බවට නීතිපති නියෝගය අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

    සිද්ධියෙන් නිදහස ලද ධර්මසිරි අධිකරණය ඉදිරිපිටට රැගෙනවිත් තිබූ ඔහුගේම මෝටර් රථය ධාවනය කර සතුටින් පිටව ගිය බවද වාර්තා වුණා.

    2012 වසරේ ජනවාරි 31 දා කහවත්ත කොටකෙතනදී නයනා නිල්මිණි නම් 58 හැවිරිදි දෙදරු මව සහ උසස්‌ පෙළ සිසුවියක වූ සහ ඇයගේ දියණිය වූ කාවින්ධ්‍යා චතුරංගනී සෙල්ලහේවා කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධර්මසිරි අත්අඩංගුවට ගෙන තිබින.