දෙමටගොඩ චමින්ද...

knot

Junior member
  • Jul 29, 2022
    36
    16
    8
    #පාතාල_වැඩ_වගේම_පාවාදීම්_අතරත්_උඩින්ම_ඉන්න_දෙමටගොඩ_චණ්ඩියා_චමින්ද 🦅🦅🦅

    නම - සිරිනායක පතිරණගේ චමින්ද රවී ජයනාත්
    (823300786වී)
    වෙනත් නම් - දෙමටගොඩ චමින්ද
    වර්තමාන තත්වය - බන්ධනාගාර ගතව ඇත
    රැකියාව - කරපිංචා මුදලාලිගෙන් පටන් අරන් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ

    🦅 මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවීමේ ප්‍රධානතම හිටිය ගෝලයින් 🦅

    ®¥ මලීෂ ආකාෂ් (පුතා) නොහොත් කුඩු මලීෂ
    ®¥ රුවන් චමිල ප්‍රසන්න නොහොත් කුඩු රුවන්
    ®¥ කංජිපානි ඉම්රාන්
    ®¥ බටුවත්තේ චාමර
    ®¥ රසල් ස්මීත්
    ®¥ කුඩු දිළිණි

    දෙමටගොඩ රුවන්ගේ පුතා මලීෂ කාලියමුල්ල වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ විරසකයක් හේතුවෙන් මේ වන විට පහත අයවලුන් විරසක වී ඇත 🦅🦅🦅🦅🦅🦅

    ®¥ තුප්පැහි ආරච්චිගේ ප්‍රසාද් රුවන් නොහොත් කුඩු රොෂාන් නොහොත් මට්ටක්කුලිය රොෂාන්
    ®¥ කෝකිල මුදියන්සේලාගේ චාමර සම්පත් රුද්‍රිගෝ නොහොත් මහවත්තේ චාමර
    ®¥ සිබ්ලී මුනිවර් මොහොමඩ් සප්‍ රාස් නොහොත් චප්පා

    මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම හේතුවෙන් සමීප සබදතා නොමැති බවට අනාවරණය වේ 🦅

    ®¥මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉල්හාමි රිම්සාන් නොහොත් රිම්සාන්

    🦅දෙමටගොඩ චමින්දගේ ඉතිහාසය සහ ඔහු විසින් සිදු කර ඇති අපරාධ සම්බන්ධව 🦅

    01. දිවයිනේ සුප්‍රකට හොරොයින් ජාවාරම් කරුවෙකු සහ මිනීමරුවෙකු වන . දෙමටගොඩ චමින්ද යනු භාරත ලක්ෂ්මන් ඝාතනයේ චූදිතයෙකි 🦅🦅🦅🦅🦅🦅🦅

    (දෙමටගොඩ නාලන්ද පාරේ අලි දෙන්නා පන්සල ලඟ මස්වත්ත මොහුගේ ගම් පලාතය. අතීතයේ දෙමටගොඩ සිටි 'වලං කඩේ චන්දරේ' නම් චන්ඩියාගේ ගැන්සියට සම්බන්ධ වී සිටියේය. වලං කඩේ චන්දරේගේ මරණින් පසු (ඝාතනයකි) චමින්ද කරලියට එයි.
    පළමුවෙන්ම කෙළේ තිලංග සුමතිපාලලාගේ රේස් ඔට්ටු ලබා ගැනීමයි.
    පසුව හොරොයින් විකිනීම ආරම්භ කෙළේය. ඉන්පසු අලූ ගසා දමා ධනවතෙක් වූ අතර ඉස්සර පදිංචිව සිටි නිවස තට්ටු තුනකට ගොඩ නැගීය. පෙරදී මීගමුවේ සිට හෙරොයින් ගෙනැවිත් කොළඹ විකිණූ චමින්ද, දුමින්ද සිල්වා සමග මිතුරු වීමෙන් පසුව දුමින්දගෙන් හොරොයින් ලබා ගැනීම සිදු කෙළේය.
    මේ නිසා දෙදෙනා අතර ඉතා දැඩි මිත්‍රත්වයක් ගොඩ නැගිණ.

    මේ අතරවාරයේ දුමින්ද විසින් නාමල් රාජපක්ෂට දෙමටගොඩ චමින්ද හඳුන්වාදීමෙන් පසුව නාමල් විසින් ඔහුව දෙමටගොඩ නිල් බලකායේ සභාපති බවට පත් කෙළේය.

    මේ අතර 2011 මැද භාගයේදී ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ගෙනා දුමින්දගේ හෙරොයින් තොගයක් ගෙන ඒම සඳහා දුමින්ද සමග දෙමටගොඩ චමින්ද ද හලාවත මුහුදු තීරයට යයි. රැගෙන ආ හෙරොයින් කිලෝ 30න් කිලෝ 5ක් චමින්ද සිය වාහනයෙන් ගෙන එන අතර කිලෝ 25 ක් දුමින්ද විසින් සිය වාහනයෙන් ගෙන එයි.

    කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් වටලන්නේ එදිනය. දුමින්ද හෙරොයින් ප්‍රවාහනයට භාවිතා කෙළේ තමාට ලබා දී තිබූ ජනාධිපති ආරක්ෂක අංශයේ වාහනයකි. මන්ත්‍රීවරයෙකුට ජනාධිපති ආරක්ෂක අංශයෙන් වාහන ලබා දිය නොහැකි නමුත් මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවන ඉහලම පුරුක වූ ගෝඨාභය විසින් ජනාධිපති ආරක්ෂක අංශයට අයත් කේ.එන්. 7046 දරණ ප්‍රාඩෝ වර්ගයේ රථය ලබා දී තිබිණ.

    වැටලීමේ දී දුමින්දගේ රථයට පලා යෑමට ඉඩ දෙන නමුත් චමින්දලාගේ රථය හසුවේ. මීගමුවේ දුම්රිය හරස්පාරකදී චමින්ද හසුවෙද්දී රථයෙන් බැස රේල්පාර දිගේ දුවන චමින්දට මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් වෙඩි තැබූවද වෙඩි නොවදී. නමුත් ඔහුගේ මල්ලී සමග හෙරොයින් කිලෝ 5ක් ද අල්ලා ගනී. පැන යන දුමින්ද සිල්වා කොතරම් බිය වූයේද යත් කෙලින්ම යන්නේ එවක පොලිස්පති මහින්ද බාලසූරියගේ නිවසටය. මහින්ද බාලසූරියට නිවාස කිහිපයක්ම සහ ඉඩම් කිහිපයක්ම ඒ වන විටත් දුමින්ද සිල්වා විසින් ලබා දී තිබූ බැවින් බාලසූරිය හිටියේ කුඩු දුමින්දගේ සාක්කුවේය. ගෝඨා දුමින්ද සහ බාලසූරිය සාකච්ඡාවකින් පසු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අල්ලා ගත් කුඩු කිලෝ 5 කේරල ගංජා විය. දෙමටගොඩ චමින්ද ද භාරවිය. නඩුවෙන් දෙමටගොඩ චමින්ද සහ මල්ලී ඇප ලබා නිදහස් විය.

    මේ සිද්ධියේ තමා දන්නා කොටස් පාර්ලිමේන්තුවේදී රවි කරුණානායක මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්න කෙලේය. ඇතිවූ ආන්දෝලනයත් සමග ගෝඨා-දුමින්ද සහ දෙමටගොඩ චමින්ද අතර දැඩි මිතුදමක් ගොඩ නැගිණ. එහි කූඨ ප්‍රාප්තිය නම් 'ගෝඨා කුඩු කාරයන් සමග ලගින බව' ප්‍රසිද්ධියේ කී ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන්ව තිදෙනා එක්ව කුමන්ත්‍රණය කර ඝාතනය කිරීමයි.

    #භාරත ලක්ෂ්මන් ඝාතනයේදී ටී-56 අවියෙන් බර්ස්ට් ප්‍රහාරයක් එල්ල කෙළේ දෙමටගොඩ චමින්ද විසිනි

    (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, ජනක බණ්ඩාර ගලගොඩ, සරත් බණ්ඩාර සෙසු සැකකරුවන් වන අතර ඒ සදහා 5 ටම මරණ දඩුවම නියම වී ඇත)

    02. කොටහේන - 2015.07.31 දින එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ රැලියකට වෙඩි තබා කාන්තාවක් හා තවත් පුද්ගලයෙකු ඝාතනය කර පුද්ගලයින් 11 දෙනෙකුට තුවාල සිදු කිරීම GCR 123/2015, කොළඹ ප්‍රධාන ම/උ බී 32798/3

    03. මට්ටක්කුලිය - සමිත්පුර දි චූටී උක්කුන් ඇතුළු 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම අළුත්කඩේ GCR 83/2016 / 3 62554/04/16,088 316/18

    (මෙම නඩුව සඳහා ලබා දී ඇති සාක්ෂි පරස්පර බැවින් සැකකරුවන් සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කර නඩුව අවසන් කර ඇත)

    04. ග්‍රෑන්ඩිපාස් - 2019.08.15 දින මාදම්පිටිය කනත්ත තුලදි අනමාලු රංග ඇතුළු තවත් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය සිදු කිරිම. GCR 121/2019, අළුත්කඩේ ම/උ බි 16281/04/19

    05.2024.08.01 බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි රූපලාවණ්‍යාගාරයක් තුලදී හෙට්ටිආරච්චිගේ දුමින්ද නැමති පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම 🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅

    (මේ වන විට මොහු මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර ඇත)

    06.හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කර උපයා ගත්තැයි කියන මිලියන 27ක මුදලක් වෙනත් අයකුගේ නමින් බැංකු ගිණුමක් පවත්වා ගෙන ගොස් පරිහරණය කළැයි යන චෝදනාව මත දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවී ජයනාත් කොළඹ මූල්‍ය වංචා ඒකකය විසින් ගොනු කර ඇති නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කරන ලදී.

    කොළඹ මහ බැංකුවේ මූල්‍ය රහස් අංශය විසින් කොළඹ මූල්‍ය වංචා ඒකකයට ලබාදුන් තොරතුරු මත මෙලෙස විමර්ශන ආරම්භ කිරීමෙන් පසු සොයාගෙන ඇත්තේ පළමු සැකකරු වන උදිත් නිශාන්ත යන අයගේ නමින් පෞද්ගලික බැංකුවක් තුළ පවත්වාගෙන ගොස් ඇති බැංකු ගිණුම මගින් මිලියන 27 කට අධික මුදලක් හුවමාරු වී ඇති බවය. විමර්ශනයේ දී ඒ කරුණු අනාවරණය වූ බව අධිකරණයේදී ප්‍රකාශ කෙරිණි.

    විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දෙමටගොඩ චමින්ද විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කර උපයා ගන්නා ලද මුදල් මෙලෙස පළමු සැකකරුගේ නමින් පවත්වාගෙන ගිය ගිණුම ඔස්සේ පරිහරණය කර ඇති බවයි.

    ඉදිරි විමර්ශන සඳහා දෙසැම්බර් මස 12 වැනිදා නඩුව කැඳවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. එදිනට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියම කළේය

    07. සංවිධානාත්මක අපරාධකරුවෝ සිය නඩත්තු සදහා මෙන්ම ගෝලබාලයන්ගේ අවශ්‍යතා ඉටුකරලීම සඳහා නීති විරෝධී ක්‍රියා බොහෝමයක් සිදුකරති. මත්දුව්‍ය ජාවාරම ඉන් එකකි. අනෙක වන්නේ කප්පම් ගැනීමයි. අතමිට සරු විවිධ ව්‍යාපාරිකයන් මරා දමන බව හෝ s ඔවුන්ගේ දුවා දරුවන් මරා දමන බවට බිය වද්දමින් තර්ජනය කරමින් ඔවුහු කප්පම් ඉල්ලති. මින් බියට පත්වන ඇතැම් පුද්ගලයෝ මේ බව පොලිසියට හෝ නොදන්වා මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ට ලක්ෂ ගණනින් මුදල් ගෙවා

    සිය ජීවිත මෙන්ම අඹු දරුවන්ගේ ජීවිතද රැක ගනිති. කප්පම් ගැනීමේ නිරත වන මෙවන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමද නිරන්තර සිදුවුවද ඔවුන් කප්පම් ගැනීම නම් නතර කර ඇති බවක් නම් නොපෙනේ.

    නොයකුත් අපරාධකරුවන්ගේ නම් පාවිච්චි කරමින් විවිධ පුද්ගලයන් බියට පත් කොට මුදල් ලබාගත් පිරිස්ද මේ අතර වන බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම සිදුවීමද එවන් ක්‍රියාවකි. සිද්ධිය වාර්තා වන්නේ පෑලියගොඩ පොලිස් වසමෙනි.තොග කඩ කිහිපයක හිමිකරුවකු වන හෙතෙම පෑලියගොඩ එළවළු වෙළෙඳපොළේ ව්‍යාපාරිකයෙකි. එමෙන්ම ඔහු දෙයියන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එහෙත් මේ වන විට ඔහු ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී. ඉකුත්දා ඔහුට දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර එය දෙමටගොඩ චමින්ද විසින් ලබා දී ඇත 🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅🦅

    07.දෙමටගොඩ චමින්ද, වෙලේ සුදා හා මිදිගම රුවන්ගේ සිර මැදිරිවලින් ජංගම දුරකථන මතුවේ

    දරුණුගනයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A,C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබේ.

    මෙම ජංගම දුරකථන හමුව ඇත්තේ බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව අද (09) සිදුකළ පරීක්ෂා කිරීමකදීය.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අදාළ දුරකථන සොයාගත් වාට්ටුවල ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින බවයි.

    එමෙන්ම මරණ දඬුවම නියමව සිටින “දෙමටගොඩ චමින්ද” රඳවා සිටින සිරමැදිරියේ තිබී ද ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

    මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “වෙලේ සුදා”ගේ සිරමැදිරියේ හා “මිදිගම රුවන් “ගේ සිරමැදිරියේ තිබී ජංගම දුරකථන හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ®¥ චමින්දගේ පුතාගේ වැඩ කෑල්ලෙන් ටිකක්

    01.විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.05 වන දින දෙමටගොඩ පොලිස් වසමේ අංක UD/54, කාලිපුල්ලවත්ත, දෙමටගොඩ යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීම් 02 ක් සිදුකර ඇත ඇත.එහි දී හෙරොයින් ග්‍රෑම් 09 මිලි ග්‍රෑම් 450 ක් සන්තකයේ තබාගෙන සිටි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක කාන්තාවක් හා අවුරුදු 44 ක පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

    මෙම මත්ද්‍රව්‍ය දෙමටගොඩ චමින්දගේ පුත් ආකාශ්ගේ ඒවා බවට අනාවරණය විය

    02 විශේෂ කාර්ය බලකාය මගින් 2024.09.03 වන දින ගොතටුව පොලිස් වසමේ වැටලීමක් සිදුකර තිබෙනවා.

    එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13, මිලි ග්‍රෑම් 250 ක්, විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අංගොඩ, ගොතටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ චමින්ද යන අයගේ පුතා වන මලීෂ ආකාශ් යන අයවළුන් සමග සමීප සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරගෙන ගිය අයෙකු බවටයි තොරතුරු අනාවරණය වන්නේ.

    03. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ පුතාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ගෝලයන් දෙදෙනෙකු හෙරොයින් සහ මත්පෙති සමඟ පොලිස් විශේෂ කාර්ය

    විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.04.28 වන දින දෙමටගොඩ පොලිස් වසමේ ලක්හිරු සෙවණ, කොළඹ 09, මහල් නිවාස සංකිර්ණයේ දී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

    එහි දී හෙරොයින් ග්‍රෑම් 07 ක් මිලි ග්‍රෑම් 550 ක් සහ ප්‍රීගැබ්ලින් මත්පෙති 80 සන්තකයේ තබාගෙන සිටි දෙමටගොඩ සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ අවුරුදු 41 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

    මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරිනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද යන අයගේ පුතා වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මලීෂ අකාෂ් යන අයගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය ජවාරම් සිදු ඇති බව අනාවරණය වී තිබේ.

    04. 2024. 11. 05 කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය පාලනය ඒකකය විසින් ඊයේ (4) මැලේසියාවේ සිට මෙරටට පැමිණි තායිලන්ත කාන්තාවක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇයගේ ගමන් මලුවල අසුරා තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5ක් හමු වූ බවයි.

    එම මත්ද්‍රව්‍ය චාමර හා මලීෂගේ ඒවා බවට තොරතුරු අනාවරණය විය 🦅🦅🦅🦅🦅🦅🦅

    Wait and watch තත්තගෙ අඩිපාරේ ගිහින් ජීවිතය විනාශ කරගන්න දගලන මලීෂ ඇතුලුව පරණ අලුත් ගෝලයන්ගේ තොරතුරු හා අපරාධ සම්බන්ධව බලාපොරොත්තුවන්න