කොටස් එක් කලහැකි නව ස්මාට්ෆෝන් 2015 දී වෙළඳ පො

hasitha888

Member
May 3, 2014
3
1
0
කොටස් එක් කලහැකි නව ස්මාට්ෆෝන් 2015 දී වෙළඳ පො


කොටස් එක් කලහැකි නව ස්මාට්ෆෝන් 2015 දී වෙළඳ පොලට

phone.jpg

ගූගල් ආයතනයේ අරා නම් ව්‍යාපෘතිය(Project Ara) ආරම්භ කර ඇත්තේ අනාගත ස්මාට් ෆෝන් තාක්ෂනය නව ගමන් මගකට යොමු කිරීමටයි.2015 ජනවාරි මස වළඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන නව “ආංශික ස්මාට් දුරකථනය“ (modular smart phone) හි විශේෂත්වය වන්නේ නමෙන් සඳමන් කරන ලෙසටම මෙම උපකරණය මෘදුකාංග වශයෙන් පමණක් නොව දෘඩාංග කොටස් ද වෙන් වෙන්ව එකතු කර හැකි ලෙස සැලසුම් කර තිබීමය.

ව්‍යාපෘති ප්‍රධානී පෝල් රේමන්කෝ සඳහන් කරනුයේ ලබන වසර ජනවාරි වන විට ඉදිරිපත් කරන මුල් හඳුන්වා දීමේ දී ස්මාට් ෆෝනයක මිල ඩොලර් 50 පමණක් වනු ඇති අතර ස්මාට් ෆෝන් තාක්ෂණය උඩි යටිකුරු කිරීමට මෙම නව ෆෝන් තාක්ෂනය සමත් වනු ඇතැයි විශ්වාසය පල කරයි.

මෙම දුරකථනය මූලික ස්වභාවයේදී ඉතාමත් චාම් සහ අඩු ක්‍රියාකාරීත්ව ප්‍රමානයකින් යුතුව නිකුත් වන අතර, මෙම සිතා මතාම ඉතා සිත් නොගන්නා ලෙස නිම කර ඇත. එහෙත් තමාට අවශ්‍ය ලෙස අලුතෙන් ඒකක ලෙස තමන් කැමති ඒකක සහ ක්‍රියාකාරීත්වයන් එක් කර ගෙන මෙම දුරකථනය අගනා නවීන පහසුකම් වලින් යුතු එකක් බවට පත්කර ගැනීම භාවිතා කරන්නාගේ වගකීමක් බවට පත්වේ.

පාරිභෝගිකයාට මේ වන විටත් දුරකථනයේ තමන් කැමති පාලක මෘදුකාංගයක් ඇතුලත් කර ගත හැකි අතර (operating system),දුරකථන කොපුව, සහ මෘදුකාංග තම අභිමතය අනුව සකසා ගත හැකිය. ඒ අනුව දුරකථනයේ භෟතික ස්වභාවය හෙවත් දෘඩාංග ද පාරිබෝගිකයාට තම අභිමතය අනුව සකසා ගැනීමට අවශ්‍ය කරන විවෘත දෘඩාංග පදනමක් (open hardware platform) බිහි කිරීම ගූගල් ආයතනයේ මෙම අරා ව්‍යාපෘතිය(Project Ara) මගින් අපේක්ෂා කරයි. එසේම මුල් වරට මිලදී ගත් පසු අවම වශයෙන් වසර 5-6 ක් විවිද භෟතික සංවර්ධනයන් සිදුකරමින්, නව තාක්ෂණික කොටස් එකතු කරමින් දුරකථනයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරගැනීමට පාරිභෝගියාට අවස්ථාව ලැබේ. තවද පාරිභෝගිකයාගේ සුවිශේෂී අවශ්‍යතා අනුව අවශ්‍ය කොටස් ත්‍රිමාන පිටපත්කරනය මගින් සකස් කර දීමද මෙම තාක්ෂණය තුල බලා පොරොත්තු වේ.

අරා ව්‍යාපෘතිය(Project Ara) පිහිටුවා ඇත්තේ ගූගල්හි දියුණු තාක්ෂණ ව්‍යාපෘති කණ්ඩායම (Advanced Technology and Projects (ATAP) group ) හි වන අතර ව්‍යාපෘතිය හසුරවනු ලබන්නේ පෙර ඇමරිකානු ආරක්ෂක ආයතනයෙහි දියුණු තාක්ෂන පරීක්ෂණ ව්‍යාපෘති ආයතනයෙහි(DARPA) අධ්‍යක්ෂක ලෙස කටයුතු කල රෙගිනා ඩියුගන් ය.

පසුගිය ඔක්තෝම්බර් මස ආරම්භකරන ලද මෙම ව්‍යාපෘතිය මගින් මෘදුකාංග ලොවේ ඇන්ඩ්‍රොයිඩ් පාලන ඒකකය මගින් සිදුකල විප්ලවයට සමාන විප්ලවයක් දෘඩාංග ලොවෙහි සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ අවශ්‍ය ලෙස සැකසිය හැකි දෘඩාංග එකලස් කිරීමේ හැකියාව ඇති පද්ධතියක් ගොඩ නැගීම වන අතර ඊට අවශ්‍ය වන දෘඩාංග සකස් කිරීමේ පිටස්තර ආයතන පද්ධතියක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය සැකසීමද මෙම ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තුවේ.


ලංකා සයන්ස්.කොම්
 

Similar threads