කොටස් වෙළඳපොල

Opadupa Wayikkiya

Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    ලංකාවේ share market එකේ invest කරන අය කවුද ඉන්නේ ? උබලගේ අදහස් මොනවද ඒක ගැන හොදයිද එපාද ?
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    finance company watenawa ne ban me dawaswala?
    Amana eka ehema hodai me tike,ubata ekak kiyandna puluwannm menna meke aran daal tiyaganin tikak SINGHE HOSPITALS issarahata hodata up wei kiyala hithenwa
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    me dawas wala market eka lesatama wetila thiyenne. Under valued share balala ganna puluwannam hondai long term invest karanna.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    Thamath "mafia ring" ekada ban sharemarket eka run karanne.
    Dhammika,Nimal,Nalaka,Dilith, Ajith.....
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    Amana eka ehema hodai me tike,ubata ekak kiyandna puluwannm menna meke aran daal tiyaganin tikak SINGHE HOSPITALS issarahata hodata up wei kiyala hithenwa

    5000 vithara SINGHE HOSPITALS කොටස් ganna puluvanda?
    ganna honda thanak kiyannako, bank ekakin ganna puluwan neda?
    කොටස් වෙළඳපොල gana mukuthma danneth na,
    vathurata bahalama puruduvenna baluwe, :nerd::rolleyes:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    1st CDS account ekak hada ganna, ubata laga tiyena brokerage ekak hoya gena,
    then u can invest with ur own,
    brokerage eke assit karannna kenek set karala dei ugen podi idea ekak ganin, but u meka ganna araka ganna kiwwa paliyata invest karanna epa, hodata market eka gena study parak dala karanna :yes::yes:
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    5000 vithara SINGHE HOSPITALS කොටස් ganna puluvanda?
    ganna honda thanak kiyannako, bank ekakin ganna puluwan neda?
    කොටස් වෙළඳපොල gana mukuthma danneth na,
    vathurata bahalama puruduvenna baluwe, :nerd::rolleyes:

    Stock broker company ekak set karaganan oni machan CDC account ekak hadaganan oni http://www.colombostockguide.com/2015/02/27/list-of-stock-brokers-operating-in-sri-lanka/ mama soft logic eke thama karanne ,mulin lokuwata gananna epa,rs 2000k 5000k a wage ganna test karananth ekka, eyala guide karanwa
     

    Opadupa Wayikkiya

    Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    1st CDS account ekak hada ganna, ubata laga tiyena brokerage ekak hoya gena,
    then u can invest with ur own,
    brokerage eke assit karannna kenek set karala dei ugen podi idea ekak ganin, but u meka ganna araka ganna kiwwa paliyata invest karanna epa, hodata market eka gena study parak dala karanna :yes::yes:
    Thanx machan
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48

    chatug

    Member
    Aug 9, 2018
    21
    4
    0
    Colombo
    If you invest in stock market you have to keep informed about the market developments, company situations and political environment. You have to consider it as finding a job and be dedicated to it. Also you have to educate yourself about the best strategies. Some educational courses are available at the CSE https://cse.edu.lk/. Don't just invest and wait until stock rises. Frequent buying and selling is the best strategy. Also, You have to act quickly in response to large scale (most of the times foreign) buying and selling.
     

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    01. කොටස් ගනුදෙනු සඳහා මා කුමක් කල යුතුද?

    ඔබ සතුව මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුමක් (සි. ඩී. එස්) තිබිය යුතුය. එහි ක්‍රියාදාමය ඉතා සරලය. කොටස් තැරැව්කරුවන් (stock brokers) අතුරින් එක් තැරැව්කරුවකු හමු වී ලියාපදිංචිය සඳහා ලියකියවිලි ලබා ගත යුතුය. පසුව එම ලියකියවිලි සම්පූර්ණ කර ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් සහ මාස 6ක් ඇතුළත ලබා ගත් උපයෝගිතා බිල් පතක් (පදිංචිය තහවුරු කිරීම සඳහා) සමඟ තැරැව්කරුට භාර දිය යුතුය. සාමාන්‍යයෙන් සී. ඩී. එස්. ගිණුමක් ආරම්භ වීමට දින දෙකත් තුනත් අතර කාලයක් ගත වේ.
    ඔබට තැරැව්කරු හරහා ඔබගේ සි.ඩි.එස්. ගිණුම ආරම්භ කර තිබේ දැයි තහවුරු කර ගත හැකිය. පසුව දුරකථනයකින් වුවද උපදේශකවරයෙකු අමතා කොටස් ගනුදෙනු කල හැකි වේ.
    ඉහත සඳහන් මුලික ලියකියවිලි සහ තොරතුරු තැරැව්කරු මත වෙනස් විය හැක.

    02. කොපමණ මුදලකින් ගනුදෙනු ආරම්භ කල හැකිද?

    ඔබට රුපියල් 100 කින් වුවද ගනුදෙනු ආරම්භ කල හැක. එය රඳා පවතින්නේ ඔබ ගනුදෙනු කිරීම සඳහා තෝරා ගනු ලබන සමාගමේ කොටස් මිල මතය. ඇතැම් සමාගම් වල කොටස් ගනුදෙනු වන්නේ ඉතා අඩු මිලකටය.
    ඇත්තෙන්ම ඔබට ඕනෑම මුදලකින් ගනුදෙනු කිරීම ආරම්භ කල හැකිය. එම නිසා දැන්ම ගනුදෙනු කිරීමට යොමු වන්න. ඔබ ලබා ගන්නා අත්දැකීම් සහ දැනුම උපයෝගී කර ගනිමින් ඔබගේ ආයෝජනය වැඩි දියුණු කරගත හැක.

    03. ලියකියවිලි සම්පුර්ණ කිරීම සඳහා උපදෙස්

    සි.ඩි.එස්. ගිණුමක් ආරම්භ කිරීම සඳහා ඔබ විසින් පහත සඳහන් ලියකියවිලි පිරවිය යුතුය. ඊට අමතරව ඔබගේ තැරව්කරු ඔවුන් සපයන සේවාවන් සඳහා වැඩිදුර තොරතුරු ඉල්ලා සිටිය හැක. පහත සඳහන් ලියකියවිලි භාවිතයේදී යොදා ගන්න ආකාරයෙන් දක්වා ඇත.
    නිවැරදිව පිරවූ සි.ඩි.එස් පෝරමය.
    ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්.
    ඔබ සතුව ජාතික හැඳුනුම්පත නොමැති නම් විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක් ලබා දිය හැකිය. (ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය නොමැතිනම් ජාතික හැඳුනුම්පත් අංකය දිවුරුම් ප්‍රකාශයක් මගින් සනාථ කල යුතුය.)
    ඔබේ හැඳුනුම් පතෙහි සඳහන් ලිපිනය සහ දැනට පදිංචි ලිපිනය එකිනෙකට වෙනස් නම් එහි පදිංචිය සනාථ කිරීම සඳහා උපයෝගිතා බිල්පතක් (විදුලි/ දුරකථන) ඉදිරිපත් කල යුතුය.
    ඉහත සඳහන් උපයෝගිතා බිල්පත ඔබ දෙමව්පියන්ගේ නමට ඇත්නම් එම ඥාතී සම්බන්ධතාවය සනාථ කල යුතුය.

    04. මා විසින් මිලදී ගත යුතු කොටස් වර්ගය පිළිබද දැනුවත් වන්නේ කෙසේද?

    ඔබට ආයෝජන උපදේශකවරයෙකු සිටින්නේ ඒ සදහා ය. සෑම තැරැව්කාර සමාගමකටම ප්‍රවීන ආයෝජන උපදේශකවරුන් කණ්ඩායමක් සිටි. ඔබගේ සි. ඩී. එස් ගිණුම ආරම්භයත් සමග තැරැව්කාර සමගම විසින් ඔබට ඔබ සදහා වෙන් වූ ආයෝජන උපදේශක වරයෙකු ලබා දේ. ඔබ ඔහු හට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් හෝ ඔහු හමු වීමෙන් ආයෝජනය කිරීමට සුදුසු කොටස් පිළිබද තොරතුරු ලබා ගත හැක. එහිදී ඔබගේ උපදේශකවරයාටද ඔබගෙන් විමසීමට යම් යම් තොරතුරු තිබිය හැක. උදාහරණ ලෙස ඔබ ආයෝජනය කිරීමට අපේක්ෂා කරනු ලබන කාලය, මුදල වැනි තොරතුරු ඔහුට ලබා දිය යුතුය.
    ඔබ ඕනෑම වෘතියක දී සිටින්නෙකු විය හැක. එමෙන්ම ඔබ ඔබගේ වෘතියෙහි ප්‍රවීනයෙකුද විය හැක. කෙසේ වෙතත් ඔබගේ ආයෝජන උපදේශකවරයා කොටස් වෙළදපළ ගනුදෙනු පිළිබද ප්‍රවීනයෙකු වේ. එම නිසා ඔහුගෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගන්න.
    එය කෙසේ වුවත් සෑම විටකම උපදෙස් ලබා දෙනු ලබන්නේ කොටස් වෙළදපළ පිළිබද තොරතුරු රැස් කිරීමටය.ඒ තුලින් ඔබට එහි ප්‍රවීනයෙකු මෙන්ම පොහොසතකු විය හැක.

    05. මා හට කොටස් වෙළඳපොළ තුල කොපමණ වේගයකින් මුදල් ඉපැයිය හැකිද? අවම ප්‍රතිලාභය කොපමණද?

    ප්‍රතිලාභ යනු සරලව, ඔබ අඩු මිලට කොටස් මිලදී ගෙන වැඩි මිලට විකිණීමය.* එසේම ඔබගේ ශුද්ධ ලාභය ගණනය කරනු ලබන්නේ ගැණුම් කොමිස් සහ විකුණුම් කොමිස් අඩුකිරීමෙන් පසුවය. එබැවින් ඔබගේ ප්‍රතිලාභ මුළුමනින්ම කොටස් මිල වෙනස් වීම් මත රඳා පවතී. කොටස් මිල විවිධ හේතුන් මත ඉහළ පහළ යා හැක.එම නිසා අපට නිශ්චිතව අවම ප්‍රතිලාභ හෝ මුදල් ඉපැයිය හැකි වේගය කිව නොහැක.
    ඔබ ආයෝජනය සදහා නිවැරදි ලෙස කොටස් තොරා නොගතහොත් ඔබට අලාභයන්ටද මුහුණ දීමට අවස්ථාව ඇත. ඔබගේ ප්‍රතිලාභ ඔබ තෝරා ගනු ලබන කොටස මතද රඳා පවතී.
    *කොටස් ආයෝජනයෙහි ලාභාංශ ප්‍රතිලාභ ද ඇත

    .
    06. කොපමණ කාලයකින් මට මගේ මුදල් නැවත ලබා ගත හැකිද?

    විකුණුම් ගනුදෙනුව සිදුවූ දින සිට වෙළඳ දින 3කින් අදාල මුදල ඔබගේ ගිණුමට බැර කෙරේ. එබැවින් ඔබ විකිණීමට අදහස් කරන ඕනෑම දිනක සිට වෙළඳ දින 3 ක් ඇතුලත මුදල් නැවත ලබා ගත හැකිය. ඔබ සැනෙකින් කොටස් විකිණීමට අදහස් කරන්නේ නම්, ඔබට එම කොටස් විකිණීමට හැකි වන්නේ වෙළඳපොළ පවතින මිලටය. කොටස් විකිණීමේදී බොහෝ දුරට ඔබට අවශ්‍ය මිලට කොටස් විකිණීමට නොහැකි විය හැකිය

    .
    07. මගේ මුදල් කොටස් වෙළඳපොළ තුල ආරක්ෂිත ද?

    ප්‍රථමයෙන් ඔබ කරනු ලබන්නේ කිසියම් සමාගමක හෝ සමාගම් කිහිපයක කොටස් මිල දී ගැනීමය. කොටස් වෙළඳපොළ සහ තැරැව්කරුවන් යනු ඔබගේ ගනුදෙනු සඳහා සහාය දක්වන්නන් පමණි. ඔබ සතුව සමාගමක කොටස් තිබෙනවා යනු ඔබට සමාගමෙන් සුළු ප්‍රතිශතයක අයිතියක් ඇති බවය.
    කොටස් මිල රඳා පවතින්නේ සමාගමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මතය. සමාගමේ ක්‍රියාකාරිත්වය හා ඒ පිළිබඳ වාසිදායක තොරතුරු පවතීනම් සමාගමේ කොටසක මිල ඉහල යා හැක. එසේම අවාසිදායකනම් එය කොටස් මිල පහල යාමට බලපානු ඇත. එම නිසා මුදල් වල ආරක්ෂිතභාවය බොහෝ විට රඳා පවතින්නේ තෝරාගත් සමාගමේ ක්‍රියාකාරිත්වය හා එහි තොරතුරු ව්‍යාප්තිය මතය.

    08. මගේ ආයෝජනයට පාඩු සිදු විය හැකිද?

    ඕනෑම ආයෝජනයක් සඳහා අවදානමක් ඇත. ඔබ මිලට ගත් කොටස් වල අගය පහත වැටීම කොටස් සඳහා ඇති ප්‍රධාන අවදානම ලෙස හැඳින්විය හැක. නමුත් සමාගමක ක්‍රියාකාරිත්වය පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කරන්නේනම් ඔබට කොටස් මිල පහත වැටීමෙන් සිදුවන අලාභය අවම කර ගත හැක. එමෙන්ම කොටස් මිල සඳහා ආර්ථික, දේශපාලනික, සමාජීය, තාක්ෂණික සහ අනෙකුත් බාහිර සාධක බලපානු ඇත.
    විවිධ සමාගම් වල හෝ විවිධ ක්ෂේත්‍රවල කොටස් ආයෝජනය කිරීමෙන් ඔබට මෙම අවදානම අවම කරගත හැක.
    කෙසේ වෙතත් අවධානය යොමු කල යුතු කරුණක් නම් ඔබට දැරිය හැකි අලාභයේ ප්‍රමාණයට පමණක් ආයෝජනයේ යෙදීමයි.

    09. මම කොටස් ගනුදෙනු කිරීම ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටිමි. මට දියහැකි උපදෙස් මොනවද?

    ඔබ කොටස් වෙළඳපොළට අලුතෙන් සම්බන්ධ වන්නට සිතන්නේ නම්, එම විෂයපථය සම්බන්ධව හැකිතාක් දැනුම රැස් කරගන්න. විශේෂයෙන්ම වෙළෙඳපොල දින කිහිපයක්ම හොඳින් නිරීක්ෂණය කරන්න. තෝරාගත් කොටස් ස්වල්පයක් දින කිහිපයක් පුරා හොඳින් අධ්‍යයනය කරන්න.
    ප්‍රයෝගිකව ඔබ කොටස් කිහිපයක් මිලට ගත්තේ යයි සිතන්න. ඉන්පසු එම උපකල්පිත ආයෝජනය දෛනිකව වෙළඳපොළ සමඟ වෙනස් වන ආකාරය අධ්‍යයනය කරන්න. මෙමඟින් ඔබ සත්‍ය වශයෙන්ම මුදල් ආයෝජනය කිරීමෙන් මිල උච්ඡාවචනය වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට ලැබෙනු ඇත.
    තවද, හැකිතාක් කොටස් වෙළඳපොළ පිළිබඳව සහ කොළඹ කොටස් වෙළඳපොළට සම්බන්ධ ලිපි ලේඛන පරිශීලනය කරන්න. ඔබ මෙම දැනුමෙන් පුර්ණ වන තරමටම ඔබට එය සැබෑ තත්වයට මුහුණ දීමේදී වාසියක් වනු ඇත. අන්තර්ජාලය තුලින් ඔබට මෙම දැනුම වැඩි ඇතක නොවේ.
    ඔබට විශ්වාසදායී, ඔබට සැබෑ ලෙස කොටස් වෙළඳපොළ පිළිබඳව උපදේශයක් ලබා දියහැකි ප්‍රවීනයෙකු හා නිතර කතා කරන්න.
    ඔබ දැනුමෙන් සහ අත්දැකීමෙන් පරිපුර්ණ යයි සිතන විට ඔබට සහජ තීරණ ගැනීමේ හැකියාව නිතැතින්ම උදා වනු ඇත.

    10. ඕනෑම් කෙනෙකුට සි.ඩි.එස් ගිණුමක් ආරම්භ කල හැකිද?

    ඇත්තෙන්ම, ඔබ අවුරුදු 18ට වැඩිනම් හා ඔබ සතුව ජාතික හැදුනුම් පත තිබේනම් ඔබට සි.ඩි.එස් ගිණුමක් ආරම්භ කල හැකිය.

    11. මම කොටස් මිලදී ගැනීමට අදහස් කරනු ලබන්නේ නම් සි.ඩි.එස් ගිණුමක් තිබීම අනිවාර්යද?

    ඔව්. මක්නිසාද යත් තවදුරටත් කොටස් සහතික නිකුත් කිරීමක් නොකරන බැවින්ය.

    12. මගේ ආයෝජන උපදේශක හට මා සදහා කාලයක් නොමැත. එම නිසා මා සිතන ආකාරයට මා හට සාධාරණ සේවාවක් නොලැබේ.

    බොහොමයක් ආයෝජන උපදේශකවරුන් කාර්ය බහුල වී ඇත්තේ පසුගිය වසර තුල කොටස් වෙළදපළ අත්දුටු වර්ධනයන් නිසාවෙනි. එම නිසා එක් ආයෝජකයෙකු වෙනුවෙන් ඇති කාලය අඩු වි ඇත. ඔබ ඔබගේ උපදේශකවරයාගෙන් සැහීමකට පත් විය හැකි කාලයක් නොලබන්නේ නම්, ඔබ ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමට පෙළඹිය යුතුය. එම නිසා නිවැරදි අවශ්‍ය තොරතුරු ලබා නොගැනීමට ඔබද යම්තාක් දුරකට වැරදිකරුවකු විය හැක.
    තව දුරටත් ඔබ ඔබගේ උපදේශකවරයාගෙන් සැහීමකට පත් නොවන්නේ නම් ඔබට වෙනත් උපදේශකවරයෙක් තැරව්කරුගෙන් ඉල්ලා සිටිය හැක. එසේ නොමැතිනම් ඔබට වෙනත් තැරව්කරුවකු වෙත යා හැක.

    13. ඉතුරුම් ගිනුමක හෝ ස්ථාවර තැම්පතුවක ආයෝජනය නොකර කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කරන්නේ ඇයි? එයින් ලැබෙන අමතර ප්‍රතිලාභ මොනවද?

    ඔබ ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කිරීමෙන් ඔබට මාසිකව පොලි අදායමක් ඉපැයිය හැක.(බැංකුව බුන්වත්භාවයට පත් නොවන්නේ නම්). කෙසේ වෙතත් ප්‍රතිලාභය ස්ථාවරය.ඔබ නිසි අවබෝධයකින් යුතුව කොටස් වෙළඳපොළ තුල ගනුදෙනු කරන්නේ නම්, ඔබගේ ප්‍රතිලාභය අසීමිතය. එහෙත් ඔබ මතකයේ තබා ගතයුතු කරුණක් වන්නේ කොටස් මිල සැමවිටකම ඉහළ පහළ යන බව සහ ඉන් ඔබට අලාභයන් සිදුවීමට අවස්ථාව ඇති බවය.ඔබ කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කල යුත්තේ ඔබට එම අවදානමට මුහුණ දීමට හැකිනම් පමණි.
    සෑම ආයෝජනයකම වාසි මෙන්ම අවාසිද ඇත.එම නිසා ඔබ මුහුණ දීමට සුදානම් අවදානම සහ කුමන ආයෝජනයක මුදල් යොදවන්නේ ද යන්න ඔබ තීරණය කල යුතු කරුණකි.("ඉහළ අවදානමට ඉහළ ප්‍රතිලාභ" සංකල්පය.)

    14. මා මිලට ගත කොටස් සඳහා ගෙවීම් කල යුත්තේ කෙසේද?

    ඔබ කොටස් මිලදී ගත දින සිට වෙළඳ දින 3ක් ඇතුලත (T+3), තැරැව්කාර සමාගම් බැංකු ගිණුමට, ඔබ මිලටගත් කොටස්වලට සමාන මුදල් ප්‍රමාණයත් එයට අදාළ කොමිස් මුදලත් තැන්පත් කල යුතුය.

    15. ඉහත කාලය ඇතුලත මට ගෙවීම කල නොහැකි නම්?

    ඔබ කොටස් මිලදී ගත් දින සිට වෙළඳ දින 3ක් (T+3) ඇතුලත මුදල් තැන්පත් නොකළහොත්, තැරැව්කාර සමාගම විසින් ගනුදෙනුවක් දින 5ක් (T+5) අදාළ කොටස් විකුණා ඔවුන්ට හිමි මුදල නැවත ලබා ගනු ඇත.

    16. තැරැව්කරුවෙකුගේ මැදිහත්වීමෙන් තොරව මට තනිව කොටස් ගනුදෙනු කල හැකිද?

    වර්තමානයේ බොහෝ තැරැව්කාර සමාගම් අන්තර්ජාල ගනුදෙනු මෘදුකාංග (Online Trading Applications) සේවා සපයයි. මෙම මෘදුකාංග ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලය හරහා ඔබට තනිව කොටස් ගනුදෙනු වල නියැලීමේ අවස්ථාව උදා වනු ඇත. කෙසේ නමුත්, ඔබගේ තැරැව්කාර සමාගම මෙම සේවාවන් සපයනවා දැයි සොයා බලන්න. එසේනම් ඔබට මෙම සේවාවට ලියාපදිංචි විය හැක.
    මෙමගින් ආයෝජකයන්ට ස්වධීන තීරණ මත ගනුදෙනු වල නියැලීමට ඉඩ සැලසේ. එහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල දක්නට පුළුවන. යහපත නම්, ආයෝජන උපදේශකයෙකු අමතා ගනුදෙනු කිරීමේදී ඇතිවන ප්‍රමාදය මගහැරීමෙන් ඔබට ක්‍ෂණික ගනුදෙනු මගින් වාසි උදාවනු ඇත. මෙහි අයහපත් ප්‍රතිඵලය නම් ඔබ ස්වාධීනව තීරණ ගන්න හෙයින් ඔබ වැරදි තීරණයකට එළඹීමේ සම්භාවිතාව ඉහල යයි. එනමුත් ආයෝජන උපදේශකයෙකුට කොටස් පිළිබඳව මනා අවබෝධයක් ඇති හෙයින් ඔබට වඩා හොඳ තීරණයක් ගැනීමට උපකාර විය හැකිය.
    එබැවින් අපගේ අවවාදය, ඔබ ස්වාධීනව ගනුදෙනු වල යෙදෙන අතරම ඔබගේ ආයෝජන උපදේශකයා සමඟ නිරතුරුව සම්බන්ධ වී වෙළෙඳපොල නවතම තොරතුරු සමඟින් දැනුවත් විය යුතුය යන්නයි.

    17. මාගේ ඉංග්‍රීසි දැනුම එතරම් හොද තත්වයක නොමැත. එය ප්‍රශ්නයක්ද?

    කොහෙත්ම නැත. කොටස් කියවීම ඉගෙන ගන්න හරිම පහසුයි. තවද තැරැව්කාර සමාගම් සියලු තොරතුරු ඉංග්‍රීසි බසින් මෙන්ම සිංහල බසින්ද ලබා දෙනු ලබයි. එමෙන්ම, ඔබට හොඳින් ඉංග්‍රීසි බස කතා කිරීමට හැකි වුවත්, ඔබගේ උපදේශකයා සමඟ ඔබ හිතවත් වෙත්ම ඔබගේ සංවාදය සිංහල බසින් කිරීමට ඔබ පෙළඹෙනු ඇත. මෙය ලංකාවේ බොහෝ ව්‍යාපාර සම්බන්ධතා වලට පොදුවූ කරුණකි.
    නැවතත්, කොටස් වෙළඳපොළ ගනුදෙනු සදහා ඔබට හොඳ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නොවේ.

    18. කොළඹ කොටස් වෙළඳපොළ බලවත් ආයෝජකයින් අතලොස්සකගේ වුවමනාව මත දෝලනය වන බව සත්‍යක්ද

    අපට මේ පිළිබඳ නිශ්චිත පිළිතුරක් දීමට හැකියාවක් නැත. ඔබ දැනටමත් දන්නා පරිදි කොළඹ කොටස් වෙළඳපොළ ලෝකයේ දියුණු රටවල කොටස් වෙළඳපොළවලට සාපේක්ෂව කුඩා පරිමාණයේ වෙළඳපොළකි. විශේෂයෙන්ම සැලකිය යුතු කාරණයක් නම්, මෙම මිත්‍යාව හෝ සත්‍ය ලෝකයේ බොහෝ දියුණු කොටස් වෙළඳපොළ වලටද බලපාන කරුණක් බවයි. එබැවින් කිසිවෙක් නිශ්චිත පිළිතුරක් නොදන්නා මෙම ප්‍රශ්නය සම්බන්ධව ඔබ නිකරුනේ සිතීමට කාලය ගත කිරීම ඵලදායි නැත. ඔබ සිතිය යුත්තේ කොටස් වෙළඳපොළ තුල ඔබට දියුණු වීමට අවස්ථා ඇත්ද, නැත්ද යන්න ගැන පමණි.

    Extract from a FB group-Let's Invest & has been posted by Asanka Seneviratna