කොට් පරද්දවපු මහින්ද රාජපක්ෂ

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,152
    3,156
    113
    කොට් පරද්දවපු මහින්ද රාජපක්ෂ

    හිටපු ජනාධිපති මහින්දරාජපක්ෂ ඔහුගේ උපන් ගම වන හම්බන්තොට කේන්ද්‍ර කරගෙන මත්තල මහින්ද රාජපක්ෂගුවන් තොටුපොළත්, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයත්, මාගම්පුර මහින්දරාජපක්ෂ වරායත් ඉදි කළේය.දස වසරක් බලයේ සිටි හිටපු බලවතාගේ නමතබා ඇති මෙම නාස්තිකාර ව්‍යාපෘති මගින් ඔහුගේ ගම කලාපයේ ව්‍යාපාරික කේන්ද්‍රය කිරීමට උත්සාහයක් ගෙන ඇතැයි නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්නකියයි.

    ඔහුගේ පරාජයත් සමඟ මෙම සුවිසල් ඉදිකිරීම් වෙනුවෙන් ණය ගෙවීමේ පැහැදිලි සැලැස්මක් ද ඇති බවත් නොපෙනේ.ආර්ථික විද්‍යාඥයකුගේ ඇසින් බලතොත් මෙම ආයෝජන කපා හැරීම හැර කළ හැකි වෙනත් දෙයක් නැතැයි වික්‍රමරත්න කියයි.දීර්ඝ කාලයක් ණය ගෙවිය යුතු නමුත්, එම ණය පියවා ගැනීමට තරම් ආදායමක් නව යෝජනා ක්‍රමවලින් නොලැබෙන බව ද ඔහු කියයි.



    2013 දී විවෘත කළ මත්තල ගුවන් තොටට වැය කළ මුදල රුපියල් කෝටි 2772කි.එදා සිටම මත්තලට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සේවය පමණි.ගුවන් මගීන්ගේ ශාලාව හැමදාම හිස්ය. මත්තල පර්යන්තයේ වා සැකසුම් අංශය හා වතුර මල් හතර දැන් ක්‍රියාත්මක නොවේ.



    10891466_908198502565567_3824430634995380778_n.jpg




    රාජපක්ෂගේ නියමයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය එහි පැමිණියත් ජනවාරි අට වැනිදා ඔහුගේ පරාජයෙන් පසු එම ගුවන් සේවය ද මත්තලට පියාසර නොකරයි.

    එයින්වසරකට ඉතිරිය රුපියල් කෝටි 237.6කි. සංක්‍රමණික කුරුල්ලන්ගේ ගමන් මාර්ගයවැටී ඇති මත්තලගුවන් යානාවලට බොහෝ අනතුරු ඇති කරයි.

    ගුවන්තොටක් වූ පමණින් ගුවන් යානා නොඑතියි මත්තල ප්‍රධාන විධායක ඩෙරික් කරුණාරත්න කියයි.

    කොළඹට කිලෝමීටර 250ක් ගිණිකොන දිගින් පිහිටි මත්තල කුඹුරුවලින් වට වූ ශුෂ්ක ප්‍රදේශයකි.

    එම ගුවන්තොට සැලසුම් කරද්දී පරිසරවේදීන් පැවසුවේ වල් අලින්, කොටියන් හා වලසුන් ගහන පෙදෙසක ගුවන් තොටක් ඉදි කිරීම නුසුදුසු බවයි.


    10993956_908198559232228_6872206704538365700_n.jpg



    මාගම්පුර වරාය චීන රජයේ රුපියල් කෝටි 4798.6 ක ණය ආධාර යටතේ ඉදි කැරිණි.එහි ගෙවීමට ඇති ණය ප්‍රමාණයද අති විශාලය. සුළු සහනයකට ඇත්තේ අසල්වැසිඉන්දියාවෙන් ආනයනය කෙරෙන මෝටර් රථ රැගත් නැව් එහි පැමිණීමයි. නිලධරයන්පවසනුයේ දීර්ඝ ඉතිහාසයක් ඇති කොළඹ වරායේ තරඟකරුවකු වශයෙන් පිහිටවූ මාගම්පුරලාබ අලාබ නැති තත්ත්වයකට වසර 10 කට වැඩි කාලයක් ගතවන බවයි.



    10991167_908198255898925_4273167158994947929_n.jpg




    කොළඹව්‍යාපාර හම්බන්තොටට ආකර්ශනය කර ගැනීම සඳහා රාජපක්ෂ රජය හම්බන්තොට නගරයකේන්ද්‍ර කරගෙන මංතීරු හයක දැවැන්ත අධිවේගී මාර්ගයක් ද ඉදි කළේය. එමමාර්ගයට උඩින් පාලමක්ද ඉදි කෙරුණි. වියදම රුපියල් කෝටි 6911 ට වැඩිය. එහෙත්එම පාරේ ගමන් කරනුයේ වාහන ස්වල්පයකි. තවත් රුපියල් කෝටි ගණනක් වැය කර මාතරසිට කතරගම දක්වා දුම්රිය මාර්ගයද අගනුවර හා සම්බන්ධ කරන තවත් අධිවේගීමාර්ගයක්ද ඒ රජය සැලසුම්කර තිබුණි. මාගම්පුර වරාය ඉදිරිපිට තවත් රටටඔරොත්තු නොදෙන ඉදිකිරීමකි. එය රුපියල් කෝටි 206 ක සමුළුහළකි. 2013 පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළු උත්සවයේ අතුරු උත්සවයක් එහි පැවැත්වීමෙන් පසු එමසමුළුහළ හිස්වී ගොසිනි. ඉඳහිට මංගල සාදයක් පැවැත්වේ.



    11014873_908198815898869_2485325684106921332_n.jpg



    එතැනින් කෙටිදුරකින් පිහිටියේ අක්කර 300ක උද්භිද උද්‍යානයකි. ශ්‍රී ලංකාවට ආවේණික නොවනගස් එහි රෝපණය කර ඇත. ඒවා නොමැරී පවත්වාගෙන යාම සඳහා වතුර බවුසර් ගණන්අවශ්‍ය වේ. වැස්ස ඉතාම අඩුවෙන් ලැබෙන දැඩි වියළි කලාපයක පිහිටි හම්බන්තොටජනයා බීමට වතුර නැතිව බොහෝ දුක් විඳිති. පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු සමයේවිවෘත කළ මෙම උද්‍යානයේ පාලක පැවසූයේ ශ්‍රී ලංකාවට ආවේණික නොවූ තෙත් කලාපීයරටවල වැවෙන ගස් රෝපණය කර ඇති බවයි. නම හෙළි කිරීමට අකමැතිවූ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු පැවසූයේ එහි සිටුවා ඇති ගස්වලට අවශ්‍ය වතුරප්‍රමාණය කොතෙක්දැයි ගැමියන් දන්නේ නම් කැරැල්ලක් ඇතිවිය හැකි බවයි.ප්‍රදේශයට ආවේණික ගස් වෙනුවට විශාල වශයෙන් වතුර අවශ්‍ය ගස් රෝපණය කළ ගස්නඩත්තු කිරීම හම්බන්තොට වැනි පෙදෙසක පවත්වාගෙන යා නොහැකි බව ඔහු කියයි.



    10639589_908198762565541_7906598765983814651_n.jpg



    2011ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් ඉදිකළ සූරියවැව අන්තර්ජාතිකක්‍රීඩාංගණයේ පැවැත්වූයේ අන්තර්ජාතික තරඟ දෙකක් පමණි. එම පළාතේද දැඩි ජලහිඟයක් පවතී. ආසන 35000කින් යුත් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට බලපෑම් කරඇතැයි කියති. මෙය තනිකරම නාස්තියකියි ඉරාන් වික්‍රමරත්න මහතා කියයි. මුදල්ඇමැති රවි කරුණානායක මහතා පැවසූයේ ණය ගනුදෙනු මුලින්ම බේරුම් කරගත යුතුබවයි.

    5% සිට 7% දක්වා වන පොළියට ගත් ණය ගැන මුලින්ම සාකච්ඡා අරඹන බවත් 0.5% කට වඩා ණය පොළිය නොදිය යුතු බවත් ඔහු කීය.



    අමු අමුවෙ උපුටා ගන්නා ලදී
    randora.lk
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නියමා ආකාරයෙන් කර්මාන්ත පුරවරයක් ඇති කරන්න පුළුවන් නම් .....මහින්දගේ හම්බන්තොට සිහිනය ඇති කරන්න පුළුවන්
    එක එක්ක තාමා බෝල ඕවා කරන්න ...ඕනේ................................. කිසිම සැලසුමක් නැතුව ඕවා හැදුවම කෙල වෙනවා

    හිතුවට කරලා හරියන්නේ නැ
    පිළිවලක් ඕනේ

    දැන් සැහෙන විදවන්න වෙයි ............................................
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,156
    113
    මේවට වියදම් කරපු සල්ලි වලින් 10% වකුගඩු රොගයට ප්‍රතිකාර දෙන්න, වලක්වගන්න යෙදෙව්වනම් අද මිනිස්සු කීයක් ජීවත් වෙනවද. කොමිස් කුට්ටි වලට වහ වැටිච්ච කපුටන්ට අනුන්ගෙ ජීවිත සතයක් තරම්වත් වටින්නෙ නැහෙ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,156
    113
    සංසුන් පොඩ්ඩා;17951928 said:
    අපි මේවා හරිය කිව්වේ නැහැ නොවැ

    එතකොට මහින්ද ආපහු ආවහම මේ වගේ වැඩ නොකර දැහැමින් සෙමන් රට පාලනය කරඉද?
     
    එක එක්ක තාමා බෝල ඕවා කරන්න ...ඕනේ................................. කිසිම සැලසුමක් නැතුව ඕවා හැදුවම කෙල වෙනවා

    හිතුවට කරලා හරියන්නේ නැ
    පිළිවලක් ඕනේ

    දැන් සැහෙන විදවන්න වෙයි ............................................

    ඒක ඇත්ත බං........මහින්දට රට සංවරධනය ගැන හරි විදිහේ දැක්මක් තිබ්බේ නැ........ඒ දේට හරියන අයව ළං කරගත්තෙත් නෑ.........ඒ හිනදා නේ අපි මෛත්‍රීට දුන්නේ.............
    හැබැයි මහින්දටත් වඩා මේ ආණ්ඩුව අනාථයි කියලායි මම කියන්නේ.............ආර්ථිකය කියන්නේ දෙවන කරුනු.............රටේ ආරක්ෂාව හා යුධ අපරාධ ඊට වඩා දරුණු දේවල්.........එතෙන්දි රනිල් අපිව නැති කරනවා...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒක ඇත්ත බං........මහින්දට රට සංවරධනය ගැන හරි විදිහේ දැක්මක් තිබ්බේ නැ........ඒ දේට හරියන අයව ළං කරගත්තෙත් නෑ.........ඒ හිනදා නේ අපි මෛත්‍රීට දුන්නේ.............
    හැබැයි මහින්දටත් වඩා මේ ආණ්ඩුව අනාථයි කියලායි මම කියන්නේ.............ආර්ථිකය කියන්නේ දෙවන කරුනු.............රටේ ආරක්ෂාව හා යුධ අපරාධ ඊට වඩා දරුණු දේවල්.........එතෙන්දි රනිල් අපිව නැති කරනවා...
    #weerawansalogic :rofl:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,156
    113
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...

    :confused:
     

    Similar threads