ඔන්න ඉතින් කතාවක් මේ ඉරිදා දවසේ ඔක්කොටොම.
ඔන්න දවසක් කොටියෙක් වනාන්තරයෙන් එලියට ඇවිල්ල වටේ කැරකි කැරකි ඉඳල ප්‍රසිද්ධ සමාගමක විවේකාගාරයක් තුලට ඇතුළු වුණා.
ටිකක් කලබල වූ කොටියා එම විවේකාගාරය තුල ඇති වැසිකිළියේ අඳුරු කොනකට රිංගා ගත්තා.
දින තුනක් ඔන්න ඔහොම මේක අස්සේ හැංගිලා හුස්මක් වත් හරියට ගන්න බැරුව හිටිය කොටියාට බඩගිනි වුණා.
හතර වන දවසේ කුසගින්න දරා ගත නොහැකි වෙන්න පටන්ගත්ත.
ඉතින් මේ සමාගමේ විවේකාගාරයට තනිවමආ මිනිසෙකුට කොටියා පහරදී ගොදුරු කර ගත්ත.
ඔහු එම සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී වරයා.
ඔහු අතුරුදහන් වූ බව කාර්යාලයේ කිසිවෙකු නොදැන සිටි අතර කිසිවෙකු ඔහුව සොයා බැලීමේ අවශ්‍යතාවක් තිබුනේද නැත.
ඉන් දින දෙකකට පසු කොටියා තවත් පුද්ගලයෙකුට පහර දී කා දැමීය. ඔහු සමාගමේ ජේෂ්ඨ කළමනාකරුවෙක් විය. ඔහු කාර්යාලයේ නොසිටීම ගැන කිසිවෙකුත් උනන්දු වුනේ නැහැ. කිසිවෙකු සොයා බැලුවේ ද නැත.
ඔහු පෙනෙන්නට නැති වීම ගැන බොහෝ දෙනෙක් සතුටු වූහ.
රසවත් ගොදුරු සමග මෙසේ සුඛෝපභෝගි ජීවිතයකට හුරුවූ කොටියා නැවතී සිටීමට හොඳම ස්ථානය මෙය යැයි තීරණය කර එහි නැවතී සිටියේය.
ඊළඟ දවසේ සුපුරුදු පරිදි පුද්ගලයෙකුට පහර දී ඝාතනය කළා. පසුව ගොදුරට ගත්තා.ඔහු එම කාර්යාලයේ පියන් උපුල් ය.
කාර්යාල සේවකයින් සඳහා කෝපි මිලදී ගැනීම සඳහා ෆ්ලාස්ක් එක සෝදා ගැනීමට ඔහු විවේකාගාරයට ඇවිල්ල ඉන්නකොට තමයි මෙහෙම වුනේ. ටික වේලාවකට පසු පියන් උපුල් කෝපි මිලදී ගැනීමට ගොස් ඇති බවත් මෙතෙක් නැවත පැමිනියේ නැති බවත් හැමෝම දැනගත්ත.
උපුල් ගැන බැලීමට මුළු කාර්යාලයම උත්සුක වුණා.
අවසානයේ විවේක කාමරය සෝදිසි කිරීමට සැවොම අවා.
ඉතින් ටිකක් වෙලා සොයාබැලීමකින් පසු ඔවුන් දුටුවේ විවේකාගාරය තුළ මියගොස් සිටි පියූන් උපුල්ගේ මළසිරුර සහ මුල්ලක සැඟවී සිටින මාරක කොටියා.
දැන් ඉතින් කොටියා අල්ලා ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක වෙලා එක්ව අල්ලා කූඩුවකට කොටුකර ගත්ත.
දැන් ඉතින් ඔයාලට තේරෙනවනේ, ඔබට ඇති වටිනාකම තීරණය කරන්නේ ඔබේ තනතුර හෝ මාන්නය නොවේ.
ඔබ අන් අයට කොපමණ උදව් කරනවාද සහ අන් අයට ඔබෙන් ඇති සේවය කුමක්ද යන්න මත එය රඳා පවතිනවා.
ඔබේ ජීවිතය මාන්නයෙන් පුරවන්නේ නැතුව, මගේ පරම්පරාව, මගේ තාත්තාගේ වත්කම්, වතු පිටි, යානවාහන, තමන්ගේ වත්කම් මේ මොනවත් වැඩක් නැහැ තමන්ට කවුරුත් ගරු කරන්නේ නැත්නම් සලකන්නේ නැත්නම්.