වසර තිහක දරුණු යුද්ධයක් නිමාකර ටික දිනක් යාමටද මත්තෙන්, ඒ සදහා උර දුන් සැම විරසක කරන්නට විදේශීය මූලික කරගත් කෘමන්ත්‍රණයකින් හැකිවිය. එයට අපේ උන් දෙපිල බෙදී මරාගැනීම ත්‍රස්තවාදය්ට යලිත් කරලියට ගෙන ඒමේ මාවතක් ලෙස ඔවුන් සිතන්නට ඇත. ඒ හරහා නොකිය යුතු , නොකල යුතු ක්‍රියාවලි ගනනාවක් යම් යම් අයගේ මුවින් පිට විය. දැන් ජාත්‍යන්තරය ඒ සාධක තුලින් මව් බිම අසරණ කරන්නට යලිත් අරාදිමින් සිටී. මෙහි බයානකම කාරණය වන්නේ ජාත්‍යන්තර වශයෙන් අප විනාශ කරදමනවාට වඩා නැවතත් හදුනා නොගත් නායකත්වයක් හරහා යලිත් කොටි සංවිධානය කොළබ කොටුව ආදී ප්‍රදේශ වල කල්ලි මාර්ගයෙන් තොරතුරු එක් රැස් කිරීමට පටන් ගැනීමයි. අහකට දමා තිබූ වීඩියෝ පටයක් නැවතත් බී.බී.සී ය හරහා විකාශය වන්නේ , ලන්ඩන් කොටින්ගේ ලොකුකමද ඉදිරියට කරමිනි. ලන්ඩන් හි සිදුවූ මේ සිදීවීම තුළින් අපට සිතාගත හැක්කේ ඔවුන්ගේ රජයද මේ සදහා ඉඩප්‍රස්ථාවක් ලබාදී ඇතිබවයි. සැලකිල්ලෙන් සිටින්න ,ඒ බිහිසුනු යුගය නැවත ඔබ හමුවට ඒමට ඉඩ ඇත...
Code:
http://www.bbc.co.uk/news/world-south-asia-11891866





