කොටි යලිත් යුරෝපයේ තහනම් වෙයි

amaz

Banned
Apr 10, 2009
889
94
0
කොටි යලිත් යුරෝපයේ තහනම් වෙයි

ලංකා ඊ නිව්ස් - 2015.මාර්තු.28, ප.ව.11.30) මැදමූලන රාජපක්ෂවරුන් සමග පරාජිත ජාතිවාදී අවස්ථාවාදීන් විසින් යහපාලනවාදී ජනතා බලවේගයට විදේශීය කුමන්ත්‍රණ හරහා රට දෙකඩ කරනවා යැයි කී චෝදනා ව්‍යර්ථ කරමින් යහපාලන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට සහාය පල කරමින් යුරෝපීය සංගමය එල්ටීටීඊ තහනම දීර්ඝ කර තිබේ.

මීට පෙර රාජපක්ෂ යුගයේදී යුරෝපීය අධිකරණයට එල්ටීටීඊ හිතවාදීන් විසින් සිය තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගනිමින් එම අධිකරණය විසින් තාක්ෂණික හේතුවක් මත එල්ටීටීඊ තහනම ඉවත් කරන ලෙසට යුරෝපීය සංගමයට අධිකරණ නියෝගයක් නිකුත් කළේය. ඊට කාලයක්ද නියම කරන ලද අතර එම කාලය ඉක්මවා යෑමට පෙර යුරෝපීය සංගමය විසින් පසුගිය මාර්තු 26 දා යලි එල්ටීටීඊ තහනම දීර්ඝ කර තිබේ.

එල්ටීටීඊ හිතවාදීන් තහනම ඉවත් කිරීමට යුරෝපීය අධිකරණය ඉදිරියේ නඩු දැමූ අවස්ථාවේදී රාජපක්ෂ රෙජීමය එම නඩුවට නීතිඥයන් ඉදිරිපත් කර ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු කීවේ නැත. ඊට හේතු වූයේ එල්ටීටීඊ යේ තහනම ඉවත් වූ විට එල්ටීටීඊය සතුව තිබී දැනට යුරෝපා රටවල තහනම් කර තිබෙන එල්ටීටීඊය විදේශීය වත්කම් ද නිදහස් වන බැවින් තම සුරතලා වූ කේපී හරහා එම එල්ටීටීඊ වත්කම් රාජපක්ෂලා සතු කර ගැනීමට මාන බැලූ නිසා ය. මුදලට ඇති කෑදර කම නිසා රාජපක්ෂ රෙජීමය රට පිලිබඳ අවශ්‍යතාවය පසෙකට ලෑවේය.

එ් අවස්ථාවේදීම විපක්ෂ නායකයාව සිටි රනිල් වික්‍රමසිංහ එල්ටීටීඊ තහනම ඉවත් නොකරන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටි අතර නව ආණ්ඩුව පත් වීමෙන් පසුව අගමැති රනිල් සහ විදේශ ඇමැති මංගල සමරවීර විසින් යුරෝපීය සංගමය හමුවේ මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු ගෙන හැර පාමින් කියා සිටියේ එල්ටීටීඊ තහනම ඉවත් නොකරන ලෙසය.

දැන් නව ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිගනිමින් අධිකරණ නියෝගය අනුව ක්‍රියා කරනවා වෙනුවට යුරෝපා සංගමය මාර්තු 26 දා ත්‍රස්තවාදය පතුරුවන පුද්ගලයන් සහ සංවිධාන වලට එරෙහිව තීන්දුවක් ගනිමින් සංවිධාන 23 ක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස යුරෝපා සංගමය තුල තව දුරටත් තහනම් කර තිබේ. ඒ අතර අංක 15 යටතේ එල්ටීටීඊ සංවිධානයද නම් කර ඇත. ඒ අනුව දැනට තහනම් කර ඇති එල්ටීටීඊය සතු විදේශීය බැංකු ගිනුම් ඇතුලු විදේශීය සම්පත්ද යලි තහනම් වනු ඇත.

( කියවන්න http://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=uriserv:OJ.L_.2015.082.01.0107.01.ENG )

මේ අනුව රාජපක්ෂ සහ ජාතිවාදී නඩය උඩ දම දමා ගායනා කළ ‘‘මෙන්න යහපාලන ආණ්ඩුව රට කොටියාට දෙනවා‘‘ යන චෝදනාව අතේ පැලවෙන බේගලයක් බව රටවැසියාට තේරුම් යනු ඇත.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එල්ටීටීඊ හිතවාදීන් තහනම ඉවත් කිරීමට යුරෝපීය අධිකරණය ඉදිරියේ නඩු දැමූ අවස්ථාවේදී රාජපක්ෂ රෙජීමය එම නඩුවට නීතිඥයන් ඉදිරිපත් කර ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු කීවේ නැත. ඊට හේතු වූයේ එල්ටීටීඊ යේ තහනම ඉවත් වූ විට එල්ටීටීඊය සතුව තිබී දැනට යුරෝපා රටවල තහනම් කර තිබෙන එල්ටීටීඊය විදේශීය වත්කම් ද නිදහස් වන බැවින් තම සුරතලා වූ කේපී හරහා එම එල්ටීටීඊ වත්කම් රාජපක්ෂලා සතු කර ගැනීමට මාන බැලූ නිසා ය. මුදලට ඇති කෑදර කම නිසා රාජපක්ෂ රෙජීමය රට පිලිබඳ අවශ්‍යතාවය පසෙකට ලෑවේය.

    එ් අවස්ථාවේදීම විපක්ෂ නායකයාව සිටි රනිල් වික්‍රමසිංහ එල්ටීටීඊ තහනම ඉවත් නොකරන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටි අතර නව ආණ්ඩුව පත් වීමෙන් පසුව අගමැති රනිල් සහ විදේශ ඇමැති මංගල සමරවීර විසින් යුරෝපීය සංගමය හමුවේ මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු ගෙන හැර පාමින් කියා සිටියේ එල්ටීටීඊ තහනම ඉවත් නොකරන ලෙසය.

    ඉතින් ඇයි බන් රනිල්ට ඔය තහනම ඉවත් කරන කාලෙම යුරෝපයට ගිහින් කරැණු කියල ඔය තහනම ආයෙ පනවගන්න තිබ්බනේ? ඇයි එයා එදා නොගියෙ? දේශපාලන වාසියක් ගන්නද දන්නෙ නැහැනේ?

    අනික දැන් ඔය තහනම අයින් කරල මාස 3 විතරනේ.... කේපී හරහා ගන්න ඔිනි ටික මෙලහටත් අරගෙන ඇතිනේ... :rofl::rofl::rofl::rofl: අපරාදෙ යුරෝපා සංගමෙයි, රනිල්ගෙයි මහන්සිය...
    :lol::lol::lol::lol: