කුඩු සළිඳුගේ රුපියල් කෝටි 02ක දේපළ තහනම්..🔴❤️😇

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,076
    113
    කුඩු සළිඳුගේ රුපියල් කෝටි 02ක දේපළ තහනම් වෙයි

    කුඩු සලිඳු​

    විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් පානදුර කුඩු සලිඳු නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 02කට ආසන්න දේපළ තහනම් කර තිබේ.

    නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරනුයේ පානදුර - රත්නපුර මාර්ගයේ මහබෙලන හන්දියේ පිහිටි තහනමට ලක්කළ දේපළ අතර පර්චස් 40ක භූමි භාගයක පිහිටි නිවසක්, ගබඩා සංකීර්ණයක් සහ කඩ කාමරයක්ද පවතින බවය.

    විදේශගතව සැඟව සිටියදී අත්අඩංගුව ගෙන මෙරටට රැගෙන ආ කුඩු සළිඳු නැමැත්තා අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව හොර රහසේ නැවත විදේශ රටකට පලා ගොස් තිබුණි.

    ඔහු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන්ම උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බව කියන දේපළ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වූ තොරතුරු අනුව මෙම දේපළ තහනමට ලක් කිරීමට එම කොට්ඨාසය පියවර ගෙන ඇත.

    පසුගිය කාලය පුරා ඔහු විසින් සහ පානදුර කුඩු නිලංග යන දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වී පානදුර දකුණ, හිරණ හා පින්වත්ත පොලිස් බල ප්‍රදේශවලදී පුද්ගලයින් කිහිප දෙනෙකු වෙඩි ප්‍රහාරවලට ලක්ව ඝාතනයට ලක්වූ අතර කුඩු නිලංග නැමැත්තා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග එම ගැටුම් තරමක් පහව ගොස් තිබේ.

    මේ වන විට කුඩු සළිඳු නැමැත්තා විදෙස් රටක සැඟව ජීවත් වන අතර සිද්ධිය සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,200
    6,687
    113
    East Blue (Goa Kingdom)

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් පානදුර කුඩු සලිඳු නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 02කට ආසන්න දේපළ තහනම් කර තිබේ.

    නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරනුයේ පානදුර - රත්නපුර මාර්ගයේ මහබෙලන හන්දියේ පිහිටි තහනමට ලක්කළ දේපළ අතර පර්චස් 40ක භූමි භාගයක පිහිටි නිවසක්, ගබඩා සංකීර්ණයක් සහ කඩ කාමරයක්ද පවතින බවය.

    විදේශගතව සැඟව සිටියදී අත්අඩංගුව ගෙන මෙරටට රැගෙන ආ කුඩු සළිඳු නැමැත්තා අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව හොර රහසේ නැවත විදේශ රටකට පලා ගොස් තිබුණි.

    ඔහු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන්ම උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බව කියන දේපළ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වූ තොරතුරු අනුව මෙම දේපළ තහනමට ලක් කිරීමට එම කොට්ඨාසය පියවර ගෙන ඇත.

    පසුගිය කාලය පුරා ඔහු විසින් සහ පානදුර කුඩු නිලංග යන දෙපාර්ශ්වය අතර ගැටුම් ඇති වී පානදුර දකුණ, හිරණ හා පින්වත්ත පොලිස් බල ප්‍රදේශවලදී පුද්ගලයින් කිහිප දෙනෙකු වෙඩි ප්‍රහාරවලට ලක්ව ඝාතනයට ලක්වූ අතර කුඩු නිලංග නැමැත්තා ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග එම ගැටුම් තරමක් පහව ගොස් තිබේ.

    මේ වන විට කුඩු සළිඳු නැමැත්තා විදෙස් රටක සැඟව ජීවත් වන අතර සිද්ධිය සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
    :lol:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    කෝටි දෙකක් කියන්නෙ කුඩුකාරයන්ගෙ සති දෙක තුනක ආදායම.
     
    • Like
    Reactions: clumsyhulk

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,109
    113
    34
    Kalutara
    මෙහෙ එකෙක් බ්ලොක් ගල් වැඩපොළක් දාලා මාස 6න් බ්‍රෑන්ඩ් නිව් සිවික් එකක් ගෙනාව..
     
    • Like
    Reactions: clumsyhulk

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මුගෙ යාලුවෙක් මේකේ හිටිය නේද? :unsure:
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    ලොකේෂන් කීයද බං ඔය ගානට? අනික මු අඩුම කිලෝ ගණන් තියන්න ඇත්තෙ. ලබු කොටත් අඩුම ග්‍රෑම් 250 තියන්නෙ.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    විදේශගතව සැඟව සිටියදී අත්අඩංගුව ගෙන මෙරටට රැගෙන ආ කුඩු සළිඳු නැමැත්තා අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී ඇප මත මුදා හැරීමෙන් අනතුරුව හොර රහසේ නැවත විදේශ රටකට පලා ගොස් තිබුණි.
    මෙහෙම පැනල ගියාම, ඇප වලට භාර උන අයට මොකද වෙන්නේ?