කොටි වීරයෝ සහ දෙරණේ අපි...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක්නැලිගොඩ පැහැරගත් බවවත් තහවුරු කිරීමට සාක්‍ෂි නැතිව මිනී මරු චෝදනා එල්ල කිරීම නිසා මගේ අත් බැඳලා වගෙයි - මහෙස්‌ත්‍රාත්



    ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය කළ බව නොව ඔහු පැහැරගත් බවවත් තහවුරු කිරීමට තරම් සාක්‍ෂි නොමැතිව දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා එල්ල කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නීතියේ රාමුව තුළ ඔවුන්ට ඇප ලබා දීමට නොහැකි වීමෙන් තමන්ගේ දැත් බැඳ ඇති වගක්‌ හැඟී යන බව හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානයක ඊයේ (19 වැනිදා) සඳහන් කර තිබේ.


    මහෙස්‌ත්‍රාත්වරයා මේ බව පවසා ඇත්තේ ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ බත්තරමුල් ප්‍රදේශයට පැමිණ බව දුරකථන දත්ත ඔස්‌සේ තහවුරු වන්නේ යෑයි පවසමින් රහස්‌ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් නිලධාරියකු ඊයේ (19 වැනිදා) තමන් හමුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේදීය.


    මෙසේ මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත්තේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සැරයන් වරයකු ලෙස රාජකාරි කළ නිලධාරියෙකි.
    ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වූ බව කියන දිනයේ එම හමුදා නිලධාරියා බත්තරමුල්ල ප්‍රදේශයට පැමිණ ඇති බව දුරකථන දත්ත වාර්තා ඔස්‌සේ තහවුරු වුවද ඔහු එය පිළිනොගන්නා නිසා සැකපිට අත්අඩංගුවට ගත් බව රහස්‌ පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මහෙස්‌ත්‍රාත්වරයාට පවසා ඇත.


    එහිදී දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරම් චොද්නා එල්ල කර සැකකරු ඉදිරිපත් කිරීමට සාක්‍ෂි තිබේදැයි හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක රහස්‌ පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ ඊට සාක්‍ෂි නොමැති බවකි.
    ඉදිරි විමර්ශනවලදී සාක්‍ෂි සොයා ගැනීමට බලාපොරොත්තු වන බැවින් සැකකාර බුද්ධි නිලධාරියා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මෙහිදී රහස්‌ පොලිසිය මහෙස්‌ත්‍රාත්වරයාගෙන් ඉල්ලා තිබේ.


    එහිදී දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති නිසා සැකකාර බුද්ධි නිලධාරියා ලබන 23 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති මහෙස්‌ත්‍රාත්වරයා තමන්ට සැකකරුට ඇප ලබාදිය නොහැකි බවත් එහෙත් මෙය මූලික අයිතිවාසිකම් කඩවීමක්‌ ලෙස පෙනී යන බවත් සඳහන් කර ඇත.


    යම් ලෙසකින් දුරකථන දත්ත වාර්තා පිළිගනිමින් එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස්‌ කඳවුරට භාර දුන් බව රහස්‌ පොලිසියට පැවසුවේ නම් සැකකරුට එරෙහිව 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා නගන්නේදැයි ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කරමින් මහෙස්‌ත්‍රාත් රංග දිසානයක මෙහිදී වැඩිදුරටත් විමසා ඇති අතර එයට පිළිතුරක්‌ දිය නොහැකිව රහස්‌ පොලිසිය නිරුත්තර වී තිබේ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක්‌නැලිගොඩ සිද්ධිය;
    තවත් බුද්ධි නිලධාරියෙක්‌ අත්අඩංගුවට


    හේමන්ත රන්දුණු

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ තවත් නිලධාරියෙක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (19 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

    මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින යුද හමුදා කර්නල්වරයාගේ රියෑදුරු ලෙස කටයුතු කළ මෙම හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් පසුවය.

    මෙම හමුදා නිලධාරියා එක්‌නැලිගොඩ පැහැරගෙන යැමේ සිද්ධියට සම්බන්ධ වූවකු බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් හෙළි වී ඇත.

    සැකකරු අධිකරණය වෙත ඊයේ (19දා) සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

    එක්‌නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යුද හමුදා බුද්ධි අංශයේ කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු නව දෙනෙක්‌ බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ



    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍


    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.


    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?
     

    Similar threads