කොණ්ඩයාගේ අයියාගේ (සමන්) DNA ගැළපේ..
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ සිරුරෙන් ලබා ගත් ආගන්තුක ජෛව සාම්පල සමඟ කොණ්ඩයා නමැත්තාගේ සහෝදරයා වන සමන් ජයලත්ගේ ඞී.එන්.ඒ ගැලපෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඞී. ඒ. රුවන් පතිරණ අද අනාවරණ කළා. ඒ ඝාතනයට ලක්වූ සැකකරුගේ ඞී.එන්.ඒ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අද මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි. කොළඹ පිහිටි ජීන්ටෙක් ආයතනයයි ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකළේ. මේ වනවිටත් සමන් ජයලත් නැමැත්තා සහ ඔහුගේ සොහොයුරා වන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
සේයා සදෙව්මි දැරියගේ ශරීරයෙන් ලබා ගත් ආගන්තුක ජෛව සාම්පල කොණ්ඩයා නැමැත්තාගේ ජෛව සාම්පල සමඟ නොගැලපෙන බව මීට පෙර තහවුරු වුණා. කෙසේ නමුත් පසුගියදා රහස් පොලිසිය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ඞී. ඒ. රුවන් පතිරණගෙන් ඉල්ලා සිටියේ ඝාතනයට ලක් වූ සේයා සදෙව්මි දැරියගේ පියාගේ ඞී. එන්. ඒ ද පරීක්ෂාවට ලක් කළ යුතු බවයි. දැරියගේ ඞී.එන්.ඒ වාර්තා නිසි අයුරින් සකස් කර ගැනීම එහි අරමුණ වී තිබුණා. ඊට මහෙස්ත්‍රාත්වරයාගේ අනුමැතිය හිමිවූ අතර අද දිනයේ ඔහුගේ ඞී. එන්. ඒ. වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේ ඒ අනුවයි. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ එක්දරු පියෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් මුදා හැරියේ ඔවුන්ගේ ඞී. එන්. ඒ. වාර්තා දැරියගේ ශරීරයෙන් ලබා ගත් ආගන්තුක ජෛව සාම්පල සමඟ නොගැලපීම හේතුවෙන්.
from-Hirunews