කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඔබ ඇතුලත් වනවා නම්.....
1- ඔබේ උපාධිය ඉමහත් කොට පිළි ගැනෙනුයේ ආරක්ෂක සේවය සදහා වන බව සැළකුව මනාය.
2- ඔබ උපාධිය සම්පූර්ණ කළ අනතුරුව යම් පුහුණුවකින් පසුව ඔබ ආරක්ෂක සේවයේ අධිකාර ලත් නිළයකට බදවා ගැනේ.
3- ඔබ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් සමග අවම වශයෙන් දොළොස්වසරක සේවා ගිවිසුමකට එළඹිය යුතු වන අතර, ඔබේ සේනාවිධායකය අණ දෙනු ලබන ඕනෑම ස්ථානයක ඕනෑම රාජකාරියක් කිරීමට ඔබ බැදී සිටී.
4- කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ඉතාම විනයවත් අභිමානී නිළධාරීන් නිර්මාණය කරනු ලබන ස්ථානයකි. එහි දී අප විසින් පුහුණු කරනු ලබන්නේ යම් තාක් දුරට සිවිල් සහ ආරක්ෂක කර්තව්‍යයන් හි නිපුන යුධ යන්ත්‍රයකි. එහි දී ඔබට ලැබෙන පුහුණුව ඉතාම කටුක වන අතර, ඔබ එය විද දරා ගැනීමට සමත් ආත්ම ධෛර්යයකින් යුතු පුද්ගලයෙකු නොවේ නම් එකී විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමෙන් වැළකීම මනාය.
5- ඔබ යම් සමාජ විරෝධි කටයුත්තක නිරත වි ඇත්නම් ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප වීමේ හැකියාව 99.9999% තරම් ඉහල ප්‍රතිශතයකි.
මගේ පෞද්ගලික අදහස - ඔබ සේවා ජීවිතයට ප්‍රිය කරයි නම්, නිළ ඇදුම් පැළැද සිටීම ගැන සිහින දකී නම්, රට වෙනුවෙන් කැප විය යුත් යයි සිතයි නම් සහ පළමු සහ බලවත් ම කරුණ, මේ අපේ පීතෘ භූමියේ පස් මිටක් තම ජීවිතයට වඩා වටිනේ යයි විශ්වාස කරයි නම් සහ අදහයි නම්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ඔබට සුදුසු ම ස්ථානයයි.
ඔබට ජයෙන් ජය ම වේවා!!