කොත්තමල්ලි

Milin86

Active member
  • Jan 4, 2017
    89
    26
    28
    [FONT=Malithi_Web]පක්ෂිහු සිය පියාපත්හි උකුණන් ඉවත් කර ගැනිමට දුවිලි නාගනිති.තුවාල ලත් සිවුපාවෝ එම තුවාල ලෙවකා සුවපත් කර ගනිති.බල්ලන් සහ බළලුන් උදරාබාධ ඇති වු කල්හි තණකොළ කුප්පමේනියා ආදි පැළෑටි වර්ග බුදිති.රෝගි වන මිනිසාට ඉන් සුවවිමට අවශ්‍ය වන්නේ ඖෂධය.ලොව පුරා කෘත්‍රිම ඖෂධ වල පවතින අනිසි ප්‍රතිළුල පිළීබඳ කථිකාවක් ගොඩනැගි ඇකි මෙවන් යුගයක, ආයුර්වේද ඖෂධ වලට හිමිි වන්නේ නොසිදෙන විටිනාකමකි. දේශිය ඖෂධයන්හි නොසිදෙන වටිනාකම් ගැන මෙලෙස දිග හැරේ.[/FONT]
    [FONT=Malithi_Web]කොත්තමල්ලි[/FONT]
    [FONT=Malithi_Web] [/FONT]
    [FONT=Malithi_Web]ඖෂධයක් ලෙසත්, කුළු බඩුවක් ලෙසත් ඖෂධ ගුණයෙන් ඉහළ කොත්තමල්ලි ලොව පා භාවිතයට ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇත්තේ බුද්ධ වර්ෂ 5000 ක පෙර අතීතයේ සිටය.[/FONT]
    [FONT=Malithi_Web]ආරම්භයේ දී මැද පෙරදිග රටවලටත්, ඊජිප්තුවටත් පමණක් ආවේණික වී තිබු කොත්තමල්ලි වර්තමානය වන විට ලොව පුරාම ප්‍රචලිත ශාක බවට පත්ව තිබේ.[/FONT]
    [FONT=Malithi_Web]ලොවපුරා සිදුකර ඇති පර්යේකෟෂයන්ගෙන් ඔප්පු වී ඇත්තේ ප්‍රතිජිවක ගුණයේ සිට පිළිකා නැසිමේ ගුණය දක්වා විශාල පරාසයකට දිවෙන ගුණයක් කොත්තමල්ලි සතුවන බවයි.[/FONT]
    [FONT=Malithi_Web]ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති ඖෂධයක් වන කොත්තමල්ලි අමු ශාකය කොටා ලබා ගන්නා යුෂ සමේ වියළි බව දුරු කර සම ප්‍රසන්න පෙනුමකින් තබා ගැනිමට උපකාරි වේ.[/FONT]
    [FONT=Malithi_Web]කුරුලෑ වලට එරෙහිව ක්‍රියා කිරිමේ ගුණයක්ද කොත්තමල්ලි සතුවේ. කොත්තමල්ලි කොළ ග්‍රෑම් 5 බැගින් දිනපතා දින හැටක කාලයක් නොකඩවා ගැනිමෙන් ශරිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කර ගත හැකි බව පර්යේක්ෂණයක් මඟින් තහවුරු කර තිබේ. එලෙස කොත්තමල්ලි ගැනිමෙන් කොලෙස්ටරෝල් රෝගින්ගේ රුධිරයේ අන්තර්ගත ලිපිඩ්පෙරොක්ෂිඩේස් නැමැති රසායනය වැඩි වි රතු සෛල ක්‍රියාකාරිත්වය හොඳන් සිදු වි රෝගි තත්ත්වය පාලනය කිරිමට උපකාරි වේ.[/FONT]
    [FONT=Malithi_Web]කොලෙස්ටෙරොල් රෝගි තත්ත්වයට හේතුවෙන් රුධිරයේ නිර්මාණය වන ට්‍රයිගිසලයින් රසායනය අඩුකර ශරිරයට හිතකර එච්.ඩී.එල්. වැඩිකර ගැනිමට ද කොත්තමල්ලි උපකාරි වන බව වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දි ඇති කරුණකි.[/FONT]
    [FONT=Malithi_Web]අක්මාවේ පිත නිපදවිමේ ක්‍රියාවලිය නිසි පරිදි ඉටු කිරිමට උපකාරි වන කොත්තමල්ලි මේද පරිවෘත්ති ක්‍රියාවලිය යහපත් පරිදි සිදු කරයි.[/FONT]
    [FONT=Malithi_Web]කාන්තාවන්ට මාස් ශුද්ධියේදී රුධිර වහනය සිමාව ඉක්මවා පිට වන අවස්ථාවේදි එම තත්ත්වය පාලනය කිරිමට කොත්තමල්ලි ශාකය ආහාරයක් ලෙස පිළියෙළ කර (සම්බෝලයක්) ගැනිමෙන් සුවය ලැබේ.[/FONT]
    [FONT=Malithi_Web]වා ,පිත්, සේම් යන ත්‍රිදෝෂ සමනයටම ගුණදායක කොත්තමල්ලි පිත ගැසිමේ විශේෂ ගුණයකින් යුක්ත වන බව ද ආයුර්වේදයේ දි පෙන්වා දේ.[/FONT]
    [FONT=Malithi_Web]වේදනාව සහිත ඉදිමුම්වලටත් , කුරුලෑවලටත් කොත්තමල්ලි කොළ අඹරා ගැල්විමෙන් සුවය ලැබෙන අතර මේ සඳහා කොත්තමල්ලි ඇට ද භාවිතා කිරිම වරදක් නැත.[/FONT]
    [FONT=Malithi_Web]ආහාර දිරවිමේ ක්‍රියාවලිය පහසු කිරිමේ ගුණයකින් යුතු කොත්තමල්ලි ආහාරයට ගැනිමෙන් බඩගින්න ඇතිවේ. කුසගිනි නොඑන විටත්, කෑම ආරුචිය ඇති විටත් කොත්තමල්ලි කොළ ආහාරයට ගැනිම ගුණදායකය.[/FONT]
    [FONT=Malithi_Web]ආහාර නොදිරවන අවස්ථාවලදි කොත්තමල්ලි බැද හොඳින් කුඩු කර උණුසුම් ජලයට දමා පානය කිරිමෙන් ගුණ ලැබේ.[/FONT]
    [FONT=Malithi_Web]බඩපුරවා දැමිම, ඔක්කාර ඇති විටත්, අර්ශස් රෝගින්ටත්, පාණ්ඩු රෝගයෙන් පෙළෙන්නන්ටත්,[/FONT]
    [FONT=Malithi_Web]වියළි ඉඟුරු ,අරළු, කොත්තමල්ලි කළං 4 බැගින් ගෙන සිනි දමා හෝ නොදමා උදේ සවස පානය කිරිමෙන් සුවය ලැබේ.[/FONT]
    [FONT=Malithi_Web]රත්පිත් රෝගයෙන් පෙළෙන රෝගින්ටත් හෘද රෝගින්ටත් කොත්තමල්ලි කොළ නිතර ආහාරයට එක්කර ගැනිම යහපත්ය.[/FONT]
    [FONT=Malithi_Web]ආයුර්වේද ග්‍රන්ථයන්හි පෙන්වා දෙන ගැනිමෙන් ශුකාණූ හිනතාවක් ඇතිවිය හැකි බැවින්, දරුවන් සෑදිමේ වයසේ සිටිනා තරුණ පුරුෂ පාර්ශවය කොත්තමල්ලි අධිමාත්‍රාවෙන් ගැනීම නොකළ යුතු බව සඳහන් කර තිබේ.[/FONT]
    [FONT=Malithi_Web]නිතර ඇතිවන හිසරදය පාලනයට කොත්තමල්ලි කොළ කොටා ලබා ගන්නා පල්පය ඉස්ම සමඟම නළලේ සෘජුවම ආලේප කිරිම හෝ රෙදි කඩක තවරා ආලේප කිරිම ගුණදායකය.[/FONT]
    [FONT=Malithi_Web]ශරිරයේ විවිධ තැන්වල හට ගන්නා වසප්පු ගෙඩි සුව විමෙන් ඉක්මණින් සැරව පිටවි තුවාලය සුව විමටත් කොත්තමල්ලි කොටා භාවිතය සුදුසුය.[/FONT]
    [FONT=Malithi_Web]මුඛ අභ්‍යන්තරයේ තුවාල හටගෙන ඇති වට හොඳින් පිරිසිදු කරගත් කොත්තමල්ලි කොළ කොටා ලබාගත් යුෂ මුඛයේ ටික වේලාවක් තබාගෙන මුඛය පුරාවට හොඳින් අලේප වන පරිදි කැළතිමෙන් පසුව, ඉවත් කළ යුතුය.මුඛ රෝග සමනයට ආයුර්වේදයේ මෙය ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.[/FONT]
    [FONT=Malithi_Web]ඇතැම් පුද්ගලයන්ට නිතර ඇතිවන කරකැවිල්ල, සිහි මුර්ජා ,ගතිය, සේම අමතක වන තත්ත්වයේදි එළ කිරිවලට කොත්තමල්ලි ඇට දමා හොඳින් උණුකර නිවෙන්නට හැර පානය කිරිම ගුණදායකය.[/FONT]
    [FONT=Malithi_Web] [/FONT]
    [FONT=Malithi_Web]අධි රුධිර පිඩනයෙන් පෙළෙන රෝගින්ට ද මෙය ගුණදායකය.[/FONT]
    [FONT=Malithi_Web]විවිධ විකෘති කාම ආශාවන්ගෙන් යුතු කාම උන්මාදය රෝගි තත්ත්වයෙන් පෙළෙන ඇතැම් රෝගින්ට පවතින තත්ත්වය පාලනය කිරිමට කොත්තමල්ලි තැම්බු ජලය අධිමාත්‍රාවෙන් දිමෙන් හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වී රෝගි තත්ත්වය පාලනය කෙරේ.[/FONT]
    [FONT=Malithi_Web]ආයුර්වේදයේ පෙන්වා දෙන පරිදි මානසික ආතතිය පාලනය කිරිමට තදිම ඖෂධයක් ලෙස කොත්තමල්ලි ගත හැකිය.[/FONT]
    [FONT=Malithi_Web]සමේ ඇතිවන ශ්‍රාවය පිට වන තුවාල, කුෂ්ඨවල දි කළුදුරු, සුදුරු ,කොත්තමල්ලි සම ප්‍රමාණයෙන් ගෙන තම්බා සේදිම හෝ බිමද ගුණදායකය.[/FONT]
    [FONT=Malithi_Web]අම්ලපිත්ත රෝගයෙන් පෙළෙන රෝගින්ට කොත්තමල්ලි ඇට රෑට තම්බා නිවෙන්නට හැර උදෑසන සිසිල් කොත්තමල්ලි වතුර හිස්බඩ පානය කිරිම ගුණදායකය.[/FONT]
    [FONT=Malithi_Web]ගර්භනි කාන්තාවන්ට මුල් මාස කිහිපය තුළදි ඇති වන වමනයට කොත්තමල්ලි කුඩ කර සිනි දමා උණූසුම් ජලයට මිශ්‍ර කර පානය කිරිමෙන් වමනය පාලනය කරගත හැකි බව අප පැරණියන් ප්‍රත්‍යක්ෂව තහවුරු කර තිබේ.[/FONT]
    [FONT=Malithi_Web]මැග්නිසියම්, පොටෑසියම් සහ කෙඳි බහුලව අන්තර්ගත කොත්තමල්ලි ප්‍රතිශක්තිකරණය ගුණයෙන් යුක්තය.[/FONT]
    [FONT=Malithi_Web]ශ්‍රික ජාතිකයන් සොයා තිබෙන කරුණුවලට අනුව කොත්තමල්ලි වාෂ්පිකරණ ගුණයෙන් යුතුය. එම නිසාම කොත්තමල්ලි ලිංගික ශක්තිය වැඩිකර ගැනිම සඳහා භාවිතා කරයි.[/FONT]
    [FONT=Malithi_Web]දියවැඩියාව රෝගින්ට ද කොත්තමල්ලි ගැනිමෙන් රුධිරයේ ඇති ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය උත්තේජනය කර රෝගය පාලනය කිරිමට උපකාර වේ.[/FONT]
    [FONT=Malithi_Web]දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ට ද කොත්තමල්ලි ගුණදායකය.[/FONT]
    [FONT=Malithi_Web]රූප ස්වභාවය වර්ධනය කර ගැනිමටත්, සමේ තෙතමනය ආරක්ෂා කර ගැනිමටත් කොත්තමල්ලි කොළ සුළු ප්‍රමාණයක් දෛයිනිකව ආහාරයට එක කර ගත හැක. ඊට අමතරව කොත්තමල්ලි කෙනාළ කොටා යුෂ ගැල්විම ද සමේ ආරක්ෂාව යහපත් බව ආයුර්වේදයේදී පෙන්වා දේ.[/FONT]
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    didnt-read.gif
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    [FONT=Malithi_Web][FONT=Malithi_Web]"බුද්ධ වර්ෂ[/FONT] 5000 ක පෙර අතීතයේ"

    බුද්ධ වර්ෂ 5000 කියන්නේ අනාගතයේ නේද? :baffled: මේ අපි ඉන්නේ බු.ව. 2500 ගණන් වලනේ? අවුරුදු ගානකට පෙර කියනවනම් බුද්ධ වර්ෂ කියන්න අවශ්‍ය නැහැ..වර්ෂ 5000කට පෙර කිව්වනම් හරි :yes: අනික එහෙම ක්‍රි.ව. හරී බු.ව. වලින් හරි මේ තරම් පෙර කාලයක් කියන එක තේරුමක් නැහැ...:yes:
    [/FONT]