කොතැනහෝ හමුවේවි අපි යලි
මේ පුංචි මහ පොලොවේ
සිහින වල නටඹුන් නගර හමුවේ
නතර වී මොහොතක් හිනාවී
වෙන්ව යමු ආයේ
උයන් තෙර ලඟ අවන්හල දුර
තාම සැනකෙලි බිමකි ආදරයේ
අපට අපි මග හැරී බෝ දුර
ගෙවා ආවෙමු දෙමග ජීවිතයේ
සිහින පොදි බැඳ පැමිණි මඟ දිග
තවම මිහිරී මතක ජීවිතයේ
හිතක් යට සැඟවී මෙතෙක් දුර
කොහොම ආවද කියන් ආදරියේ
ගායනය : හර්ෂන දිසානායක
පද රචනය : රවී සිරිවර්ධන
සංගීතය : මහේෂ් විතාන