කොන්ඩෙ පිළිවෙලට තියාගන්න - ෆැෂන් Tips

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    කොන්ඩෙ පිළිවෙලට තියාගන්න - ෆැෂන් Tips

    මම කතාකරන්න යන්නෙ කොන්ඩෙ පිළිවෙලට තියාගන්න පාවිච්චි කරන දේවල් ගැන. කෙනෙකුගෙ පෞරුෂය පෙනෙන හොඳම සාධකයක් ඒ කෙනාගෙ කොන්ඩෙ.කොන්ඩෙට කොච්චර ස්ටයිල් දැම්මත් වැඩක් නෑ ඒක හරියට පිළිවෙලකට කලේ නැත්නම් තේරුමක් නෑ.

    G_ultra_hard_styling_hair_wax_80g_1.jpg

    කොන්ඩෙ පිළිවෙලට තියාගන්න ගොඩක් දෙනා ගොඩක් දේවල් භාවිතා කරනව. මේ අතර ඉතාම ප්‍රසිද්ධ ඒ ව‍ගේම බහුලව භාවිතා වෙන දෙයක් හෙයා ජෙල් (Hair Gel). රුපියල් 5 සැෂේ පැකට්ටු වල ඉඳන් රුපියල් 6-700 දක්වා හෙයාජෙල් වෙළඳපොලේ තියනව. මීට අවුරු ගානකට කලින් හෙයාක්‍රීම් බහුලව භාවිතා වුනත් දැන් ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ හෙයා ජෙල්. ඔයාල හෙයා ජෙල් ගන්නකොට මුලින්ම බලන්න ඒක තමන්ගෙ කොන්ඩෙට ගැලපෙනවද කියල. ඒක කරන්නෙ කොහොමද?

    සමහර හෙයාජෙල් වර්ග වඩාත් ගැලපෙන්නෙ ස්ටයිලින් වලට (උදා- ගුඩ් ලුක්) මේවා හොඳින් ඇලවෙන නිසා කොන්ඩෙ හොඳින් ඇලවිලා හිටිනව. ඒත් තවත් සමහර ජෙල් වර්ග ආලේප කලාම කොන්ඩෙ තියෙන්නෙ බුරුල්ව. (උදා- ගැට්ස්බි) තමන්ට කොන්ඩෙ තියාගන්න අවශ්‍ය විධිය ගැන හිතල ජෙල් වර්ගය තෝරගන්න.

    අනිත් දේ හෙයාජෙල් ආලේප කරන්න කලින් කොන්ඩෙ හොඳින් තෙත් කරන්න. තුවායක් අරන් හොඳින් පිහදාන්න හැබැයි තෙත ගතිය යන්තම් ඉතුරු කරන්න. එතකොට හෙයාජෙල් ඉතාමත්ම ලේසියෙන් ආලේප කරන්න පුළුවන්. ඒවගේම හෙයාජෙල් ආලේප කරල දවස අවසානයේ අනිවාර්යෙන් ඔළුව හොඳින් පිරිසිදු කරගන්න. හෙයාජෙල් එක්ක නින්දට යන එක නරක පුරුද්දක්. කොන්ඩෙ පැලෙන්න, ඉදෙන්න වගේම ගැලවෙන්න ඉඩතියනව.

    hair-gel.jpg



    තමන්ට අවශ්‍ය සැහැල්ලු ඒත් අවුල්නොවෙන ස්ටයිල් එකක් නම් හෙයාජෙල් වෙනුවට හෙයා මූස් (Hair Mousse) එකක් පාවිච්චි කරල බලන්න. මේක හෙයාස්ප්‍රේ වලට ගොඩක් දුරට සමානයි ඒත් ආලේපයක් විදියට භාවිතා කිරීම ඉතාමත්ම පහසුයි. පාවිච්චි කරන් කලින් බෝතල‍ය හොඳින් සොලවන්න. ගොඩක් වෙලාවට මූස්, ජෙල් වලට වඩා මිලෙන් අධිකයි. ජෙල් වලට වගේ මූස් වලට කොන්ඩෙ තෙත් කිරීම එතරම් අවශ්‍ය නැහැ. කෙලින්ම ආලේප කරන්න පුළුවන්.


    IMG_0372.jpg

    huge.40.204691.JPG


    මූස් භාවිතයෙන් තදින් එකට ඇළුනු නැති ඒත් හොඳ පෙනුමක් සහිත සැහැල්ලු පෙනුමක් ලබාගන්න පුළුවන්. ඒත් මතක ඇතුව දවස අවසානයේදී කොන්ඩය හොඳින් සෝදගන්න. විශේෂයෙන්ම ෂැම්පු වර්ගයක් භාවිතා කරනවානම් ඉතා පහසුවෙන් සාමාන්‍ය සේදිමකින් නොයන, සමහර මූස් වර්ගවල තියන ඇලෙනසුළු ගතිය කොන්ඩෙන් සම්පූණයෙන්ම යවාගන්න පුළුවන්.

    අපි කලින් කතාකරපු ජෙල් සහ මූස් කියන දෙකම භාවිතා කරන්නෙ ඇලෙනසුළු ද්‍රව්‍ය. මේවා භාවිතයෙන් පස්සෙ අනිවාර්යෙන් කොන්ඩය සෝදාගත යුතුයි. ඒත් මීළඟට අපි කතා කරන්න යන්නෙ එහෙම කරන්න අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍යක් ගැන.

    හෙයා වැක්ස් (Hair Wax) කලින් කියපු ජෙල් සහ මූස් වලට වඩා මිලෙන් අධිකයි. ඒත් හිසකෙස්වලට හිතකරයි. වැක්ස් කියන්නෙ ඉටි වගේ ද්‍රව්‍යක්. මේක කොන්ඩෙ ගාන්න ඕනෙ ඉතාමත් සුළු වශයෙන්. වැක්ස් භාවිතයෙන් ස්ටයිල් කරන්න ටිකක් අමාරුයි. ඒත් ඔබේ කොන්ඩයේ අමුතු තෙත් පෙනුම දවසම තියාගන්න මේකෙන් පුළුවන්. ජෙල් හෝ මූස් වලින් සිදුවන කොන්ඩය වියලීම මින් සිදුවන්නේ නැහැ. කොන්ඩයේ තෙල් ආලේප කලා වගේ
    .:yes:

    SweetStyleHairWaxAquaWave.jpg


    ඒත් වැක්ස් අධික ලෙස භාවිතා කරන්න එපා. ඊළඟට දවස අවසානයේ හිස පිරිසිදු කිරීම අනිවාර්ය නැහැ. ගොඩක් දෙනා ගෙදර යන්නෙ ගොඩක් රෑ වෙලා නිසා රෑට නාන්න කැමති නෑ. මේ වගේ අයට වැක්ස් ගොඩක් ගැලපෙනවා. ඒත් වැක්ස් එක් වරක් භාවිතයෙන් පසුව අනිවාර්යයෙන් හිස පිරිසිදු කිරීම වැදගත්.

    ඔය කොයි වර්ගය පාවිච්චි කලත් ඒවා කෙස් ගසේ මුලේ (root) ආලේප නොකල යුතුයි. කෙස් ගස වර්ධනය වීමට එය බාධාවක්. විශේෂයෙන් ජෙල් සහ මූස් කෙස් ගසේ ඉහල කොටසේ පමණක් ආලේප කරන්න.

    කොහොම උනත් මේ එක දෙයක් හෝ භාවිතා නොකිරීමට තීරණය කිරීමත් හොඳ දෙයක්. අනං මනං වර්ග නිතරම කොන්ඩෙ ගාන එක එච්චර හොඳ දෙයක් නෙමේ. කෙස් වර්ධනයට ඒක බාධාවක්. සමහරු කිසිම දෙයක් ආලේප නොකිරීමට තීරණය කිරීම මීට හේතුව වෙන්න පුළුවන්. ඒත් ඔබ දැඩි හිරු එළියේ යනවා නම් කුමක් හෝ තෙල් වර්ගයක් ආලේප කිරීම වැදගත්. විටමින් E අඩංගු හෙයා ඔයිල් වර්ග වෙළඳපලේ ඕනි තරම් තියනවා. ජෙල්, මූස් හෝ වැක්ස් පාවිච්චි නොකරනවානම් මේ වගේ තෙල් වර්ගයක් පාවිච්චි කිරීමෙන් දැඩි හිරු එලිය නිසා ඔබේ හිස කෙස් දුර්වර්ණ වීම, හැලී යාම සහ පැලීම අවම කරගන්න පුළුවන්.


    මම නං කියන්නෙ කොච්චර කැතට පෙනුනත් හිසට ආලේප ගල්වන එක පුලුවන් තරම් (බින්දුවටම!) අඩුකරන්න කියලයි:yes:

    ඉස්සුවේ gentsfashionlk.blogspot.com
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ElaKiri... 6+
    macho mame nam konde mokuth gannema nati gaanai
    gavoth gaanne ara penela gedi..
    (Duth Kimbula ge Thread ekaka thibune...)
     

    Freedomworld

    Member
    Nov 24, 2012
    104
    10
    0
    මම නම් ඉතින් කොන්ඩෙ ගැන හිතනවා. ඒත් මොනව හරි ගාන්නේ කොහෙ හරි යනකොට විතරයි.
    පෝස්ටි එක හොදයි...
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara


    ගොඩක් හොද පෝස්ට් එකක් වටිනව තන්කු යාලුවා
    මම නම් පාර්ටි එහෙකට යද්දි විතරක් උබ කියපු විදියට තෙත ගතියත් එක්ක ජෙල් ගන්නවා සහ පාර්ටි එක ඉවර වෙල ආවම මහ්න්සිය යන්න නානවා.. ජෙල් එක්ක නින්දට යන්න එප සහ ඔලුව සොදන්න කියන්න කරුණු නම් අදයි දැන ගත්තේ මචං ගොඩක් තැන්ක්ස් කියලා දුන්නට.