කොන්ද කැක්කුම

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අනේ පෙන්නපන් මචන්. වාඩි වෙලා පැයක් ඉන්න බෑ බන්. :( වැඩ පාඩු වෙනව හරියට
    ඉස්සරලම මම කිව්වා වගේ පුටුවේ ඉදගෙන වැඩ කරනකොට, අට කොහොමද තියෙන්නේ බලන්න.
    කොන්දට බර වැටෙන්නේ අත වැරදි ඉරියව්වකින් තියාගෙන ඉන්නකොට. ඒක හදාගන්න මුලින්ම.
    Computer එකක වැඩක් නම් කරන්නේ,
    1. පුටුවේ ඉදගත්තම, මේසේ වැලමිට මට්ටමෙන් තියන විදියට මේසේ සහ පුටුව වෙනස් කරගන්න බලන්න.
    2. වැලමිට නිදහසේ එල්ලා වැටෙන විදියට ඇග ළඟටම කරලා තියාගන්න. වැලමිට ඇගෙන් ඉස්සරහට යනකොට කොන්දට බරක් වැටෙනවා.

    යෝගා ගැන කියනවා නම්, මම ගොඩක් ආසන වලට try කරන්න කියන්නේ නැහැ. මට හොඳටම ගුණයක් තිබුනේ නාගාසනය සහ පර්වතාසනයෙන්. ඒත් ඒක එක එක්කෙනාගේ ශරීර ප්‍රමාණය සහ හැඩය අනුව එක එක්කෙනාට කොන්ද අමාරුව හොඳ වෙන්න කරන ආසනය වෙනස් වෙනවා. තමාට ගැලපෙන එක හොයාගෙන නිතර කළා නම්, කොන්ද අමාරු හැදෙන්නේ නැහැ. මම දිනපතා පැය 10කට වඩා computer එකෙන් වැඩ කරන්නේ. දැන් කිසිම අමාරුවක් දැනෙන්නේ නැහැ කොන්දට වත් අත් දෙකට වත්.

    බාලාසනය
    Balasana-Child-Pose.jpg

    මේක ඇවිල්ලා ගොඩක් පොඩි ළමයි උදේට ඇහැරෙන්න කලින් ඉන්න විදියක් නිසා තමා බාලාසනය කියන්නේ.

    දනිස් දෙක මැද්දෙන් බඩ, පපුව පොලවට තෙරපන්න ඕන. මේකෙන් කොන්ද රිදෙන එකට මාරම සහනයක් එනවා. ඒ වගේම ටිකක් පහසු ආසනයක්.
    ------ Post added on Sep 9, 2021 at 8:04 PM
     
    • Love
    Reactions: fkguy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    නෑ බන් ෂුවර් එකට පුටුව නිසා තමයි. මොකද දැන් ගෙදර නිසා දවස ම පුටුවෙයි ඇදෙයි තමයි.
    දවසට ලීටර් 2 මෙගා බොතල් එකක් වතුර බොන්න

    ව්‍යායාම කරන්න

    මාලු කන්න , හාල්මැස්සො