මම දන්නා යාලුවෙකුගේ කොදු ඇට පේළියේ යට හරියේ ඇදවීමක් තියෙනවා. පිටතට ඉස්සිලා වගේ පොඩ්ඩක්. එයාට බර උස්සන්න එපා කියලා තියෙනවා. පොඩි බරක්වත්. ඒ හරියෙම තියෙන ස්නායුවකුත් ඇද වෙලා. අර ඉස්සිලා තියෙන කොඳු ඇටේ ඒක ගෑවෙනකොට ඉවසගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා. ඉංග්රීසි බෙහෙත් වලින් හොඳ කරන්න අමාරුයි කියලා කියනවා. සිංහල බෙහෙත් පාවිච්චි කරලා බලන්න බැලුවේ. මේ වගේ දෙයකට හොඳ වේද මහත්තයෙක් ලංකවේ කොහෙද ඉන්නේ ? දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරනවද ?
ලොකු පිනක් !