මේ ගැන නම් ලියවිල්ලක් නොලියා බෑ.
ෂෝ එකේ නම නම් "අප්සට්"
හැබැයි වැඩේ මරු....
මම දිගින් දිගටම කොමඩි ෆලෝ කරන කෙනෙක් විදියට ලකයි සිකයි මග ඇර ගෙන තිබුනේ නෑ. ඔවුන්ගේ වීඩියෝ එකක් නෑර බලලා තියෙනවා. හුදෙක් කුඩා කොමඩි සීමාවේ නොයිඳ නිතර වෙනස් මොනවා හරි දෙයක් කරන්න ඔවුන් වෙහෙසුනා. ඒ නිසාම යූටියුබ් අවකාශය ඔවුන් විසින් වෙනම ලෙවල් එකකට අරගෙන ආවා.
ඔවුන්ට මෑතකදි සම්මානයක් පවා හිමි උනේ ඔවුන්ගේ සමාජ කාර්යාභාරය වෙනුවෙන්. ඒ කියන්නේ තමන්ගේ වීඩියෝ ඇතුළේ සමාජයට ලස්සන පණිවිඩයක් දෙන්න ඔවුන් නිතර උත්සහ කළා. ඉතිං මේ ඔක්කොම අස්සේ වේදිකාවට මේ දෙපළ එනවා කිව්වහම මාත් බැලුවා මේ ගැන උනන්දුවෙන්.
මේ අප්සට් ෂෝ එක තිබුණේ නෙළුම් පොකුණේ. ලේසි නෑ. ලංකාවේ තියන්න පුළුවන් ලොකුම තැන. යූටියුබ් එකෙන් අත ගහලා එකපාර ලොකු ඕඩියන්ස් එකකට විවෘත වේදිකාවට එන්න කියන එක ලොකු අභියෝගයක් ලෙසයි මම දැක්කේ. මොකද නෙළුම් පොකුණ ලොකුයි, ටිකක් ගොඩක් ගණන්. එච්චර ගාණක් ගෙවලා මේක බලන්න මිනිස්සු එයි කියලා හිතන එකම over confidence වීමක් ද කියලා මට හිතුණා. වැඩිය කවුරුත් ආවේ නැත්නම් ලොකු පාඩුවක් විඳින්න වෙනවා. ඉතිං මේකේ තිබුණ රිස්ක් එක ලොකුයි.
හැබැයි ඊයේ ෂෝ එක බලලා ආපු මට හිතුණේ ඔවුන් සාර්ථකයි කියලා. හෝල් එකේ සෑහෙන ප්රමාණයක් පිරිලා තිබුණා. මගේ ඇහේ මට්ටමෙන් එහි 75% ක් විතර පිරිලා තිබුණේ.
ෂෝ එකේ segment 4 ක් තිබුණා. හැබැයි මේ හතරෙම රඟපෑවේ මේ දෙන්නම විතරයි. වෙන කිසිම නළුවෙක් හෝ නිළියක් සහය චරිත වලට හිටියේ නෑ. පැය දෙකහාමරක් තිස්සේ තනියෙන් සෙග්මන්ට් 4 ක රඟ පාන්න දෙබස් මතක තියා ගන්න එක ලේසි පාසු දෙයක් නෙවෙයි. පුහුණුවීම්, රිහසල් ගොඩක් කරන්න ඇති. ලොකු මහන්සියක්.
මේ හැම එකේම හිනා වෙන්න දේවල් ඕන තරම් තිබුණා. තුන් වැනි සෙග්මන්ට් එකේ කනත්තේ දර්ශනය තුල ඔවුන් විහිළුවෙන් ඔබ්බට ගිහින් ජීවිතයේ දර්ශනයක් කතා කළා. ඒ ටික ජෝක් නෙවෙයි. හැබැයි ලස්සන කළා කෘතියක රසය එහි තිබුණා. ඒ අතරින් පතරට ජෝක් ඔබන්නත් ඔවුන් අතපසු කළේ නෑ.
ඉතිං මට හිතෙන්නේ වැඩේ සාර්ථකයි. හොඳට හිනා වෙලා සතුටෙන් පිට වෙලා එන්න පුළුවන් උනා. ගෙවපු මුදලට හොඳ වටිනාකමක් ලැබුනා.
ඔබත් දවසක යන්න.
Lakai Sikai - ලකයි සිකයි
ඔබට සුභ පැතුම්!
පැතුම් කර්නර්
#reviewedbypathumkerner