2015 යහපාලනයක් අටවාගෙන නීතී විරෝධීව රාජපක්ෂලාට කෙලින්න ගිය උන් දැන් ඉන්නේ මුක පූට්ටු වෙලාය. වැඩියෙන්ම බය වෙලා ඉන්නේ, හැම කඩේම බඩු හොඳ නැතයි කියා ජනතාවට කෙප්ප ඇද බා, යහපාලන ආන්ඩුවේ ක්‍රියාකාරි සමාජිකයින් වූ ජවිපේ බලමණඩලයය. මේ බව නොදන්නා 3% පාක්ෂික වහලුන් දැන් ඉන්නේ නන්නපෝල් වෙලාය. උන් බලන්නේ අනුර කුමාර දිසානායකට කෙලින්න යන්නේ මොන වැරද්දක් කලාටද කියලාය.
එයාලා දැන් 3% ක් වූ මොළය ශෝදනය කරන ලද පාක්ෂිකයින්ට පෙන්වමින් සිටින්නේ, බලන්නකො අනේ මක්කත් නොකල අපිට මුන් කෙලින්න යනවානේ යන නාට්ටියය. ඒක හරියට රන්ජන් හිරේ දැම්මේ රාජපක්ෂලාය කියනවා වගේ පට්ට ක්‍රියේටිව් ප්‍රොපගැන්ඩා එකක්ය. අර මී හරක් රැල හිතන්නේ අනේ අපේ අහිංසක නායකතුමාට රාජපක්ෂලා කෙලින්නයි යන්නේ කියලාය.
බොරු විදින අකුදි මැතිතුමා කියන්නේ, ප්‍රජා අයිතිය රෝල් කරලා රාජපක්ෂලගේ #කේ ගහගන්න කියලාය. ලාල් කාන්ත මැතිතුමා කියන්නේ, ඒ සෙල්ලම් දාන්න ආවොත් 88/89 කරපු දේම අපිට කියලා කර ගන්න එපා කියලාය. ටිල්වින් මැතිතුමා කියන්නේ පුලුවන් නම් හැප්පිලා බලන්නෙයි කියලාය. සියල්ලෝම රෙද්දේ පහවි බය බිරාන්තවී කියන්නේ මොනවාද කරන්නේ මක්කාද කියා නොදැන පිස්සු වැටි අවසානය. අපි බය නෑ ඩෝ කියා කෑ ගසන්නේ බය ගුල්ලෝය. රියල් චන්ඩි නාගෙන් අඬන්නේ නැතිය.
නමුත් ඇත්ත කතාව මෙය නොවේ. මේ සිඳු වෙමින් පවතින්නේ කළ කළ දේ.. පළ පළ දේ යන ලෝක සත්‍යය ඇස් පනා පිට පටිසන් දීමය. කෙලවෙන්නට යන්නේ (මේ ආන්ඩුව, මේකවත් හරියට කරාවිදැයි කියා අපට නම් සත පහක විශ්වාසයක් ඇත්තේ නැතිය.) අනුර කුමාරයාට පමණක් නොවේ. පාඨලී, රාජි,ත ෆොන්සේකා, හකීම්, සුමන්තිරන්, සම්පන්තන්, මංගල මෙන්ම යහපාලන කාලයේ විසිල් ගසමින් බල්ටි ගැසූ සිවිල් බුවාලා කිහිප දෙනෙක්ද ඒ අතර වෙති.
එසේනම් යහපාලනයට කඩේ නොගිය අකුදි මීට පැටලෙන්නේ කෙසේද යන ප්‍රශ්ණයක් ඕනෑම ගොනෙකුට මතුවිය හැක. මන්ද ඔවුන් ආන්ඩුවට සම්බන්ධ උනේ නැති නිසාය.
ඔවුන් ආන්ඩුවට සම්බන්ධ වූවාද නොවූවාද යන්න පැහැදිලිව පෙනෙන්නේ එයාලා එකපාරටම බූදල් හිමි මහා ධනවතුන් බවට පත් වූයේ කෙසේද යන්න විමසා බැලීමේදීය. 2015 ට පෙර පීඩිත පන්තියේ නායකයින් වූ මුන්නැහෙලා පරම්පරා බූදල් කාරයෝ වූයේ 2015 න් පසුය. සමහර විට මුන්නැහේලාගේ මාමන්ඩිලා සියල්ලෝම ඒ කාල වකවානුවේ මියගියාදැයි අප දන්නේ නැතිය. ඒවා කොමිසමෙන් හොයා ගනු ඇතිය.
මොවුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ කොමිසම පත් වන්නේ, පසුගිය පාලන සමයේ සිඳුවූ නීතී විරෝධි දෙශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ කොමිසම විසොන් කරන ලද නිර්දේශයන් අනුවය…
වැඩේ ලේසි වන්නේ නැත… දැනට හෙලිවී ඇති කරුණු මෙසේය…
@ යහපාලනය ආපු ගමන් රාජපක්ෂලාට කෙලීම සඳහා අරලිය ගහ මන්දිරයේ ජාතික විධායක සභාව නමින් නීතී විරෝධී ආයතනයක් පිහිටුවන ලදි…
@ ඒමගින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොඨ්ඨාශය හෙවත් කුප්‍රකට FCID යද, දූෂණ මර්ධන ලේඛම් කාර්යාලය නමින් තවත් ආයතනයක්ද පිහිටුවන ලදි…
@ මෙම දූෂණ මර්ධන ලේඛම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කොට ඇත්තේ අනුර කුමාරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන ලද ආනන්ද විජේපාල උන්නැහේය.. (මාරයි නේ… බලන්න ඒකෙත් හැටි අම්මපා…)
@ මේ FCID යට සාමාන්‍ය සිවිල් පුරවැසියන්ගේ පැමිණිලි කිසිවක් බාර ගත්තේ නැත….
@ බාරගනු ලැබුවේ ශානී අබේසේකර, සුමන්තිරන්, අකුදි හා පිරිස විසින් රචිත තිරපිටපත් පමණි…
@ අධිකරණයට තග දැමීම වන් ෂොට් වෙත පවරා දෙන ලදී..
@ මේ සියල්ල මේ වන විට සුහද ගම්ලත් හා දිලෘක්ෂි ඩයස් වික්‍රමසිංහ විසින් පාපොච්චාරනය කොට අවසන්ය…
@ මේ කැපකිර්‍රිම් වෙනුවෙන් රනිල් වික්‍රමසිංග මහතා විසින් අර නිර්ධන පන්ති නායක තුමාගේ ලේඛම් මහතාට ගෙවන ලද ජනතා මුදල මිලියන 12කි…
@ අකුදි මහතාටත් මිලියන 300 පමණ ගෙවන ලද බවට කනින් කොනින් ලැබෙනා ආරංචි මාර්ග සනාත කරයි… එය කොමිසමේදී හෙලිවනු ඇත…
@ පට්ටම සීන් එක නම්, ආනන්ද විජේපාල සහෝදරයා විසින් ලක්ෂ 65 ක ජරාවක් ගෙන පෞද්ගලික ආයතනයක් අමාරුවෙ වැටෙන්නට නොදී බේරා ගැනීමය. මෙයින් කීයක්කත් අකුදිලාට හම්බ උනාද නැද්ද කියන්න අප දන්නේ නැතිය.. උන්නැහේ තනියම කෑවා නම් ඒවා මහ කැත වැඩය….
අනුන්ගේ කිල්ලෝටවල හුණු හොයන්නේ මෙවන් මහත්හොරුන්ය..
ඒ වගත් මෙසේය…
copyright : Mathalan blogspot