ජනාධිපති මෛත්‍රිපාල බොක්කේ තියෙන දේ වැමෑරුවායින් පස්සේ, ඔක්කෝම කලබල වෙලාය. අප නම් මුල සිටම කිව්වේ, මෛත්‍රිපාල කරන්නේ අමු බොරුවක්ය කියලාය. මෙතක් ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත් වූයේ ඒ වෙනුවෙන් කැප කිරීම් කල පුදගලයන්ය. ඔවුන්ට ගෝලබාලයන් මෙන්ම අනුගාමිකයින් පිරිසක්ද උන්නේය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා එසේ පත්වූ පුද්ගලයකු නොවේ. ඔහුට ලැබුනේ පිනා චෑන්ස් එකක්ය. ස්වීප් ටිකට් විකුණ විකුණා උන් එකෙකුට, ස්වීප් එකක් ඇදුනා වගේ කේස් එකක්ය. මහින්ද රාජපක්ෂගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, චන්ද්‍රිකාගේ සිරි ලංකා නිදහස් පක්ෂය තුලවත්, කෙදිනකවත් ඔහු පක්ෂයේ නායකයා වන්නට සිටි පුද්ගලයකු නොවේ.
මෙවන් පොට්ට චෑන්ස් වලින් රජා පත් වූ අවස්ථා කීපයක් අපේ ඈත ඉතිහාසයේ මෙන්ම මෑත ඉතිහාසයේද ඇත්තේය. ඒ, ඩී බී විජේතුංග හා සුභ නම් දොරටුපාලයාගේ පාලන සමයන් වලය. ඇත්තෙන්ම වත්මනෙහි අම්මට සිරි ලංකාවේ දේවල් සිඳුවන ආකරය කිසි අඩුවක් නැතිව සමාන කල හැක්කේ, සුබ සහ යස සමයමටම මිස වෙන කිසිවකට නම් නොවේ. ඒ කතාවේ මෙන්, වත්මන් පාලකයාද, බලයෙන් පහවූ පාලකයද, පෙනුමෙනුත් එක සමාන බව ඔප්පු වී අවසානය.
මහින්ද මහත්තයාද සුද්දන්ගේ රටවලදි සුද්දන්ට ආතල් දුන්නේය. මෙහේ ඇවිල්ලා ගැලරියට ආතල් දුන්නේය. මෙයා කරන්නෙත් ඒකමය. මහින්ද මහත්තයාට මුල අමතක උනේය. මෙයාටත් වෙලා තියෙන්නේ ඒකමය. මහින්ද මහත්තයා දරුවන්ට පිස්සු කෙලින්න දුන්නේය. මෙයා කරන්නේත් ඒකමය. දැන් එයා රජ පුටුවේ තියපු පිරිස එයාගේ හතුරන්ය. මම කාටවත් බයත් නෑ "මම කාටවත් වග කියන්නෙත් නෑ.." කියන්නේ ඒ නිසාය. මේකට කියන්නේ මාන්නය කියාය. මාන්නය ඉහට ගහපු පසු යථාර්තයවත්, සාධාරණත්වයත්, නීතියවත් පේන්නේ නැතිය. හිතන්නේ සියල්ල දත් කියලාය.
සියල්ල තම සිතුම් පැතුම් වලට අනුව පමණක්ම සිඳු විය යුතුය. නීතිය එයයි.
මාතලන් නම් මුල සිටම කීවේ, මුන්නැහේ කෙලින්නේ අමු පිස්සුමය කියලාය. ගහන්නේ වැල් බයිලා කියලාය. මුන්නැහේට තබා රනිල්ටවත් කිසිම විෂන් එකක් තියා මිෂන් එකක්වත් තිබුනේ නැතිය. දැන් ඇත්තේත් නැතිය. රටේ ජනතාව මෙන්ම බලාගෙන ඉන්නේ, මොකෙක් හෝ ඇවිත් ගොඩ දමාවී කියලාය. එතකන් තියෙන ටික හොරා කනවාය. මේ සම්මුති ආන්ඩුවත් අමු පිස්සුවක්ම බවත් මාතලන් කීවේය. අපේ මිනිස්සු හවුලේ කැඳත් එපාය කියන්නේ නිකන් නෙමේය. එමෙන්ම සම්මුති ආන්ඩුව පිහිටුවීමෙන් පසු රනිල් ආයෙත් ඉල්ලගෙන කනවාමයි කියලා මාතලන් ඉර හඳ කියනවා වාගෙම අනාවැකියකුත් කීවේය.
රනිල්ට තිබුනේ කුමන හෝ පක්ෂයක තමන් හා එකතු වීමට කැමති පිරිසක් සමඟ එකතුවී මැති ඇමති කම් 30 පමණ දී, ජනතාව ඉල්ලු පාලන ක්‍රමයක් ලබා දීමය. එහෙත් දෙපිරිසම කලේ එය නොවේ. එයින් සිඳු වූයේ අය වැයෙහි ගෙනා ඉතා හොඳ යෝජනා පවා වැඩවසම් රෙදි බැනියම් කරුවන් හමුවේ අකුලා ගන්නට සිඳු වූ එකය. සිරිසේන මුල සිටම ආන්ඩුවට අන්චි ඇද්දේය. බස්නාහිර මහ ඇමතියාද, මහින්ද අමරවීරද, ඩිලාන් පෙරේරාද යොදා ආන්ඩුව පටන් ගත් දිනයේ සිටම කලේ ඒ දෙයය. කොටින්ම මහින්ද සමඟ එකතුව එජාපය එලවන බව පවා කීවේය. සෝමරත්න දිසානායකගෙන පටන් ගෙන දුමින්ද ඇර අනික් කුඩු කාරයන් සියළු දෙනාද, සෙල්ලම් පිස්තෝල කාරයෝද, රටම ගඳ ගස්සන කීරිති වර්ණකුලසූරියලාද, පට්ට ජාතිවාදින් වන ගාමිණි සුමණසෙකරලාද රෙද්ද අස්සේ දාගන්නේ කිසිඳු හිරිකිතයක් නැතිවය. සිරිසේන එසේ කලද, රනිල් තමන්ගේ මහත්මා කම ප්‍රදර්ශ්ණය කොරන්නට ගියේය.
සිරිසේන කියන්නේ මහින්ද කල සියළු දේ අනුමත කරමින් ඒ ක්‍රමය තුල ඉතා යහතින් වැජඹුන පුද්ගලයෙක් මිස වෙන කිසිවකු නොවේ. ඔහු සිහිණ දැක්කා නම් දකින්නට ඇත්තේ තවත් ගාන්ධි කෙනෙකු හෝ නෙල්සන් මැන්ඩේලා කෙනෙකුන් වීමටවත්, තවත් ලී ක්වාන් යූ කෙනෙකුන් හෝ මහතීර මොහොමඩ් කෙනෙකුන් වීමටවත් නොවේ. කවදා හෝ තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකුන් වීමට පමණි. මහින්ද ළඟ උන් සියළුම පිරිස, එනම්, දේශපාලුවන් හා නිළධාරින් පමණක් නොව ඔහුට හිතවත් ජඩමාද්දියවේදින් මෙන්ම වෛද්‍ය සංගමය පවා පතන්නේ ඒ කුණු වූ ගඳ ගසනා කාළකන්නි මජර වැඩවසම් පාලන ක්‍රමය මිස වෙන කිසිවක් නොවේ.
මෛත්‍රිගේ කතාවේ අන්තර්ගතය වෙන කිසිවක් නොවේ. ඔහුට අවශ්‍ය යහපාලනයක් නැතිය. ඔහුට අවශ්‍ය වන්නේ චීෆ් ජස්ටිස් එලෙව්වා වාගේ ක්‍රමයක්ය. ඒය මොකා කලද අනුමත කල හැකි දෙයක් නොවේ. අමුම අමු ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රමයකි. මිනිමැරුම් චෝදනාවන්ට අත් අඩංගුවේ සිටිනා නිළධාරින් මාස ගනන් එසේ සිටීම ඔහුට ගැටළුවක් වන්නේත්. නීතී කරයුතු පමා වීම ගැටළුවක් වන්නේත් ඒ නිසාය. ඔහුට අනුව ඒවා පොලිටිකල් ගේම්ය. එසේ නම් රටේ රාජ්‍ය නායකයා විදියට ඔහු කල යුත්තේ කුමක්ද? නීතී ගරුක ජනතාව එදා සිට ඉල්ලන විශේෂ අධිකරණයක් ඒ වෙනුවෙන් පිහිටුවා නීතීමය ක්‍රියාදාමයම් කඩිනම් කිරීම නොවේද. එසේ නොමැතිව හොරුන්ට ආතල් දීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද? මෙම ආයතන වල නිළධාරින්ට ඔහු දෙන පනිවිඩය කුමක්ද?
අනෙක් කරුණ නම් සියල්ල ඔහුට පැවසිය යුතුය යන්නයි. මේ දේවල් කියන්නේ රෙදි ඇඳගෙනද? මේ විධායක බලතල අත අරිනවා කී අතිගරු කෑලී පවා එපා කී බෙලෙක් පිඟානේ කෑ සරළ පුද්ගලයාද? එසේ නොමැති නම් සර්ව බළධාරි දෙවියන් වහන්සේද? නීතියට ඇඟිලි ගසන්නට ඔහුට ඇති අයිතිය කුමක්ද? එසේ නම් මහින්දම උන්නා නම් අහවරයි නේද? එතනින් මාරු වෙලා ආවේ මේ විගඩම් නටන්නටද? කියන්නටද?
අනෙක් කරුන නම්, ඔහුගේ නායකත්වය කිසිවකු පිලි නොගැනීම හා තමන් වටා සිටිනා කිසිවකුත් විශ්වාසවන්ත නොමැති වීමත්. රාජ්‍ය නායකයකුට නොතිබිය යුතු හීනමානයත්ය. ඔහුට පමණක් නොව ඔහුගේ පුත්‍ර රත්නයටද තිබෙන්නේ එයයි. අපරාදේ කියන්නේ කුමන චෝදනවන් තිබුනත්, පොෂ් පරිසරයක ජීවත්වූ මහින්ද මහත්තයාගේ දරුවන් කිසි දිනෙක මෙවන් තුඡ්ච හැසිරීම් වල යෙදුනේ නැතිය. එයට හේතුව මේ සමාජය ඔවුනට ආගන්තුක දෙයක් නොවනා එකය. එහෙත්, සිරිසේනලාගේ, ඇස් බීලාගේ, මර්වියාගේ උන් කෙලින්නේ, බන්ඩා ලන්ඩන් ගියා වගේ පිස්සුම මිස වෙන මක්කත් නෙමේය.
මෑතක පැවැත්වෙන සම්පාකාර චන්ද වලින් ජනපති පාර්ෂවය අම්බානක කමින් සිටි. තමන් සමඟ ඉන්න උන් පතන්නේද මහින්ද මහත්තයා අඩුම තරමේ අගමැති කමටවත් ගෙනත් ආයේ හොරා කන්නටය. උන් ගතින් මෙතන උන්නද, සිතින් සිටින්නේ මහින්ද සමඟය. දැන් දැන් විදේශවලින් ආරාධනා ලැබෙන්නේ ජනපතිට නොව අගමැතිටය. ඔහුට තිබෙන දේශපාලන කරිෂ්මාව හා පිලිගැනීම කිසිසේත් තමන් නොමැති බවත් ඉතා පැහැදිලිය. අනික රනිල්ට පිස්සු කෙලින්න දරුවන් ඇත්තේත් නැතිය. පක්ෂයේ ඉන්නා තෙවරක් පෙරන ලද සුපිරි හරක් නාම්බෝ මෙන්ම වන් ෂොට්ලා වන් ත්‍රාඩයෝ පවා හොඳින් බැරි නම් නරකින් හරි කොන්ට්‍රෝල් කර ගැනීමටත් ඔහු දන්නවාය. එහෙත් සිරිසේන යනු රාජ්‍ය නායකයා වූවද, දේශපාලන වශයෙන් කිසිවකුත් නැති අනාතයෙක්ය.
එවන් කෙනෙකුගෙන් මෙවන් ප්‍රකාෂයන් හා හැසීරිම් ඉදිරිපත් වීම මහා පුදුම දෙයක් නොවන්නේ ඒ නිසාය. ඔහු කියන්නේ අමු වැල් බයිලාය. ඝෝඨාභය හා නාවික හමුදාපතිවරුන් තිදෙනා, එයා කියනා විදියට උසාවි දක්කාගෙන ආවේ සැප්තැම්බර් 30 වනදාය. මෙයා තායිලන්තේ යන්නේ ඔක්තෝබර් 7 වෙනිදාය. ඔය දින ටිකට පත්තර 7 ක් වත් කියවන්නට ඇතිය. මේවා දැනගත්තේ අදයි කියන්නේ අමූලික බොරුය. ඝෝඨා උසාවි එන්නේත්, FCID එකට එන්නේත් අද ඊයේ නෙමේය. ජනාධිපති කොමිසොමට ගෙන්වා පුටුවක් වත් නොදි පැය ගනන් ප්‍රශ්ණ කරන්නේ අද ඊයේ නෙමේය. ඝෝඨාගේ ඇවන්ගාඩ් එක බලෙන් අරගෙන නාවික හමුදාවට දුන්නේ රනිල් නෙමේය. එල්ලෙන්න වැලක් නැති නිසා, දැන් බලන්නේ ජනතා ප්‍රසාදයක් ඇති එකාගේ ඇඟේ හෝ එල්ලි ගොඩ එන්නය. මහින්ද හා ඒ දේ කොරන්නට බැරිය. මහින්දට බයය. එහෙත් ඝෝඨාගේ ගැලවුම් කරුවා වී, ඝෝඨාභයගෙන් ගොඩ එන්නට හැකිය. එමඟින් කුරුල්ලෝ රෑනක්ම දඩයම් කර ගත හැකි බව දේශපාලනය දන්නා ඕනෑම ගොනෙකුට තේරෙනවාය.
ඩඩ්ලිගේ මඟුල් ගෙදර ගෝඨා එන්නේත්, රනිල් අසලින් ඝෝඨා ඉන්දවන්නේත්, ඝෝඨාගේ පාස්පෝට් එක ඔහුට ලැබෙන්නේත්, වත්මන් ආරක්ෂක ලේඛම් සමගම ඝෝඨා චීනයේ ආරක්ෂක සමුළුවට යන්නේත් ඒ නිසාය. ඇත්තටම ඝෝඨාභය වන් කෙනෙකුන් නැවත එනවා නම් රටට යහපත්ය. මක් නිසාද යත්, රනිල්ටත් කිසිවක්ම කළ නොහැකි බව දෙවන වරටත් සාර්ථකව ඔප්පු කොට ඇති නිසාය. කොටින්ම රනිල්ට කෙලින උන් ඉන්නේ තමන් ළඟමය කියා වත් ඔහු දන්නේ නැතිය. රනිල්ට උනෙත්, සජිත්ලා, නවින්ලා, දයාසිරිලාට තැන දෙනවාට වඩා, කොහේවත් සිට ආ කිරිඇල්ලලාට, ඩීල්දාසලාට තැන දීමය.
මම ඇමතිකමේ ඉන්නා තෙක් ඝෝඨාට මක්කත් වෙන්නේ නෑ කියපු එකා අධිකරණයටම දැම්මේ කුමන අදහසකින්ද කියන්න නම් අපි දන්නේ නැතිය. රනිල් නා ගත්තේ එතනින්ය. අනෙක, මහ බැංකුවේ මහා දවල් මහා මංකොල්ලය වූ බැඳුම්කර වංචාකරුවන් රකින්නට යාමය. වැදගත් මිනිසුන් වන මාරපනලා මේවා දාලා ගියාට සැමදා ඩීල් වලින් ජීවත් වූ ගල් ආඳන් වන ඩීල්දාසලා ඕවා දාලා යන්නේ නැතිය.
යහපාලනය කියන්නේ මහා බොරුවක් බව මාතලන් කියන්නේ යහපාලනේ පටන් ගත් දවසේ පටන්මය. මාතලන් බලාගෙන උන්නේ රනිල් ඉල්ලාගෙන කන්නේ කවදාද කියලා පමණය. මාතලන්ට තිබුන කනගාටුව නම් ඒ දිනය මෙතරම් ප්‍රමාද වීම මිස වෙන දෙයලුත් නොවේය. දැන් ඉතින් කොරන්න දෙයක් ඇත්තේ නැතිය. එකම පිහිට තානාපති කාර්යාල ටික පමණය. එක්කෝ අකුලාගෙන යා යුතුය. එහෙම නැත්නම් ස්වාධීන කොමිසන් අල්ලස් හා දුෂන කොමිසන් සියල්ලම අකුලා දමා, හොරුත් සමඟ හෙළුවෙන් නටනා එකය.
ජනාධිපති තුමාත් කාටත් වග කියන්නේ නැති උනාට. හොරුන්ට ආතල් දීමේ වගකීමෙන් එතුමාට කිසි දිනෙක් ගැලවීමටත් නොහැකි බවත්, තමා පත් කල ජනතාවට සරම උස්සා පුක පෙන්නා, අනෙක් පාර්ෂවය හා එකතුවී ඉල්ලාගෙන කෑ එකම නායකයා බවත් ලියා තබා, යහපාලනයේ මළගම සියල්ලන්ටම දන්වා සිටිනවාය. අවමංගල කටයුතු පසුව දැනුම් දෙණු ලැබේ.
http://maathalan.blogspot.com/2016/10/yapalana-funeral-will-be-notified-later.html?spref=fb