කොරල් පර

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කොරල් පර යනු කොරල් බහුපාදීන්ගේ ඇට සැකිලි එකට එක්වී සැකසෙන නිර්මාණයකි. මේවා වර්ධනය වන්නේ ඉතා සෙමිනි. ඇතැම් ඒවා වසරකට මිලිමීටර 2-3 අතර ප්‍රමාණයක් පමණක් වර්ධනය වේ. මේ නිසා බොහෝ කොරල් පර වසර මිලියන ගණනක් පැරණි ඒවාය. කොරල් ජීවින් වර්ධනය වන්නේ සහ මියයන්නේ ඔවුන්ගේ කැල්සියම් කාබනේට් ඇටසැකිලි තුළයි. මෙම ඇටසැකිලි මත, අනෙකුත් කොරල් වර්ධනය වේ. මේ හේතුවෙන් වසර ගෙවී යද්දී, කොරල් බිත්ති විශාල ගල්පර ලෙස නිර්මාණය වේ.

    කොරල් පර සඳහා ඇති ප්‍රධාන තර්ජන

    මුහුදු ජීවයට දැවැන්ත පාරිසරික, ආර්ථික සහ සෞන්දර්යාත්මක වටිනාකමක් සපයන මෙම කොරල් පර වර්තමානයේ දැඩි ලෙස තර්ජනයට ලක්වී ඇත. විල්කින්සන් මහතාට අනුව ලෝකයේ කොරල් පර 20% ක් විනාශ වී ඇත. තවත් 24%ක් බිඳ වැටීමේ අවධානමකද, තවත් 26% මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වීමේ අවධානමකද පවතී. ලෝකයේ වඩාත් තර්ජනයට ලක්වී ඇත්තේ ගිනිකොන දිග ආසියාවේ කොරල් පරයි. කොරල් පර විනාශ වීමේ තර්ජනයට ලක්වීමට ප්‍රධාන හේතු කීපයක් ඇත.


    සාගර ආම්ලිකරණය

    මෙය කාලගුණ විපර්යාසයන් හා බැදි පවතී. සාගර ආම්ලිකකරණය සිදුවන්නේ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ ගිය විට සාගරය එම කාබන්ඩයොක්සයිඩ් උරාගැනීමෙනි. වායුගෝලයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගත්තද ඒවා පාලනය කිරීමට සාගර වලට නොහැක. මේ නිසා සාගර බොහෝ ආම්ලික වී ඇත. උදාහරණයක් ලෙස වර්තමානයේ සාගර ආම්ලිකතාව පෙර වසර 200 තුල පැවති ආම්ලිකතාවයට වඩා 25% ඉහළ ගොස් ඇත. මෙම ආම්ලිකතාව කොරල් ජීවීන්ගේ වර්ධනය අඩු කිරීමට හේතු වී ඇත. ආම්ලික ජලය කොරල් පරයේ ආකෘතිය සාදන කොරල් ජීවීන්ගේ සැකිලි දිය වීමට හේතු වේ. විද්‍යාඥයන්ගේ මතය අනුව, සාගර අම්ලිකතාව කෙරෙහි අවධානය යොමු නොකළහොත්, මෙම ශතවර්ෂයේ අවසානය වන විට සාගර අාම්ලිකතාව 150 ගුණයකින් වැඩි වීමට ඉඩ ඇත.

    සංවර්ධන කටයුතු

    වෙරළ ආශ්‍රිත ප්‍රදේශ සංවර්ධන කටයුතු සඳහා බොහෝ විට යොදා ගනී. විශේෂයෙන් සංචාරක කර්මාන්තය ආශ්‍රිත කටයුතු සදහා හෝටල්, නිවාඩු නිකේතන ඉදිකිරීම් ආදිය වෙරළාසන්න ප්‍රදේශ වල බහුලව සිදුවේ. මෙම ඉදිකිරීම් ආදියෙන් මුහුදට අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා කොරල් ජීවීන්ගේ වර්ධනය මන්දගාමී වේ. තවද සංචාරක කර්මාන්තයේ යෙදී සිටින බෝට්ටුකරුවන් හා කොරල් නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ නොදැනුවත්කම නිසාද කොරල් ජීවින් විනාශ වීමේ අවදානමක් පවති.

    විවිධ නිෂ්පාදන සදහා පමණ ඉක්මවා කොරල් භාවිතය.

    වර්තමානයේ බොහෝ නිෂ්පාදන කර්මාන්ත සදහා කොරල් යොදාගනී. කොරල් යොදා ගන්නා නිෂ්පාදන අංශ කිපියක් පහත දැක්වේ.

    ආහාර නිෂ්පාදනය

    විද්‍යාඥයන්ට අනුව ඉදිරි වසර 50 තුළ ලෝක ජනගනය දෙගුණ වීමේ ප්‍රවනතාවයක් පවති. ලෝක ජනගහනයේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරන ප්‍රධාන ක්‍රමයක් වන්නේ කරදිය මත්ස්‍ය ව්‍යාපාරයයි. ලොව ප්‍රධාන පෙළේ ආපන ශාලා තුළ ඇතැම් කොරල් මත්ස්‍යයන් මිනිසුන්ගේ ආහාර සඳහා ලබාදීම සිදුවේ.

    මින්මැදුරු වෘත්තීය සඳහා.


    වසරකට කොරල් මසුන් විශේෂ 800 කට ආසන්න ප්‍රමාණයක් හා අනෙකුත් අපෘෂ්ඨ වංශිකයන් බොහොමයක් මින්මැදුරු සදහා අපනයනය කරනු ලැබේ. මෙසේ අපනයනය කරන මසුන්ගෙන් බහුතරයක් පිලිපීනය හා ඉන්දුනීසියාව අවට කොරල් වල වෙසෙන කොරල් ජීවීන් වේ.

    ඖෂධ ව්‍යාපාරය සදහා

    විවිධ වර්ගයේ ඖෂධ නිර්මාණය සඳහාද කොරල් ජීවින් යොදා ගනී. ආයුර්වේදය මෙහිදී ප්‍රධාන තැනක් ලබාගනී. මුහුදු අශ්වයින් හා කොරල් ජීවින් වැනි මුහුදු මත්ස්‍ය විශේෂ පාරම්පරික චීන වෛද්‍ය විද්‍යාව සදහා ද බහුලව යොදාගනී.

    විනාශකාරී මසුන් ඇල්ලීමේ ක්‍රම

    බොහෝ ධීවරයින් මසුන් ඇල්ලීමට යොදාගන්නා ක්‍රම නිසා කොරල් පර විනාශ වේ. තහනම් කර ඇති විවිධ දැල් වර්ග භාවිතය නිසා කොරල් ජීවින් මිය යාමට වැඩි ඉඩක් පවතී. තවද මසුන් ඇල්ලීම සඳහා සයනයිඩ් භාවිතය මෙන්ම ඩයිනමයිට් යොදා කරන පිපිරීම් නිසා කොරල් පර විනාශ වේ.

    මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාම

    දේශගුණ වෙනස්වීම් හේතුවෙන් මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාමද කොරල් ජීවින් විනාශ වීමට හේතු වී ඇත. උෂ්ණත්වය ඉතා ඉහළ වන විට, කොරල් අතර අන්තර් සම්බන්ධතාවය බිඳ වැටෙයි. මෙසේ දීර්ඝ කාලයක් උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතිනවිට කොරල් ජීවින් මියයාමට ලක්වේ. තවද අධික උෂ්ණත්වය කොරල් අතර ලෙඩරෝග පැතිරවීම ඉක්මන් කරයි.

    මුහුදු පතල්

    දකුණු සහ අග්නිදිග ආසියාවේ, හුණුගල් හා ඉදිකිරීම් කර්මාන්ත සඳහා කොරල් පර කැඩීම සිදුකරයි. මෙම ක්‍රියාවලිය තුළ, ගල්පර පුපුරුවා කොරල් ඉවත් කර ගනී. මෙහිදී වැලි හා මුහුදු ඛාදනය සිදුවේ.

    කොරල් සංරක්ෂණයට ගත හැකි පියවර

    සමුද්‍ර ආරක්ෂිත කලාප පිහිටුවීම

    කොරල් ආරක්ෂා කිරීමේ ප්‍රධාන ක්‍රමයක් ලෙස සමුද්‍ර ආරක්ෂිත කලාප පිහිටුවීම දැක්විය හැක. මේවා පිහිටුවීමෙන් මිනිසාට එම ප්‍රදේශ වලට යාම තහනම් කිරීම සිදු කළ හැක. වර්තමානය වන විට බොහෝ සමුද්‍ර ආරක්ෂිත කලාප පිහිටුවා තිබුණත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා එම කලාප තුළට ඇතුල් වීම හා එහි මත්ස්‍ය කර්මාන්තය සිදුවේ. සමුද්‍ර ආරක්ෂිත කලාප පිහිටුවීමේ වර්ධනය පහත ලෙස දැක්විය හැක.වර්තමානයේ දකුණ, ගිනිකොණ දිග හා ඈත නැගෙනහිර ආසියාවේ පමණක් සමුද්‍ර ආරක්ෂිත කලාප 1125ක් දක්නට ලැබේ.
    කෙතරම් සමුද්‍ර ආරක්ෂිත කලාප පිහිටවනු ලැබුවත් වර්තමානය වන විට ඒවා නාමික සමුද්‍ර ආරක්ෂිත කලාප බවට පත්වී ඇත.

    නීති පනත් හරහා අධික ලෙස අස්වැන්න නෙලීම වැළැක්වීම

    අද වන විට බොහෝ කොරල් විශේෂ කලාපයේ ඇති සාමාන්‍ය ආරක්ෂණ නීති යටතේ සංරක්ෂණය වී ඇත. මෙම නීතින් බහුලව සාගර පෘෂ්ඨවංශීන් ආරක්ෂා කිරීමට යොදා ඇත. නමුත් ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි රටවල කොරල් විශේෂ කිහිපයක් හා මොලුස්කාවන් සුරක්ෂිත කරන නීති පනවා ඇත. ඉන්දියාවේ, සියලු ගල් සහිත කොරල්, කළු කොරල් සහ ගිනි කොරල් 1972 වනජීවී ආරක්ෂණ පනත මගින් ආරක්ෂා කර ඇත. ශ්‍රී ලංකාවේ සියලු ගල් සහිත කොරල් 1993 වෘක්ෂලතා හා සත්ත්වයින් ආරක්ෂා කිරීමේ පනත මගින් ආරක්ෂා කර ඇත.

    ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්

    කොරල් පරවල වැදගත්කම, ඒවාගේ විවිධත්වය, හා එයින් ලබාගත හැකි ප්‍රයෝජන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මගින්ද කොරල් විනාශය අවම කරගත හැක. මාධ්‍ය හා අධ්‍යාපනය තුළින් ජාතික මට්ටමින් ජනතාව දැනුවත්කිරීම් සිදුකළ හැකිය. රටේ ප්‍රතිපත්ති සකසන්නන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු අතර ඔවුන් නිර්මාණය කරන ප්‍රතිපත්ති තුළ කොරල් සංරක්ෂණය අනිවාර්ය කළ යුතුය.

     
    Last edited:

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif