කොරෝනට ස්තූතියි.

piyal1234

Member
Jul 11, 2014
14
2
3
කොරෝනට ස්තූතියි.

කොරෝනට ස්තූතියි.



corona4-3.jpg

වසර විසි හතරකුත් දින හයකට පසුව ඊයේ ලාංකිකයෙකු වීම පිළිබඳව මට ආඩම්බරයක් ඇති විය. මින් පෙර එවැනි සිතුවිල්ලක් පහළ වුනේ නවසිය අනූ හයේ මාර්තු දාහත් වන දිනය.
ඉතාලියේ, ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ මගේ ප්‍රාණසම මිතුරන් තිදෙනෙක් වෙසෙති. ඔවුහු කිසිවෙක් හොරෙන් රට පැන්න අපතයෝ නොවේ. එහි පුරවැසිබව ලබා ජීවත්වන වෘතිකයෝ ය. ඔවුන් ලංකාවෙන් පිටවූ දිනයන් හී මා නොහැඩූ තරම පමණි. සුවපහසු ජීවිතයක් සදහා වඩා ධනවත් ප්‍රජාත්‍රාන්තික රටකට සංක්‍රමණය වූ විට සුබ පැතීම හැර අන් කළ හැකි දෙයක් නොවීය.

කෙසේ වෙතත් අපේ මිතුදමෙහි වෙනසක් සිදු නොවිණි. අපි නිරන්තරයෙන් උනුන් හා ඇසුරු කළෙමු.
මහා වසංගතයක දී එකව සිටින්නට නොහැකි වුවත් පසුගිය කාලයේ අපගේ මාතෘකාව කොරෝනාම මිස වෙනෙකක් නොවීය.
මේ අපගේ සංවාද වලින් උපුටාගත් කොටස් කිහිපයකි.
සති දෙකකට පෙර :
ඔසියා : මචං මෙහේ හෙල්ත් සිස්ටම් දියුණු නිසා අපි නම් ඕකේ. උඹලා තමයි පරිස්සම් වෙන්න ඕනෙ.
මිස් යූකේ : අපේ සයන්ටිස්ට්ලා මුලු රටටම කොරෝනා හදලා හැමෝගෙම ප්‍රතිශක්තිය වැඩි කරන්න හදන්නේ. ලංකාවෙ නම් ඉන්න මෝඩ මිනිස්සුත් එක්ක, මේ වගේ ඇඩ්වාන්ස් දෙයක් කරන්න හිතන්නවත් පුලුවන්ද?
රෝමා : රට ලොක්ඩවුන් වුනාට මිනිස්සු කාලා බීලා ෆන් එකේ ඉන්නවා බන්. දිස් ඉස් මේඩ් ඉන් චයිනා. වැඩිකල් තියෙන්නෑ. උඹලගේ බොරු බය. හාපෝ.. දන්නවනෙ ඉතිං ලංකාව.
සතියකට පෙර :
ඔසියා : මුන්ට ඔක්කොන්ටම වැඩිය අමාරු — පිහිදන්න කොළ නැතුව. දන්නවනෙ ඒ අතින් ගත්තම අපි හදවතින්ම ලාංකීයයිනේ. ඉතිං අතේ – පොඩ්ඩක් ගෑවුනාට අපි නම් සැලෙන්නෙ නෑ.
මිස් යූකේ : මාර වැඩේ සයන්ටිස්ට්ලා අර ගොන් අදහස අයින් කරගෙන. යාන්තං ඉස්කෝල ඔෆීස් වැහුවා. මේකෙන් මැරෙන්නෙ වයසක උන් කියලා මුන් සතුටින් ඉන්නෙ. ඒක ආර්ථිකේට හොදයිලු. අපි ඊයේම අම්මව ලංකාවට එව්වා.
රොමා : මචං, හතර වටෙන් ඇම්බුයුලන්ස් යනවා. මිනිස්සු මැරිලා වැටෙනවා. මොනවා වුනත් මම ලංකාවට නම් එන්නෙ නෑ. අපි අපේ රටට (ලංකාවට?) ආදරෙයි. මෙහේට හොරෙන් පැනපු ලංකාවෙ ගොන් හරක් තමයි දැන් ඔහෙටත් හොරෙන් පැනලා වැඩේ දෙන්නේ. උන්ව අල්ල ගන්න ලේසි වෙන්නෙ නෑ. උන් මෙහේ හැංගිලා හිටියෙත් ඔහොමම තමයි.
ඊයේ :
ඔසියා : මචං, මෙහේ තත්ත්වය භයානකයි. මුන් මානව හිමිකමුයි. පුද්ගල නිදහසයි ආර්ථිකයයි වගේ කෙහෙල්මල් ගොන් කතා කියනවා. කරන්න ඕන දේ කරන්න නෑ. අපිට දැන් ඇති වෙලා තියෙන්නෙ. ලංකාව මුන්ට වැඩිය ඉස්සරහින් ඉන්නෙ.
මිස් යූකේ : අපි කවදත් විශ්වාස කරපු දෙයක් තමයි ලංකාවෙ හෙල්ත් සිස්ටම් එක එංගලන්තෙට වැඩිය හොදයි කියලා. පහසුකම් අඩුයි තමයි ඒත් තීරණ හොදයි. මුන් කොරෝනා ටෙස්ට් එක කරන්නේ මැරෙන්න ඔන්නමෙන්න ගියොත් විතරයි. අපිට මෙහේ ඇති වුණා. එයාර්පෝට් එක ඇරියම අපි එනවා ලංකාවට. ලංකාවෙ ගේ ඇතුලට වෙලා හිටියත් කොච්චර සැපක්ද!
රොමා : මචං, මේ යන විදියට නම් අපිට ආපහු මුණ ගැහෙන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ. ලංකාවට ආවනම් කියලා මටත් දැන් හිතෙනවා. ඒත් දැන් පරක්කු වැඩියි. එකක් මතක් තියා ගනින් අපි එකට හිටපු කාලෙ තමයි ජීවිතේ හොඳම කාලේ.
මිතුරු ඇසුරින් උගත් පාඩම් :
ලංකාවේ මිනිස්සු ගොන් හරක්‍ ය. හැබැයි මේ අවස්ථාවෙ කොරෝනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකරය, සම-හරක් රටවල් තරමටම ගොන් නැත.
ලංකාව ජීවත්වීමට සුදුසු රටක් නොවේ. නමුත් මරණාසන්නවූ විට පැමිණීමට හොදම රටය.
ලංකාවෙ උන්ට මානව හිමිකම්, නිදහස අවශ්‍ය නැත. ලංකාවෙන් ගිය උන්ටත් ඒවා අවශ්‍ය නැත. බලන කොට යන්න ඕන උන් ඉදිද්දි, ඉන්න ඕන උන් ගිහින් තියෙන්නෙ.
ලංකාව දාලා ගිය උන් බුද්ධිමත්‍ ය. උන් ඒ රටවල් හැරපියා යළි මෙහි ඒමට තීරණය කිරීම ඊටත් වඩා බුද්ධිමත් ය. ඔය දෙකම නොකළ අපි හැමටම වඩා බුද්ධිමත් ය.
ටික කාලෙකට හරි ලැබෙන ගෞරවයට ස්තූති කරන්න ඕනෙ, කොරෝනට.


Source - https://magazine.aboutceylon.com
 
  • Like
Reactions: [email protected]

[email protected]

Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ලංකාව දාලා ගිය උන් බුද්ධිමත්‍ ය. උන් ඒ රටවල් හැරපියා යළි මෙහි ඒමට තීරණය කිරීම ඊටත් වඩා බුද්ධිමත් ය. ඔය දෙකම නොකළ අපි හැමටම වඩා බුද්ධිමත් ය.

    copy kalata sorry...
    mage hithe kiyaganna beriwa unnu de machan.....
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    meekata hariyata address kaloth........
    mata tikak hari seka jaffna eun gena... mokada, un kemeththen idiripath wenne ne...