කොරෝනා ආසාදිතව මිය ගිය අයගෙන් 31%ක් එන්නත් ලබා ගත් අයයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙතෙක් කොරෝනා ආසාදිත ව මෙරට මිය ගිය පුද්ගලයින් 69%ක් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා කිසිවක් ලබාගෙන නොතිබූ අය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

    එමෙන්ම කොරෝනා ආසාදිතව මරණයට පත් වූ පුද්ගලයන්ගෙන් 31%ක් එක් මාත්‍රාවක් හෝ එන්නත් ලබා ගත් අය බවද හෙතෙම පෙන්වා දෙයි.

    කොරෝනා මරණ වලින් 77%ක් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන් බවත් පැවසූ ඔහු වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන්ට මිය ගොස් ඇත්තේ 1.2%ක් බවද පැවසීය.

    එමෙන් ම මරණයට පත්වූ සියලු දෙනාගෙන් 81%ක් මොන කිනම් හෝ නිදන්ගත රෝගයකින් පෙළෙන අය බවද හෙතෙම තවදුරටත් පැවසීය.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pDNOSMk.png