කොරෝනා වලලු 05ක් ලංකාවේ
ලෝකයේම නැති කොරෝනා වලලු 05ක් ලංකාවේ.
April 20, 2020 at 2:10 pm | lanka C news
මාධ්‍ය වෙත නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.
.

ලෝකයේම නැති කොරෝනා වලලු 05ක් ලංකාවේ.
April 20, 2020 at 2:10 pm | lanka C news
මාධ්‍ය වෙත නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.
.
අපේ රටේ වෙන කිසිදු රටක නොකරපු සුවිශේෂී රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පාවිච්චි කර තිබෙනවා. ඒ තමයි බුද්ධි අංශ වල මැදිහත් වීමෙන් වළලු පහක් දක්වා නිරෝධායනය සිදු කිරීම. උදාහරණයක් ගතහොත් තෙලවල මගේ සංවිධායකවරයෙක් වන සුරංජිත් සිටින්නේ මේ වන විට නිරෝධයනයට ලක් වෙලා. එයට හේතුව තමයි ඔහුගේ පුතාගේ යාලුවෙක්ගෙ පියාගේ වාහනයෙන් පුද්ගලයකු රෝහලට අරන් ගොස් තිබෙනවා. පසුව ඔහු රෝගියෙක් බව හඳුනාගෙන තිබෙනවා. මේ සුරංජිත්ගේ පුතා එකම එක වතාවක් ඒ අතර සිය මිතුරා හමු වීමට එම නිවසට ගොස් තිබෙනවා. දැන් රෝගියා පළමුවෙනි වළල්ල. රෝගියා රෝහල වෙත ගෙන ගිය පුද්ගලයා දෙවැනි වළල්ල. ඔහුව ළඟින් ඇසුරු කළ පුද්ගලයා තුන්වෙනි වළල්ල. පුතාගේ යාළුවා අහුවෙන්නේ ඒ තුන්වන වළල්ලට. යාළුවා බලන්න නිවසට ගිය සුරන්ජිත් ගේ පුතා සිව්වන වළල්ල. සුරංජිත් පස්වන වළල්ල. මා දන්නා තරමින් ලෝකයේ කිසිම රටක් මෙලෙස වළලු පහක් දක්වා නිරෝධායනය පුළුල් කර නැහැ. උපරිමය ගිහිල්ලා තිබ්බේ වළලු තුනක් දක්වායි. අනුව අපේ ආණ්ඩුව අනුගමනය කල ලෝකයම අද ආදර්ශයට ගන්නා දැඩි ක්ෂණික ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව කොරෝණා තත්වයෙන් මිදෙනවා. රෝග ලක්ෂණ තියෙන අය සහ නිරෝධායනයට ලක් වන අය වගකීම් සහිතව හැසිරුනොත් ඉදිරි සති දෙක තුනකින් අපට මේ රෝගී තත්වයෙන් මිදීමේ හැකියාව තිබෙනවා.
වළල්ලෙන් පැනලාකොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්ත්වයක් නැති බවත් මහජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බවත් සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
එනිසා හෙට වුවද රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකියාව ඇති බවත් ඇය පැවසුවාය.
අද වන විට රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු සහ ආරක්ෂණ පද්ධතිය ඇතුළතින් පමණක් බවත් ඇය සඳහන් කරයි.
එනිසා රටේ ආර්ථිකය ගැන සිතා දැනට මෙම සීමාවන් ලිහිල් කිරීම් සිදුකර ඇති බවද ඇය සඳහන් කළාය.
ලොව දියුණුම රාජ්‍යයන්ට වසංගතය පාලනය කරන්න බැරිව අසීරු තත්වයක සිටියදී ශ්‍රී ලංකාව රටක් ලෙස ඉතා අමාරුවෙන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙය සාර්ථකව මර්දනය කරමින් සිටින බවද ඇය පැවසීය.

පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචි 33 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව IDH රෝහලට ඇතුලත් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
එම පුද්ගලයා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම රෝගියා බව වෛද්‍යවරයා කීය

