කොරෝනා සහ ජීවිතාවබෝධය
කොරෝනා සහ ජීවිතාවබෝධය ( මාධ්‍ය භ්‍රාන්තිය හා මිත්‍යාව වපුරවනවා ද? )
################################
දෙරණ " රටට ආදරේ පරම්පරාව " නියෝජනය කරයි. හිරු " පැත්ත ගියත් ඇත්ත " කියයි.දැළිපිහියෙන් කිරි කෑමට චූටි උත්සාහයක් ඉඳහිට හෝ ගන්නා සිරසට දැනටමත් චුටි චූටි සක්කාගල් ප්‍රහාර එල්ල වෙන ආකාරයක් ද පෙනේ. තවත් ව්‍යාපාර රැසක් කරන ඔවුන් ඒවා මත පීඩන එල්ලවීමට ඇති ඉඩ මත අවදානම්සහගත කිරිකෑම් වළින් ඉවත් වීමටද ඉඩ නැතුවා නොවේ.
වඳ පෙති , වඳ බේත් , වඳ ද්‍රව්‍ය මිශ්‍රිත ආහාර , වඳ ආලේපන තැවරූ යට ඇඳුම් , පිළිබඳ කතාන්දර වියාප්තවූ කාළවකවානුවේ ප්‍රාමාණික උගතුන් කැඳවා ඇත්ත - නැත්ත ගැන ජනතාව දැණුම්වත් කිරීමට , ප්‍රඥාව වැඩි දියුණු කිරීමට , මාධ්‍ය කිසිවක් කළ බවක් නොපෙනුණි.ඉන් සිංහල - මුස්ලිම් දෙජාතිය තුළ සැකය හා අවිශ්වාෂය, ආතතිය , දුරස්ථභාවය වැඩි උණි.ඉන් කොටසක් හොඳ අස්වැන්නක් නෙළා ගත්තේය.
" නිව්ස් ප්ලාන්ට් කිරීම " මාධ්‍ය අදක ඊයෙක කළ කාර්‍යයක් නොවේ.බෝසත් විලාශයෙන් ජනතාවාදී සළුපිළි ඇඳ කෙරෙන ඇතැම් ක්‍රියා ජනයාගේ විඤ්ඤාණය උඩුයටිකුරු හෝ සමතළා කිරීමට හේතුවන බව දන්නෝ දන්නා කාරණාවකි.ඊයේ පෙරේදා සංසරණයවු දෙරණේ චතුරගේ හඬපටය මේ ගැන අවබෝධයක් නැති කෙනෙකුට මොළයට කදිම ආහාරයක් කරගත හැකිවේ.එහිදී ඔහු කීවේ වෙබ් එකේ දමා තිබු ඉවත් කිරීමට යෙදුණු WHO ( ලෝක සෞඛ්‍ය සංවිධාන යේ ) සටහන කීවානම් " සකස් කර " දැමීමට තිබුණු බවයි.
දැන් රටේ අන්මත ඉවසිය නොහැකි, අන් මත වලට නිගරු කරන , විසම්මුතික අදහස් ඉදිරිපත් කරන අයට සාහසික ලෙස බැට දෙන මානසිකත්වයක් නිර්මාණය වෙමින් පවතී.වීරෝධාකල්ප ගී ලියු කියු සුනිල් ආරියරත්නලා , නන්දා මාලිනී ලා වැන්නෝ ඉතිහාසයේ නශ්ටාවශේෂ බවට පත්වී තිබේ.ඔවුන් අද ඒ කාර්‍යයන් කළේ නම් හිටුව පස් ගැහීමට යෝජනාකරන මට්ටමට ඇද වැටී සිටින බහුතරයක් නිර්මාණය වීතිබෙන වපසරියක අපට වුව ගල් ඒමට ඉඩ තිබේ.මාධ්‍යකරුවෝ කළාකරුවෝ අද ජනමනස පුබුදු කරනු වෙනුවට ස්තෝත්‍ර ගායනාකරන්නන් බවට පරිණාමය වී තිබෙන ආකාරයක් පෙනේ.
ඊයේ (03) දෙරණ ප්‍රවුර්තිවල " අස්සෙන් " ෂුක් ගා මුලාශ්‍රය හෙළිනොකරමින් දැමු ප්‍රවුර්තියකින් කියැවුණේ , කොරෝනා වෛරසය වාතයෙන්ද බෝවන බවකි.ඉකුත් දිනවල කටකතා ස්වරූපයෙන් පැතිරගිය ඒ පුවතට සජීවීබවක් ලබාදිමට එසේ ක්‍රියාකළේ ද යන ජුගුප්සාව මෙම සටහන්කරු ට ඇතිවුණි.
මතු දක්වන්නේ මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් මෙම සටහන්කරු තුළ ජනිතවු ජුගුප්සාවල් කීපයක් හා ඒ පිළිබඳ ස්වකීය විස්තර කිරීම් ය.
1. මාස්ක් දැමීම ගැන කිසිඳු තර්කානුකූල විද්‍යාත්මක කරුණු පැහැදිළි කිරීමක් නොකිරීම.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මාස්ක් දැමීම අත්‍යාවශ්‍ය යැයි වෛද්‍යවරු කොටසක් කී අතර, කොටසක් එය අත්‍යාවශ්‍ය නොවේ යැයි කීහ.කිසිවෙක් සිය මතය ගැන විද්‍යාත්මක තර්කාණුකූල විවරණයක් නොකළ අතර , මාධ්‍ය ඊට අවකාශයක් නිර්මාණය කරදුන්නේ නැත.ජනයා පිල් දෙකට බෙදී තම රිසි රුචි දෘශ්ටිවාදයට අනුව පිල් බෙදී මත දුර්මත බෙදාගත් හ. ඕන කියු අය ඇමරිකාවේ සිට හෘද රෝග විශේෂඥවරයෙකු එවු හඬපටිය ගුරුකොට ගනිමින්, අපේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරිය කියු දේ නොසලකා හිටියා පමණක් නොව එතුමිය ගර්හාවට ලක් කරමින් , මාස්ක් නැති නිසා එසේ කියන්නේ යැයිද කීහ.
පුර්ණ විග්‍රහයක් අදටත් නැත.
2. වෛරසවල කායකර්මය ගැන කිසිඳු තර්කානුකූල , ව්ද්‍යාත්මක පැහැදිළි කිරීමක් නොකිරීම .
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
වෛරසයක් යනු කුමක්ද ? එහි වියුහය හා කායකර්මය කෙබඳුද ? ඒවා ජීවී පෘශ්ඨයකදී හා අජීවී පෘශ්ඨයකදී ක්‍රියා කරන්නේ කෙසේද ? ඊට අදාල උශ්නත්වය වැනි සෙසු සාධක මොනවාද? එක් ජීවියෙකුගේ සිට තවත් ජීවියෙකුට ව්‍යාප්ත වන්නේ කෙසේද ? ජීවී සෛලයක් තුළට ඇතුළු වන වෛරසයක ක්‍රියාකාරීත්වය කෙබඳුද ? ඊට අදාල උත්ප්‍රේරක මොනවාද?
වෛරස විනාශවෙන්නේ කෙසේද ? ජීවී පෘශ්ඨයකදී හා අජීවී පෘශ්ඨයකදී ඒවායේ ආයුකාළය කොතරම්ද ?
වෛරසය ආසාදිතයෙකු මියගිය විට තවදුරටත් වාහකයෙකු ලෙස ක්‍රියා කරන්නේද? එසේනම් ඒ කුමන ආකාරයකට ද? ආසාදිතව මිය යන්නෙකු පොලිතීන් උරයක බහා සීල් කළපසුවත් එය අජීවී වාහකයෙකුගේ කාර්‍යය කරනවාද ? එසේ නම් ඒ කුමන ස්වරූපයෙන් ද ? එවැන්නෙකු වළ දැමුවහොත් එහිදී පොළොවේ උශ්නත්වය යටතේ එය අක්‍රිය වනවාද ? නොඑසේනම් එය ජීවී තත්ත්වයෙන්ම පවතිනවාද ? ඒ කොපමණ කාළයක් ද ?
ප්‍රශ්ණ රැසකි.
මේවා ගැන සැබවින්ම කතාකළ යුත්තේ ක්ෂුද්‍ර ජීව විද්‍යා මහාචාර්යවරයෙකි.එවැනි කිසි අයෙක් මාධ්‍යට කැඳවු බවක් පෙනෙන්නට නැත.මාධ්‍ය ඉදිරියේ කතා කරන්නේ ළමා රෝග ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් හා ඔහු නියෝජනය කරන වෛද්‍ය සංගමයේ MBBS වෛද්‍යවරුන් ය.
මේ පිරිස රනිල් ඇබ්බියුලන්ස් ගේනවිට ඒවායේ රෝ ඔත්තුකරුවන් එනවා කියා ජනයා බියගැන්වු අයය.ගෙනාවාට පසු ඒවායෙන් රෝහල් කරා රැගෙන එන රෝගීන් භාර නොගන්නා බවට තර්ජනය කිරීමට පවා නොපැකිළුණු කණ්ඩායමක් ය.එසේ කීමෙන් ඔවුන් අද කරන සුවිශාල කාර්‍ය භාරය අවතක්සේරුවකට ලක් නොකෙරෙන අතර , අප මැරිලා උපන් අය නොවන බවද කිවයුතුය.
වෛරස ගැන කිවයුත්තේ දොස්තරලා නොවේ.පෙර කිව් විෂයානුබද්ධ ප්‍රාමාණික උගතුන් ය.දොස්තරලා නොදන්නවා කියා හෝ ඔවුන්ට එසේ කීමට නිහැකියාවක් ඇතැයි යන්නක් ඉන් නොකියවේ.
3.විද්‍යාවෙන් අවිද්‍යාවට ගෙනයාම
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මින් වසර දහයකට පහළොවකට පමණ පෙර බුදුපිළිම වළින් බුදු රැස් විහිදෙන්න පටන් යැයි රටපුරා ලොකු ප්‍රචාරයක් ගියා මතක ඇතැයි සිතිය හැක.මිනිස්සු රොද බැඳගෙන පාරක් පාරක් ගානේ පිළිම දිහා බලන් සිටියහ. ඇතැම්හු වෙසක් කාඩ්වලින් ද රැස් දැක තිබුණි.
පසුදා දිවයින මුල්පිටුවේම දක්වා තිබුණේ " ගාල්ලේ බුදුපිළිමයෙන් රැස් විහිදෙනු තමා දැක්කේ යැයි මහාචාර්‍යවරයෙකු කී පුවතකි.මහාචාර්‍යවරයා නගරයේම විසූ බන්දුසේන ගුණසේකර මහතාය.එතුමා සිංහල මහාචාර්‍යවරයෙකි.
පුවත නොමගයවන සුළු එකකැයි කියූ ඇතැම් කෙනෙකුට බැතිමතුන් කීවේ පව්කාරකමට රැස් නොපෙනී ඇතිබව හා මහාචාර්‍යවරයෙකුත් දුටු බවය.ඔහු කුමන විෂයක් පිළිබඳද යන්නවත් ඔවුන්ට වැදගත් නැත.
මාධ්‍යකරුවා ඕලෙවල් විද්‍යාව ඉගෙන ගත් කෙනා අයින්ස්ටයින්ලා වගේ කතා කරනවා, ඒ අයට පිරිත් පැන්වල වටිනාකම කියාදෙන ලෙස ළමාරෝග ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකුට ඇරයුම් කරමින් ඉල්ලා සිටී. " පිරිත්වල හඬනිසා ජල අණු ජල බඳුනේ නිශ්චිත ලක්ෂයක් වටා එක් රැස් වන බව " එහිදී හෙතෙම කියා සිටී.
මේ සටහන්කරුද ඕලෙවල් විද්‍යා දැණුමක් ඇත්තෙකි. කොටින්ම ඕලෙවල් අයින්ස්ටයින් කෙනෙකි. ඉගෙනගත් දෙයින් විද්‍යාත්මකව පොඩ්ඩක් හෝ හිතන්නට හැකියාවක් නැත්නම් වැඩක් නැත. 6 - 11 දක්වා විද්‍යාව ඉගෙන්වීම නැවැත්විය යුතුය.පාසැල්වල එම විෂය උගන්වන්නේ සියල්ලෝම විද්‍යාඥයන් කිරීමට නොවේ.විද්‍යාත්මකව හිතන කල්පනා කරන තැනකට යොමු කිරීමටය.
මේ ඕලෙවල් අයින්ස්ටයින් , ජල අණු ගැන මෙසේ සටහනක් තබනුයේ , කිසිඳු ආකාරයක අහිතකින් නොව බුදුන් වහන්සේ ද කී පරිදි " සම්මා දිට්ඨිය " වැදගත් යැයි විශ්වාෂ කරන නිසාය.
ජලය යනු ජල අණු රාශියක එකතුවකටය.එක් ජල අණුවක් සෑදෙන්නේ ඔක්සිජන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිටකර සාදන ඔක්සයිඩ් ( නම් කරන්නේ එසේය ) රින අයනයක් හා හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතුවී ඒ පිටකරන ඉලෙක්ට්‍රෝන දෙක ලබාගෙන සාදන හයිඩ්‍රජන් ධන අයනයක් එකට විද්‍යුත් බන්ධනයක් සාදාගෙන එකට එකතුවීමෙනි.
මෙය ඕලෙවල් නොව PHD දැණුමෙන් විග්‍රහ කළත් මෙය මෙයමය.අයන අතර ඇත්තේ විද්‍යුත් බන්ධනයක් නිසා අයන අතර බන්ධනය වෙනස් කළ හැක්කේ ජලය හරහා විද්‍යුතය ගමන් කරවීමෙන් හෙවත් ව්ද්‍යුත් විච්ඡේදනය මගින් පමණකි.
කෙසේ වෙතත් මේවා ගැන නිළ වශයෙන් කිවයුත්තේ අකාබනික රසායන විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික උගතෙක් විසිනි. ව්ශ්ව ව්ද්‍යාලවල මහාචාර්‍යවරු ඕනැතරම් සිටිති.
එහෙත් එවැනි මහාචාර්යවරයෙකු කීවද දොස්තර කියූ දේ පිළිගන්නා බහුතරයක් සිටිනා බවට මෙන්න කැට.....
( තුෂාන් රාජවසම් )