කොරෝනා 101 Guide

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක දාන්න හිතුනේ මේ වෙලාවේ කිසිම කෙනෙක් අපිව බේරගන්න එන්නේ නැ .😡 ඒ නිසා අපිම බේරෙන්න ඕනේ කියන එක බුධිමත් එළකිරි ජනතාව දන්නාවා. එක දැනට තියන ලෙවල් එකෙන් 100% ලෙවල එකට ගන්න අපි සේරම එකතු වෙලා වැඩ කරමු. මේක දාන්නේ පාට කන්නාඩි ගෙන ඉන්න අයට නෙමේ තමන්ගේ ජීවිතේට , පව්ලේ යට රටේ මිනිස්න්ගේ පණට ආදරේ අයට .

    තමන් කරන වැඩ එක්ක යන එන ගමන් බිමන් එක්ක කොරෝනා වලින් වැළකෙන්න ගන්න පියවරවල් තමා මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සරලව මේවා කැටගරි කරමු. උබලගේ අදහසුත් එක්ක මේක වෙනස් කරලා සම්පුර්ණ විස්තරයක් වගේ හදාගමු. තෙරෙඩ් එක මුල ඉදන් කියවල යනකොට ඉතාමත් ඉහල දැනුමක් එන විදිහේ.


    • ගෙදරට අමුත්තෙක් ආවම තමන් ගන්න පියවර
    • වෙන කෙනෙක්ගේ ගෙදරට යන්න උනොත් ගන්න පියවර
    • කඩේට ගිහින් බඩු ගෙන එම,ඔන්ලයින් දාන ඒවා ආවම කරන පියවර
    • රැකියාවට යන අපේ සෙට් එක දාන Ultra ප්‍රෝ ටෙක්නික්ස්
    • මුහුණු ආවරණ ගැන , පාවිච්චි කරන උපක්‍රම
    • ආරක්ෂක අත් ආවරණ , පාවිච්චි කරන උපක්‍රම
    • සැනිටයිසර් වර්ග ගැන සහ තමන් පාවිච්චි කරන වර්ග. ඒවගේ හොද නරක ගැන දැනුම
    • මුහුණු ආවරණ සහ පාවිච්චි කරන උපක්‍රම
    • ගෙදරදී කරන ප්‍රතිශක්ති ක්‍රම / උපකරණ (බටහිර හෝ ආයුර්වේද ඕනේ එකක් දාමු )
    • ගෙදරදී ලෙඩක් දුකක් හැදුනොත් ක්‍රියා කරපු විදී(කොරෝනා නොවන )/ කතා කල තැන් / දොස්තරවරු ගැන විස්තර
    • ස්වයන් නිරෝදායන වෙන ටෙක්නික්
    • කොරෝනා පොසිටිව් උන අයගේ PCR එකට කලින් රෝග ලක්ෂණ(මේ වගේ තෙරෙඩ් ගොඩක් ගියා. ඒවත් මේකටම අමුනමු )
    • කොරෝනා හැදුනාම අනික් අයව බේරගන්න ගහමු ගැට / ඒ සම්බන්ද වෙනත් දේවල්.
    • ඉක්මනින් කොරෝනා හොද කරගන්න ගහපු ගේම්/ කතා කල අය / පාවිච්චි කල උපකරණ සහ ක්‍රම වේද

    තව කැටගරි තියේ නම් දාන්න ඒවත් මේකට දාමු. තමන් දන්නා හැම දේම මේකේ දාන්න. පුල්වුඅන් තරම් ඇත්ත දේවල් දාන්න. ගෙස් කරන දේවල් ගෙස් කරා කියල දාන්න. අපි ඔක්කොම සෙට් උනොත් මේකෙන් බේරෙන්න බැරි කමක් නැ. දැනගැනීම තමා බේරෙන්න තියන ලොකුම උදව්ව.

    🙏උබල හැමෝටම කොරෝනා උවදුරෙන් මිදීමට හැකිව වේවා . 🙏
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මාස්ක් එක දානවා එලියට යනවා නං. සැනටයිසර් පාවිච්චි කරනවා.

    ගෙදරදී නං දවසට එකකට සැරයක් සුවධරනි බොනවා.

    සැනටයිසර් නං ලොකු කෑන් ගන්නේ. ලීටර් දෙකේ වගේ. කොහොමත් එක දවසකට සැනටයිසර් මිලි ලීටර් 100 ක් විතර යනවා අත් වල ගාගන්නම.

    අමුත්තෝ එන්නේ අඩුවෙන්, මාත් යන්නේ නැහැ. එහෙම යන්නේ එන්නේ ලගම අය. ඒ වෙලේට නං අත් හෝදගන්නවා. මාස්ක් එක දාගෙන ඉන්නේ නැහැ.

    මේ ටික තමයි කරන්නේ. ආයේ මතක් උනොත් දාන්නම්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාස්ක් එක දානවා එලියට යනවා නං. සැනටයිසර් පාවිච්චි කරනවා.

    ගෙදරදී නං දවසට එකකට සැරයක් සුවධරනි බොනවා.
    මචන් විස්තරත් දාමු. සුවධරනි කොහෙන්ද ගත්තේ? මොකක්ද වෙන්නේ වගේ ටිකත්
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මචන් විස්තරත් දාමු. සුවධරනි කොහෙන්ද ගත්තේ? මොකක්ද වෙන්නේ වගේ ටිකත්
    මම නං කාර්ගිල්ස් එකෙන් ගන්නේ. ඒක බිව්වම ඇගට හොදයි. සෙම ගතිය එහෙම අඩු වෙලා යනවා. ඒ වගේ ලෙඩ හැදෙනවා අඩුයි.

    පස්පංගුව බිලා වැඩක් නැහැ ලෙඩේ හැදිලා නැත්තං කියලා මට තේරෙන්නේ.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Ape game gewal kipyakama set ekakata positive wela tynne. thawath gewal wala unta una.
    me asseth job walata yanna wela tyena kollo innawa paw un.
    garment weda karana ayath godak innawa.
    Ane manda monawa weida kiyala. Api parissam unata thama kochchara minissu innawada yasata mask nethuwa awidina game watema. ungen hugak un 1st dose eka gahapu naaki pandithayo tika. kauruth Kiuwata ahan ne

    Dn puluwn tram ge asse idan parissam wela berena ekak tyenne.
    Ekekt hedunoth gedara aya okkoma iwarai
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ape game gewal kipyakama set ekakata positive wela tynne. thawath gewal wala unta una.
    me asseth job walata yanna wela tyena kollo innawa paw un.
    garment weda karana ayath godak innawa.
    Ane manda monawa weida kiyala. Api parissam unata thama kochchara minissu innawada yasata mask nethuwa awidina game watema. ungen hugak un 1st dose eka gahapu naaki pandithayo tika. kauruth Kiuwata ahan ne

    Dn puluwn tram ge asse idan parissam wela berena ekak tyenne.
    Ekekt hedunoth gedara aya okkoma iwarai
    Ow eka nam aththa.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    * උදේට ගෙදරින් කාලා යනවා. ආයෙ කීයට හරි ගෙදර ඇවිත් තමයි දවල්ට කන්නෙ. (උදේ ගෙදරින් mask එක දාගත්තහම ආයෙ ගෙදර ඇවිත් තමයි mask එක ගලවන්නෙ.)

    * කවුරු හරි mask එක පහළට දාගෙන හිටියොත් ඒක හරියට දාගන්ඩ කියනවා. (හැබැයි වැඩ කරන තැන එවුන්ට තාම ඕක කියන්න තරම් මෙව්වා එකක් නෑ බං. :-()
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    බඩු ගෙන්න එලියට ගිය දවසට ඇඟම වැහෙන්න ඇඳුමක් ඇඳන් යනවා සපත්තු දාගෙන මාස්ක් සනිටයිසර් ෆේස් ශිල්ඩ් (ලඟදි නම් ග්ලවුස් පාවිච්චි කරා )

    ෂොපින් බෑග්ස් ගන්නේ නෑ කීල්ස් එකෙන් ගත්ත බෑග් එකේ ගෙන එනවා (දැන් නම් ඔන්ලයින් ඔර්ඩර් කරන්න ඉන්නේ )

    ගෙනාපු ඔක්කොම ගෙදර ගන්නේ නෑ මම යන්නෙත් නෑ ඒවා එළියේ තියල ඇඳුම් ගලවන්න එළියේ තැනක් ලෑස්ති කරලා තියල එළියෙන් වොෂ් එකක් ගෙන ඇතුලට යනවා

    ගෙනාපුවා අව්වේ ටිකක් වෙලා තියන්න පුළුවන් ඒවා තියෙනවා බැරි ඒවා අරගෙන හොඳට හෝදලා ගන්නවා

    දැන් නම් ගෙදරට කවුරුත් ම එන්නේ නැති තරම්( පොඩ්ඩ ඉන්න නිසා අම්මලත් එන්නේ නෑ වීඩියෝ කෝල් එකක් අරන් පුතාව බලනවා)

    කාර් එකට අවම විතරයි ෆේස් ශිල්ඩ් එක ගලවන්නේ මාස්ක් එක නම් වැරදිලාවත් ගලවන්නේ නෑ


    ආව ගමන් නාල ස්ටීම් කරලා සුව ධරණී ටිකක් බිලා තමයි පුතා ලඟට යන්න ඇක්සස් තියෙන්නේ එතකන් තහනම් කලාපයක් ඒ හරිය