කොලඹ නගරය සුපිරි ධනපතියන්ගේ පාරාදීසයක් (Knight

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොලඹ නගරය සුපිරි ධනපතියන්ගේ පාරාදීසයක් (Knight

    ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි විසිනි, 2017 මාර්තු 12

    කොලඹ නගරයේ සුපිරි ධනවතුන් සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බව එක්සත් රාජධානිය පදනම් කරගත් නයිට් ෆ‍්‍රෑන්ක් (Knight Frank) නම් වූ ගෝලීය දේපොල උපදේශන සේවය විසින් නිකුත් කරන ලද 2016 වත්කම් වාර්තාවේ දැක්වේ. වාර්තාවට අනුව, කොලඹ නගරය තුල සුපිරි ධනවතුන් හෙවත් ඩොලර් මිලියන 30 ට (රුපියල් බිලියන 45) වැඩි පුද්ගලික වත්කම් සහිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉදිරි දසකය තුල 70 සිට 182 දක්වා සියයට 160 කින් ඉහල යනු ඇත.

    2016 දී ඩොලර් මිලියනපතියන් 3,400 ක් ද ඩොලර් මිලියන 10 වැඩි බහු මිලියනපතියන් 170 ක් ද ඩොලර් මිලියන 30 වැඩි ඉතා ඉහල ශූද්ධ වත්කම් සහිත සුපිරි ධනවතුන් 70 ක් ද කොලඹ නගරය තුල සිටි බව වාර්තාව කියයි. කොලඹ නගරය තුල සුපිරි ධනවතුන්ගේ වර්ධනය දෙවැනි වන්නේ ගෝලීයව සිදුවන මෙම වර්ධනයේ පලමු තැන සිටින වියට්නාමයේ හෝචිමින් නගරයට පමනි. 2016 දී හෝචිමින් නගරයේ සුපිරි ධනවතුන්ගේ සංඛ්‍යාව 90 කි. එය 2026 වනවිට 243 දක්වා සියයට 170 කින් ඉහල යනු ඇතැයි ගනන් බලා ඇත.

    කොලඹ නගරය තුල සුපිරි ධනවතුන්ගේ සංකේන්ද්‍රනය ඉහල යමින් පවතින්නේ රටේ ජනතාවගෙන් සියයට 40 ක් පමන දිනකට රුපියල් 225 වඩා අඩු, එනම් ඩොලර් 2 අඩු, ආදායමක් ලබමින් දරිද්‍රතාවයේ ගිලී සිටින අතරතුර හා තරුන ජනයා අතර විරැකියාව සියයට 20 ඉක්මවා ඇති තත්වයක් තුල ය. කොලඹ නගරය තුල බහුතර ජනගහනයකට සුදුසු නිවාස, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු මූලික පහසුකම් පවා නැත.

    කොලඹ නගරය තුල පදිංචි සුපිරි ධනපතියන් අතරින් දේශීය ධනපතියන් සංඛ්‍යාව ගැන වාර්තාවේ වෙන ම සඳහනක් නැතත් මූල්‍ය මගඩි හා රාජ්‍ය ධනය යටි මඩි ගැසූ දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් අතර සුපරි ධනපතියන් නොහිටිනවා විය නොහැකිය.

    හෝචිමින් සහ කොලඹ නගර තුල සුපිරි ධනපතියන්ගේ වර්ධනය සංඛ්‍යාවෙන් සාපේක්ෂව කුඩා නමුත් එය ගෝලීය ප‍්‍රපංචයක් හා බැඳුනු වර්ධනයකි. 2005 සිට 2016 දක්වා සුපිරි ධනවතුන්ගේ ගෝලීය ජනගහනය 6,343 සිට 193,490 දක්වා ඉහල නැගුන බව වාර්තාව පෙන්වා දෙයි. මෙම කාල පරාසය තුල ඩොලර් බිලියනපතියන්ගේ සංඛ්‍යාවට 60 ක් අලුතෙන් එකතුවීමෙන් මුලු ජනගහනය 2,024 දක්වා ඉහල ගොස් ඇත. එය සියයට 45 ක වැඩි වීමකි.

    ඉදිරි දස වසර තුල ආසියාවේ සෙසු නගර කිහිපයක සුපිරි ධනවතුන්ගේ වර්ධනය සැලකුවහොත්, ඉන්දියාවේ හයිද්‍රාබාද් වල සුපිරි ධනවතුන්ගේ සංඛ්‍යාව සියයට 160 කින් ද, චීනයේ ෂැන්හයි ශෙන්ෂෙන් වල සියයට 150 කින් ද හොන් කොන්ග් සහ සිංගප්පුරුවේ සියයට 40 කින් ද ඉහල යනු ඇත. කොලඹ සහ හෝචිමින් නගර තුල මෙන් ම මෙම නගරවල අති මහත් බහුතර ජනයා ගැඹුරු වන සමාජ අසමානතාවය, දරිද්‍රතාවය හා විරැකියාවට මුහුන දී සිටිති.

    මෙම ධන කුවේරයන්ගේ පුද්ගල වත්කම් ගනන් බැලීමේ දී ඒ සඳහා මිනුම් දඬුව ලෙස යොදා ගෙන ඇත්තේ එකී පුද්ගලයන් සතු ද්‍රවශීලතා වත්කම් ලෙස සැලකෙන ඉඩම්, නිවාස සහ කොටස් වෙලඳපල වත්කම් ය.

    2008 පුපුරා ගිය ලෝක ආර්ථික අවපාතයත් සමග ධනය ගොඩගසා ගැනීම ප‍්‍රධාන කොට ම සිදුවන්නේ, නිෂ්පාදන කර්මාන්ත වල ආයෝජන වෙනුවට මුල්‍ය සමපේක්ෂන, කොටස් වෙලඳපලේ සූදු කෙලීම හා කැසිනෝ ඇතුලු වෙනත් මූල්‍ය මගඩි මගින් අසීමිත ලෙස ලාභ ඉපැයීම මගිනි.
    අතලොස්සක් අතේ ලෝක වත්කම් වලින් වැඩි පදාසයක් ගොඩ ගැසෙන අතර ලෝක ජනගහනයෙන් බහුතරය වඩවඩාත් දරිද්‍රතාවයේ ගිලෙමින් සිටිති. 2016 ඔක්ස්ෆාම් වාර්තාවට අනුව ලෝක ජනගහනයෙන් හරි අඩකට වැඩි ජනයාගේ වත්කම්වලට සමාන වත්කමක් බිලියනපති මහා ධනකුවේරයන් 8 දෙනෙකු අත ගොනු වී ඇත.

    ශ්‍රී ලංකාව තුල සුපිරි ධනවතුන්ගේ සංඛ්‍යාව ඉහලයාම සිදු වූයේ පසුගිය දසකය තුල, විශේෂයෙන් ම, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට විරුද්ධ යුද්ධය 2009 දී අවසන්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ ආන්ඩුව සහ වර්තමාන ආන්ඩුව විසින් විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා ක්‍රියාවට දැමුනු ඊනියා සංවර්ධන සැලසුම් යටතේ ය.

    කොලඹ නගරය ආසියාවේ වානිජ මධ්‍යස්ථානය බවට පත් කිරීමේ සැලසුම් රාජපක්ෂ ආන්ඩුව යටතේ ආරම්භ කෙරුන අතර වර්තමාන ආන්ඩුව යටතේ එය වේගවත් කෙරී ඇත. මෙම සැලැස්මට ම අනුබද්ධිතව කොලඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක යා කෙරුන මෙගා (මහා) නගර සැලැස්මක් ක්‍රියාවට දැමීම ආරම්භ කර තිබේ.

    ඒ යටතේ මහා ධනකුවේරයන් සඳහා සියලු පහසුකම් සහිත අධිසුඛෝපභෝගී මහල් නිවාස හා යටිතල පහසුකම් සම්පාදනය කෙරෙයි. ඒ සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම පිනිස කොලඹ නගර සීමාව තුල පමනක් 70,000 වැඩි දුගී පවුල් සංඛ්‍යාවක් එනම් මිලියන භාගයක් පමන ජනයා ඉවත් කිරීමට නියමිත ය. දැනටමත් පවුල් කිහිප දහසක් ඔවුන් පදිංචිව සිටි ස්ථාන වලින් බලහත්කාරයෙන් ඉවත් කර ප‍්‍රමානවත් පහසුකම් නැති කුඩා මහල් නිවාසවලට ගාල් කරනු ලැබ සිටිති.

    මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුවේ ඊනියා තිරසර සංවර්ධන සැලැස්ම යටතේ අවුරුදු තුනක් තුල මෙම ක්‍රියාවලිය සම්පූර්න කිරීමට අපේක්ෂා කරන බව පැවසෙයි. ඒ සඳහා අවශ්‍ය නීති යෝජිත ආර්ථික සංවර්ධන විශේෂ විධිවිධාන පනත මගින් සම්පාදනය කෙරෙයි.
    බහුතර ජනයා වඩ වඩා දුෂ්කර සමාජ කොන්දේසිවලට ඇද දමන තතු තුල කොලඹ නගරය තුල සුපිරි ධනපතියන් ගේ සංකේන්ද්‍රනයවීම මගින් ධනපති ආන්ඩුව ඔජවඩවන ඊනියා සංවර්ධනයේ සැබෑ ස්වරුපය එලිදරව් වී ඇත.

    lectures1917-bottom.png

    http://www.wsws.org/en/special/1917/lectures.html
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    ALL TYPES OF POLITIC IDEOLOGIES OF CIVILIAN SYSTEM OF ADMINISTRATION TO ENGAGE AND UPHOLD THE CONTINUED IMPROVEMENT OF BRIDGING THE GAP OF THE POVERTY LINE BETWEEN THE RICH AND THE POOR CLASSES HAS FAILED OVER AND OVER AGAIN IN ALL AREAS OF THE WORLD.

    PEOPLE ARE FED UP WITH THIS NONSENSE OF WORLD POLITICAL STYLES OF GOVERNENCE.

    NONE OF THEM HAVE BEING SUCCESSFUL BY EITHER RELIGION OR POLITICS, DICTATORSHIP OR DEMOCRACY.PEOPLE ARE NOT ALLOWED TO VOICE THEIR APPROVAL OR DISSENT THROUGH REFERENDUMS!!!

    TELL ME HOW MANY TIMES HAVE PEOPLE GONE FOR A REFERENDUM IN ANY COUNTRY SINCE THE END OF WORLD WAR 2 IN ANY COUNTRY OR HOW MANY CHANGES HAVE BEING MADE TO THE CONSTITUTION BY RIGHT OF APPROVAL THROUGH A REFERENDUM IN ANY COUNTRY IRRESPECTIVE OF THE POLITICAL SYSTEM
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    පහු ගිය ආන්ඩු කාලෙ වගේම මේ ආන්ඩු කාලේත් ඔය සුපිරි ධනවත්තු ගොඩක් වැඩි උනා ලන්කාවෙ....මොකද ඩීල් දැමිල්ල නිසා.....එක දවසින් කෝටි පතියො උන මිනිස්සු අම්බානක....මම රජයෙ කෝපරේශන් එකක මැනේජර් ජොබ් එකක් කරා අවුරුදු 3ක්....මට බුලට් එකක් හම්බුනා ඌ රට වටේම ජනාදිපතිගෙ බෝඩ් ගහපු එකෙක්.....කුමා ස්ටිකර් නෙමෙයි හැබයි ඒ වගේම ඩයල් එකක්....ඌ ජොබ් එකක් නැතුව චාටර් වෙවී හිටපු ඩයල් එකක් දවසක් නාමල් ආපු මීටින් එකක් ඕගනයිස් කරන වෙලාවක තමයි මූට සුවිප් එක ඇදිල තියෙන්නෙ.....බෝඩ් ගහන්න දෙන්න අමතක වෙලා උන්ට මීටිමට කලින්....මීටිමට දවස් 3යි.....මූව සෙට් වෙලා වැඩේට මූ ඒ කාලෙ බෝඩ් ගහන්න තියා ගහන්නෙ කොහොමද කියලවත් දන්න එකෙක්ක් නෙමෙයි....එතන හිටපු මිනිස්ටර්ට මූ වැඩ කරල තිබ්බෙ....ඌ මූව සෙට් කරල වැඩේට කෝටි 3 හමාරක් කෑශ් වලින් දීල වැඩේ දවස් 3න් කරන්න....මූ ලක්ද 75ක් මිනිස්ටර්ට දීල ගමේ කොල්ලො ටික එකතු කරල බෝඩ් ටික අටවල තිබුනා ලක්ශ 35කට....ඉතුරු ටිකෙන් ඉඩමක් ගෙයක් එක්ක, වාහනයක්.....අදටත් මගෙ හොඳම ෆිට් එකක්....දැන් කරන්නෙ රනිල්ගෙ බෝඩ් ගහන එක....දවසින් කෝටිපතියො උන එවුන් ඉහේ කෙස් ගානට....පාරවල් වලට ගල් අල්ලන්න ගල් සප්ලයි කරපු එවුන්, ටෙන්ඩර් එක දාපුවම ඒක දේශපාලකයො මාර්ගයෙන් ගොඩ දාගන්නව, හවස ගිහින් කොම්පැනියක් රෙජිස්ටර් කරනව, ගාන දානව ඩබල් කරල ටෙන්ඩර් එක පාස් කරගන්නව වැඩේ ගොඩ....ටෙන්ඩර් දැම්ම කියල පත්තරේ දාන්නෙ මාසයක් විතර පරක්කු වෙලා....ජොබ් එක පටන් අරන් ඉවරයි ටෙන්ඩර් දානකොට...ඇත්ත සප්ලයර්ල ඇවිල්ල බලනව....උට බොරු කියල යවනව එකෙක් ටෙන්ඩර් එක වෙන එකෙක්ට පාස් උනා කියල
     
    Oyage kathawa kiwana kot maat mathak wenawa maam balapu film ek.

    Film ek nam "WAR DOGS". 20-30 athara wayas labalam government business contractors for the US ARMY. Ek kathawa khomada megola salli karya wunna widhiya ek reyak ikkin. Iti pase khomada eygolo matu wunne.

    Menna link eka http://www.elakiri.com/forum/showthread.php?t=1793295

    Click on War Dogs to download
     
    Similar threads