කොල්ලන්ගෙ මෝටර් සයිකල් පිස්සුව.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලන්ගෙ මෝටර් සයිකල් පිස්සුව.

    මෝටර් සයිකල් කියලා කිව්වම මුලින්ම අපට හිතට එන්නෙ සයිකල් එකක් එක්ක සහෝදරයෙක් වගේ ඉන්න හෙල්මට් එක. ඒත් දැන් එහෙම බෑ. මෝටර් සයිකලය කිව්වම ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අලුත් ගැජට් කෑලි ගොඩයි. Bluetooth Helmet, Racing Goggle, Helmet Camera, Damper, Digital Meter සේරම දේවල් අලුත්.

    පාරට බැහැලා ගමනක් යද්දි ඔයාලා දකින්න ඇති අමුතුම විදිහෙ සයිකල් වල නැගලා යන කෙල්ලො කොල්ලො. දැන් මෝටර් සයිකල්වල තියෙන්නෙ අමුතුම විදිහෙ ගැජට්. සද්දෙ වුණත් වෙනස්. ඉතින්, මෙන්න මේ කොල්ලන්ට කෙල්ලන්ට තියෙන සයිකල් පිස්සුවට හරියන ගැජට් කෑලි ඕනතරම් ලංකාවෙ වෙළඳපොලෙන් හොයාගන්න පුළුවන්.

    අපිට ගොඩක් අමතර කොටස් එන්නෙ China වලින්. ඒවට ඉල්ලුමත් හොඳයි. මොකද මිල සාධාරණ නිසා. U.K වලින් Parts ආවත් ඒවට ඉල්ලුම සීමිත පිරිසකගෙන් විතරයි. ඒවගේ මිල හරිම ඉහළයි. ලංකාවෙ තවම හොද Market එකක් තියෙන්නෙ Honda, Kawazaki වලටලු.

    හරි.. එහෙනම් අපි බලමු අපි නොදන්න ලෝකයෙ දන්න දේවල් කොච්චර තියෙනවද කියලා.


    Bluetooth Helmet
    nolan_n102_solid_helmets.jpg


    මේ හෙල්මට් එක රු 55,000 කට පමණ මිලදී ගැනිමේ හැකියාව තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි. Call එකකට Answer කරන ගමන්. සිංදුවක් අහන ගමන් බයිසිකල් පදින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔබේ ගමනේ සජීවී රූප ඒ මොහොතේම අන්තර්ජාලයට එක් කරන්න පුළුවන්.

    Water Bag
    Outdoor-Sports-Bike-Bicycle-Hydration-Water-Backpack-Water-Bag-For-Hiking-Cycling-Camping-Light-weight.jpg


    මේක බොහෝවිට භාවිත කරන්නෙ දුර සංචාරයන් වලට සම්බන්ධ වෙනකොට. මේ Bag එකට 4L වතුර ප්‍රමාණයක් භාවිත කරන්න පුළුවන්.

    Remote Key
    imagestream.aspx


    දැන් මෝටර් සයිකල් වලටත් Remote තියෙනවා. බලන්නකො... රුග 5.500 ක ඉඳලා ගන්න පුළුවන්.

    Digital Meter
    ViewImage.aspx



    ඕනෑම සයිකලයකම Digital Meter එකක් සවිකරගන්න පුළුවන්. අපි මේක ගෙන්වන්නෙ U.K වලින්. රු. 25.000 ක මිලක ඉඳන් ගන්න පුළුවන්.

    Helmet

    kbc-vr-2-gunslinger-helmet.gif


    මේ Helmet එක රු. 6,000 – 6,500 මිලට ගන්න පුළුවන්කම තියෙනවා.

    Side Mirror
    090948276_dsc04922.jpg


    ලංකාවෙ ඉස්සර තිබුණ Mirror වලට වඩා වෙනස් හැඩයකින් තමයි මේ Mirror තියෙන්නෙ. China වලින් තමයි එන්නෙ. රු. 500 – 2,500 ක මිලක් වෙනවා.

    Racing Goggle
    2012-Fly-Racing-Focus-Goggles.jpg


    Motor Cross පදින අය තමයි Goggle එක භාවිත කරන්නෙ. අපේ ආරක්ෂාවට Racing Goggle එක ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. රු. 2000 – 2500 අතර මිලකට මිලඳි ගන්න පුළුවන්.

    Lap Counter
    sportcount%20velo-x.jpg


    Lap Counter එකක් වැඩියෙන්ම අවශ්‍ය වන්නෙ තරඟ ධාවකයන්ට. මේ Lap Counter එකක් රු. 6000 ක මිලට ඉඳලා ගන්න පුළුවන්.

    Damper
    bmw-active-motorcycle-suspension-ddc-dynamic-damper-4.jpg


    මේක භාවිත කරන්නෙ Vibration පාලනය කරන්න. මිල රු. 18,000 ඉඳලා තියෙනවා.

    Gloves
    Motorcycle_Gloves_Hard_Molded_G67_L_3.jpg


    Half Glouse an Full Glouse කියලා අත්වැසුම් දෙකක් තියෙනවා. රු. 250 – 400 මිලට මේවා ගන්න පුළුවන්.

    Silencer
    Motorcycle-Silencer.jpg


    මේ වගේ Moriwaki Silencer එකක් රු. 75,000ක මිලක සිට තියෙනවා.

    Helmet Camera
    hd-helmet-camera.jpg


    මෙන්න මේ Camera එක හෙල්මට් එකට සවිකරලා නොනවත්වාම පැය 48ක් එකදිගට Record කරන්න පුළුවන්. මේක එන්නෙ U.S.A වලින්. ලංකාවෙ මුදලින් රු. 7,500 ක මිලක ඉඳන් ගන්න පුළුවන්.

    ඔන්න බයිසිකල් කවි ටිකක්.

    සිලින්ඩර් ම හතරයි එන්ජිම ලොකුය
    කාබ් එකක් හරි ලෙඩ දුන්නොත් සොරිය
    ෂොක් එක මොනෝ, යන එන කොට නම් සැපය
    කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු වැඩිය



    අඩි හතරට පහට වඩා වැඩි වෙච්චී
    ලොකු හෙඩ් ලයිට් දෙක ඇස් ගෙඩි දෙක වෙච්චී
    ගහේ යන එකත් කජ්ජක් නොම වෙච්චී
    අනේ මට හොඳයි බාජා ටූ ෆිෆ්ටී



    මැෂින් නැතව මැනුවල් හයි කර කෑලී
    ඇමරිකානුවන් මේවට හරි ලෝලී
    පස්සේ තියාගෙන තම ආදර බාරී
    කොල්ලො පදිනවා ඩේවිඩ්සන් හාලී



    කොල්ලට කොහෙ වෙතත් බල්ලට නම් නොහැකී
    දිගට වඩා පළල වැඩියි ‍ගොඩ නැවකී
    රෙස් පදින ලැයිසන් ඇති ම‍ගේ සකී
    ෂේන් පදිනවා තවුසන් කවසාකී



    මඩේ යන්නෙ ටී ඩබ්ලියු ‍ ටූ හන්ඩ්‍රඩ්
    ගලේ යන්නෙ ටී ඩබ්ලියු ටූ හන්ඩ්‍රඩ්
    කැලේ යන්නෙ ටී ඩබ්ලියු ටූ හන්ඩ්‍රඩ්
    උල පිල එකයි ටැක්ටරේට ටූ හන්ඩ්‍රඩ්



    ටී ටී ආර් එකයි එක්ස් ආර් එකයි පොරේ
    රේස් පදින කොට කොල්ලන් කියයි හුරේ
    ලිමිට් පැන්නොතින් අල්ලං දමයි හිරේ
    ඩීටී පදියි තේ වත්තේ සින්න දොරේ



    හතලිස් නමය සී සී එන්ජිම චූටී
    දම්පාටයි ලා රතු පාටයි ස්වීටී
    වර්කිං ගර්ල්ස්ලගෙ තනි නොතනියට සිටී
    කොල්ල පස්සෙ, කෙල්ල පදියි ස්කූටී




    පල්සර් තිස් පහයි හතලිහ අතර කරයි
    ඩිස්කවරියත් තව ඩිංගක් වැඩිය කරයි
    බොක්සර් එක ලීටරේකට හැටක් කරයි
    සී ටී එක පෙට්‍රල් සුවඳටත් දුවයි




    කාර් වෑන් පැජරෝ ලොක්කන් ගේය
    ඒසී එකේ යනකොට සුර සැප වේය
    වැස්සට තෙමී අව්වට අපි වේ ලේය
    හැබැයි,
    මේවගෙ තියන ආතල් ඒවගෙ නෑය



    ෴රජිත බස්නායක

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලස් මචං..:)

    සිරා කියන්නේ
    සිරාම සිරා

    අඩේ රෙප් දෙන්න බැරිලු බන්
    අනේ කමක් නැහැ මචෝ.. උඹටත් රෙප් දෙන්න බැරිලු.. චුට්ටකට කලියෙන් දුන්නා..:)

    අම්මටසිරි.. එක් දරු පියා අයියා.. උඹ ඉතින් රෝද හතර නොවෑ පාවිච්චි කරන්නෙ..:( මොකෝ අවතාරෙ අයින් කලේ..?
     

    33000W

    Member
    මෙහෙම සීනුත් එනවද?:eek: ඒකත් පට්ට සීන් එක.ඒත් මම නම් ඕකට කැමති නෑ.අවධානය වෙන පැත්තකට යනව.ඇමරිකාවෙ වගේ හොද පාරවල් තියන රටක නම් කමක් නැහැ.ඒත් ලංකාව වගේ පටු පාරවල් තියන රටකට ඕක ඔච්චර ගැලපෙන්නෙ නැහැ:no:.මම උනත් bike එකේ යන්න වැඩිය කැමති නැහැ.කලාතුරකින් තමයි bike එකේ යන්නෙ.මගේ යාළුවෙක් මේ ලගදි FZ එකක යන ගමන් කාණුවක ගියා:shocked::lol:.bike එක ඉවරයි.උට නම් අවුලක් නෑ.මට තමයි ඒකෙන් අවුල උනේ:dull:.ඒක නිසා මට දැන් bike එක අල්ලන්නවත් දෙන්නෙ නැහැ.හොරෙන් අරගෙන යන්න වෙලා තියෙන්නෙ:eek:.rep දෙන්න බෑලු:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලස් කොල්ලා..

    මෙහෙම සීනුත් එනවද?:eek: ඒකත් පට්ට සීන් එක.ඒත් මම නම් ඕකට කැමති නෑ.අවධානය වෙන පැත්තකට යනව.ඇමරිකාවෙ වගේ හොද පාරවල් තියන රටක නම් කමක් නැහැ.ඒත් ලංකාව වගේ පටු පාරවල් තියන රටකට ඕක ඔච්චර ගැලපෙන්නෙ නැහැ:no:.මම උනත් bike එකේ යන්න වැඩිය කැමති නැහැ.කලාතුරකින් තමයි bike එකේ යන්නෙ.මගේ යාළුවෙක් මේ ලගදි FZ එකක යන ගමන් කාණුවක ගියා:shocked::lol:.bike එක ඉවරයි.උට නම් අවුලක් නෑ.මට තමයි ඒකෙන් අවුල උනේ:dull:.ඒක නිසා මට දැන් bike එක අල්ලන්නවත් දෙන්නෙ නැහැ.හොරෙන් අරගෙන යන්න වෙලා තියෙන්නෙ:eek:.rep දෙන්න බෑලු:(
    මට නම් ඉතින් ජොබ කරන නිසා බයික් එකේම තමා බං යැවෙන්නෙ..:) රෝද හතරක් ගන්න හිතන් හිටියෙ.. ඒත් ඒක දැන්මම කරන්න බැරිවෙයි.. ගෙදර තව පොඩි වැඩ වගයක් තියෙනවා ඉවර කරනන්.. ඒක ඉවර කරලම මොනා හරි කරනවා..
     

    thanujadilishan123

    Active member
  • Nov 27, 2010
    276
    35
    28
    My Room
    සිලින්ඩර් ම හතරයි එන්ජිම ලොකුය
    කාබ් එකක් හරි ලෙඩ දුන්නොත් සොරිය
    ෂොක් එක මොනෝ, යන එන කොට නම් සැපය
    කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු වැඩිය




    :cool::cool::cool: rep++