කොල්ලෝ වැරදිද බං 3

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පොඩි කොල්ලෝ තුන් දෙනෙක් මනුස්සයෙක්ව මරලලු. ඇත්ත නැත්ත දන්නේ නැහැ. ඒත් කුලප්පු වෙච්ච FB එකෙන් අහන්න ප්‍රශ්න කීපයක් තියෙනවා.........

    1. බුදු වෙන්න තරම් බුද්දිය තියෙන උත්තමයන්ටත් අනිත් අයට යමක් කියල දෙන්න බැරි වෙනවා. යමක් තව කෙනෙකුට කියල දෙන එක සුවිශේෂී හැකියාවක්. ඒක හැමෝටම කරන්න බැහැ කියන එක තේරුම් ගන්න පුළුවන්නම් හොදයි.

    2. යමක් කියල දුන්න හින්ද විතරක් මනුස්සයෙක්ට මැරෙනකම් ගහයි කියන එක විශ්වාස කරන්න පුලුවන්ද?

    හරි මොහොතකට හිතමුකෝ පොඩි කොල්ලෝ තුන් දෙනා සම්පුර්ණයෙන්ම වැරදී. උන් මේ සාපරාදී අපරාදය කරා කියල.

    1. දිනපතා 5ත් 10ත් අතර මිනීමැරුම් ගණනක් සිදු වෙද්දී මේක විතරක් සුවිශේෂී වෙන්නේ මොකද?
    2. නරක වැඩ කරන උන් නරක වැඩ ඕන තරම් කරාට ප්‍රස්නයක් නැහැ. හැබැයි වැරදි නොකරන කොටසකින් වැරද්දක් කරාම උන්ව මරාගෙන කන්න ඕන කියලද මේ කියන්නේ.
    3. මේ කියන සුවිශේෂී සිදුවීම (ළමයින් විසින් මිනී මැරීම ) ජීවිතයක් බිලි ගන්නේ දශකයකට හෝ දෙකකට එකක්. ඒත් ඒකට යුක්තිය ඉල්ලන අය එක රැයින් ජිවිත තුනක් බිලිගන්න හදනවා.

    කට්ටියට අමතක වෙච්ච දේවල් ටිකක් කියන්නම්.

    1. ළමයි කියන්නේ වැඩිහිටියන්ට වඩා වෙනස් කරන්න නිවැරදි කරන්න පුළුවන් පුළුවන් කොටසක්

    2. යුක්තිය යනු ලෙයට ලෙය ඉල්ලන අමානුෂික සංකල්පයක් නොවේ.

    3. යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය තුල ප්‍රධාන අරමුණ වන්නේ අදාල වැරැද්ද නැවත සිදුවීම අවම කිරීම (සහ වින්දිත පාර්ශවයට සුදුසු වන්දියක් ලබා දීම) මිස කිසිවකුට දඩුවම් කිරීම නොවේ. මෙම අරමුණු ඉටු කර ගැනීමේදී අවම හානියකින් එය එම අරමුණු ඉෂ්ට කර ගැනීම ශිෂ්ට සමාජයක ලක්ෂණයකි.

    4. දැන් වැදගත්ම කාරණය. ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයකින් යම් වැරද්දක් නැවත සිදුවීම අවම කිරීමට නම් එම ක්‍රියාවලිය අවසානයේ ලැබුණ දඩුවම එම වරද නිසාම පමණක් ලැබුණු බවට වරද කරුට මෙන්ම සමාජයටද පැහැදිලි විය යුතුය. නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වීමත්, යුක්තිය පසිදලීමේ සම්මත ක්‍රම සහ නීති ගරු කිරීමත්, අදාල සිදුවීම සුවිශේෂී නොකිරීමත් වැදගත් වන්නේ මේ නිසාය. මන්ද සමාජයට සහ වරදකරුට තමාට දඩුවම් ලැබුණේ

    තමා නැති බැරි පවුලක නිසා,
    තමා ගැටුණේ සුවිශේෂී පිරිසක් සමග නිසා,
    මෙම සිදුවීම සුවිශේෂී වූ නිසා
    අපගේ නඩුව සාදාරණ ලෙස විබාග වුයේ නැහැ
    නඩුව පුරව නිගමනයකින් යුතුව විබාග උනා

    යන මතයක් ඇති වුවහොත් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය තම මූලික අරමුණ වන වරදකරු සහ සමාජය නිවැරදි මාර්ගයට ගැනීමේ කාරණයේදී පුර්ණ වශයෙන් අසාර්ථක වනවා පමණක් නොව එවැනි අනීතික ක්‍රියාවලියක් සමාජ විරොදී සහ සමාජයට වෛර කරන කණ්ඩායම් බිහි කරන මහා අපරාධකාරී ක්‍රියාවලියක් පමණක්ම වනු ඇත. ඇතැම් ත්‍රස්තවාදීන්ගේ අතීත කතාව රටේ නීතිය, සමාජය හෝ රජය ඔවුන් වෙත මුදා හැරි මෙවැනි අනීතික නාමික යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලි වේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    ගැටවරයන්ට පාට් දැමීම නොකල යුතුයි අපි වයසින් වැඩී කියලා උන් ෆයර් වෙනවා වේගෙන් සහ ආවේගය වැඩී.

    අනුන්ගේ රෙද්දවල් වල ඇගිලි නොගැසීම ශ්‍රී ලාංකිකයන් ප්‍රගුණ කරන්න ඕනේ

    ආරක්ශ අංශ ක්ශනික ප්‍රතිචාර ☎ නොම්බර ප්‍රතිලච කිරීම
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Waradi. unta samawa dunnoth e gawata murder case walata contract ganne 16 ta adu podi kollo
    Law is law.