කොලෙස්ටරෝල් බේත් ගන්නේ කල්පනාවෙන්!

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    download (1).jpg
    images.jpg

    අද කාලේ බහුලවම කතාබහට ලක්වෙන කොලෙස්ටරෝල් යනුවෙන් හඳුන්වන්නේ මේද, (තෙල්) වර්ගයකි. කලින් ලිපියකද පෙන්වා දුන් පරිදි එය අප ගන්නා ආහාරවලින් අක්මාව මගින් නිපදවනු ලබන්නකි. යම් ප්‍රමාණයක කොලෙස්ටරෝල් නිතරම අප රුධිරයේ අඩංගු වෙයි. ශරීරය නිරෝගීව තබා ගැනීමට යම් ප්‍රමාණයක කොලෙස්ටරෝල් ශරීරයට අවශ්‍ය වේ.

    කොලෙස්ටරෝල් රුධිරයේ පරිවහනය වන්නේ ‍ප්‍රෝටීන සමග සංයෝජනය වීමෙනි. මේවා මේද ‍ප්‍රෝටීන (lipoproteins) ලෙස හඳුන්වනු ලබයි. විවිධ වර්ගවල මේද ‍ප්‍රෝටීන ඇත. නමුත් ඉතා වැදගත් මේද ‍ප්‍රෝටීන වර්ග 2ක් ඇත. එනම්, අඩු ඝනත්වයෙන් යුත් මේද ‍ප්‍රෝටීන (Low Density Lipoprotein හෙවත් LDL) ය.මේවා ‘අහිතකර’ නැතිනම් “නරක කොලෙස්ටරෝල්” ලෙස හඳුන්වනු ලබයි. රුධිර වාහිනිවල තැන්පත්ව රුධිර ගමනයට බාධා ඇති කර හෘදයාබාධ හා ආඝාත තත්ත්ව සෑදීමට ඉවහල් වන්නේ මෙම වර්ගයේ කොලෙස්ටරෝල්ය.

    download.png



    අධි ඝනත්වීය මේද ‍ප්‍රෝටීන (High Density Lipoprotein හෙවත් HDL)
    රුධිර නාළවල මේද තැන්පත් වීම වළක්වන බැවින් මේවා හිතකර කොලෙස්ටරෝල් හෙවත් “හොඳ කොලෙස්ටරෝල්” ලෙස හඳුන්වනු ලැබේ.


    download.jpg


    රුධිරගත කොලෙස්ටරෝල් අධික වීම
    රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට රුධිර නාළ තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් රුධිර නාළ සිහින් වී එම රුධිර නාළ මගින් රුධිරය සපයන අවයවවලට රුධිර සැපයීම අඩු කරනු ලබයි. එමගින් මොළයට හෘදයට වැනි ප්‍රධාන අවයවවලට රුධිර සැපයුම අඩුවිය හැකිය. කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් සිහින් වූ රුධිර නාලයක රුධිර කැටියක් ඇතිවුවහොත් රුධිර ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතරවිය හැකිය. එවිට හෘදයාබාධයක් නැතහොත් අංශභාගය (ආඝාතය) වැනි රෝගී තත්ත්වයන් ඇතිවේ. මෙම තත්ත්වයන් මිනිසුන් රෝගාතුර වීමට බලපාන ප්‍රධානතම සාධකයක් මෙන්ම ලංකාවේ රෝහල්වල සිදුවන මරණවලට බලපාන ප්‍රධාන හේතුවක්ද වේ. මෙම රෝගවලට අධි කොලෙස්ටරෝල්වලට අමතරව අධි රුධිර පීඩනය, දියවැඩියාව, දුම්බීම, ව්‍යායාම නොකිරීම, අධික ආතතිය වැනි සාධකද ඍජුවම දායක වේ.

    කොලෙස්ටරෝල් මනින්න ඕනෑ කාගෙද?
    වයස අවුරැදු 40 හෝ 40ට වැඩි සියලුම දෙනා
    අඩු වයසින් හෘදයාබාධ හෝ ආඝාත තත්ත්වයකට ලක්වූ සමීප ‍ලේ ඥාතීන් ඇති සියලුම පුද්ගලයින්
    ජානගත අධි කොලෙස්ටරෝල් තත්ත්වයන් සහිත පවුල්වලින් පැවත එන රෝගීන්

    යම් කෙනෙකුට හෘද හා රුධිර රෝග ඇතිවීමේ අවදානම වැඩිනම් හෝ ඉහත සඳහන් කළ කොලෙස්ටරෝල් වැඩිවීමට ඇති අවදානම වැඩිනම් ඔවුන්ටද කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බැලීමට වෛද්‍යවරු නියම කරති.


    කොලෙස්ටරෝල් ඇති සියලුදෙනාටම ප්‍රතිකාර අවශ්‍යද?
    ප්‍රතිකාර අවශ්‍ය වන්නේ හෘද හා රුධිර නාල ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම් වැඩි පුද්ගලයන්ට පමණි. මෙම අවදානම ඇති අය වන්නේ.
    අධි රුධිර පීඩනය, දියවැඩියාව, පවු‍ලේ අය අතර අඩු වයසින් හෘද හා රුධිර නාල සම්බන්ධ රෝග ඇති අය.
    දුම්බිම වැනි හෘද රුධිර නාළ ආශ්‍රිත රෝග සඳහා ඉවහල් වන සාධක කිහිපයක් ඇති අය.
    වකුගඩු ආශ්‍රිත රෝග ඇති අය
    හෘද වේදනා (angina) හෝ හෘදයාබාධ සහිත අය


    images (1).jpg

    ආහාර මගින් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කළ හැකිද?
    සෞඛ්‍යට අහිතකර තෙල් අධික ආහාර අඩුකර සෞඛ්‍යයට හිතකර ලෙස ආහාර රටාව වෙනස් කළ විට කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරගත හැකිය. නමුත් ආහාර රටාව වෙනස් කිරීමෙන් කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට අමතරව බර අඩුවීම වැනි වෙනත් වාසිද අත්වේ.

    කොලෙස්ටරෝල් අඩුකිරීම සඳහා භාවිත වන ඖෂධ, ස්ටටින්කො (Statin) කාණ්ඩයේ ඖෂධ
    සාමාන්‍යයෙන් අධි කොලෙස්ටරෝල් තත්ත්වය සඳහා බහුල ලෙස භාවිත කරනුයේ ස්ටැටින් (Statin) කාණ්ඩයේ ඖෂධයි. මෙම කාණ්ඩයට අයත් ඖෂධ වනුයේ ඇටොවොස්ටැටීන් (atorvastatin) සිම්වාස්ටැටින් (simvastatin) රොසුවාස්ටැටින් (rosuvastatin) වැනි ඖෂධයි. මෙම ඖෂධ ශරීරයේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය සඳහා ඉවහල් වන එන්සයිමයක කාර්යය වැළැක්වීම මගින් රැධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකරනු ලබයි. මෙම ඖෂධ දිනකට එක්වරක් පමණක් භාවිත කිරීමට නියම කරන අතර මේවා ලබාගැනීමට සුදුසුම කාලය වන්නේ සවස 5-6 අතර කාලය වේ. නමුත් මේ වේලාවට ගැනීමට අමතක වුවහොත් රාත්‍රියේ ගැනීමෙහි කිසිදු වරදක් නැත. ස්ටැටින් කාණ්ඩයේ ඖෂධ මගින් රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් වන එල්ඩිඑල් මෙන්ම ට්‍රයිග්ලිසරයිඩද අඩු කරයි.

    කොලෙස්ටරෝල් අඩු කිරීමට ලබාදෙන ඖෂධවලට අමතරව වෙනත් ඖෂධ ගැනීම අවශ්‍ය වේද?
    ඔබගේ හෘදය හා රුධිර නාළ ආශ්‍රිත රෝග සෑදීමේ අවදානම වේ යැයි වෛද්‍යවරයා නිගමනය කර ඇත්නම් ඔබට පහත දැක්වෙන ඖෂධ ලබාදෙනු ඇත.

    රුධිර පීඩනය වැඩිනම් ඒ සඳහා ඖෂධ
    කොලෙස්ටරෝල් ඵලකයක් මත රුධිර කැටියක් සෑදීම වැළැක්වීම සඳහා ඇස්ප්‍රීන් (aspirin) සුළු මාත්‍රාවක් (මිලිග්‍රෑම් 75-150) ද සමහරවිට ලබාදිය හැකිය.

    ඉහත කරැණුවලට අමතරව දුම්බිම පාලනය කිරීම. මත්පැන් පානයෙන් වැළකීම, සෞඛ්‍යාරක්ෂිත සමබල ආහාර වේලක් ලබාගැනීම (වැඩි වශයෙන් එළවළු, පළතුර, මාළු අඩංගු හා මේද අඩුවෙන් අඩංගු) ශරීරය බර පාලනයකින් යුක්තව තබාගැනීම, ව්‍යායාමවල නිරත වීම මගින් රුධිරගත කොලෙස්ටරෝල් පාලනයක් සහිතව තබා ගත හැකිය.




    link
    https://www.colombotribune.com/2019/07/30/colombo-tribune-truth-news-cholestarol-medicines/



    කැටයම්....... මගෙන් :yes: :yes:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    Carbs store wenneth fat widihata neda? awashya welawata use karanna kiyala store karana ewa thamai bayaanakama...

    Overweight inne mamath edge eke....68.6Kg mage level eka thiyenna one 60kg wage
     
    • Like
    Reactions: NRTG and D_Mad