කොවිඩ් දිව ඉදිමීම රෝගය...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    189291501_3066153530281923_5711124931007756429_n.jpg


    කොවිඩ් රෝගීන්ට වැළඳෙන තවත් භයානක රෝගයක් වන කොවිඩ් දිව ඉදිමීම රෝගය ඇමරිකාවෙන්..!

    කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වයක් පිළිබඳව ඇමෙරිකාවේ හුස්ටන්වලින් වාර්තා වෙයි.
    වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කරවමින් ඇතිව තිබෙන මෙම දිව විශාල වීමේ රෝගය “කොවිඩ් දිව (Covid tongues)“ ලෙසින් හඳුන්වනු ලබයි.
    වෛද්‍යවරුන් මෙම දිව විශාල වීමට හේතුව ලෙස හඳුන්වන්නේ මැක්‍රොග්ලොසියා (macroglossia) නම් රෝගය වන අතර මෙම රෝගය වැළැඳුනු රෝගීන්ට හට කතා කිරීමට, ආහාර ගැනීමට සහ නිදාගැනීමට පවා නොහැකි වන අතර වෛද්‍යවරුන් පවසා සිටින්නේ අසාධ්‍ය තත්ත්වයකදී වෙන්ටිලේටර් යන්ත්‍රය සම්බන්ධ කිරීමටද නොහැකි වනු ඇති බවයි.

    අතිශයෙන්ම දුර්ලභ රෝගයක් වන මෙම රෝගය කොරෝනා ආසාදිතයන් අතර වාර්තා වීම පිළිබඳව පර්යේෂකයන් පරික්ෂණය ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

    4e892b4d-d454-4571-b692-6ebcc0e7a559_1140x641.jpg



    මෙම වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ ජානමය පරික්ෂාවක් කිරීමට මෙම පර්යේෂකයන් කටයුතු කරමින් සිටින අතර එහිදී මෙම සියලු රෝගීන්ට පොදු වු කාරණයක් සොයා ගැනීමට හැකි වුවහොත් මෙම රෝගයට විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව සඳහන් වෙයි.

    වෛද්‍යවරුන් සැක පළ කරන්නේ කොරෝනා වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇති කරනු ලබන දුර්වලතාවය හේතුවෙන් මෙම රෝගය ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති බවයි.

    ඇමෙරිකාව තුළ මේ වන විටත් “කොවිඩ් දිව“ රෝගීන් 09 දෙනෙකු වාර්තා වන බව වාර්තා වෙයි. මෙම සියලු දෙනාම කොරෝනා ආසාදනය වී පසුව එයින් මිදුණු පුද්ගලයින් ද වන බවත් සඳහන්.

    උපුටා ගැනීමකි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    හැදිච්ච එකාට හොදත් උනාට පස්සෙ මොකද මේ මිනිස්සු බය කරන්නෙ එකපාරටම.