කොවිඩ් වෛරසයට ගොම නාන ඉන්දියන් ඩස්පයෝ

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    not sure about cow dung but cow urin use for some medicines in Ayurwedic practice...probably that’s why they doing it
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    එම කාල සීමාවේදී ගාලේ සිටින ගවයින් බදාගෙන ඔවුන්ට ගෞරව කිරීම් සිදුකරමින් ශරීර යෝග්‍යතාවය ඉහළ නැංවීම සඳහා යෝගා පුහුණුවීම් ද සිදුකරනු ලබනවා
    rafwpx9ghyr01.gif
     
    • Angry
    Reactions: SpinXO

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    oya news eka wagema thamai lankawe diyawanna gawa pattiye sakkili ballo paniyak beepu ekath loke anith ratawal wala news wala joke ekak une.
    anika ballo keepa denekui balliyakui wathura mutti seen ekath lokaya pura joke ekak una,
    ithin owa serama eka walle pol
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,980
    113
    එකමත් එක රටක
    කොවිඩ් -19 වෛරස ආසාදනය වීම වලක්වනු ඇතැයි යන විශ්වාසයෙන් ඉන්දියාවේ ඇතැම් ජනතාව ගවයින්ගේ මල සහ මුත්‍රා ශරීරයේ තවරා ගැනීම සහ භාවිතා කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අනතුරු අඟවා සිටිනවා. වෛද්‍යවරුන් සඳහන් කරන්නේ කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාව ලැබීම සඳහා සිදුකරනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක සාක්ෂි නොමැති බවත් එය වෙනත් රෝග මිනිසුන් අතර පැතිරීමේ අවදානමක් ඇති බවයි.

    බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඇතැම් පුද්ගලයින් සතියකට වරක් ගව ගොම හා මුත්‍රා වල සිරුරු ආවරණය කිරීම සඳහා ගව ගාල් වෙත ගොස් සිදුකරනු ලබන්නේ එය ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවනු ඇති බවට සහ කොරොන වෛරසයෙන් සුවය ලබා ගැනීමට උපකාරී වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

    හින්දු ආගමේ ගවයා යනු ජීවිතයේ හා පෘථිවියේ පූජනීය සංකේතයක් වන අතර, සියවස් ගණනාවක් තිස්සේ හින්දු භක්තිකයන් තම නිවෙස් පිරිසිදු කිරීමට හා යාතිකා චාරිත්‍ර සඳහා ගව ගොම භාවිතා කර ඇති අතර එයට චිකිත්සක හා විෂබීජ නාශක ගුණ ඇති බවට විශ්වාස කරයි.

    "මේ බලන්න ... වෛද්‍යවරු පවා මෙහි එනවා. ඔවුන්ගේ විශ්වාසය වන්නේ මෙම ප්‍රතිකාරය ඔවුන්ගේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන බවයි. එවිට ඔවුන්ට කිසිදු බියක් නොමැති රෝගීන් වෙත ගොස් ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනවා " යැයි ඖෂධ සමාගමක සහකාර කළමනාකරුවෙකු වන ගෞතම් මැනිලාල් බොරිසා විදෙස් මාධ්‍ය වෙත පවසා සිටියා. පසුගිය වසරේ කොවිඩ් -19 වෛරසයට ආසාදනය වූ තමන්ට ඉන් සුවය ලැබීමට මෙම ක්‍රමවේදය ඉවහල් වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    මේ සඳහා සහභාගිවන්නන් ඔවුන්ගේ ශරීරයේ ගොම හා මුත්‍රා මිශ්‍රණය ගල්වා ගෙන එය වියළී යන තෙක් බලා සිටින අතර එම කාල සීමාවේදී ගාලේ සිටින ගවයින් බදාගෙන ඔවුන්ට ගෞරව කිරීම් සිදුකරමින් ශරීර යෝග්‍යතාවය ඉහළ නැංවීම සඳහා යෝගා පුහුණුවීම් ද සිදුකරනු ලබනවා. පසුව ශරීරයේ ගැල්වූ ගව ගොම සහ මුත්‍රා කිරි හෝ බටර් වලින් සෝදා හරිනු ලබනවා.
    කොවිඩ් -19 ව්‍යාප්තිය සඳහා විකල්ප ප්‍රතිකාර ලබා ගැනීමට එරෙහිව ඉන්දියාවේ සහ ලොව පුරා සිටින වෛද්‍ය විශේෂඥයින් විසින් නැවත නැවතත් අනතුරු අඟවා ඇත්තේ ව්‍යාජ ඖෂධ සහ ප්‍රතිකාර සඳහා නැඹුරු වීමෙන් වෙනත් රෝග හෝ අතුරු ආබාධ ඇතිවිය හැකි බැවින්ය.

    කොවිඩ් -19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා ගව මල හෝ මුත්‍රා ක්‍රියා කරන බවට ස්ථිර විද්‍යාත්මක සාක්ෂි නොමැති බවත් මෙමගින් වෙනත් රෝග සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමට හැකියාවක් ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.






    http://www.nethnews.lk/article/85928

    ගු කාලා හරි කම ක් නැහැ කොරෝනා හොඳ වෙනවානම්:lol::lol::lol: