කොවුළාගේ මළගම-(කපුගේ)

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    කොවුළාගේ මළගම-(කපුගේ)

    ගුවන් ගැබින් පියඹා ආ කොවුළාන
    ගුවන් තොටේ පය පැකිලී වැටුණාද
    සිතින් නිරන්තර මධුවිත තොලගාන
    ඉතින් අපට කෝ අවුරුදු මධුපාන

    උපන් දෙරණ නිවහල් වන ඉසව්වේ
    නිවන් මඟය උලලේනාය කිව්වේ
    නිවන් යන්න කවුරුත් නැති කොදෙව්වේ
    කියන් කොවුළ එනිසාද මධුම සෙව්වේ?

    කොවුලෝ උඹේ මළගමදා කනත්තේ
    කවුඩෝ මොරගෑය ගිනි පපු කැනැත්තේ
    කවුදෝ එගින්දර නිවනට කැමැත්තේ
    වවුලෝ ලගිති උඹෙ මධුපිරි කැවුත්තේ

    බගසඳ නැගී ආවත් අවුරුදු දාට
    කගපත සදිසි කටහඬ සිහිවෙද කාට
    මධුවිත නොමැති අවුරුදු විත් මොනවාට
    එරබදු මල් කැකුළු කඳුළු ය රතුපාට.


    (රාවය- 2003 අප්‍රේල් 13)

    [SIZE=+1]මංජුල වෙඩිවර්ධන[/SIZE]